උන්නා පුංචි කුමරෙක්
ඉස්සර මාත් හඳුනන
බොහොමත් ගාම්භීරයි
කඩුවක් රඳා ඉන වට
කඩදාසියෙන් නිම වුණ
කිරුළ වැජඹිණි හිස මත
පැතිරුණා
ඒ අණසක
ඔහු නිතර ගිය දස අත
සතුරන් හැම ත් එළවා
රාජධානිය බේරා
යටත් වැසි සිත් සනහා
වැජඹුණා මේ නිරිඳා
මෑත දී නෑ දුටුවේ
ජය ගොසක් නෑ ඇසුණේ
බලකොටු ත් අත්හැර ලා
සේනාව නෑ පෙනුණේ
බිඳෙන් බිඳ උස ගොස් ඇත
අත පය ත් දික් වී ඇත
කියවන්නටම වෙන් වූ
මහා පොත් කන්දක් ඇත
මා හඳුනනා කුමරා
පදවි හැම අත්හැර ඇත
ඉස්සර අපේ ගෙදරත් පුන්චි කුමාරයෙක් හිටියා. ඔය විදියටම අනසක් පවත්වපු. ටික ටික රජකමත් අතහැරලා දැම්මා. දැන් අපේ කුමාරයා හැතැම්ම 200ක් ඈතින් රස්සාවක් කරනව. අපි ඉතින් හැම සති අන්තයටම පැය 3ක් විතර ගෙවලා යනවා අපෙ කුමාරයාව බලන්න.
ReplyDeleteK නැන්දා (USA)
+++++++
ReplyDelete++++++++
ReplyDeleteඇත්තටම බැරිද මේ පුංචි කුමාරයන්ටයි කුමාරියන්ටයි පදවි තියාගෙනම ලොකු වෙන්න?
ReplyDelete