කවුළුව එපිට මුතු ඉහිරෙන උදාවක
පොරවා දෑත විඳිනෙමි සිහිනෙක මෙලෙක
පෙරඹර අහස පැහැ ගන්වන මුදු ලෙසක
සිනහව සොයමි, අද හිරු සැඟවී දුරක
මීදුම වෙලෙන දුරු මඟ තනි නොදැනෙන්න
හීගඩු පිපෙන සීතල ගත නොපෙලන්න
උණුහුම පිරුණු සුසුමක් වත තවරන්න
හෙට නුඹ එනවාද කවියක් වී ඉන්න?
තුරු පෙළ ඈත, පත් සිඳ තනි වී හිඳින
මිහිදුම මෑත සුසිනිඳු සළුවක් වියන
රන් පැහැ ගන්වන්න රන් කෙඳි විසිරමින
හිරු එන මඟ බලමි හිනැහී කඳු මතින
photo- © Pinthura
Mount Cook , New Zealand, Sept 2016
ගතක නැගෙන සිසිලස උණුහුම් වෙන්න
ReplyDeleteදිනක නොවෙයි හැමදාමත් ළඟ ඉන්න
හදක පිරුණු කවි සිතුවිලි පුබුදන්න
හනික දුවන් එමි මම නුඹ දැකගන්න....
ලස්සනයි මලී...
Jඅයවේවා!!!
වැසිබර වලාකුළු පාවී විටින්විට
ReplyDeleteහිරි පොද වැටෙයි කඳු යායම තෙමෙන්නට
මීදුම් සළු පැමිණ ඇඟ පත තවන්නට
හිරිගඩු පිපෙයි රිදෙමින් මස් නහර ඇට
ඔබ සුන්දර කව ;
ReplyDeleteගෙනයයි මා හිමෙන් වැසුනු කඳු අතර රැඳුනු දේවදාර වනයකට!
කිමෙන් නම් මා උනුසුම් වන්නද ;
ප්‍රේමනීය සුසුමකින් විනා!
😊😃
ReplyDelete