April 20, 2021

I miss You


සිංහලට පරිවර්තනය කරන්න ඉංග්‍රීසි කවි හොයන එක මම නිරන්තරයෙන්, ආසාවෙන් කරන දෙයක්. හැම සතියෙම වගේ දිනමිණ පත්තරේ මගේ පරිවර්තන කවියක් පළ කරන නිසා ඒ හෙවිල්ලේ පොඩි වගකීමක්, යුතුකමක් වගේ දේකුත් තියෙනවා. හැබැයි පරිවර්තනයට ගැලපෙන කවි හොයාගන්න ඒතරම්ම ලේසිත් නැහැ. අන්තර්ජාලය පීරලා, කවි පොත් පීරලා ගැලපෙන කවියක් හොයාගත්තාම සමහරදාට දැනෙන්නේ මැණිකක් හොයාගත්තා වගේ සතුටක්.

මගේ මේ කවි හොයන චාරිකාවේදී සමහරවෙලාවට හම්බවෙනවා පරිවර්තනය නොකළ යුතු කවි හැටියට මම සලකන ඒවා. ඒ කවි සියුම්ව කැටයම් කළ මල් ලියකමක් වගේ. ඒවායේ තියෙන වචන වෙනුවට වෙන වචනවලින් ඒ ලස්සන මවලා දෙන්නත් ඒ හැඟීම මතු කරලා දෙන්නත් බැහැ. එහෙම ඒවා මුණගැහුණු වෙලාවට මම ඒ කවිය විඳලා, හැඩ බලලා, ඒක තිබුණ විදිහටම තියලා යනවා.

A. F Haroldගේ I miss You කවියත් ඒ වගේ. මම ඒක දැක්කේ පුස්තකාලයේ තිබුණු කවි පොතක. ඒ කවියට ගැලපෙන්න පිටුවෙන් පිටුව රේඛා චිත්‍රත් ඇඳලා තිබුණා. ඒ කවියට ආදරේ හිතිලා ඒකෙ වචන ටික හොයන්න අන්තර්ජාලය පීරුවාම ඒ පොත ඇසුරින්ම කවිය කියන මේ වීඩියෝව හම්බවුණේ බොහොම අහඹු විදිහට. මේ කවියත් මම ලස්සන විඳලා එහෙමම තියලා යන කවියක්.


I miss you like the silence misses the song!



3 comments:

  1. I miss you.. like an English poem misses මලී's Sinhalese version.

    'Surprise missing being just a surprise' හිතන්නත් බැරි විදිහට ලස්සනයි නේද. Just wow.

    ReplyDelete
    Replies
    1. thank you Lotus!
      සමහර දේවල් කොයිතරම් miss වුණත් අපිට ඒකට පිළියමක් නැහැනේ. ඒ නිසා //I miss you.. like an English poem misses මලී's Sinhalese version.//කියන කාරණයටත් ඒක තමයි වෙන්නේ.:) :)

      මේ යෙදුම් හරිම නැවුම්. මාත් ආසා ඒ නිසායි

      Delete
  2. "I miss you" යන වගන්ති පෙළට තවත් දහසකුත් එකක් දේ එකතු කළ හැකියි. මෙය බාල, තරුණ, වැඩිහිටි අයට විවිධ ආකාරයට මෙනෙහි කළ හැකියි. ඒ උනත් දේශගුණ විපර්යාස පවතින රටවල එක් එක් ඍතුවක දකින්නට ලැබී ක්‍රමයෙන් නැතිවී යන බොහෝ ස්වභාව ධර්මයේ නිමැයුම් ස්ථිර වශයෙන්ම ඊළඟ වසරේදී දකින්නට ලැබෙන බව මා අතීතයේ කවදා හෝ කව් සංකල්පනාවක් ලෙස කියවා තිබෙනවා. ස්ථානය නම් මතක නැහැ.

    ReplyDelete