'Be careful who you make memories with, those things can last a lifetime.'― Ugo Eze

December 07, 2015

සතුට

නත්තල් ගසක් සරසමි
පුංචි පුතු සමඟින්
රන් පැහැ තරුව ඉහලම
පබළු වැල් ගස වට කොට
විදුලි එළි දැල්වූ විට
දිලිසෙන සිඟිති ඇස් දෙක


"my best christmas ever!"
නත්තල් හතක් පසු කළ ඔහු
මුමුණයි, රහසින්

කෙතරම් පහසුද
සතුට පිරිමසා ගැනුම
ජීවිතය කුඩා වූ කල




1 comment:

  1. ලෝකය දකින්නට
    වැඩිහිටියෙකු වෙන්නට
    අපි කියා දෙමු අපේ
    පොඩිත්තන්ට
    අපි වැනිම වූ
    තවත් මිනිසෙකු වේවිනේ
    ඔහු
    සොයා යන සතුටම
    නිති කැපකොට අගනා
    සෑම දෙය

    ReplyDelete