December 24, 2023

ස්තූතියි!


මේක මම වෙනදාට ලියනවාට වැඩිය වෙනස් සටහනක්. මේක ලියන්නේ කෙනෙකුට ස්තූතියි කියලා කියන්නයි. මම අඳුනන්නේවත් නැති සොයුරියක් මගේ Hot Chocolate Days facebook page  එකට දිග පණිවිඩයක් එවලා තිබුණා. ඉස්සර ඉඳන් දිනමිණ පත්තරේ මගේ කෙටිකතාත්, පරිවර්තිත කවිත් බොහොම ආසාවෙන් කියවන බවත් ඒ සාහිත්‍ය අතිරේක තාමත් එකතු කරලා තියෙන බවත් ඈ කියලා තිබුණා. ඈ මගේ බ්ලොග් එකෙත් යාව ජීව සාමාජිකාවක් ලු.

මගේ සහස් පියවර කෙටිකතා පොත ඒ කාලෙදිම කියවූ බවත් සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව කෙටිකතා පොත දැන් කියවමින් බවත් කියලා ඈ මේ පින්තූරේ එවලා තිබුණා. 

වෙනදාට මේ විදිහට ලැබෙන පණිවිඩ වලට අනෙත් පැත්තට පිළිතුරු යවන්න පුළුවන් වුණත් මේ සොයුරිය මේ  පණිවිඩය එවන්නමද කොහෙද facebook ඇවිත් ඉන්පස්සේ ඒ ගිණුම ක්‍රියා විරහිත කරලා තිබුණු නිසා මට ඈ ට පිළිතුරක් යවන්නවත් ඉඩක් ලැබුණේ නැහැ.

ඉතින් ඈ මගේ බ්ලොග් එක කියවන බව දන්නා නිසා මේ පණිවිඩේ ඈ ට.

දේදුනු නංගි, අද උදේම ඔයා එවූ සුන්දර පණිවිඩය මම කියෙව්වා. ඔයා ඉස්සර දිනමිණ පත්තරේ වසත් සුළඟ අතිරේකය කියවන්න මඟ බලාගෙන හිටිය බව අහලා මට සතුටක් දැනුණා වගේම ආයෙත් ඉතින් ඔයාලාට කියවන්න එහෙම අතිරේකයක් ඒ පත්තරේ පලවෙන්නේ නැති බව මතක් වුනාම දුකකුත් දැනුණා. මගේ පොත් දෙකම අරන් කියෙව්වාට, බ්ලොග් එක හොයාගෙන ඇවිත් කියවනවාට ස්තුතියි. ඒ වගේම මේ පණිවිඩය මට එව්ව එකට ආදරෙයි. හිතේ ආසාවට ලියන, පරිවර්තනය කරන මං වගේ කෙනෙක්ට මේ වචන තමයි තෑගි. ඉතින් ඒ තෑග්ගට ස්තූතියි.

තව දෙයක්, ඔයා බලාපොරොත්තු වෙන 'සුළු ප්‍රාතිහාර්යය' මහා ප්‍රාතිහාර්යයක්ම වෙලා ඉක්මනින් ඔයාගේ ජීවිතයට එකතු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා!

ආදරයෙන්,

හෙල්මලී අක්කා


11 comments:

  1. ඇත්තටම කමෙන්ට් කරන්න ඕනාහින්දම ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙනම එන එකයි, ඒ වෙනුවෙන් ස්තූති කරන්න වෙනම.බ්ලොග්.පෝස්ට් එකක් දාන එකයි දෙකම ඉතා සුන්දර උතසහයන්

    සහෝදරියන් දෙදෙනාටම.ජය වේවා, MAYYA

    ReplyDelete
  2. ඇත්තටම අකුරුවලට පණ තියෙනවා, කිසිම කනෙක්ෂන් එකක් නැතිව, නට්ටටම drain වෙලා ඉන්න වෙලාවට wirelessව ඇවිත් පමණක් වෙලාවට හිත light-up කරනවා. ඒ මම අදහන දෙයක්, ඔබේ මේ ලියවිල්ල එය තවත් විදියකට, ලස්සනට කියන කතාවක්. ජය!

    ReplyDelete
  3. බ්ලොග් සටහන් වලට ඇනෝලා විදිහට ඇවිත් ප්‍රතිචාර දක්වන දහසක් අතරේ ඔබේ නිර්මාණය ගැන තම අවංක ප්‍රතිචාරය දැක්වූ ඇගේ මහන්සිය වටිනවා.

    ReplyDelete
  4. රසිකයෝ කියන්නේ ආදරණිය පිරිසක්

    ReplyDelete
  5. Love....!
    Love.....
    and Love......!

    ReplyDelete
  6. ලියන කියන කොයි කාටත් හොඳ උත්තේජනයක්. සාහිත්‍යයේ සංගීතයේ හෝ වෙනත් ඔනෑම කලා අංශයකින් ආශ්වාදය ලබන කෙනෙකුට කතුවරයා හෝ කතුවරිය ගැන හැඳිනීමක් නැති තරමට සාධාරණ ඇගයීමක් කළ හැකියි. මෙයද එවැනි අවස්ථාවක්. මෙවැනි ප්‍රතිචාර තව තවත් ලිවීම සඳහා දිරිමත් කිරීම්.

    ReplyDelete
  7. "හිතේ ආසාවට ලියන, පරිවර්තනය කරන මං වගේ කෙනෙක්ට මේ වචන තමයි තෑගි". That's great. But I hope you don't get carried away too much.

    "මේ පණිවිඩය එවන්නමද කොහෙද facebook ඇවිත් ඉන්පස්සේ ඒ ගිණුම ක්‍රියා විරහිත කරලා තිබුණු නිසා" a bit cringy.

    ReplyDelete