'You gave me a forever within the numbered days, and I'm grateful.'― John Green, The Fault in Our Stars

August 07, 2021

මනුස්ස යන්තර | පියසීලි විජේමාන්න

එක හුස්මට කියවගෙන යන්න පුළුවන් රස කෙටිකතා පොතක් කාලෙකට පස්සේ හම්බවුණා. ඒ පියසීලි විජේමාන්නගේ 'මනුස්ස යන්තර.' මේ පොත 2019 රජත පුස්තක සම්මානයට නිර්දේශිත පොතක්.

කෙටිකතා නමයක් ඇති මේ පොතේ කතා බහුතරයකට පදනම් වෙලා තියෙන්නේ දුලබ නිමිති කියන්න පුළුවන්. හුරුපුරුදු තේමා ඇති කතා කීපය වුණත් ලියවිලා තියෙන්නේ අලුත් කෝණයකින් නිසා කියවද්දී දැනෙන්නේ නැවුම් බවක්. මේවා අතරින් 'යතුරු කැරැල්ලක්' සහ 'සුසීගේ රොටි කඩේ' යන කෙටි කතා සුවිශේෂීයි.





මනුස්ස යන්තර (2018)
කතෘ - පියසීලි විජේමාන්න
ගොඩගේ ප්‍රකාශනයක්

No comments:

Post a Comment