'We hovered a little above the earth. We even flew a little.'― Yehuda Amichai

November 20, 2024

ඔබේ සිතේ ඇඳේ නම්...

“සමුගැනීමක් රිදුම් දේ නම් එහි තේරුම ඔබ කිසිවෙකු සමඟ මැනවින් කාලය ගත කර ඇති බවයි”
කොතැනක හෝ මේ කියමන දුටුවෙමි
කුඩා මොහොතකට හෝ මා ඔබේ සිතේ ඇඳේ නම්,
ඉන් ඔබේ හදවත සැහැල්ලු වී දෙතොලග දයාබර සිනාවක් මැවෙනු ඇතැයි පතමි.
එසේ සිදු නොවේ නම්, මට සමා වන්න.


Atere Jr
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක


Digital art


2 comments:

  1. ටික දවසකට කලින් ඔයාම දැම්ම quote එකක් මතක් වුනා
    // මට ඔබ ව කී වාරයක් සිහි වුණේදැයි විමසුවොත් ඒ එක් වරක් පමණක් බව කියමි. ඒ ඔබ එක් වරක් ම’සිතට පැමිණි ආපිට නොගිය බැවිණි.//
    ඉතින් බොහෝ දෙනෙක් අපේ හිත්වල පැලපදියම් වී අවසන් නේද
    ඔබත් ඉන් එක්කෙනෙක්

    ReplyDelete
    Replies
    1. ඔයත්! 🤍
      ඒ පැලපදියම් වීමට කාලය සහ දුර අදාළ නැති වීම තමයි විශේෂත්වය

      Delete