'Someone I loved once gave me a box full of darkness. It took me years to understand that this too was a gift.'-Mary Oliver

October 28, 2016

අහඹු මල්


















අහඹු ලෙස වැසි වැටුණු පසු කතරක මල් පිපී ඇත- පුවතක්

තෙත සිඳී ගිය පොළොවක
හද දවන එක පැල්මක
පිපුණු දම් පැහැ මලකට
කතාවක් ඇත කීමට


නොනිමි දිගු ගිම්හානෙක
එකම එක වැහි රැල්ලට
පුබුදුවනු හැකි බව හද
සෙනෙහසක මුදු සිසිලස

බොහෝ දුක් විඳි මුල් රැස
උරාගෙන සතුටක තෙත
සිනාසෙන විට රහසින්
පිපෙන බව මල් කතරක!

pic- ytimg.com
Atacama desert, Chile



8 comments:

  1. ගෙවා යන ගිම්හානෙක
    ලැබූ බාධක බොහොමෙක
    පන්නරය ලැබ මල් ටික
    පිපී හිනැහෙයි සතුටක.......

    හරිම ලස්සන කවි ටික මලී.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
  3. වියලි හදක ද කතර හා සම,
    සෙනෙහසේ වැසි වැටුනු දිනයක,
    දම් පැහැති මල් වහා පිබිදෙන,
    බවද සැබවකි පසක් කල මට,

    Fantastic Malee..:)

    ReplyDelete
  4. thanks Duminda, Dinesh, Ravi

    ReplyDelete
  5. වැහි බින්දු මුල් රැස ලඟ
    ඔවුනොවුන් හමු වූ විට
    ලොවට නොපෙනෙන රහසක
    කතාවයි දම් පැහැ මල

    ReplyDelete
    Replies
    1. ලස්සනයි.. තිසර ඉතින් හැමදාම ලියන්නේ කමෙන්ට් කවි විතරනේ!

      Delete
  6. හරිම ලස්සන පද පෙලක් මලී...

    ReplyDelete