අපි ඉන්න පලාතට සීතල කාලයක් තිබුණාට හිම
වැටෙන්නේ නම් නැහැ. ඒත් ඉතින් සීතලයි, චුරු චුරු වැස්සයි මාස දෙක තුනක්
තියෙනවා. ඒ කාලෙට ඉරත් බොහොම කම්මැලියි. පරක්කු වෙලා නැඟිටලා, නමට විතරක්
පෙනී ඉඳලා ඉක්මනටම යන්න යනවා. මේ කාලේ අඳුරු ගතිය වැඩි කරන තවත් දේවල් තමයි
වැඩියත්ම ගස් වල කොළ හැලිලා ගිහින් තියෙන එකයි ආසාවකට වත් මලක් දකින්න
නැති එකයි. ඉතින් මෙහෙම ගතවෙන කාලෙක මම ම හිටවපු පැළයක කුළුඳුලේ මල්
රොත්තක් පිපිලා තියෙන ප්‍රීතිය නිමිත්තෙන් තමයි මේ සටහන ලියන්නේ.
මට මේ පැළය විශේෂ මේක වීසි කරලා දාලා
තිබුණු තැනකින් අරගෙන ඇවිත් පැළ කළ නිසා. එතකොට නම් වේලිලා, දුඹුරු පාට වෙලා මරණාසන්නවයි හිටියේ. ඒ ගෙනෙද්දී මේකේ නමක් ගමක් වත්
දැනගෙන හිටියේ නැහැ. නිකමට
වගේ ගෙදර ගෙනැත් මල් පෝච්චියක හිටවලා, වතුර ටිකකුයි ආදරේයි දුන්නාම හරි
ඉක්මනට පණ ආවා. එහෙම පණ ඇවිත් මාස හයක් වත් යන්න කලින් තමයි මට මේ මල් ටික
තෑගි ලැබුණේ. ඉතින් ඒ නිසා ටිකක් වැඩිපුර විශේෂයි. අනිත් ගහකොළ වල මල්
නොපිපෙන කාලයක මල් පිපෙන්න තෝරාගෙන තියෙන නිසා Zygocactus කියන්නේ අපෙන් වැඩියෙන් අවධානයක් හොරාගන්න පැළයක් කියලාත් දැන් තමයි තේරෙන්නේ.
මමත් ඔය පැලයට වරින් වර ටික ටික සාත්තු කළා. මල් පිපෙන තුරු නොඉවසිල්ලෙන් සිටියේ. යන්තම් මල් පොහොට්ටු එනවා සති දෙකකට විතර උඩදී දැක්කා. මල් වල නියම හැඩය දැක්කේ මේ photo එකෙන්. මම ගෙනාපු ඔය පැලයේම අනික් කොටසේ තවම මල් පිපිලා නැහැ.
ReplyDelete