හොල්මන් ගැන භූතයෝ ගැන බයෙන් බයෙන් වුණත් අහන්න අපි ස්වභාවයෙන්ම කැමතිනේ. බස්සාගේ බ්ලොග් එකේ හොල්මන් කතාවට මම කමෙන්ට් එකක් දැම්මා දෙලොවක් අතර බාලිකාවේ අපිට නම් හොල්මන් nothing කියලා. විහිලුවට කීවාට ඒකට ඇත්තම නිධාන කතාවකුත් තියෙනවා. භූතයන්ට බය නැති බාලිකාවන්ගේ වික්‍රමයක් තමයි මේ.
දෙලොවක් අතරේ බාලිකාව නොදන්නා කෙනෙක් නැතිව ඇති මයේ හිතේ. කාසල් මාතෘ රෝහලටත් බොරැල්ල කනත්තටත් මැදිවෙලා තියෙන දේවි බාලිකාවට ඒ කාලේ ඉඳන් පට බැඳුණු නම තමයි දෙලොවක් අතර බාලිකා. ඉතින් ඒකෙ ඉගෙනගත්තු අපට උපතත් විපතත් එකම දවසේ දකින්න ලැබුණේ අර තැන් දෙකට යන එන අය ඉස්කෝලේ ඉස්සරහින් එහෙට මෙහෙට ගිය නිසා. පුංචිම පුංචි මිනී පෙට්ටියක් අරගෙන රෝහලේ ඉඳන් පයින්ම කනත්තට යන මව්පියෝ දැකලා හිත කඩා වැටුණු දවසුත් තිබුණා. ඒවා ඉතින් අතුරු කතා.
කනත්තට එහා වත්තේ නිසා ඉස්කෝලේ ගොඩනැගිලි වල උඩ තට්ටුවලට කනත්තේ මළ ගෙවල් වගේම ආදාහනාගාරය හොඳටම පෙනුණා. මේවා දැකලා දැකලා ඇත්තටම අපට ඒ කාලේ මරණයත් බොහොම සාමාන්‍යකරණය වෙලා තිබුණේ. ඒ නිසා වෙන්නැති එක කාලෙකදී අපේ පන්තිවල ළමයි විනොදෙට භූතයෝ ගෙන්නන සෙල්ලම කරන්න ගත්තේ.
මේක වුණේ උසස් පෙළ පන්තිවලදී. අපේ පන්තියට එහා පන්තියේ කෙල්ලෙකුට 'භූතයෝ ගෙන්නන්න පුළුවන්' කියන රාවය පන්ති අතරේ පැතිරුණේ විදුලි වේගයෙන්. ඒ දවස්වල ඕනෑම non-academic වැඩකට එක පයින් සූදානම් වෙලා හිටිය අපි දෙසැරයක් නොහිතා මේ වැඩේට සම්බන්ධ වුණා. ඒ කාලේ මේවාට කියන හරි නම් දැනගෙන නොහිටියාට එතැන වුණේ Ouija board කියන වැඩේ. පරණ බ්‍රිස්ටල් බෝඩ් එකක රවුමට ඉංග්‍රීසි හෝඩියේ අකුරු ටිකත්, 1-9 ඉලක්කම් ටිකත්, yes/ no වචන දෙකත් ලියන එකයි මූලික පියවර. ඉන්පස්සේ බෝතලයක් මූඩියක් අරගෙන අර ගෑනු ළමයා (අපි එයාට මධුකා කියමු) මොනවදෝ ඒකට මුමුණනවා. ඉන්පස්සේ ඒ මූඩිය අර කොලේ උඩින් තියලා ඊට අඟල් දෙක තුනක් උඩින් මධුකා ඇඟිල්ල අල්ලාගෙන ඉන්නවා. මිත්‍රවරුනි, ඇස් දෙකෙන් දැක්ක නිසායි විස්වාස කළේ, එහෙම තිබ්බාම ඒ මූඩිය අර කොලේ උඩින් හැටට හැටේ දිව්වා! හිස් පන්ති කාමරයක, ලී ඩෙස්කුවක, කෙල්ලෝ විස්සක් තිහක් වටවෙලා ඉන්දැද්දී ඔය මූඩිය යටින් කාන්දමකින් ඇද්දාය, කම්බි දාලා ඇද්දාය කියන දේවල් කොහොමවත් ම වුණේ නැහැ කියලා මට සහතික වෙලා කියන්න පුළුවන්. මොකද ඒ ප්‍රොජෙක්ට් එකේ මුල ඉඳන් අගටම මම බලාගෙන හිටිය නිසා.
ඉතින් ඔහොම 'එන්නේ' භූතයෙක් හෙවත් මළ ගිය ප්‍රාණකාරයෙක් කියලා තමයි කට්ටිය කිව්වේ. ආව ගමන් භූතයා අර කොලේ වටේ බොහොම වේගෙන් රවුමක් දෙකක් යනවා. ඉන්පස්සේ තියෙන්නේ අපිට ප්‍රශ්න අහන්න. ඒ අහන ප්‍රශ්න වලට අර අකුරු, ඉලක්කම් yes/ no හරහා අර මූඩිය පාවිච්චි කරලා භූතයා උත්තර දෙනවා. අකුරෙන් අකුර දෙන උත්තරේ කවුරු හරි කඩදාසියක ලියාගන්න ඕන ඒ කියන වාක්‍යය හදාගන්න. ඕකට ඉතින් වෙලාව යනවා. ඒ නිසා "නම මොකක්ද?""මොන අවුරුද්දේද මැරුණේ?" "කොහෙද ගම?" වගේ දේවල් තමයි අපි වැඩියත්ම ඇහුවේ.
![]() |
| ජෙමිනි දුන්නු Ouija Board එක |
ඉතින් කාලයක් තිස්සේ අපි free period එකක් ලැබුණොත් භූතයෝ ගෙන්නන වැඩේ කළා. හැබැයි මධුකා ට විතරයි ඒ 'ගෙන්නන' දක්ෂකම තිබුණේ. ඒ නිසා එයා තමයි ඒ කාලේ අපේ වීරවරිය. මේ වැඩේ මාරම විනෝදයක් මිසක් කිසි වෙලාවක අපට බයක් තිබ්බේ නැති බව නම් මතකයි. මළ ගිය ප්‍රාණකාරයෝ අතරත් hierarchy එකක් තියෙන බවත්, වැඩියෙන් බලයක් තියෙන අය අවස්ථාව ලැබුණු ගමන් මනුස්ස ලෝකේ එක්ක සන්නිවේදනය කරන්න පොරකන බවත් මධුකා ම තමයි විස්තර කළේ. අපි මධුකාගේ මේ දැනුමත්, එයාගේ හැකියාවත් ප්‍රශ්න නොකළේ එයා බොහොම seriously ඒක කළ නිසා. එයා ඒවා දැනගත්තේ කොහොමද කියලා අදටත් අභිරහසක්.
මේ ආව 'භූතයෝ' අතරේ එක්කෙනෙක් දිගට දිගට විස්තර කිව්වා මට තාම මතකයි. එයා මෝටර් සයිකල් ඇක්සිඩන්ට් එකකින් මැරුණු බවත්, එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් අපේ ඉස්කෝලේ බවත් තමයි එයා කිව්වේ. බලද්දී එයා ඒ කියලා තියෙන්නේ අසූ ගණන්වල ඉස්කෝලේ හිටිය කෙනෙක් ගැන. අසූ ගෙවිලා ඒ වෙද්දී අනූ වලත් මැදක් දුරට ඇවිත් කිව්වාට මෝටර්සයිකල් පෙම්වතා ට ඒක තේරුම් ගන්න අමාරු වුණා. එයාට කතාකරන්න ගෑනු ළමයා ගෙනත් දෙන්න කියලා තමයි නොකඩවාම ඉල්ලුවේ.
අපි වෙලාවක් අවේලාවක් නැතිව භූතයෝ ගේන සෙල්ලම කරලා, අන්තිමේ ඉතින් වෙන්න නියමිත විදිහටම එයින් සෙෂන් එකක් මැද්දට ගුරුවරියක් අහම්බෙන් ඇවිත් අතටම අහු වෙලා, සෙට් එකම නඩු අහන්න ගෙනිහින්, දඬුවම් ලැබිලා, අපේ හෝම් මේඩ් Ouija board එක රාජසන්තක වෙලා යන්න වැඩි කාලයක් ගතවුණේ නැහැ. ඒකෙන් මේ සෙල්ලමට තිත තියන්න වුණා. අදටත් ඉඳහිට ඒ විස්තර මතක් වෙලා "මොකක්ද හැබෑට ඒ වුණේ?" කියලා කල්පනා වෙන වෙලාවල් තියෙනවා. ඇස් දෙකට දැක්ක නිසා මිසක් වෙන කෙනෙක් කිව්වා නම් මමත් මේ කතාව විස්වාස නොකරන බව ඒ එක්කම කියන්නත් වෙනවා!

The ghost of a dead cat walks into a bar at 3:00 AM carrying its severed tail and asks the bartender to reattach it, only to be told: "Sorry, we aren't allowed to retail spirits past 2:00 AM."
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete1. The first night Trump spends in the White House, he is visited by the ghost of George Washington. He asks him, "George, what can I do to best serve the United States?"
ReplyDeleteThe ghost of George Washington responds, "Never tell a lie."
He says, "Oh, I don't think I can do that."
The next night, he is visited by the ghost of Thomas Jefferson. He asks him, "Thomas, what can I do to best serve the United States?"
The ghost of Thomas Jefferson responds, "Listen to the people."
He says, "Oh, I don't think I can do that."
On the third night, he is visited by the ghost of Abraham Lincoln. He asks him, "Abraham, what can I do to best serve the United States?"
The ghost of Abraham Lincoln responds, "Go see a play."
2. "Now about those ghosts. I'm sure they're here and I'm not half so alarmed at meeting up with any of them as I am at having to meet the live nuts I have to see every day."
- Bess Truman
Everyone attending a funeral should be given an Ouija Board for the sequel - PJ
ReplyDelete