මා ඇඳෙන් බැස ගොස්
විසිත්ත කාමරයේ සැප පුටුවක හිඳ
බැලූ බැල්මට
කිසි දෙයක් නොකරමින් සිටිද්දී
පර්සි ට පැහැදිලි කිරීමක් කළ යුතු විය
“මා මේ කරන්නේ කල්පනා කිරීමයි
ගහ කොළ, මල් හෝ බල්ලන් මෙන්
මිනිසුන්-
සම්පූර්ණයෙන්ම
මිහිකතගේ දරුවන් නොවන බැවින්
එය ඔවුන් සාමාන්‍යයෙන් කරන දෙයකි”
පර්සිගේ දෑසේ
මේ ක්‍රියාව ගැන ප්‍රශ්නාර්ථයක් විය
‘හරි, ඔයා කියන දෙයක් තමයි
ඇත්තම කියනවා නම්
මම නම් ඊට වඩා කැමතියි සිප ගැනීමට’
එසේ කියා ඌ
මා අසල හරි බරි ගැසී
තම කැරළි ලොම් සහිත හිස නවා
මලක් සේ සුන්දරව නිදන්නට විය
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Percy 2002-2009' by Mary Oliver
Digital art
විසිත්ත කාමරයේ සැප පුටුවක හිඳ
බැලූ බැල්මට
කිසි දෙයක් නොකරමින් සිටිද්දී
පර්සි ට පැහැදිලි කිරීමක් කළ යුතු විය
“මා මේ කරන්නේ කල්පනා කිරීමයි
ගහ කොළ, මල් හෝ බල්ලන් මෙන්
මිනිසුන්-
සම්පූර්ණයෙන්ම
මිහිකතගේ දරුවන් නොවන බැවින්
එය ඔවුන් සාමාන්‍යයෙන් කරන දෙයකි”
පර්සිගේ දෑසේ
මේ ක්‍රියාව ගැන ප්‍රශ්නාර්ථයක් විය
‘හරි, ඔයා කියන දෙයක් තමයි
ඇත්තම කියනවා නම්
මම නම් ඊට වඩා කැමතියි සිප ගැනීමට’
එසේ කියා ඌ
මා අසල හරි බරි ගැසී
තම කැරළි ලොම් සහිත හිස නවා
මලක් සේ සුන්දරව නිදන්නට විය
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Percy 2002-2009' by Mary Oliver
Digital art
පරිවර්තනය අපුරුයි.
ReplyDeleteThank you Oasis!
Deleteපර්සි ඊස් බැක් යේ... 😍
ReplyDelete"තම කැරළි ලොම් සහිත හිස නවා ..මලක් සේ සුන්දරව" such a beautiful expression.
Lotus - පර්සි තව කීප වතාවක් පෙනී ඉන්න නියමිතයි. චිත්‍ර අඳින එක්කෙනා බල්ලන්ගේ චිත්‍ර ඇඳීමේ පොඩි පමාවක් තියෙනවා. 😄
Delete//And next to me,
tucked down his curly head
and, sweet as a flower, slept//
මේක තමයි ඒ කොටස. කොයිතරම් කල්පනා කළත් tuck කියන එකට ගැලෙපන වචනයක් හිතාගන්න බැරිවුණා. මම දාපු එක ළඟින් යනවා කියලා හිතනවා
7 years with Percy.....................මොනතරම් සුන්දර වෙන්ට ඇත්ද
ReplyDelete//එසේ කියා ඌ
ReplyDeleteමා අසල හරි බරි ගැසී
තම කැරළි ලොම් සහිත හිස නවා
මලක් සේ සුන්දරව නිදන්නට විය//
එහෙම කරල එයා හොඳ සුසුමක් හෙලන්ටත් ඇති