May 29, 2018

කසාදයකින් දර්ශනයක්




























Scene from a Marriage | Richard James Allen

You are my context
without you
I'm a picture
wandering out of its frame
a blotch of colours
a mess of sky

දිනමිණ වසත් සුළඟ 29.05.2018


May 24, 2018

පෙම් කවි ලියන්නෙක් නොවේ


Not a love poet | Rudy Francisco 

See I’m going to be honest, I’m not a love poet
But if I was to wake up tomorrow morning
and decide that I really wanted to write about love
I swear that my first poem…
It would be about you
You see, I’m not really a love poet
But if I was I’d write about how I see your face
in every cloud and your reflection in every window

You see I’ve written like a million poems
 hoping that somehow maybe someway
you’ll jump out of the page and be closer to me
If I was a love poet
I’d write about how you have the audacity to be beautiful
Even on days when everything around you is ugly

You see I’d write about your eyelashes
and how they are like violin strings
that play symphonies every time you blink

I know this sounds strange
but every now and then
I pray that God somehow turns you back in to one of my ribs...
Just so that I would never have to spend an entire day without you



දිනමිණ වසත් සුළඟ 15.05.2018




May 22, 2018

හෙණ!


'අපිට වද දිදී ඉන්නවා.. මැරිලා යන්නේවත් නැති හැටි!'

පොල් පටවපු ගානේ තිබුණු බස් එකේ හිටගෙනම නිදාගෙන හිටිය මාව ඇහැරුණේ කරන්ට් වැදිලා වගේ. ඔලුව හරවලා ඒ කතාවට සම්බන්ධ දෙන්නා ව බලාගන්න බැරි තරමට තෙරපිලා හිටියත් මේ ඇහෙන්නේ ගෑණු දෙන්නෙක් එකතුවෙලා කාටහරි ලුණු ඇඹුල් ඇතිව බනින බැනිල්ලක් බව ටික වෙලාවකින්ම මට තේරුණා. තමන් අකැමති අයට ඔහොම හෙණ ඉල්ලන්න ගෑණු උදවිය හරි හපන් බව මම දන්නවා. ඒත් මැරිලා යන්න කියලා හිතන එක! මගේ කකුල් දෙකේ ඉඳන් හිරියක් මතුවුණේ වරුවක් තිස්සේ බස් එකේ හිටගෙන හිටිය නිසාම නෙමෙයි කියලා මට තේරුණා.

මාලිකා තමයි පහේ පංතියේ හිටිය රැජින! සුදුයි, උසයි ලස්සනයි. එයාගේ අම්මායි තාත්තයි ඉස්කෝලෙම ගුරුවරු වුණු එක මාලිකා ට සෑහෙන්න බල පරාක්‍රමයක් දීලා තිබුණා. ඉස්කෝලේ හැම නාට්ටියේම ප්‍රධාන චරිතේ මාලිකා! අවුරුද්දෙම පන්ති නායිකාව මාලිකා!​ ​ඒත් මේ තේජසේ බැබලුණු මාලිකා ඇතුළේ කාටවත් නොපෙනෙන අඳුරු කෙනෙකුත් හිටියා කියලා දැනගෙන හිටියේ මම විතරයි.

මම වෙන පුංචි ඉස්කෝලෙක ඉඳන් ඒ ඉස්කෝලෙට ආවේ පහේ පන්තියේ දෙවෙනි වාරෙට. ඒ ආවෙත් රස්සාව නැතිවුණාට පස්සේ තාත්තා ඒ පැත්තේ කඩේක වැඩට ආව නිසා. පන්තියට ඇතුල් වුණු මුල්ම දවසේ 'මාලිකා, පොඩ්ඩක් චේතනාට උදවු කරන්න වැඩ අල්ලාගන්න' කියලා ටීචර් මගේ එහා පැත්තේ හිටිය ළමයාට කිව්වා. පන්තියේ දක්ෂම, ප්‍රසිද්ධම ළමයා මාලිකා කියලා තේරුම් යන්න මට වැඩි දවසක් ගියේ නැහැ. මුලදී මාලිකා මට සටහන් පොත් දුන්නා, නොතේරෙන දේවල් කියාදුන්නා. ‘අන්න එහෙමයි යාලුවන්ට උදවු කරන්න ඕන’ කියලා ටීචර් ගෙන් අහගෙන දිලිසුණා. ඒත් මතුපිටින් හොඳට හිටියාට ටික දවසකින් මාලිකා වෙනස් වෙන්න ගත්තා. හොඳට උල් කරපු පැන්සලක් අහක බලාගෙන ඉන්න මගේ කම්මුල ළඟින් තියලා මගේ නම අඬගහන එක, වැරදීමකින් වගේ තීන්ත පෑන මගේ සුදු ගවුමට ගසන එක, වගේ දේවල් වලට මුලදී මාත් මාලිකා එක්ක එකතුවෙලා හිනාවුනා. ඒත් ටික දවසකින් ඒවා හිනායන්නේ නැති තරමට දරුණු වුණා. දවසක් මාලිකා මම බලාගෙන ඉන්දැද්දීම මගේ දියසායම් චිත්‍රයකට එයාගේ වතුර බෝතලේ හැලුවා. මම පුස්තකාලෙන් ගත්ත පොතකින් පිටු දෙකක් ඉරුවා. මුලදී තුෂ්නිම්භූත වෙලා බලාගෙන හිටිය මම බැරිම තැන මේ නඩු ටීචර්ට කිව්වා. 'මේ අපේ මාලිකා? පිස්සු නැතිව ඉන්න ළමයෝ!' ඒක තමයි මට ටීචර්ගෙන් ලැබුණු උත්තරේ. ඒක අහලා මාලිකා කලින්ටත් වඩා දිලිසිලා ටීචර් එක්ක හිනාවුණා. ටීචර්ට හොරෙන් මට විරිත්තුවා. එදායින් පස්සේ මාලිකාගේ කුරිරු වැඩ හොඳටම වැඩි වුණා. දවස් කීපයක්ම එක දිගට මගේ කෑම පෙට්ටියෙන් කෑම අතුරුදහන් වුණා. මට බෝවෙන ලෙඩක් තියෙනවා කියලා එයා ළමයි අතරේ ආරංචියක් පතුරවලා මට සෙල්ලම් කරන්නවත් කෙනෙක් නැතිවුණා. එක්කෝ ගුරුවරුන්ට නොපෙනෙන්න ඒවා කරන්න තරම් දක්ෂකමක් එයාට තිබුණා. එහෙම නැත්නම් එයාට ඉස්කෝලේ තිබුණු තැන නිසා දැක්කත් ඒවා නොසලකා හැරුණා.

මාලිකා මගේ වතුර බෝතලේට වැලි දානවා මට අතටම අහුවුණු දවසක 'ඇයි ඔයා මට මෙහෙම දේවල් කරන්නේ?' කියලා මම ඇහුවා

'කොහොම දේවල් ද අනේ?' මාලිකා හිනාවෙලා ඇහුවේ බොහොම ලස්සනට.

එදා වෙන්න ඇති මම මාලිකාට සාප කරන්න ගත්තු පළවෙනි දවස. තාත්තගේ නැතිවුණ රස්සාවේ ලොක්කන්ට අම්මා සාප කරනවා අහගෙන ඉඳලා මට ඒක ටිකක් හුරුවෙලා තිබුණේ. මට කරන දේවල් වලට මාලිකාට මොනවා හරි වෙන්න ඕන කියලා මට හිතෙන්න ගත්තා. මුලින් මම පටන් ගත්තේ පොඩි දේවල් වලින්. ගණන් වලට මාලිකාට ලකුණු අඩුවෙන්න, වැස්සට අහුවෙන්න වගේ පටන් අරන් ටිකෙන් ටික එයාගේ අතක් පයක් කැඩෙන්න, ගේ ගිනිගන්න වගේ දේවල් හිතන්න තරම් මම දරුණු වුණා. මම මෙහෙම හිතුවා කියලා කිසිදෙයක් වෙනස් වුණේ නැහැ. ඒත් එයාට එකට එක කළා වගේ පොඩි සන්තෝසයක් මට දැනෙන්න ගත්තා.

හැබැයි පන්තියේ මිදුල අතුගාන්න ගිය වෙලාවක මාලිකා මාව පස් කණ්ඩියකින් තල්ලු කරලා මගේ කකුලක් උළුක්කු වුණාට පස්සේ තමයි මට එයා මැරුණා නම් හොඳයි කියලා හිතෙන්න ගත්තේ. එහෙම හිතුනාට පස්සේ ආපස්සට යන්න බැරි වගේ ගතියක් මට දැනෙන්න ගත්තා. 'ඔව් එයා මැරෙන්නම ඕන, නැතිව මේක කෙළවරක් වෙන්නේ නැහැ!' කකුල පෙන්නන්න දොස්තර ළඟ ඉන්දැද්දී මට තදේටම හිතෙන්න පටන් ගත්තා. කකුල බිම තියන්න බැරිව මට සති දෙකක් විතර ගෙදර ඉන්න වුණා. ඒ නිසා මට ඒ වාරේ වාර විභාගේත් පාඩු වුණා.

මම ආයෙත් ඉස්කෝලේ එද්දී ඉස්කෝලේ පුරාම සුදු කොඩි දාලා තිබුණා. අපේ පන්තියේ ටීචරුත් ළමයිනුත් හිටියේ බිරන්තට්ටුවෙලා වගේ. මගේ එහා පැත්තේ පුටුව හිස්.

'මොකද වුණේ? කෝ මාලිකා?’ මම සුමුදුගෙන් රහසින් ඇහුවේ පන්සිල් ගන්න වෙලාවේ.

'මැරිලා!' සුමුදු කිව්වේ ඇස් දෙක ලොකු කරලා.

එදාත් මට මේ වගේ කකුල් දෙකේ ඉඳන් හිරියක් දැනුණා. එදා දවසේ සිද්ද වෙච්ච වෙන මොනවාත් අදටත් මට මතක නැහැ.මාලිකා මැරිලා තිබුණේ හදිසියේ උණක් හැදිලා ඒක උත්සන්න වෙලා. ඒ ලෙඩේට හරි හේතුවක් හොයාගෙනවත් තිබුණේ නැතිලු. 'නිකම් සාපයක් වැදිලා වගේ!' කිය කියා මාලිකාගේ අම්මා ඇඬුවා කියලා ළමයි කතාවුණා.




දිනමිණ වසත් සුළඟ 22.05.2018


-photo pixabay




May 16, 2018