July 11, 2023

ශෝකය

ශෝකය ඔබට සදාකාලිකවම දැනෙන දෙයක් බව යථාර්තයයි. ඔබ ආදරය කළ කෙනෙක් අහිමි වීමේ ශෝකයෙන් ඔබ කිසිදා මිදෙන්නේ නැත, ඔබ ඒ සමඟ ජීවත්වීමට ඉගෙන ගන්නවා පමණි. සුවපත් වීමෙන් අනතුරුව ඒ අහිමි වීමේ වේදනාව වටා ඔබ ජීවිතය ගොඩනඟාවි. ඔබ නැවතත් ක්‍රම ක්‍රමයෙන් පරිපූර්ණ වූවත් කිසි විටෙකත් පෙර පරිදි නොවනු ඇත. ඔබ පෙර පරිදි විය යුතු නැත, එසේ වීමට ඔබට අවැසි නොවනු ද ඇත. 

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක

Translation of an excerpt from the book 'On Grief and Grieving' by Elisabeth Kubler-Ross

Digital painting




16 comments:

  1. 😪😪😒😒😔😔😏😏☺️☺️😋😋

    ReplyDelete
  2. අර බරපතල ප්‍රකාශය නම් තේරුනේ නෑ. ඒත් චිත්‍රය මල් හතයි. 👌

    ReplyDelete
    Replies
    1. එච්චර බරපතල නැහැ බස්සා- //you will be whole again but you will never be the same. Nor should you be the same nor would you want to//

      pinterest එකේ චිත්‍රයක් බලාගෙන ඇන්දේ. ඒකෙ නම් මීට වඩා සියුම් වැඩ ගොඩක් තිබ්බා. digitallly අඳින එකේ මම කැමතිම වැඩේ infinite colour variations තියෙන එක.

      Delete
    2. අහා! නව් යූ ආ ටෝකින්. ආන්න එහෙම සිංහලෙන් කිව්ව නං යස අගේට තේරෙනවා.😊👌

      Delete
    3. අර සියුම් වැඩ ගොඩක් තිබ්බ pinterest චිත්‍රෙ ලින්ක් එක දෙන්න බැරිද? ඒකෙ සංකල්පය අමුතුයි වගේම ලස්සනයි.

      Delete
    4. ඒකෙත් හැටි නේද? සමහර දේවල් ඉංග්‍රීසියෙන් කියෙව්වට හිතට වදින්නේ නැහැ, සමහර දේවල් සිංහලෙන් කිව්වාම ඕවර් කම්ප්ලිකේටඩ් වෙනවා :D
      පින්තූරේ සේව් කරගෙන නැහැ බස්සා, දැක්ක වෙලාවේ ඇන්දා මිසක්. pinterest ත් ඉතින් බස් ස්ටෑන්ඩ් එක වගේනේ, දැන් එන බස් එක ඊළඟ මොහොතේ නැහැ!

      Delete
    5. pinterest බස් ස්ටෑන්ඩ් එක! 👌🤣😂
      මෙන්න මගේ ගානෙ ලින්ක් එකක්:
      https://www.youtube.com/watch?v=_CQWvEkj1A8

      Delete
  3. "ඔබ නැවතත් ක්‍රම ක්‍රමයෙන් පරිපූර්ණ වූවත් කිසි විටෙකත් පෙර පරිදි නොවනු ඇත". මේ කොටස ටිකක් විතර නෙගටිව් කියලා එක පාරට හිතුනත්, මේක ඇත්තටම පොසිටිව් විදිහට ගන්නත් පුලුවන්නේ. අහිමිවීම් වලින් පස්සෙ කලින් හිටියටත් වඩා හොඳට ජීවිතේ ගොඩ නඟා ගන්න අය කොච්චර ඉන්නවද. සමහර දේවල් (ජීවී හෝ අජීවී හෝ) අපිට අහිමි කරන්නෙම ඒ නිසා වෙන්නත් පුලුවන්. නමුත් අපිව ඩිසයින් වෙලා තියෙන්නෙම නෙගටිව් පැත්තට බරවෙන්න.

    ReplyDelete
    Replies
    1. Lotus- ඒක ඇත්ත. එක අහිමි වීමකින් පස්සේ කලින් ටත් වඩා ශක්තිමත් වුණු අය ඉන්නවා.
      //"ඔබ නැවතත් ක්‍රම ක්‍රමයෙන් පරිපූර්ණ වූවත් කිසි විටෙකත් පෙර පරිදි නොවනු ඇත"// මට මේක පේන්නේ observation එකක් වගේ (neither negative or positive) මොකද ප්‍රබල අහිමි වීමකින් පස්සේ වුවමනා වුණත් කලින් හිටිය විදිහට යන්න බැරි නිසා. මට ප්‍රශ්නේ තියෙන්නේ 'ආයෙත් පරිපූර්ණ වීම' එක්ක. එහෙම වෙන්න පුලුවන්ද? කැළැල් සහිත කෙනෙක් පරිපූර්ණ ද? දැවෙන ප්‍රශ්න මේවා :)

      Delete
    2. උත්තරේ , බිඳිලා අලවපු මල් පෝච්චිය.
      https://www.youtube.com/watch?v=gj-HvhtHeds

      Delete
    3. උත්තරේට ලකුණු ලැබෙනවා :)
      මේ සින්දුව ගැන කලින් සැරේකුත් අපි කතා වුණා නේද Lotus? වැඩේ කියන්නේ මේකේ මේ cover version එක එන්න කලින් පුන්සිරි සොයිසා මේක කියනවා මම අහලම නැහැ!

      Delete
    4. ඔව් මේ සිංදුව ගැන මලී, නවීන් හා මම කතා කලා මතකයි. බිඳෙනවා කියලා දැන දැනම ආදරේ කරන්න පුලුවන් වීම තමයි හොඳ කියලා අපි කතා කලේ (මම නම් ඒ සිංදුව කලින් අහලා තියෙනවා මලී).

      "ආයෙත් පරිපූර්ණ වීම' එක්ක. එහෙම වෙන්න පුලුවන්ද? කැළැල් සහිත කෙනෙක් පරිපූර්ණ ද?" මලී අහන්න ඇත්තෙ rhetorical ප්‍රශ්ණ. හැබැයි ඉතින් පරිපූර්ණත්වය ගැන හරි definition එකකුත් නෑනෙ; ජීවිතේ කියන්නෙ කොහොමත් evolving දෙයක්. ඕනෙ ඉලක්ක වලට ගිය අය වුනත් තමන්ගෙ self actualizing needs ඉටු කරගැනීම සඳහා කවි ලිවීම, චිත්‍ර ඇදීම, බ්ලොග්ස් වල කමෙන්ට්ස් දැමීම (හී හී) වගේ දේවල් කරනවනෙ.

      Delete
  4. සමහර විට මාතෘකාවට අදාල කතාවක් වෙන්නත් ඇහැකි:
    https://observer-nireekshaka-observer.blogspot.com/2012/02/living-together.html

    ReplyDelete
    Replies
    1. Living together කියලා 'catchy' title එකක් දැම්මට එයා අදහස් කරන්න ඇත්තෙ Living together with a stranger කියලා විතරයි.

      මේකෙ ඉන්න මනෝජ්ට නම් මම කැමතියි. බිඳුනු බඳුන් අලව අලව ඉන්නෙ නැතුව කෙලින්ම move on වෙච්ච කෙනෙක්.

      Delete
    2. බස්සා- මේක කියවලා මිස්ට ඔබ්සර්වර් ආයෙත් මතක් වුණා. අකාලේ යන්න ගිය හොඳ මිත්‍රයෙක්!

      කතාවේ මාතෘකාව නොගැලපේ තමයි Lotus කිව්වා වගේ. මෙහෙම චරිත හරියට ඉන්නවා නේද? අනූ ගණන් වල මුල වගේ ඔස්ට්‍රේලියාවට ආව ලංකාවේ ශිෂ්‍යයෝ වැඩි දෙනෙක් මෙරට අය ව බැඳලා තියෙනවා.
      ඒ වීසා හදාගන්න විතරමයි කියලා හිතෙනවා ඒ කසාද බොහොමයක් දිහා බැලුවාම. සමහර බඳුන් බිඳිලාම ගිහින්, සමහර ඒවා ළමයි නිසා අලවාගෙන ඉන්නවා.

      Delete