'The worst thing in life is not to end up alone. It is to end up with people who make you feel alone.'- Robin Williams

April 21, 2023

වසන්තය

 


අප බලාපොරොත්තු අත්හරිද්දීම 
ඇය ප්‍රමාද වූ අමුත්තියක් සේ 
සෙමෙන් ඇවිද එන්නී ය

කැලෑ මලින් සැදි 
ඇගේ ගවුමේ වාටිය 
වැස්සෙන්, මීදුමෙන් සැදි 
ඇගේ ඉරුණු වේල් පට 
ඈ පසු පස ඇදී එමිනි

ඈ අපේ දෙසවනට 
ඩැන්ඩිලයන් හුස්ම පිඹින්නීය
ඉතින් 
සීතල සිසිරයේ පැවතුම් අත්හරිමින් 
අපි ඈ ට සමාව දෙන්නෙමු

මෙතෙක් ළඟ රැඳි 
ඝන ආයිත්තම් විසිකර 
දෑත් විදහා 
ඇය ව පිළිගන්නෙමු

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක Translation of the poem ‘Spring’ by Linda Pastan

ලන්ඩන්කවි, 2023 අප්‍රේල් කලාපය
watercolour painting

1932දී උපන් Linda Pastan යුදෙව් පසුබිමක් සහිත ඇමෙරිකානු කිවිඳියකි. මාතෘත්වය, පවුලක් තුළ පැවැත්ම, අහිමිවීම්, වයස්ගතවීම්, මරණය වැනි දේ මාතෘකා කරගත් කවි ලින්ඩාගේ කවි අතර සුලබ ය. මේ වෙද්දී කවි පොත් පහලවක් පමණ පළ කර ඇති Linda Pastan, ඇගේ කාව්‍යකරණය වෙනුවෙන් විවිධ සම්මාන රාශියක් දිනාගෙන තිබේ.

4 comments: