September 16, 2025

Puzzle (2018)

මම Puzzle බලන්න හේතුව ඒකෙ Irrfan Khan ඉන්න බව දැක්ක නිසා විතරමයි. Lunch Box චිත්‍රපටියේ  විශිෂ්ඨ රඟපෑම නිසා මම එයාගේ තදබල රසිකාවියක්. මේකේ තේමාව එක්තරා විදිහකට Lunch Box චිත්‍රපටියට සමානයි කියන්නත් පුළුවන්. ඒ වගේම චරිතවල පසුබිම් එහෙම ගත්තාම සම්පූර්ණයෙන් ම වෙනස් කියන්නත් පුළුවන්. Puzzle චිත්‍රපටිය 2018දී ඇමෙරිකාවේදී නිෂ්පාදනය වුණු එකක්. මේ 2020 දී සිදුවුණු Irrfan Khanගේ අභාවයට කළින් ඔහු රඟපෑ අන්තිම ඉංග්‍රීසි චිත්‍රපටිය.

මේ කතාව එක්තරා ගැහැනියකගේ self discovery ගමනක් ගැන කියලා කියන්න පුළුවන්. සමහරවෙලාවට ඇස් ඇරගෙනම අන්ධ ව ජීවිතය ගතකරන අපි හරියටම පෙනීම ලබන්නේ අහඹු ලෙස මුණගැහෙන පිටස්තරයෙක් නිසා. නැතිනම් අනපේක්ෂිත සිදුවීමක් නිසා. මේ කතාවේ ඇග්නස් ත් එහෙම වෙනසකට මුහුණ දෙනවා. එයින් එයාගේ ආත්මය විතරක් නෙමෙයි ජීවිතයේ ගමන් මඟ ම වෙනස් වෙනවා. Jigsaw puzzle එකක වගේම කොටස් අවුල් වෙලා සී සී කඩ ගිය ජීවිතයක් සමහර වෙලාවට Jigsaw puzzle එකක් වගේම එකලස් කරලා සම්පූර්ණ කරන්න පුළුවන්. ඒත් Lunch Box චිත්‍රපටියේදී වගේම අපි බලාපොරොත්තුවෙන අවසානය නෙමෙයි අප‍ට Puzzle චිත්රපටියෙදීත් ලැබෙන්නේ. සමහර ගමන් යන්න ලැබෙන්නේ තනියම. යා යුත්තේත් තනියම. ඒ බවත් මේ කතාව හෙමින් සැරේ අපට මතක් කරලා දෙනවා. 

මේ චිත්‍රපටියේ සියුම් ව්‍යංගාර්ථ බොහොමයි. ඒවගේම ඒ රූප රාමු වල කාව්‍යමය සුන්දරත්වය ඉහළයි. ප්‍රධාන චරිත රඟපාන  Kelly Macdonald, Irrfan Khan දෙදෙනාගේ රඟපෑම් නිරායාසව ගලාගෙන යනවා. වෙහෙසකර බවක් නොදැනී බලන්න පුළුවන් වගේම, බැලුවාට පස්සේ හිතන්න දෙයක් ඉතුරු කරන චිත්‍රපටියක් තමයි Puzzle. 

"Life is messy. It doesn't make any goddamn sense. Sorry to break the news to you. Life's just random. Everything's random. My success, you here now. There's nothing we can do to control anything. But when you complete a puzzle, when you finish it, you know that you have made all the right choices. No matter how many wrong pieces you tried to fit into a wrong place, but at the very end, everything makes one perfect picture. What other pursuits can give you that kind of perfection?" - Robert 
Puzzle (2018)
Directed by: Marc Turtletaub
Written by: Oren Moverman, Polly Mann
Starring: Kelly Macdonald, Irrfan Khan




4 comments:

  1. හපෝයි එයා මලාද? හැබෑම දක්ෂ නලුවෙක්. ස්තූතියි නිර්දේශ කලාට. බලන්න ගත්තා.👌🙏💐

    ReplyDelete
  2. Irrfan Khan කියන්නේ මම ආ........සම නළුවෙක්, Lunch Box ලස්සනම (හොඳම) කතාවක්. Piku බලන්නකෝ. වෙනස්ම අපූරුම හිනාම යන පුදුම කතාවක්. එයා පස්සේ තමයි නමට වැඩිපුර r එකක් අරන් තියෙන්නේ. අපේ අවාසනාවට නැතිවුන නළුවෙක්.
    තව ඉස්කෝලෙකට ලමයව දාන කතාවක් තිබුන නම මතක නැහැ,

    ReplyDelete

  3. Irrfan Khanට හැමෝම ආස එයා ගාව හරිම genuine energy එකක් තියෙන නිසා නේද. ඇස් දෙකත් පොඩ්ඩක් ශාරුක් වගේ රොමෑන්ටික්, නමුත් වඩා calm.

    මේ ෆිල්ම් එක බලලා නෑ. Netflix තියෙනවනම් බලන්නම්. Lunch Box නම් බැලුවා. ඒ ෆිල්ම් එකේ මම ආසම Ila එක්ක ලියුම් හුවමාරුව නිසා Sajaanගෙ socially isolated personality එක වෙනස් වෙන විදිහ (which is the core of the film anyway), විශේශයෙන්ම Bhutan යන්න මමත් එන්නම් කියලා ලිව්වට පස්සෙ. ඒ වගේම අර Ilaගෙ උඩ තට්ටුවෙ ඉන්න අන්කල් ෆෑන් එක දිහා බලාගෙන ඉන්න එක විතරයි කරන්නෙ කියන එක. එතනින් දෙන පනිවිඩය හරිම ප්‍රබලයි නේද. හැබැයි මම ආසම trainee 'accountant'ගෙ චරිතයට 😁.

    "No matter how many wrong pieces you tried to fit into a wrong place, but at the very end, everything makes one perfect picture". හරියටම හරි.

    ReplyDelete
  4. මාත් Irrfan Khan ට ආසයි . එයා ඉන්න චිත්‍රපටි ගොඩක් බලල තියෙනවා . Qarib Qarib Singlle සහ Life of Pi ආසාවෙන් බැලුවා. බලන්න ඕන. ඔත්තුවට ස්තූතියි

    ReplyDelete