May 12, 2022

හිතේ හැංඟි හැංඟී ඔබ තවම ඉන්නවා

අලුතින් බිහිවෙන සින්දු පරණ සින්දු තරම් හිතට නොවදින එක පොඩි nostalgic bias එකක්ද කියලා මට හිතිලා තියෙනවා. ප්‍රවීණයන්ගේ අලුත් සින්දුත් බොහෝවිට ඒ ගොඩට වැටෙනවා.

ප්‍රියතම ගායකයෙක්/ගායිකාවක් නැති කෙනෙක් මම. මම කැමති සමහරුන්ගේ සමහර සින්දු වලට විතරයි. ඒත් timeless කියන කැටගරියට අමරදේවගේ මාස්ටර්ගේ කටහඬ ට අමතරව වික්ටර් රත්නායකගේ කටහඬත් වැටෙන බවට විවාදයක් නැහැ.

මේක වික්ටර් මෑත කාලේදී ගායනා කළ සින්දුවක්. අලුත් සින්දු වලට අකමැති මට මේකට ආසා හිතුණා.

"හිතේ හැංඟි හැංඟී ඔබ තවම ඉන්නවා!"

Artist : Dr. Victor Rathnayake 
Lyrics : Tharinda Gunawardena 
Music : Darshana Wickramatunga


10 comments:

  1. සබඳේ පැතුවා සේ....හමුවේදෝ ආයේ...
    කුණාටුවක හසුවී මගේ සිත
    ඇඳී තිබේ නොමැකීම
    ඇගේ රුව අහා.....New and One of my favorites

    ReplyDelete
    Replies
    1. මමත් ආසම එකක්. The Voice එකෙන් ඉස්සෙල්ලම අහලා තමයි ඔරිජිනල් එක ඇහුවෙ

      Delete
  2. මේ සිංදුවෙ පොඩි සමානකමක් තියෙනවා නේද 'සසර සැරි සරන තුරු ඔබ මගේ.. ඔබ මගේ' සිංදුවට.. මෙලඩි එක ඒ කිට්ටුවෙන් වගේ නෙවෙයිද.

    මලී කියලා තියෙන දේ නොවුනත්, මට වෙන දෙයක් තමයි cover song එකකට හොදටම ආසා වෙලා ඔරිජිනල් එකට ආසා නැති වීම. එහෙම වෙච්ච එකක් තමයි 'අද හොඳම දවස- ඔබ එනවා නම්' කියන සිංදුව කෝකිල පවන් ජයසූරිය කියනවා අහලා වශී වීම (කෝකිල පවන් කවුද කියලා දැනගත්තෙත් ලඟදි). ඔරිජිනල් එක එඩ්වඩ් ජයකොඩි. නමුත් මම ආස කෝකිල පවන් කියනකොට අහන්න විතරයි. (No disrespect at all to එඩ්වඩ් ජයකොඩි).

    ReplyDelete
    Replies
    1. අය්යෝ කියන්න අමතක වුනා. (එක දිගට කමෙන්ට් දාන එකට සමාවෙන්න). මට නම් timeless තව කෙනෙක් ක්ලැරන්ස් විජේවර්ධන.

      Delete
    2. වික්ටර් ගේ හඬ නිසා වෙන්න ඇති නේද ඒ සමානකම දැනෙන්නේ? මගේ නොවෙනස් favourite ගොඩේ තියෙනවා 'සසර සැරි සරන තුරු' සින්දුවත්. ඒත් මේ සින්දුවේ අදහස නම් ඒකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් නේ? අන්තිම කොටසින් මුළු තේරුමම වෙන මානයකට යනවා.

      ඔව් ක්ලැරන්ස් ගේ හඬත් හැමදාම නොවෙනස්ව දැනුණා තමයි. මට ක්ලැරන්ස් එක්ක තියෙන එකම අවුල එයාගේ සිංදුවල මෙලඩි අඩු වැඩි වශයෙන් සමාන වීම. "දිනෙක මේ නදී තීරේ' වගේ විරහ ගීත උනත් කියන්නේ හරි ජොලියෙන් upbeat විදිහට. ඒ කෝන්තරය හිතේ තියෙනවා හැමදාම :)

      (කමෙන්ට් දාන්න අනේ ඕන තරම්, කොයිතරම් දෙයක්ද කමෙන්ට් එකක් කොටන්න කාලේ වැය කරන එකත්!

      Delete
  3. කුමුදු ගේත් Lotus ගේත් (කුමුදු, Lotus, හෙල්මලී - ඔක්කොම වතුරේ! :D) ඔත්තු ඔස්සේ ගිහින් කාංචනා අනුරාධි ගේ සින්දුවයි කෝකිලගේ සින්දුවයි දෙකම ඇහුවා. ඒ දෙන්නාගේම සින්දු මම එහෙන් මෙහෙන් අහලා තිබුණට හරි අවධානයෙන් ඇහුවේ අද තමයි. දෙකම ලස්සනයි. Lotus කීවා හරි, කෝකිල ගේ 'අද හොඳම දවස' සින්දුවේ cover එක මොකක් හරි හේතුවකට වැඩියෙන් ආකර්ෂනීයයි. (එඩ්වඩ් මහත්මයාට මිනිස්සු මෙහෙම හිතන බව ආරංචි නොවේවා!)
    කවි කතන්දර විතරක්ම නොදා ඉඳහිට මෙහෙම සින්දු පෝස්ට් එකක් දැම්මාම බලන්නකෝ අලුත් සින්දු හොයාගන්න ලැබෙන අපූරුව

    ReplyDelete
    Replies
    1. "කුමුදු, Lotus, හෙල්මලී - ඔක්කොම වතුරේ!" : Synchronicity!!!

      සිංදුව දැන් තමයි ඔක්කොම ඇහුවෙ, මලී. කලින් සැරේ බාගයක් අහලා 'සසර සැරි සරන තුරු ඔබ මගේ' මතක්වෙලා, ඒක අහන්න ගිහිල්ල සයිඩ් ට්‍රැක් වුනා. ඊට පස්සෙ උදුරාවී සිංදුවෙ lyrics බලන්න ගිහිල්ලා මම මෙච්චර කල් උදුරාවී කියලා හිතුවෙ ගෑනු ලමෙක්ගෙ නමක්නෙ ඇත්තටම මෙතන උදුරාවී කියන්නෙ උදුරා ගනීවි කියන තේරුමද කියලා හිතන්න ගත්තා. මේ සිංදුව ලස්සනයි තමයි මලී කිව්වා වගේ.

      මටනම් 'දිනෙක මේ නදී තීරේ' ෆීලින්ග් එක upbeatම තමයි. 'ඔබට මා එපා වී යන නමුදු වෙන්වෙලා-නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා' - attitude එකට මම කැමතියි. වෙන්වීමේ initial bitterness එක අඩු වුනාට පස්සෙ හැමෝම ජොලියෙන් ඉන්න එකයි හොඳ.

      (ඕනෙ තරම් කමෙන්ට්ස් දාන්න කිව්වට ස්තුතියි. එක දිගට කවුරුහරි කතා කරද්දි අනිත් අයට කතා කරන්න හිතෙන්නෙ නෑ වගේ එකක් වෙන්න පුලුවන්නෙ. ඒකයි මම එහෙම කිව්වෙ.)

      Delete
    2. "උදුරාවී" :D

      මේ කතාබහ නිසා තව සින්දු පෝස්ට් එකක් දාන්න හිතුණා. එච්චර රසවත්.

      අපිම කමෙන්ට් කරගමුඉතුරු කමෙන්ටර්ස් ලා සෙට් එක හැලිලා ගිහින් වගේ. බස්සා ලා ලොකු මල්ලිලා missing

      Delete
  4. වලාකුළු පෙලින් බසින්න
    ඇවිත් මල් ගැබේ නිදන්න
    චන්ද්‍ර කුමරියේ කාටද
    නුඹගෙ ආදරේ............මේකත් මම ආසම අලුත් සිංදුවක් W.D.Ariyasinghe, Rashmi Sangeetha

    ReplyDelete
    Replies
    1. මමත් ආසයි. අලුත් නැහැ ටිකක් පරණයි නේ?

      Delete