December 18, 2023

Glitch (2015)

මේක drama series එකක් ගැන විස්තරයක්. series තියා තනි movies වත් බලන්න හොර මගෙන් මෙහෙම ඒවා නිතර ලැබෙන්නේ නැහැ!

මේකේ නම Glitch. ඕස්ට්‍රේලියාවේ රූගත කරලා තියෙන මේ series එකට seasons තුනක් තියෙනවා. බොහොම කෙටියෙන් කියනවා නම් Yoorana කියන ඈත නගරයක මියගිය කීප දෙනෙක් කිසි දෙයක් නොවුණු විදිහට යළි පණ ලැබීම තමයි මේකේ නිමිත්ත. ඒ නගරයේ පොලිස් නිලධාරියෙකුත්, වෛද්‍යවරියත් මේ අවුල ලිහන්න මහන්සි වෙනවා. 

සමහර වෙලාවට series බලද්දී කොටස් කීපයකට පස්සේ තරමක නීරස බවක් දැනෙනවා. ඒත් Glitch බලද්දී කොටසින් කොටස කුතුහලය උපරිමයි. ඇහැට හුරු ඕස්ට්‍රේලියානු පරිසරය, ගොඩනැගිලි, යෙදුම් එහෙම තියෙන එක මට නම් බෝනස් එකක්. supernatural වර්ගයේ වුණාට ඒකත් ගණනකට තියෙන නිසා මම කැමතියි. ඒ කියන්නේ වැඩියෙන්ම පේන්නේ එදිනෙදා සිදුවීම්, ඒ යටින් පැහැදිලි කරන්න බැරි සංසිද්ධියක් යනවා. මේ වගේම තේමාවක් තියෙන මාලා නාට්‍යයක් ඉස්සර මෙහේ ABC රූපවාහිනී නාලිකාවේ පෙන්නුවා 'Nowhere Boys' කියලා. ඒක නම් අරමුණු කරගෙන තිබුණේ teen වයසේ ළමයින්ව. හැබැයි මාත් පුතා එක්ක ඒක එක කොටසක් වත් මඟ අරින්නේ නැතිව බලන්න තරම් ඇබ්බැහි වුණා. Glitch බලද්දී ඒ පරිසරයත්, තේමාවත් නිසා මට  'Nowhere Boys' ආයෙත් මතක් වුණා. 

මම තාම මේකේ seasons තුනම බලලා ඉවර කළේ නැහැ. දැනට නම් උඩින්ම recommend කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා. බලන/ බලපු කෙනෙක් ඉන්නවා නම් අදහස් කියමු!

Glitch (2015)

Created by Louise Fox & Tony Ayres



10 comments:

  1. ආන්න ජංසං. අදට දවස ගොඩ . රොම්බ තෑන්ක්ස්.🙏👌😁💐🪻🌺🌻

    ReplyDelete
    Replies
    1. ම්හූ සල්ලි දීලා බලන්න කිව්වත් බෑ. මට උඩ විසිවෙලා ඇහැරෙන්න ඕනෙ නෑ.😏

      Delete
    2. Not your cup of tea ද? :D
      එක සීසන් එකකින් ඉවර උනා නම් හොඳයි කියලා හිතුනා හැබැයි මට, දිගටම බලද්දී

      Delete
  2. Replies
    1. Pra - සීසන් තුනක් අරන් යන්න තරම් දෙයක් තියෙනවද කියලා පොඩි අවුලක් තියෙනවා හැබැයි

      Delete
  3. තැන්කිව් ඔත්තුවට

    ReplyDelete
    Replies
    1. හැට්ටර් බලන්නකෝ සෙට් වෙනවද කියලා

      Delete
  4. බලලා කියන්නම්..සීරීස් එකක් හින්දා වෙලාව හොයා ගන්න එක නම් ටිකක් චැලෙන්ජ් එකක් - MAYYA

    ReplyDelete
    Replies
    1. ඔව් මයියා, අනෙක පැයේ එපිසෝඩ්! කාටද අප්පා ඔහොම වෙලාව තියෙන්නේ!

      Delete
  5. බැලුව ඒ කාලෙම. ලොකු අවුලක් නැහැ. හැබැයි mist එක හෙම ඊට වැඩිය හොනයි කියල මට හිතන්නේ. අර ෆ්‍රෙන්ච් නගරයක මැරුණු අය ආපහු එන එක. තව එකක් තියනව - නගරයක පවුලක් යනවා. එලියට යන්න බැහැ . ගියත් ආපහු එකටමයි එන්නේ. නම මතක නැහැ ෆිල්ම් එකේ

    ReplyDelete