January 11, 2019

සහස් පියවර පොත එළි දැක්වීමට ආරාධනා!

පොතක් ලියන්න ආසාව මතක ඇති කාලෙක ඉඳන් හිතේ තිබුණත්, ඒක හැබෑ නොවන හීන ගොඩටයි මේ වෙනකම්ම අයිති වුණේ. ඒත් දැන් ඒ හීනේ හැබෑවෙන දවස ඇවිත්.

 මගේ පළවෙනිම කෙටිකතා පොත, 'සහස් පියවර' එළි දක්වන්නේ 2019 ජනවාරි 18 සිකුරාදා, මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී හවස 3 ට. 

පිටරටක ඉඳන් නිවාඩුවකට ගිහින් ලංකාවේදී පොතක් එළිදක්වනවා කියන්නේ ලොකු අභියෝගයක්. මේ ව්‍යාපෘතියට මුල ඉඳන්ම එක එක විදිහෙන් උදවු උපකාර වුණු මගේ දුටු, නොදුටු යාලු මිත්‍රයෝ, නෑදෑයෝ සහ  පවුලේ උදවිය නොහිටියා නම් මේ පොත් හීනය තාම හීනයක්මයි. ඉතින් ඒ හැමදෙනාටම ස්තූතියි කියලා නම්  මදි.

ඉතින් 18 වෙනිදාට ලංකාවේ ඉන්නවානම්, ඒ වෙලාවට පොඩි විවේකයක් ලැබෙනවානම් 'සහස් පියවර' කෙටි කතා පොත එළිදක්වන උත්සවයට ඇවිත්, මගේ සතුට බෙදාගන්නයි මේ ආරාධනය.



12 comments:

  1. හෘදයාංගම සුබ පැතුම් අක්කා! එදාට එන්න බලාපොරොත්තු වෙනවා. :)

    ReplyDelete
  2. සුභ පැතුම් මලී.. ජයවේවා

    ReplyDelete
  3. සතියෙ දවසක් නිසා එන්න වෙන්නෙ නෑ..... සියළු දේ සර්වප්රකාරයෙන් සාරථක වේවා! සුබ පැතුම්!!!!

    ReplyDelete
  4. හරිම සතුටුයි. එන්න ආසයි. තව තව ලස්සන කතා ලියන්නත් පොත් ලියන්නත් ශක්තිය ලැබේවා. මම ඉබ්බි සේව් කරගෙන දහ පාරක් විතර කියවලා තියෙනවා. ඒත් රසය අඩු වෙන්නේ නෑ.

    ReplyDelete
  5. ඔබේ පොතට සුබපැතුම්. උත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

    ReplyDelete
  6. සුභ පැතුම් අක්කා....හුඟක් සතුටුයි.... ඉංග්‍රීසී කවි පොතකුත් ළඟදිම ඒවී නේද...

    ReplyDelete
  7. පොත එලි දැක්වීම පිළිබඳව මගේ සුබ පැතුම්. උත්සවයට මමම්ත් එනවා !

    ReplyDelete
  8. ඔබේ පොත දොරට වැඩීමේ උත්සවයට තිළිණයක් ලෙස කැනඩාවේ සවන රේඩියෝව තැනූ ශ්‍රව්‍ය පිටපතක් ඔබේ විද්යුත් ලිපිනයට එවා ඇති . සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරක කටයුතු සදහා හෝ උළෙල සදහා අවශ්‍ය නම් යොදාගන්න . ඔබට සුබපැතුම් .

    ReplyDelete
  9. සුභ පැතුම් මලී... අපි නම් බලාගෙන හිටියේ කවි පොතක් එනකම්... එහෙම එකකුත් ඒවි නේද?

    ReplyDelete
  10. සුබ පැතුම් වලට මගේ හද පිරි ස්තූතිය. ඉඩක් ලැබේ නම් ඇවිත් යන්න එන්න.

    තිසර, කවි පොතක්.. බලමුකෝ නේද?:)

    ReplyDelete