October 04, 2016
මතකයේ රැඳෙනු ඇත
I think, no matter where you stray,
That I shall go with you a way.
Though you may wander sweeter lands,
You will not soon forget my hands,
Nor yet the way I held my head,
Nor all the tremulous things I said.
You still will see me, small and white
And smiling, in the secret night,
And feel my arms about you when
The day comes fluttering back again.
I think, no matter where you be,
You'll hold me in your memory
And keep my image, there without me,
By telling later loves about me.
- Dorothy Parker
දිනමිණ, වසත් සුළඟ 04/10/2016
September 28, 2016
වෙනස්වීම්
මට
මේ රතු රෙද්ද-හැට්ටය යන්තම් මතක ය. එය අම්මාගේ ඔසරියක් කපා නිමවූවකි. කාලයක් තිස්සේ
මේ පුංචි හැට්ටය අපගේ මහගෙදර පරණ ඇඳුම් තිබුණු අල්මාරිවල ගැවසෙමින් තිබුණු බවත්
මතකය. එහෙත් සිහිවටනවල වැදගත්කම වැටහෙන වයස වෙද්දී එය සොයාගන්නට නැත. මේ සේයාරුව
ගනිද්දී මා හට වයස අවුරුදු හතරක් තරම් බව අනුමාන කිරීමට සිදුව ඇත්තේ ඒ අවස්ථාව ගැන
කිසිම දෙයක් මගේ මතකයේ නැති වීම නිසා යි. පවුලේ අන් අයට ද මේ ගැන මතකයක් නොමැති
වීම ගැන මගේ පුදුමයක් නැත. පවුලේ බඩපිස්සී ගේ ළමා පින්තූර ගැන මතක තිබීම තබා
පින්තූරයක් තිබීම ම පුදුමයට කරුණකි!
මෙහි
පසුබිමේ ඇති අඹ පැළය අපගේ
ගෙමිදුලේ සිටුවා ඇත්තේ මා උපදින්නට ටික කලකට පෙර ය. මට මතක එය ඵල දරන කාලයයි. එහි
අඹ ඉතා මිහිරි රසයෙන් යුතු විය. නෑදෑයින්ට, අසල්වැසියන්ට බෙදූ පසුත් හැම අඹ
වාරයේදීම අපට රස විඳින්නට මහා අඹ කන්දක් ඉතිරි විය. අඹ ගස වැඩුණු පසු සෑම සිංහල අවුරුද්දට ම එහි ඔන්චිල්ලාවක් බැඳිනි. ‘අඹ මල් තියෙද්දී ඔන්චිලි බැඳලා ගහ හෙලවුනහම ගෙඩි
හැදෙන්නේ නැහැ!’යැයි ලද විවිධ උපදෙස් ගණනකට නොගත් තාත්තා අඹ මල් පිපෙන හැම අවුරුදු
කාලයකදී ම ඔන්චිල්ලාව බැන්දේය. මා ඇතිතරම් ඔන්චිලි පැද්ද අතර කිසිකලෙක අඹ පලදාව
අඩු වූයේ ද නැත.
සේයාරුවේ පසුබිම ඈතින් පෙනෙන්නේ අප නිවස ඉදිරිපිට ඇති
පන්සලයි. එයත් අඹ ගස මෙන්ම මගේ ළමා මතකයේ අනිවාර්ය කොටසකි. උදෑසන අවදි වූ සැණින්
කවුළුවෙන් දිස් වන චෛත්‍යය ගැන මතකයත්, හවස බෝධි පූජාවට එක් වන්නට අතට වතුසුදු මල්
මිටක් කඩාගෙන පාර පැන පන්සල් ගිය මතක ත්, අදත් සිතේ නොවෙනස් ව පවතී.
එහෙත්
මේ වෙද්දී මා ඇතුළු මෙහි ඇති සෑම දෙයක් ම කාලය මවන වෙනසට හසු වී ඇත. පන්සල දැන්
චාම් සුදු වත හැර දමා රන් පැහැයෙන් බබලයි. රන් වැට, රන් පවුරු ආදියෙන් ගහණ එයට දැන්
මල් මිටක් අතට ගෙන ගොඩවෙන්නට සැදැහැ සිතක් ඇතිවන්නේ නැත. අපගේ මහගෙදර ද දැන්
අන්සතු වී ඇත. එය සිදුවූයේ දෙමව්පියන් පදිංචියට පිටරටට සංක්‍රමණය වෙද්දී ය. අලුත්
හිමිකරුවන් මේ අඹ ගස කපා දමා ඇත. දැන් මේ ගෙවත්ත වල් බිහිවී ඇත. කාලය පැමිණි විට
ජීවිතය ද අත් හල යුතු නම් ගේ දොර, ගහ කොළ ආදිය අත්හැරීම ඒ මඟෙහි ම එක් පියවරක්
පමණක් බව සිතීමෙන් ඒ ගැන පපුවේ දැනෙන සියුම් රිදුම තුනී කර ගත හැක.
මා
ද දැන් මේ රුවින් සම්පූර්ණයෙන් වෙනස් බව විශේෂයෙන් කිව යුතු නැත. මගේ කොණ්ඩය මෙලෙස
‘කොලු කට්’ එකක් කපා සිටි කාලයක් මතක නැත. එහෙත් මේ සිනහව නම් මම වෙනත් මුවක නිතර දකිමි.
ඒ දඟ වැඩක් කර අතටම අසු වූ විට මා පුතුගේ මුවිනි. එවන් විටක, ඔහු එක්තරා විදිහකට ‘මා ම බව’ දැනී මොහොතක්
හදවත නවතී. මෙය ලියද්දීත් ඔහු මා අසල දැවටෙමින් හිඳී. ඇයිදැයි ඇසූ විට ‘යමු ද අම්මා
සෙල්ලම් කරන්න?’ ඔහු අසයි. තමන්ගේ ස්ථිර සෙල්ලම් සගයා ලෙස අම්මා ව තෝරාගෙන සිටින
ඔහු හා හැංගිමුත්තමට, බැඩ්මින්ටන් ගැසීමට, කාර් රේස් ට්‍රැක් තැනීමට, රසකැවිලි
සැදීමට මා ද එක්වන්නේ මහත් රුචියෙනි. එබැවින් සමහරවිට අන් හැම දේම වෙනස් වූවත් මේ
සේයාරුවේ එක් දෙයක් වෙනස් වී නැති ව තිබීමට ඉඩ ඇත. සමහරවිට මෙහි සිනාසෙමින් සිටින
කුඩා දැරිය එලෙසම මා තුළ අදත් ජීවත්වනවා විය හැක.
September 27, 2016
රකුසා පිළිබඳ සත්‍ය
the truth is this
every monster you have met
or will ever meet,
was once a human being
with a soul
that was as soft
and light
as silk
someone stole
that silk from their soul
and turned them
into this
so when you see
a monster next
do not fear
that thing before you
fear the thing
that created it
instead
-Nikita Gill.
දිනමිණ- වසත් සුළඟ 27/09/2016
September 21, 2016
සමනල
-The monarch butterfly, though vibrant in colour, is poisonous.
ඉහිරෙනා හිරු බිඳක පැහැය වෙමි
ගන අඳුරු මැදියමක අඳුර වෙමි
හිම මිදෙන සීතලක
දෑස් තරයේ පියා
හෙටක එන වසත් කල සැරිසරමි
ඇඟිලි තුඩු මත නතර වී රැඳෙමි
සිනහවක් දෙතොල රහසේ තබමි
විසැති මුදු සිහිනයක
පාට තවරා හදක
නොලියවෙන කවියක් ව තටු සලමි
drawn with MS paint
Subscribe to:
Posts (Atom)



