August 13, 2016

කවිය, නුඹ

































අළු පාට තෙතබරිත උදා වල
ඒවිදෝ හිරු එළිය අරන් අද?’
මඟ බලන් හිඳිද්දී
පොත් පිටක කෙළවරක
කුරුටු අකුරෙන් හෙමින්
ලියවෙනා නිමක් නැති
කවියනුඹ

කඳු අතර මීදුමක් ඇදී දුර
තුරු වදුළු හීනයක ගිලෙන විට
හිස තියන් හිඳිද්දී
වැසි ඇඳෙන කවුළුවට 
හිතේ හෙමිහිට එතී
ලියවෙනා නිමක් නැති
කවියනුඹ

කතා දහසක් සෙමෙන් කී දිනක
ලංවුණත් අත අතැර යන මොහොත
දුර ඉඳන් හිනැහෙද්දී 
'හද ආපසු නොදී
හදවතේ බිතු පුරා
ලියවෙනා නිමක් නැති 
කවියනුඹ


photo- Hobart, Tasmania






No comments:

Post a Comment