'I still hide you in my poetry'- M. Razon

November 05, 2015

'සතුටින්ද?'

විලෝ අතු අගිස්සක්
එබී නිල් විල් තලට
'සතුටින්ද?' සෙමෙන් මුමුණා අසයි
නිහඬවම දිය රළක් දුර ඇදෙයි

සුළං රැළකට හසුව
ගිලිහි ගිය තුරු පතින්
'රිදුණා ද?' ගසක් රහසේ අසයි
කඳුළු බිඳු තණ පලස මත වැටෙයි

අතරමං සඳ රැසක්
කුමුදකට ලං වෙමින්
'නාඬන්න' කොඳුරමින් සිපගනියි
මුළු රැයම හුස්මකින් සසල වෙයි



No comments:

Post a Comment