පොඩි කාලෙ මම ටින් ටින් පොත් series එක කියෙව්වෙ පුදුම ආසාවකින්. ඒවායේ හාස්‍ය වගේම ළමයි ආස ත්‍රාසජනකබව හොඳ පදමට තිබුණා. ටින් ටින් කියන තරුණ පුවත් පත් වාර්තාකරුවා එයාගෙ බල්ලා ස්නෝවි සහ මිතුරා කැප්ටන් හැඩොක් එක්ක එක එක විදිහෙ වීර වික්‍රම කරපු හැටි, කරදර වල පැටලුණු හැටි ඒ කාලෙ අපි කියෙව්වෙ හුස්ම අල්ලාගෙන. තොම්සන්, තොම්ප්සන් රහස් පරීක්ෂක ඩබල, සිහි කල්පනාව අඩු ප්‍රොෆෙසර් කැල්කියුලස් වගේම උච්ච ස්වරයෙන් සින්දු කියන බියංකා කැස්ටර්ෆියුරේ එහෙම මේ කතාවලට තවත් පාට එකතු කළා.
ටින් ටින් පොත් series එක නිර්මාණය කළේ බෙල්ජියන් ජාතික කාටුන් ශිල්පියෙක් වන Hergé හෙවත් Georges Remi. 1929 දී මුලින්ම එළි දැක්වුණු මේ පොත් මේ වෙද්දි භාෂා 70ට වඩා පරිවර්තනය වෙලා පිටපත් මිලියන 200ට වඩා විකිණිලා තියෙනවා.
සංචාරයක් අතරතුරේදී මට අවස්ථාවක් ලැබුණා බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ටින් ටින් වෙනුවෙන් වෙන්වුණු licensed shop එකකට යන්න. මේක කඩයක් වගේම පොඩි කෞතුකාගාරයක්. ටින් ටින් පොත් මාලාවෙ එක එක ජවනිකා නිරූපණය කරන models මේකෙ තැන තැන හරි ලස්සනට හදලා තියෙනවා. ඒ වගේම එක එක වර්ගයේ ටින් ටින් සන්නාමයේ ලිපිද්‍රව්‍ය, souvenirs, tshirts වගේ දේවලුත් ටින් ටින් පොත් series එකත් මෙතනින් ගන්න පුලුවන්. තදබල ටින් ටින් ෆෑන් කෙනෙක් වුණු මගේ ඇතුලේ ඉන්න පොඩි ළමයා මේවා දැකලා පිස්සු වැටුණා. මේ හැම model එකකටම අදාළ කතාව, ජවනිකාව මතක් කරමින් මම එහෙ මෙහෙ දුවන හැටි බලලා පුතාටත් හිනා. පොත් පරම්පරාවේ අපි තරම් තාක්ෂණික පරම්පරාවේ එයාලට ටින් ටින් සමීප නැහැ ඉතින්. මම වැඩ කරන පුස්තකාලෙත් මේ පොත් සීරිස් එකම තිබුණත් ඉස්කෝලේ ළමයි නම් ඒ ගැන අපි තරම් උනන්දු නැහැ කියලා මම දැකලා තිබුණා.
මේ කඩේට අමතරව බ්‍රසල්ස් අගනුවර තව තැනක උස ගොඩනැගිල්ලක බිත්තියක ටින් ටින් ගේ mural එකක් ඇඳලා තිබුණා. ඒකත් හරි ලස්සනයි.
මම මේ රටේ දැක්ක විශේෂත්වයක් තමයි, ටින් ටින් කොයිතරම් ලෝක ප්‍රසිද්ධ වුණත් බෙල්ජියමේ ඒ නිර්මාණය තාම copyright නීති වලට යටත් නිසා ඊට ගරු කරලා ඒ රූප තියෙන බඩු විකුණන්න තියෙන්නෙ licensed කඩවල විතරයි. හැම හන්දියෙම ටින් ටින් ගෙ රූපෙ තියෙන ටීශර්ට්, පෝස්ට්කාඩ් දකින්න නැහැ.



අහා! කියන්න දේ බොහොමයි. ආයෙ එන්නම්.🙏👌💐
ReplyDeleteThanks for the motivation Bassa!
DeleteMotivation is my middle name. 😁
DeleteThanks for the lovely post.👌🙏💐
මමත් පොඩි කාලේ ඉංග්‍රීසි පොත් කියවන්න පටන් ගත්ත මුල් කාලෙම කියවපු පොත් අතර ටින් ටින් පොත් විශේෂයි. මෙතන දාලා තියෙන පින්තූරවලින් පළවෙනියටම තියෙන පොත තමයි මමත් මුලින්ම කියෙව්වේ. ඒක අප්‍රිකාවේ කොහේ හරි පිළිමයක් සම්බන්ධ කතාවක් කියලා මතකයි. හැබැයි දැන් නම් කතාව හරියටම මතක නෑ.
ReplyDeleteඊට පස්සේ ඉතින් යාළුවන්ගෙන් ඉල්ලගෙන ටින් ටින් පොත් කීපයක්ම කියෙව්වා. ඒ කාලේ ටින් ටින් පොත් එච්චර සුලභත් නෑ, හරිම ගණනුත් එක්ක. මරදානේ පොත් කුලියට දෙන තැන් තිබුණා. සති දෙකකට විතර පොතක් අරගෙන කියවලා ආපහු දෙන්න පුළුවන්. සමහර පොත් එහෙම අරගෙන කියෙව්වා. තවත් සමහර ඒවා යාළුවන් එක්ක හුවමාරු කරගෙන කියෙව්වා. ඒ කාලේ ඉතින් ඔය පොතක් හොයාගෙන කියවන එකත් වෙනමම විනෝදයක්.
පස්සේ කාලෙක සිරස රූපවාහිනියේ ටින් ටින් සිංහලෙන් හඬකවලා කාටුන් මාලාව විකාශය වෙද්දී ඒකත් හරිම ආසාවෙන් බැලුවා.
පුදුමේ කියන්නේ, මේ සටහන කියවනකොටත් මගේ ඔළුවේ ටින් ටින් කාටුන් එකේ අර සුපුරුදු තේමා සංගීතය ඉබේම වාදනය වෙන්න පටන් ගත්තා. ඒ තරමට ඒ මතකයන් තවමත් හිතේ රැඳිලා තියෙනවා. ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි!
මයියා, අපේ පරම්පරාවේ කට්ටියගෙන් සෑහෙන්න ප්‍රමාණයක් ටින් ටින් fans ලා කියලා මම හිතනවා. ඒ වුණත් ලස්සනම වැඩේ තමයි අපට ඒ පොත් ලබාගන්න පැහැදිලි ක්‍රමයක් නොතිබුණු එක. අපිට තිබුණේ කියවීමේ පිපාසෙ විතරයි. ඒ විදිහට පිපාසයක් තියෙනවා නම් මොන දහං ගැටයක් හරි දාලා ඒ පොත් හොයාගන්න අපේ පරම්පරාව කැප වුණා කියලා මම හිතනවා. පහළ කමෙන්ට් එකක බස්සාත් කියලා තියෙනවා මරදානේ සෙකන්ඩ් හෑන්ඩ් පොත් කඩ ගැන. ඇත්තටම ඒ මිනිස්සු මාර සේවයක් කරලා තියෙන්නේ කියලා දැන් තමයි හිතෙන්නේ නේද?
Deleteතාත්තයි අම්මයි සේෂෙල්ස් වල ගුරුවරු හැටියට සේවය කළ නිසා මගේ ළමා කාලය ගෙවුණේ එහෙ. ඒ නිසා පුංචි වයසක ඉඳන් එහෙ පුස්තකාලේ පාවිච්චි කරන්න ලැබුණු නිසා තමයි මට නම් ටින් ටින් ඇතුලු ඒ වීර වික්‍රම පොත් ටික කියවන්න ලැබුණේ -නැත්නම් ඕගොල්ලෝ වගේ සෙකන්ඩ් හෑන්ඩ් පොත් කඩ පීරන්න යන්න ගෑනු ළමයින්ට අවසර ලැබුණේ නැහැනේ ගෙවල් වලින් :D
කොහොම කළත් ටින් ටින් එක්ක අපේ හිත් වල අපූරු නොස්ටැල්ජියාවක් බැඳිලා තියෙන එක නම් අවිවාදිතයි.
ඔය මයිය කිව්ව වගේ ටින් ටින් කියන්නෙ, මගේ ලමා කාලෙ සන්ධිස්ථානයක්. ඒ පොත් වලින් ලැබිච්ච රසය වගේමයි, මගේ ඉංග්‍රීසි භාෂාවෙ දියුණුවට බලපෑම. සරල රේඛා චිත්‍ර වලින්, සම්පූර්ණ සියුම් විස්තර සහිත පරිසරයක් මවන හැටි අපූරුයි. මරදානෙ සෙකන්ඩ් හෑන්ඩ් පොත් කඩෙන් සමහර පොත් "රෙන්ට්" එකටත් ගත්තා. මහිතේ කොළඹ පුස්තකාලය, බ්‍රිටිෂ්-කවුන්සිල් වගේ තැන් වලත් පොත් හොය,හොයා කියෙව්වා.
ReplyDelete//ටින් ටින් ෆෑන් කෙනෙක් වුණු මගේ ඇතුලේ ඉන්න පොඩි ළමයා මේවා දැකලා පිස්සු වැටුණා//
ටින්-ටින් අපේ පරම්පරාවෙ කෙනෙක්. අපේ පරපුරේ පරිසරයෙ තිබ්බ සීමිත සම්පත් scarcity එකත් ඒකට බලපාන්න ඇති. අද පරපුරට ජාලෙ හරහා මුළු ලෝකෙම විවෘත වෙලා තියනවා. අනික එයාලට Manga වගේ විකල්පත් තියනවා.
අද මම සම්පූර්ණ ටින්-ටින් pdf කලෙක්ෂන් එක තියාගෙන හිටියත්, නැති කාලෙ ඒ පොත් කියවල ගත්ත ෆන් එක ආයෙ ගන්න බැරි බවත් දන්නවා. ඉස්සර විරල ටින්-ටින් පොතක් ලැබුනාම දැනුනෙ මැණිකක් ලැබුනා වගේ හැඟීමක්. හ්ම්...කාළය මැව් වෙනසක අරුමේ.....
Deleteබස්සා, ටින් ටින් පොත් වලින් හාස්‍යය, භාෂාව, රස වින්දනය වගේ දහසකුත් දේවල් අපිට ලැබුණු බව ඒ කාලේ කියවද්දී හරියටම තේරුණේ නැහැනේ. අනික එක එක රටවල base වෙලා තිබුණු කතාවලින් අපේ ලෝකේ පුළුල් වුණා. පත්තර, රේඩියෝ සහ සීමිත ටීවී තිබුණු අපිට ඒකත් ලොකු දෙයක්. ඊට අමතරව කැප්ටන් හැඩොක් ගේ swearing නොවන swearing හරි creative කියලා දැන් හිතෙනවා.
Delete//අද පරපුරට ජාලෙ හරහා මුළු ලෝකෙම විවෘත වෙලා තියනවා. අනික එයාලට Manga වගේ විකල්පත් තියනවා// මේක ඇත්ත. අපේ පුතා ඉස්සර තද Manga ෆෑන්. ඒ පිස්සුව අපේ මේ ටින් ටින් පිස්සුවට සමානයි ටිකක්. එකම වෙනස එයාලට scarcity එකත් එක්ක එන උමතුව නැති එක විතරයි.
මම වැඩකරන ලයිබ්‍රියේත් පොත් ටික ඔක්කොම තියෙනවා. පෙරලලා බැලුවත් අර කලින් මැජික් එක දැනෙන්නේ නැහැ තමයි දැන්.
මෙන්න නෝනා ආපහු ඇවිත්. So.............happy about that.
ReplyDeleteසංචාරේ විස්තරේ ලැබෙයි වගේ ටික ටික.
ටින් ටින්...............පොත් ටික අදටත් පරිස්සමට තියෙනවා. ඒවා ඇතුලේ වේලුන බත් ඇට තාමත් හමු වෙනවා. බස්සා කියන්නා වගේ ටින් ටින් අපේ පරම්පරාවෙ නෙව. Asterix ත් ඉන්නවා තනිවට.
මං ආයෙත් ආවා! :D
Deleteසංචාරේ විස්තර ලියන්න කම්මැලි වෙලා ඉන්නකොට බස්සා තමයි උනන්දු කළේ ලියන්න ලියන්න කියලා.
මේ වගේ පොඩි පොඩි කෑලි ටිකක් ලියන්නම්.
ටින් ටින්, ඇස්ටෙරික්ස් වගේම ෆේමස් ෆයිව්, සීක්රට් සෙවන්, නැන්සි ඩ්රු, හාඩි බෝයිස් වගේ පොත් වලින් අපේ ඒ වයසේ හිත්වල වීර වික්‍රම වලට තිබුණු ආසාව සංසිඳුනා කියලා මට හිතෙනවා. ඒවා හොයාගන්න අමාරු නිසා පොතක් කියවන්න ලැබෙන එකත් වික්‍රමයක් ඒ කාලේ!
තව ඔයා දන්නවද ඇගතා ක්‍රිස්ටිගේ පොත්වල ඉන්න රහස් පරීක්ෂක පොයිරෝ? එයාත් බෙල්ජියම් ජාතිකයෙක් කියලනේ තියෙන්නේ. එයා වෙනුවෙන් වෙන්වුණු තැනක් තියෙනවද කියලා හෙව්වාට එහෙම විශේෂ කෞතුකාගාරයක් හොයාගන්න බැරිවුණා.බෙල්ජියමේ ඈත ගමක් තියෙනවලු එයාගේ ගම හැටියට කතාවල ප්‍රසිද්ධ.
George Keyt (Sri Lankan Artist) himself was amazed by how human emotions can be expressed through simple lines in art. He had been our neighbor
ReplyDeleteTrue, the pictures had so much detail in them which helped fuel our young imaginations.
Deleteඅවු 20 විතර කලින් මම බෙල්ජියම හරහා ඇම්ස්ටඩෑම් ගියා. එක්ස්ප්‍රස් කෝච්චිය "සිං" ගාලා බ්‍රසල්ස් හරහා ගියා. දැන් හිතෙනවා අපරාදෙ ට්‍රිප් එක එයිට වඩා ප්ලෑන් කරන්න තිබ්බා කියලා. 🤔🙁
ReplyDeleteමැකී ගිය බකුසු දඩමං 2 - ප්‍රංශ ගම්මානයක්
බස්සා විස්වාස කරන්නේ නැතිවෙයි දැන් නම් බෙල්ජියම අන්තිමයි. අපි ගිය රටවල් වලින් අපිරිසිදුම රට කියන්න පුළුවන්. බ්‍රසල්ස් අවට ටිකක් හොඳ වුනත් ඈතට වෙද්දී සැහෙන්න අවුල්. නීති හරියට ක්‍රියාත්මක නොවෙන එක, සංක්‍රමනිකයෝ පාලනය නොකළ එක, හරියට පිරිසිදු කිරීම් නොකරන එක තමයි හේතු හැටියට පේන්නේ. ඒ නිසා මේ ටින් ටින් මියුසියම් වගේ දේවල් ඇරෙන්න බෙල්ජියම මිස් වුණු එක ගැන ලොකුවට පසු තැවෙන්න එපා!
Deleteමැකී ගිය බකුසු දඩ මං වල ප්‍රධාන හයිලයිට් එක කෝච්චි ද ? :D
අපේ ගෙදර බෝයිස් ලා දෙන්නත් ඔය ගානටම කෝච්චි ගැන උනන්දුයි. තාත්තයි පුතයි කතාවෙනව මේ අර ජාතියේ කෝච්චියක් නේද අරක මේක. මම නම් හැප්පුනත් ඔව්වයේ වර්ග අඳුරන්නේ නැත! Interrail වලින් අපිට යුරෝපය පුරාම කෝච්චි වල යන්න මාර ලේසි වුණා.
අවුරුදු 20 පෙර තිබ්බ Thalys කෝච්චියට, කෝච්චියෙ හිටි බුරුසු රැවුල්, බුරුත කබා වේටර්ට වගේම කැරැක්ටර් එකක් තිබ්බා. විසාල එන්ජින් එක ලඟට ගිහින් උඩ බැලුවා පෙනුනෙ, නහය මැද ලයිට් එක සහ වීදුරු ජනේල දෙක.
Deleteඅද තියන නවීන ස්ලීක් එන්ජින් වඩා කාර්‍යක්ෂම ඇති, ඒත් පෙනුම "හික්-මීයො" වගෙයි.😋🤣
ටිංටිං නෙවී අනේ එයා ටෑං ටෑං ලු. ඒ වුනාට මමත් තාම කියන්නෙ ටිංටිං තමා.
ReplyDeleteඔයා දැක්කෙ නැද්ද Brussels-midi station එකෙත් බිත්තිවල මෙයාගෙ පින්තූර ඇඳලා තියෙනවා.
අර උඩ හැමෝම කියන්නා වාගෙ ඒ කාලෙ හැමෝටම මේ පොත් ගන්න හැකියාවක් තිවුන්නෑ, පොත්වල ගානෙ හැටියට. ඉතින් පොත් තිවුන යාලුවො පන්තියට ගෙනාවම තමා අපිත් ඒවා කියවන්නෙ. මැජික් වගේ ඉතිං. ඇස්ටෙරික්ස් පොත් බලන්න ලැබුනෙත් එහෙමම තමා. බස්සා ළඟ වගේ මා ගාවත් තියෙනවා ඔය පොත් ඔක්කෝම (Tin Tin & Asterix) ඩිජිටල් කොපි. තාමත් වෙලාවක් ලැබුනොත් කියවනවා. ටීවී එකේ ගිය කාටුන් නං ඈක්කා...
හැබැයි අපට පොඩි කාලෙ නොතේරුනාට මේ පොත් ඇතුළෙ හර්ජ්ගෙ අධිරාජ්‍යවාදී, වර්ණභේදවාදී. කමියුනිස්ට් විරෝධී අදහස් ගැබ්වෙලා තිවුනා කියන එක බොහොම ප්‍රසිද්ධ රහසක්. විශේෂයෙන්ම මුල්ම පොත්වල චිත්‍ර පවා පසු මුද්‍රණවලදි සංස්කරණය කරලා තියෙනවා.
මා ගාව ඒ වර්ණභේදවාදී බ්ලැක්& වයිට් මුල්ම පොතත් තියනවා. අප්‍රිකානු ගෝත්‍රිකයින්ව කැත වහලුන් ලෙස ඇන්ද කතාව. ඒ කාලෙ පිංතූරත් ඒ හැටි "පොලිෂ්" නෑ. පුදුම වෙන්න දේකුත් නෑ , Hergé හිටියෙ කොංගෝ ජන-සංහාරය කල කිං ලියෝපෝල්ඩ් හිටිය බෙල්ජියමෙ නොවැ.
DeleteLand of the soviets කමියුනිස්ට් විරෝධී නං තමා ඒත් ඒකත් හිනා සාගරයක් 😋😂🤣
මතකද අර රටේ කර්මාන්ත දියුණුව, ෆැක්ටරි වැඩ කරනවා කියලා විදේශ වාර්ථාකාරයන්ට පෙන්නන්ට උඳුන්වලට පිදුරු දාලා ගිනිතියලා චිමිනියෙන් දුම් පිටකරන එකයි, කම්කරුවො යකඩ වලට තඩිබාලා සද්ද දාන එකයි?
DeleteBura- ඔව් අපි ටින් ටින් කිව්වට ඒ ටැන් ටැන් කියලා මාත් දැනගත්තේ සේෂෙල්ස් වලදී ඉස්කෝලේ ළමයි මම ටින් ටින් කියද්දී හිනාවුනාම :D
Deleteඒ කාලේ ලොකුවට පොලිටිකලි කරෙක්ට් වීම ඕන වුණේ නැති නිසා ඔය හැම නිර්මාණයකම වගේ, racist ගති biased ගති තියෙනවා නේද. වෙන මුකුත් ඕන නැහැ ළමා පොත් දාස් ගානක් ලීව ඊනිඩ් බ්ලයිටන් එහෙමත් racist කියලා ලේබල් කරලානේ තියෙන්නේ.
ටින් ටින්, ඇස්ටෙරික්ස් පොත් වල නීග්‍රෝ මිනිස්සුන්ව එහෙම බොහොම පහත කරලනේ පෙන්නලා තියෙන්නේ. අලුත් පරම්පරාව ඔය පොත් වලට සමීප නොවෙන්න ඒකත් හේතුවක් වෙන්න පුළුවන්
@බුරා
Deleteඔය කිව්වාම මම ගිහින් පොත බැලුවා. හෙහ්,හෙහ් ඔය තියෙන්නෙ ලෙසටම.🤣😁
ඒත් මට නැගලම ගියේ "ලෙනින්ගෙ රැව්ල පල්ලා, මම එනවා, ගඩොල් තාප්පෙකට මිස මාව නවත්තන්න බෑ" කියලා දොර කඩන්න ඇවිත් බිත්තියෙ වදින එකටයි.😂
@මලී
බොහෝ ප්‍රසිද්ධ nursery rhymes වලට තියෙන්නෙත්, ඔය වගේම අඳුරු අතීතයක් නෙව? වරක් ඩ්‍රැකී ඒ ගැන පෝස්ට් එකක් ලිව්වා. දැන් නම් ජෙමනායි නඟාගෙන් අහන්න විතරයි.
Tin Tin 2
ReplyDeletehttps://tintin.fandom.com/wiki/The_Adventures_of_Tintin_II_(film)
Tintin in the Land of the Nazis - Was Hergé A Wartime Collaborator?
Delete