January 05, 2021

නිදි නොනිඳි අතර ඉඩ




“You know that place between sleep and awake, that place where you still remember dreaming? That's where I'll always love you. That's where I'll be waiting.” J M Barrie


විදා සෙනෙහේ දෑස
නතරවී අළු පැහැති අඳුර මැද
ගත වීද කොයිතරම් කාලයක්?
කෙඩෙත්තු ද? හෙම්බත් ද?

ඔය පාලු ඉඩකඩේ සීතලද?

අතින් අත අල්ලාන
ඇවිද ආ හෙල් නිම්න දෙස බලා
අත අතැර වැටි වැටී
ලේ ගැලුව ගොහොරු බිම් අමතකව
නුඹ තවම ඔතැනමයි!

නුඹට, මට
වෙන වෙනම උසුලාන යා යුතුම
බොහෝ බර කුරුස ඇත
තව දුරයි
ජීවිතේ ගිරි දුර්ග

රැයේ ගනඳුර ගෙවී
වෙලෙද්දී තව දිනක ලා එළිය
ඉතින් නුඹ වියැකෙන්න

නිදි නොනිඳි අතර ඉඩ
හෙමි හෙමින්
හැරයන්න!  

Digital painting using oil brush tool 

4 comments:

  1. Can you post the original poem here too? :)

    ReplyDelete
    Replies
    1. Ravi, this IS the original. I wrote it! Now that I am into translating full time, my poems are often mistaken for translations! :D

      Delete
    2. Blistering barnacles & Thundering typhoons, Is that so? Then I am really sorry for underestimating your ability..Please forgive me Madam..:)

      Delete