'You don’t get to choose if you get hurt in this world, but you do have some say in who hurts you. I like my choices.'-John Green

March 19, 2019

රේඩියෝ කතන්දර වූ මගේ කතන්දර

කැනඩාවේ මිසිසාගා නගරයේ 'සවන' අන්තර්ජාල රේඩියෝ කණ්ඩායමෙන් මගේ කෙටිකතා කීපයක් රේඩියෝ නාට්‍ය බවට හරවා ප්‍රචාරය කරන්නට ඉල්ලීමක් ලැබුණේ මීට මාස කීපයකට කලින්. ඒ  ඔවුන්ගේ 'දින නැති දිනපොත'  රේඩියෝ නාට්‍ය මාලාව වෙනුවෙනි.  මගේ 'ප්‍රේමයයි වෛරයයි අතරේ' සහ 'වාසගම්' යන කෙටිකතා රේඩියෝ නාට්‍යය බවට හැරවී සවන ගුවන් විදුලියෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී විකාශය වූ අතර එහි යූ ටියුබ් දිගුව පහතින් ඇත. 

මෙවැනි නිර්මාණ කටයුත්තකට  දායක වන්නට ලැබීම මටත් අලුත්ම අත්දැකීමක් වන අතර  මගේ කෙටිකතා සඳහා මෙලෙස නොසිතූ මානයක් ලැබීම මට ඉමහත් සතුටකි. ඊට අවස්ථාව ලබා දුන් වසන්ත ලංකාතිලක, අනුරුද්ධ වැලිගමගේ ඇතුළු සවන රේඩියෝ කණ්ඩායමට මගේ ස්තූතිය පිරිනැමේ.






4 comments:

  1. කැනඩාවේ 'සවන' ගුවන් විදුලියේ ප්‍රචාරය වූ කෙටි කතා දෙකටම සවන් දුන්නා. ඒවා ඉතාහොඳින් සංස්කරණය කර ප්‍රචාරය කර තිබෙනවා. අද හෙටම මෙහේ ගුවන් විදුලියේත් 'සහස් පියවර' ගැන ප්‍රචාරය වේවි නේද?. ඉදිරිටත් තව ශාස්ත්‍රීය කටයුතු වල නිරත වීම සඳහා මේවා දිරිගැන්වීම් කරගන්න. තවත් අලුතින් යමක් කිරීම සඳහා මගේ සුබ පැතුම්. තාත්තා

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හෙල්මලි දුව, ඔබේ ඉදිරි ගමනට සුබ පැතුම්!!!

    ReplyDelete