December 29, 2024

පයට පෑගෙන චිත්‍ර

ජපානයේදී දැක්ක ලස්සන දේවල් අතරින් සුවිශේෂ දෙයක් තමයි එහෙ පාරවල් වල man hole covers. පාරවල් යටින් යන කාණු වලට තියෙන පිවිසුම් වහලා තියෙන man hole covers හරිම සාමාන්‍ය, කවුරුවත් දෙසැරයක් නොබලන දේවල් නේ. ඒත් ජපානේ නම් ඒවා පොඩි කලා නිර්මාණ. මේවා හරි ලස්සනයි, නැවතිලා බලන්න හිතෙනවා. මේ man hole covers වලින් සමහර ඒවා වර්ණවත්, ඒවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වගේම ඒ ඒ පැත්තට ආවේනික සලකුණු මොනවා හරි තියෙනවා.

විස්තර හොයද්දි මේවා අච්චු පාවිච්චි කරලා නිර්මාණය වෙන බවත් සමහර ඒවා අඳුරේදී දිලිසෙන පාට වලින් වර්ණ ගන්වන බවත් දැනගන්න ලැබුණා. මේ විචිත්‍ර man hole covers කොයිතරම් ප්‍රසිද්ධද කියනවා නම් ඒවා සංචාරක ආකර්ෂණයකුත් වෙලා. මේ නිර්මාණ තියෙන කාඩ් පවා මුද්‍රණය කරලා ඒවා collectibles හැටියට සැලකෙනවාලු. අපේ සංචාරයේදී මීට වැඩිය man hole covers පින්තූර ගන්න බැරිවුණ එක තමයි මට දැනෙන එකම පසුතැවිල්ල.

ඉතින් පයට පෑගෙන දේකට මෙහෙම ලස්සනක් එකතු කරන්න හිතෙන එකම කොයිතරම් සුන්දරද! ඒ ගැන එක තැනක මෙහෙමත් සඳහන් වෙලා තිබුණා.

"There's nothing more Japanese than taking something ordinary (and not so pleasant) and adding a dash of kawaii* to it."


*Kawaii- cute, adorable in Japanese.




2 comments:

  1. ෂා හරිම ලස්සනයි. මම ඔය සපත්තු දාපු මැන්-හෝල් කවර දැක්කමයි. පොලිටිකලි කරෙක්ට් විදිහට ඒවා දැන් පර්සන්-හෝල් කවර නේද?🤔

    ReplyDelete
  2. ඇත්තට... වෙනස් විදිහට දකින්න එහෙ කොයි තරම් මානසික විවේකයක් ඇත් ද?

    ReplyDelete