August 30, 2016

රහස්



































here's a truth not many know,
About the world while you're asleep:
That the wind slips through your window,
To steal the secrets that you keep,
And if you don't believe me,
Then you're welcome to your doubt,

But have you never stopped to wonder,
What it's whispering about?
What else in the world,
Could make the treetops bend and sway,
But the weight of all the words,
That no one ever dared to say?

And since its while you're sleeping,
Secrets are easiest to take,
It's no surprise those with the deepest,
Are the ones kept wide awake.

-Erin Hanson

දිනමිණ, වසත් සුළඟ 30. 08. 2016





August 18, 2016

සිනාසෙන පාඩම















කටුක කටු අතු කෙළවර
පිපුණු කහ මල් රැස වෙත-
සිනාසෙන හැටි මුල සිට
කියාදෙන පාඩම නුඹ!

yellow gorse flower
source- Flowers of Marlin




August 16, 2016

නිශ්ශබ්ද ලෝකය


In an effort to get people to look
into each other’s eyes more,
and also to appease the mutes,
the government has decided
to allot each person exactly one hundred
and sixty-seven words, per day.

When the phone rings, I put it to my ear
without saying hello. In the restaurant
I point at chicken noodle soup.
I am adjusting well to the new way.

Late at night, I call my long distance lover,
proudly say I only used fifty-nine today.
I saved the rest for you.
When she doesn’t respond,
I know she’s used up all her words,
so I slowly whisper I love you
thirty-two and a third times.
After that, we just sit on the line
and listen to each other breathe.

-Jeffery McDaniel
දිනමිණ වසත් සුළඟ- 16/08/2016 

August 13, 2016

කවිය, නුඹ

































අළු පාට තෙතබරිත උදා වල
ඒවිදෝ හිරු එළිය අරන් අද?’
මඟ බලන් හිඳිද්දී
පොත් පිටක කෙළවරක
කුරුටු අකුරෙන් හෙමින්
ලියවෙනා නිමක් නැති
කවියනුඹ

කඳු අතර මීදුමක් ඇදී දුර
තුරු වදුළු හීනයක ගිලෙන විට
හිස තියන් හිඳිද්දී
වැසි ඇඳෙන කවුළුවට 
හිතේ හෙමිහිට එතී
ලියවෙනා නිමක් නැති
කවියනුඹ

කතා දහසක් සෙමෙන් කී දිනක
ලංවුණත් අත අතැර යන මොහොත
දුර ඉඳන් හිනැහෙද්දී 
'හද ආපසු නොදී
හදවතේ බිතු පුරා
ලියවෙනා නිමක් නැති 
කවියනුඹ


photo- Hobart, Tasmania






August 11, 2016

පුරුදු නිවහන



































This morning the sunlight
was a slow crawl and a soft smile
through my window and
I thought of you
I thought of gentle hands and
a tiny frame and
how your hugs always felt like home

this afternoon the birds
were a sweet song against the silence and
I thought of you
I thought of
your canary lungs and
the sound of my name
when you spoke and
how your voice always felt like home

tonight the moon will come through
in heather hues and midnight blues
and I will think of you
I will think about
where I will travel and
what I will see and
how in everything beautiful
I will find you and
I will know that you are with me
and I will be at home

-Tyler Kent White




August 08, 2016

Seasons






















හිස් ම අතු අග ඉපදුන
සිඟිති පත් අහුරක් ලෙස
මුදු ව සිත් අග තැවරෙන
සිනහ මතකෙකි නුඹ මට

සිසිරයේ මැද දවසක
අහඹු හිරු ඉරි දිලිසෙන
එක් වලාකුළු රළකට
යා හැකිද කෙතරම් දුර?

sunny winter day- Melbourne




August 03, 2016

ඉබ්බි

​​​​
ඉබ්බි ගැන මතකය හදිසියේම මගේ හිතට කඩාවැදුණේ පලා මිටියක්  සුද්ද කරද්දී කියා කීම එතරම්ම සම්භාව්‍ය නැත. එහෙත් ඉබ්බි එකල නම් කිසිම සම්භාව්‍ය දෙයක් නොකළ  බැවින් සත්‍යයම කීම වඩාත් සුදුසු වේ. ඉබ්බි ට උප්පැන්නයෙන් ලැබුණු බර සාර නමක් තිබිණි. දොඩම් ගෙඩි දෙකක් තරම් උස නැති ඈට එය නොගැලපුණු නිසාදෝ කෙසේ හෝ ඈට ඉබ්බී  නම ලියාපදිංචි විය. එය කෙසේ කවදාක වූවා දැයි මට මතක නැත. එහෙත් ඈ ව ඉබ්බි හැර වෙනත් නමකින් නොදන්නා අය එමට සිටි බව නම් මම දනිමි.

ඉබ්බි ඉතා කඩිසරය. කාර්යශුරය. උදෑසන ඇඳෙන් බැස ඊළඟ තප්පරයේදී ඈ පොල් බෑයක් ගා හමාර ය. ඊටත් විනාඩි පහකට පසු බෝඩිමේ මුල්ලක ඈ යළිත් තද නින්දේ සිටිනු හැකි වීම වෙනමම කතාවකි. ඉබ්බි රෑ ඇඳුම් ලෙස ඇන්දේ ඇගේ අක්කා ගේ ගවුම් ය. අක්කා අඩි හයක් තරම් උස වීමත්, ඉබ්බි අඩි හතරහමාරක් තරම් වීමත් නිසා ඒ දසුන ගැන වැඩි  විස්තර අනවශ්‍ය ය. බිම ගෑවෙන දිග ගවුම සරමක් සේ වලාපට ගසාගන්නා ඉබ්බි බෝඩිමේ උදෑසන ඉවුම් සටන මොහොතකින් සිනා සාගරයක් බවට පත් කරන්නී ය. එකල රූපවාහිනියේ විකාශය වූ ඉවුම් වැඩසටහනක් මෙහෙයවූයේ සිංහල නුහුරු කාන්තාවකි. ඇගේ උච්චාරණය අනුකරණය කරන ඉබ්බි. "මින්න මී ආකාර්යට, ඔබ්බ කොට්ටු හැඩ්ඩයට කප්පාගත් ළුෑණු සුවල්පයා ... " යනුවෙන් රඟ දක්වමින් හොද්දක් උයන්නීය. එය දැක අවශේෂ බෝඩිම් සගයෝ ඉවීම ද පසෙක ලා තැන තැන වැටි වැටී සිනාසෙමින් සිටීම ඇයට අදාළ වූයේ නැත.


දිනක් අපට බෝඩිම් ඇන්ටිගෙන් කතුරුමුරුංගා කොළ මිටියක් ලැබිණි. මැල්ලුම් සැදීමට පෙර මෙය පිරිසිදු කර කොළ සූරා ගැනීම ඉබ්බිත් මාත් බාර ගත්තෙමු. අපි බෝඩිමේ පඩිය උඩ හිඳ පච හලමින්,  මේ ව්‍යාපෘතිය ඇරඹුවෙමු.

"ඒයි, මේකේ අරගොල්ලෝ ඉන්නවද දන්නේ නෑ නේද?" ඉබ්බි හදිසියේ කතුරුමුරුංගා ඉත්තක් පෙන්නා මට කීය.

"මොක්කුද අනේ අරගොල්ලෝ මේගොල්ලෝ කියන්නේ?" සාමාන්‍යයෙන් සිහි කල්පනාව අඩු මම ඇගෙන් ඇසුවෙමි

"අර අරගොල්ලෝ.. අර නම කියන්න හොඳ නැති කට්ටිය!" ඈ තවත් ඉත්තක් ගෙන සුපරික්ෂාකාරිව බලමින් කීවාය.

ඒ වෙද්දී මගේ කුතුහලය බලවත් ලෙස ඇවිස්සී තිබිණි. පලා අහුලද්දී නම නොකිය යුතු 'කට්ටියක්' සිටින බව මම දැන සිටියේ නැත

"ඔයා කියන්නේ.. පනුවෝද?" මම ඇගෙන් රහසින් ඇසුවෙමි.

"චඃ ඔයා කෑවනේ වැඩේ.. ඒගොල්ලන්ගේ නම කිව්වම ලු ඒගොල්ලෝ පලා මිටියේ ඉන්නේ!" ඈ මුහුණ බෙරි කරගත්තා ය.

එතෙක් පලා මිටියක නොසිටි පණුවෙක් නම කී සැණින් මැවෙන්නේ කෙලෙසද යන තර්කමය ගැටලුව ඈ වෙත ඉදිරිපත් නොකර මා සිනාව තද කරගත්තේ ඉබ්බි එසේ  කීවේ විහිලුවට නොවන බව වැටහුණු බැවිනි. ඉතින් ඈ ඉබ්බී ය. ඈට තර්ක ශාස්ත්‍රය වත් ඈ තර්ක ශාස්ත්‍රයට වත් අනුගත වූයේ නැත.


ඉබ්බි සරසවි යද්දීම රැකියාවක නියැලුණා ය. එබැවින් අන් අයට මෙන් නොව, රැකියාවකට ඔබින අත් බෑගයක් ඈ සතු විය. 

"මේ කෙහෙල්මල වහන්න බැහැනේ අප්පා.. අපරාදේ තව එකක් ගන්න වෙයිද මන්දා!" ඈ නිතර මේ අත්බෑගය ගැන නෝක්කාඩු කීවාය.

"කෝ දෙන්න බලන්න ලොක් එක හදන්න පුලුවන්ද කියලා" බෝඩිමේ කුඩා අලුත්වැඩියා කටයුතු භාරව උන් තනුජා ඉබ්බිට දිනක් පැවසුවේ මේ කන්කරච්චලය අසා ඉන්න බැරිම තැන විය යුතුය.

ඉනික්බිති ඉබ්බී ඇද වී අංග විකල වී තිබුණු අත්බෑගය පාඩම් මේසය වෙත ගෙන ආවාය. අත තැබූ සැණින් විවර වූ එයින් ඉවතට පැන්නේ බෑගය මිළ දී ගත් දින සිට ඉබ්බි ගමන් කළ හැම බසයෙන්ම, දුම්රියෙන්ම ලද ටිකට් පත් ය. ඈ මිලදී ගත සෑම භාණ්ඩයකටම ලද රිසිට්පත් ය. මීට අමතරව විශේෂ කාර්යයක් නොපවරුණු කොළ කැබලි, පත්තර කැබලි සමූහයක් ද එහි විය.

"මොනවද බං මේ කුණු ගොඩවල්? මොකටද මේවා තියාගෙන ඉන්නේ?" තනුජා විමසුවේ කොළ කැබලි කන්දට යට වූ ඇගේ සටහන් පොත බේරාගනිමිනි

"ඕවා තියන් ඉන්නේ එක එක දේවල් මතක් වෙන්න!' ඉබ්බි ගාණක් නැතිවම කීවාය. "ඔන්න බලන්න මේක- සඳමාලි ටුවර්ස්, 138 විජේරාම-නුගේගොඩ, මෙදා නේ අපි අර ඇක්සිඩන්ට් එකක් දැක්කේ, අර අපි අයිස්ක්‍රීම් කකා බලන් හිටියේ නුගේගොඩ හන්දියේ!.. එතකොට මේක.. ම්ම්ම් .. කොටුව-කැලණිය, සීටීබී බස් එකක් .. කෝ බලන්න මතක් කරන්න.."

"අනේ තියාගනින් උඹේ බස් ටිකට් සැමරුම්!" තනුජා ඉවසුම් නොමැතිව කෑ ගැසුවාය. "මං කියන්නම් වැඩක්- උඹ කොට්ටේ උරේ අයින් කරගෙන ඒකේ දාගෙන පලයන් මතක සටහන් ටික.. මේ කුණු ටික අයින් කලහම යසට වැහෙනවා හෑන්ඩ් බෑග් එක!"

"එහෙම කියලා කොහොමද..?" ඉබ්බි නෝක්කාඩුවෙන්ම යළිත් කොළ කැබලි රැස බෑගයට දමාගන්නට විය. "මේවා කවදාහරි..."

"මේ... දන්නේ නැති නිසයි අහන්නේ.. " මෙම කතාවට පැත්තක සිට  අසංගි හොට දැම්මා ය. "ඉබ්බි ට කොහොමද ඔය මතකේ බින්දුවක් වත් නැත්තේ විභාගවලට?"

"ෂික්! පාප මිත්‍රයෝ!" මහා හඬින් සිනාසෙමින් උන් අපට බණිමින් ඉබ්බි එතැනින් යන්න ගියේ  ඇද වුණු අත්බෑගය ට නැවතත් හැකි තරම් කොළ කැබලි ඔබා ගනිමිනි.


ඒ බෝඩිමේදී අපි ඉඳහිට ඇඳුමක් දෙකක් හුවමාරු කරගෙන ඇන්දෙමු. හදිසියකට සුදු ඇඳුමක්, කළු සායක් හුවමාරු කරගැනීමේ මේ කාර්යය කොමඩියක් බවට පත්වූයේ ඒ සමීකරණයට ඉබ්බි එකතු වූ විට ය. බෝඩිමේ උසම සාමාජිකාවගේ බ්ලවුසයක් ඉබ්බිට ගවුමක් තරම් විය. 'අද රෑට ඉක්මනට නිදාගෙන හෙට පාන්දරින් නැගිටිනවා පාඩම් කරන්න!' වැනි උදාර චේතනාවෙන් ඇඳට යන අප බොහෝ දිනවල රෑ දෙගොඩහරි ජාමය තෙක්ම කඳුළු එනතෙක් හිනැහෙමින් උන්නේ ඉබ්බිගේ 'මොඩ්ලින්ග්' නිසයි. එවැනි බ්ලවුසයක් පැළඳගන්නා ඉබ්බි, බෝඩිමේ ඇඳන් අතර පටු තීරය තම කැට් වෝක් එක බවට පත් කරගෙන අඟර දඟර ගමනක් යන්නී ය. වෘත්තිමය නිරූපිකාවක් මෙන් කාමරයේ කෙළවර දක්වා මෙසේ ඇවිද ගොස් හිස ගස්සා අප දෙස රවා බලන්නීය.

පසුදාට බෝඩිමේ ගේට්ටුවෙන් පිටවෙද්දී "ඊයේ මහා රෑ වෙනකම් මොකද මේ පැත්තෙන් හිනා සද්දේ ඇහුනේ?" යැයි අසා  ඕපදූපයක් අහුලාගැනීමට බෝඩිමේ ඇන්ටි මාන බලන්නේ මෙවැනි අවස්ථාවල ය. එවැනි දිනවල ඒ ජවනිකාව වදනින් විස්තර කරගනු නොහැකිව, උනුන් දෙස  බලා සිනහා සිර කරගෙන. ඈට පිළිතුරු නොදී ම අපි බේරී දිව යන්නෙමු


වසර බර ගණනකට පසු පලා කොළ අහුලද්දී මට මේසේ ඉබ්බි ගැන මතක රැසක් පෙළගැසුනි. දැන් ඉබ්බී තිදරු මවකි. ආණ්ඩුවේ ඉහළ නිලයක් දරන්නියකි. එහෙත් තවමත් සාරිය දෙකට නවා අඳින තරමට සිඟිති පෙනුමෙන් යුක්තය. ඇගේ හැසිරීමේත් මහා වෙනසක් සිදු වී නැති බව මට වැටහුණේ මෑතකදී ඈ හා කළ කතා බහකදී ය.

"කිසි ජොලියක් නැහැ බං දැන් කාලේ ළමයි!" ඈ සත් වියැති ඇගේ වැඩිමහල් පුතු ගැන පැවසුවාය.  

" ළඟදී දවසක අපි සෙල්ලම් කර කර ඉන්දැද්දී කොලුවා ඇහුවා නේ 'අම්මේ දැන් උයන්න තියෙනවා නේද.. සෙල්ලම් කළා ඇති නේද?' කියලා! 'අම්මටත් ඉතින් සෙල්ලම් කරන්න ගියහම මෙලෝ සිහියක් නැහැ නේද?' ඇහුවා. මහා සවුත්තුව!"

ඉතින් කාලය ගත වූවත් ඉබ්බී තවමත් ඉබ්බීම ය. 



August 02, 2016

මීදුම


































Fog
See how it comforts the sad things,
strokes old posts that lean against the years
clothes dead trees with a memory of leaves
and gently hides bare earth.
And it softens the sharp things,
blunts barbs, scarfs, prying eyes
muffles too-loud sounds.
Then in a wink it’s gone –
and the day shines bright and calm and clear.

-Anne Bell

දිනමිණ, වසත් සුළඟ අතිරේකය. 02.08.2016