'And I was never sure whether you were the lighthouse or the storm' -David Jones

April 18, 2019

පුංචි කුමරා


උන්නා පුංචි කුමරෙක්
ඉස්සර මාත් හඳුනන
බොහොමත් ගාම්භීරයි
කඩුවක් රඳා ඉන වට
කඩදාසියෙන් නිම වුණ
කිරුළ වැජඹිණි හිස මත
පැතිරුණා ඒ අණසක
ඔහු නිතර ගිය දස අත

සතුරන් හැම ත් එළවා
රාජධානිය බේරා
යටත් වැසි සිත් සනහා
වැජඹුණා මේ නිරිඳා

මෑත දී නෑ දුටුවේ
ජය ගොසක් නෑ ඇසුණේ
බලකොටු ත් අත්හැර ලා
සේනාව නෑ පෙනුණේ

බිඳෙන් බිඳ උස ගොස් ඇත
අත පය ත් දික් වී ඇත
කියවන්නටම වෙන් වූ
මහා පොත් කන්දක් ඇත
මා හඳුනනා කුමරා
පදවි හැම අත්හැර ඇත








4 comments:

  1. ඉස්සර අපේ ගෙදරත් පුන්චි කුමාරයෙක් හිටියා. ඔය විදියටම අනසක් පවත්වපු. ටික ටික රජකමත් අතහැරලා දැම්මා. දැන් අපේ කුමාරයා හැතැම්ම 200ක් ඈතින් රස්සාවක් කරනව. අපි ඉතින් හැම සති අන්තයටම පැය 3ක් විතර ගෙවලා යනවා අපෙ කුමාරයාව බලන්න.
    K නැන්දා (USA)

    ReplyDelete
  2. ඇත්තටම බැරිද මේ පුංචි කුමාරයන්ටයි කුමාරියන්ටයි පදවි තියාගෙනම ලොකු වෙන්න?

    ReplyDelete