ඉතින් ඒ නරියා මොන වගේද?
සුරංගනා කතාවක, රහස් ආයිත්තම් ඇඟ ලූ කුමාරයෙක් වගේ
ඌ මොනවාද හොයමින් හිටියේ?
තරු අතරින් තණබිමට වැටුණු හාවෙක්ව
ඌ හැඩට කොණ්ඩය පීරලා කුමාරයෙක් වගේ ඔටුන්නක් හිසලා හිටියාද?
නෑ, ඌ රළුයි, උරුලෑ ගඳකුත් තිබුණා, හැබැයි හරිම ලස්සනයි
අපිට ලස්සන අවතක්සේරු කරන්න බැහැනේ නේද?
ඉතින් ඔයා කාර් එක නැවැත්තුවා ද?
නෑ, මම යමින් උන් ගමන දිගටම ගියා, මට ඒ ගමන ගැන මතක නැහැ
එහෙනම් මොනවාද මතක?
නරියා ගැන, නරියා ගැන!
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'More of the Unfinishable Fox Story' by Mary Oliver
පසු සටහන- මම නරින්ට බොහොම කැමති කෙනෙක්නෙ. මෙල්බර්න් නගරයේ නරි හිටියාට අපිට උන්ව දකින්න වෙන්නේ පාර තොටේ වාහන වලට හැපිලා මැරිලා ඉන්දැද්දී තමයි. මෙයාලගේ මායාමය ලස්සන නිසා මම නිතරම නරි අඳිනවාත් එක්ක. මගේ ප්‍රියතම කිවිඳියක් වන Mary Oliverත් මං වගේම නරි ෆෑන් කෙනෙක් බව මම දැනගත්තේ මේ කවිය දැක්කාම!
මේක තමයි මේකේ මම කැමතිම කෑල්ල-
//එහෙනම් මොනවාද මතක? නරියා ගැන, නරියා ගැන!// 😅
image of fox sketched by hand
නරිත් වර්ග ඉන්නව නේද..
ReplyDeleteCrow, Raven වගේ.. නැද්ද..
පරිවර්තනය මරු.. වෙනද වගේම
මහේෂ් - එකපාරටම දැක්කේ crow, raven කියලා නරි වර්ග ඉන්නවා කිව්වා වගේ :D
Deleteඔව් නරි කිව්වාට මෙයාලා හිවල්ලු ද මන්දා. ලංකාවේ ඉන්න නරි මෙහෙම රතු- තැඹිලි නැහැනේ. දුඹුරු පාටයිනේ. මම හිතන්නේ මෙයාලා හීත දේශගුණයට හැඩගැහුණු වර්ගයක් කියලා
නරියා ලංකාවේ සාහිත්‍යයේ මොනතරම් ජනප්‍රියද කියල ඌ දන්නවනම් අයිතිවාසිකම් ඉල්ලන්නත් ඉඩ තියෙනවා
ReplyDeleteකුමුදු - කොච්චර ජනප්‍රියද කියනවා නම් එක නරියෙක්ව ගම දුවක් කසාදත් බැඳලා! :D
Deleteමම කැමතිම කෑල්ල තමයි: "ඌ මොනවාද හොයමින් හිටියේ? තරු අතරින් තණබිමට වැටුණු හාවෙක්ව." ඒක නම් romanticize කරලා වැඩියි හොඳටම 😉😜... and wait till he finds the little guy.
ReplyDeleteමම නම් නරින්ගෙ ෆෑන් කෙනෙක් නෙවෙයි; හැබැයි මලී ඇඳලා තියෙන මේ නරියා නම් හා 😁😁. (මලී පාට කරද්දි colour wheel එක ළඟ තියාගන්නවද? Green සහ orange මම කැමතිම කම්බිනේශන් එකක්).
Lotus - හරියටම බැලුවොත් නරියා බලාගෙන හිටියේ බිම හිටිය හාවෙක්ව තරු අතරට යවන්න! :D
Deleteමොන colour wheelද අනේ? :D
ඇත්තම කියනවා නම් මේක recycle කරපු චිත්‍රයක්. මගේ පොඩි අතක අමාරුවක් නිසා මේ ටිකේ චිත්‍ර ඇඳීම hold කරලා තියෙන්නේ. ඒත් මේ කවිය දැක්කාම ඒක පෝස්ට් නොකර බෑමයි කියලා හිතුණා. මේ මම ඉස්සර ඇන්ද නරියෙක්. ඒකෙ පසුබිමට කැලයක් ඇඳපු වෙන චිත්‍රයක් හොයලා දෙක එකතු කළා. ඔන්න ඔහොමයි පාට මැච් උනේ! ;)
"මොන colour wheelද අනේ?" 🤣. ඔව් ඉතින් මලී "වැඩකාරයා" නිසා ඔක්කොම කලර් කම්බිනේශන්ස් ඔලුවෙ ඇති.
Deleteඅත ඉක්මණට සුව වේවා කියලා ප්‍රාර්තනා කරනවා!. Hope you are on the mend.
Thank you Lotus!
Deleteරස්සාවත්, හිතේ තියන චිත්‍ර එළියට පනින්න ට්‍රයි කිරීමත් තමයි mend වෙන්න තියෙන ලොකුම බාධකය! :D
"ඔයාත් එක්ක ඉතින් සර්ජරි ගැන කතාකරන්නවත් බැහැනේ, කලන්තේ දානවානේ, ඒ නිසා අපි සර්ජරි නොකර ඉන්න බලමු පුළුවන් තරම්" කියලයි ඩොක්ටර් කිව්වේ. ඉතිහාසගත වෙන patients ලා ඉතින් අපි! :D
Save a fox එකේ Mikayla සහ Finnegan Fox අවාසනාවන්ත සිදුවීමෙන් එකෙන් පස්සෙ, කැමති වුනත් නරි ගැන බලන එක හිතට බරක්. දැන් මම බලන්නෙ වෘකයින් ගැන.
ReplyDeleteWolf of culture
https://www.youtube.com/shorts/5CKNWUgPeac
අනේ ෆිනිගන් ට මොනවා හරි උනාද? මට කාලෙකින් බලන්න බැරි වුණා. එක්කෝ මට කියන්න එපා. නොදැන ඉන්න එක හොඳයි. :/
Deleteවෘකයෝ cuddly වගේ පෙනුණාට උන්ව මට පේන්නේ අර දොඩවන හස්කි ලා වගේ. ඒ නිසා මට උන්ට ආසා හිතෙන්නේ නැහැ. :D