මේ නොනිමි හිරු රැස් සැර
මඟ තොට කටුක තදබද
කෙළවරක් නැති වියවුල
එහෙත් හදවත කොණ
සියුම් සුළඟක සෙනෙහස
ලේනෙකුගේ ටිං ටිං නද
සිඳුතෙරක මුදු මතකය
පිරී ඉතිරෙයි ලොව
අත්හැරිය හැකි දේ
අත්හැරම යා යුතු දේ
අත්හැරිය යුතු නැති දේ
අත්හැරිය නොහැකිම දේ
Waskaduwa beach, Sri Lanka- Jan 2016

කවිනම් ඉතින් අපේ මොලේට තේරෙන්නේ නැතෝ..........
ReplyDelete//අත්හැරිය නොහැකිම දේ// //අත්හැරම යා යුතු// අවස්ථාත් තියනවා නේද? සමහර වෙලාවට එහෙම අත්හැරලා ගියාට පස්සේ තේරෙනවා අපි //අත්හැරිය නොහැකිම දේ// කියල හිතන් ඉන්න සමහර දේවල් //අත්හැරිය හැකි දේ// බව ..
ReplyDeleteඔව්! හැමදෙයක්ම අන්තිමට හිත හදාගැනීමේ ප්‍රශ්නයක්!:)
Delete