March 31, 2016

අත්හරින දා

"අත්හරින දා ආ විට"
මිමිණුවා තුඟු ගිරි හිස,
"මා සදා මෙහි ඉන්නම්
වැස්සක්ව නුඹ යනු මැන"

















pic- Murray Mitchell





March 29, 2016

නුඹ සමඟ













































වසත් සුළඟ- දිනමිණ 29/03/2016


With you | David Scott

With you
everything matters
except that
that doesn't matter

To you
I leave-
my entire collection
of nice thoughts

For you
rain falls
through Sunday mornings
on wintry green haze

About you
gentle flowers
ascend their essence
in my mind's fields

In you
life grows-
on your mind's frame
in quiet thread







March 27, 2016

out of reach




























come as a dream
in the wispy mists of night
a touch on a cheek ,
gossamer wings in flight...




March 22, 2016

තරණය කිරීම්: මතකයක සිතියමක්


Crossings: A Memory Map | Vivimarie Vanderpooten

In a few weeks
you will
cross several oceans
and two continents
in search of new beginnings
and fulfilment of old needs

my mind hovers around
the days we sailed paper boats
on rivers made by
monsoon rain on a coconut estate
streams afloat
with pol mal and tamarind shells
and halts near the talk
of leaving
the concept of home
and crossing oceans

With you i have confronted
the intricate twists of
growing up
negotiated the algorithms
of loving and losing
divided grief
into manageable chunks
With you i have constructed a history

So geography shall remain
only a syllable
as you leave
a small twig in the river
that flows inexorably
to the sea

March 17, 2016

Tiny Stories | Nikita Gill


කියා නැත කිසිවෙකු
පුංචි කෙල්ලන් හට
දුම් ගඳැති
වැහි රසැති
රිදී වදනැති
සොඳුරු ඇස් ඇති කොල්ලන්
සිටින බව
කඳුළු වැකි කොට්ට
අඩක් නිම කළ පෙම් කවි
නිමක් නැති දුක් හීන
පිටුපස

..........................

No one warns little girls
how boys with such pretty eyes
who smell like smoke,
who taste like rain,
who talk like silver,
are reasons behind
tear soaked pillows,
half finished poems
and so many sad dreams.

- Nikita Gill




March 11, 2016

අහසක්!


සුසුමක් වෙන්න බැරි නම්
රිදෙන හිත සිඹ සනසන
අහසක් වෙවී ඉන්නම්
නුඹ යනෙන මඟ හැම තැන

රෑ වෙන්න හිත නැතිවම
තව බිඳක් තාවර වෙන
නිල් පෑ අහස මම මයි
ගිම්හානයේ කෙළවර

වැහි ලිහිණි කැළ පියඹන
දම් පෑ වළා පසුතල
මමයි ඒ මුදු සිතුවම
නුඹ නෙත බිඳක් නවතන

ඉතින් නුඹ හඳුනනු ඇත
නෙක පැහැ මගේ සෙනෙහස
සුසුමක් වෙන්න බැරි දින
අහසක් ව නවතිමි මම

Photo- a sunrise in Marshall Islands captured by Dr. Shyam Mahakalanda,

March 08, 2016

මිමී

Mimi& I- March 1985, Seychelles


මේ පින්තූරේ මගේ අතට ආවේ අහම්බෙන්. අවුරුදු තිහකට විතර පස්සේ.

අපිට ඉස්සර බළල් රංචුවක් උරුම වෙලා තිබුණා. අපේ ඕනෑවටම නෙමෙයි. නැත්තෙමත් නෙමෙයි. ඒ දවස්වල සේෂෙල්ස් වල අපි උන්නු ගෙදර වටපිට උන්නු බළල්ලු ඉබේම වගේ අපේ ගෙදරට රොක් වුණා. එහෙම වුනේ පොඩි අක්කාත් මාත් උන්ට ආදරේ පෙන්නුව නිසා වෙන්නත් පුළුවන්. අපි උන්ට එක එක විකාර නම් දැම්මා. උපන්දින උත්සව තිබ්බා. නිදාගන්න ගෙවල් හදලා දුන්නා. සෙල්ලම් ගෙවල් වලට හවුල් කරගත්තා. කිරි වල පොඟවලා බිස්කට් කන්න දුන්නා. ඉතින් උන් පවුල් පිටින් අපේ ගෙදර නැවතුනා.

මේ පින්තූරේ ඉන්න මිමී මට හොඳට මතකයි. බළල්ලු රංචුවෙන් නපුරුම නිසා.හැමදාම රණ්ඩු වලට ගිහින් තුවාල කරගෙන ආව නිසා. බූසි ම වලිගය තිබුණේ ඌට නිසා. ඌ කාවවත් මායිම් නොකළ නිසා. මට මේ ගවුමත් හොඳට මතකයි. ඒක ඒ අවුරුද්දේ උපන්දිනේට අම්මා මහලා දුන්න නිසා. මහලා දුන්නේ ටිකක් ලොකුවට නිසා. ඒකෙ පුංචි කොටු වල තිබුණු සමහර පින්තූර උඩු යටිකුරු ව තිබුණු එකට මම ටිකක් අකමැතිව උන්නු නිසා. ඒත් මේ පින්තූරේ ගත්තේ ඇයි කියලා මට මතක නැහැ. තාත්තා අහම්බෙන් ගත්තු පින්තූරයක් වෙන්න ඇති. මිමී ගේ අයිතිය තිබුණේ නම් පොඩි අක්කාට. ඌට ප්‍රංශ ආරට නමක් දැම්මෙ එයා ඒ දවස්වල ඉස්කෝලේ ප්‍රංශ ඉගෙනගන්න පටන්ගෙන තිබුණු නිසා වෙන්න ඇති. ඒත් කේන්ති ගිය වෙලාවක එයාගේ තොල පැලිලා ලේ එන්න මූණ හීරුවෙත් එයාගේ ආදර මිමී ම තමයි. ඒ වගේ පුංචි දේවල් මතකයි. ඒත් මිමී ඇතුළු බළල් පවුල දාලා අපි ලංකාවට එද්දී දුක හිතුනාද, ඇඬුවාද කියලා නම් මට මතක නැහැ. අඬන්න ඇති බොහෝ විට. අඩුම ගානේ බාලයා වුණු මමවත්. සමහරවිට ඒ බව මතක නැත්තේ අවුරුදු තිහක් විතර යද්දී දුක හිතෙන ලොකු දේවල් අමතක වෙලා ලස්සන පුංචි දේවල් විතරක් මතක හිටින නිසා වෙන්න ඇති.