'And I was never sure whether you were the lighthouse or the storm' -David Jones

May 08, 2017

දුර සිට

ඉතින් එළැඹි ඇත
අතොරක් නැතිවම
වැස්ස ඉහිරෙන කාලය


කවුළුවෙන් එපිටත
රත්-තැඹිලි පත් රැස දැක
බිඳක් සිත සනසනු හැක
අළු පැහැ අහස මඟ හැර


අත ඇඟිලි දවටා
තේ බඳුන උණුහුම මත
උදුනට තවත් ලං වෙමි
දුරු වේද හද සීතල?


බොහෝ දුර ඈතක
හිරු රැස් දිලෙන නගරෙක
අහස ළඟ උඩු මහලක
නුඹ බොහෝ කරදරයෙන්
අකුරු වැකි සටහන් මැද


එවනු හැක
එක් සීත අත්ලතක්
හිසරදය නිවුමට


Autumn colours in Camberwell, Melbourne

4 comments:

  1. රහ පිරුණු අදහසක් මලී.

    ජයවේවා!!!

    ReplyDelete
  2. දුර ඉදලා කියෙව්වත්
    ළඟ වගේ දැනුනා
    ජය වේවා ..!!!

    ReplyDelete
  3. ස්තූතියි දුමින්ද, සුමුදු

    ReplyDelete
  4. සිසිරෙ සීතල ඇවිත්
    හිරිගඩු පිපෙන කාලෙට
    ඈත දුරු කතරක
    උණුසුමත් සැපතකි.
    එහෙම දැනෙනා එක
    අනගි දහමයි ලොව

    ReplyDelete