April 17, 2026
පරණ යාලුවෙක් - Asterix
January 10, 2025
Siddhartha by Hermann Hesse
July 06, 2024
කැළලිකාරයෝ - ලියනගේ අමරකීර්ති
June 28, 2024
පිස්සුවෙන් පොත් කියවීම
මේ මම රැකියාව කරන පාසල් පුස්තකාලයේ කතාවක්. මේ පාසල මෙල්බර්න් වල ද්විතීයික බාලිකා පාසලක්, ඒකෙ දැරිවියෝ පොත් කියවිල්ලට බොහොම මනාපයි. මේ විස්තරය පොත් කියවන්න කැමති එකේ ඊළඟ ලෙවල් එක හෙවත් පිස්සුවෙන් පොත් කියවීමේ අවස්තාවක් ගැන.
ළඟදී දවසක හතේ පන්තියේ දැරියක් පුස්තකාලයේදී මාව හොයාගෙන එනවා. අපි ඈ ට අදීති කියමු. ඈ Keeper of the Lost Cities පොත් මාලාවේ පළවෙනි පොත කියවපු බව කියලා දෙවෙනි පොත හොයාගන්න ඈ ට උදවු කරන්න පුලුවන්ද කියලා අහනවා. පොත available බව library system එකේ පෙන්නුවත් පුස්තකාලය පීරලා හොයද්දි අපි දෙන්නටම ඒක හොයාගන්න බැරිවෙනවා. ඒ එක්කම විවේක කාලය ඉවරවෙනවා. පන්තියට යන්න වෙලාව ආවත් අදීතිගේ මූන හොඳ නැහැ. මම ඇගේ නමත් පන්තියත් අහගන්නවා පොත හොයලා ඈට ඊමේල් පණිවිඩයක් තියන්න පොරොන්දු වෙමින්. ඒ වෙනුවෙන් මට ස්තූති කරන ඈ යන්න කලිනුත් 'මම කොහොම හරි ඉක්මණින් මේ දෙවෙනි පොත කියවන්න ඕන' කියලා මට මතක් කරලා දුවලා යනවා.
![]() |
| Exile- Part 2 of the Series Keeper of the Lost Cities by Shannon Messenger |
අදීති ගියාට පස්සේ තව ටිකක් නිවිහැනහිල්ලේ පොත හොයද්දි මට ඒක හම්බවෙනවා. Winter Reads වෙනුවෙන් හදලා තියෙන display එකක ඒක තිබුණු නිසා යි පොත් රාක්ක අතරේ අපි ඒක නොදැක්කේ. ඉතින් මම ඈට email කරනවා පොත හම්බවුණා ඇවිත් අරගෙන යන්න කියලා. ඊළඟ කාලපරිච්ඡේදයේම පුස්තකාලයට එන ඈ ප්‍රීතියෙන් ඉපිලෙමින් පොත අරගෙන යනවා.
කතාව පටන්ගන්නේ දැනුයි. මේ සිද්ධියට පස්සේ දවසේ ඉස්කෝලේ පටන් ගන්න කලින් අදීති පුස්තකාලයට දුවගෙන එනවා කළින් දා අරගෙන ගිය පොතත් අතේ තියාගෙන. මාව හොයාගෙන එන ඇගේ ඇස් දෙක දිලිසෙනවා.
"මම පොත කියවලා ඉවර කළා!" ඈ රහසින් කියනවා. "ඊයේ රෑ නිදාගන්නේ නැතිවම මම පොත කියෙව්වා!" ඈ කියන්නේ ලොකු හපන්කමක් කළ ගානට.
පුදුම වෙන මම ඒ පොත අතට අරගෙන පෙරළලා බලනවා. පිටු 568ක්! මට හිනා. "ඉතින් අද නිදිමත නැද්ද?" මගේ ප්‍රශ්නෙට "නෑ!" කියලා හිනාවෙමින්ම උත්තර දෙන ඇය පොත් රාක්ක අතරට දුවලා යනවා. අදීති ඊළඟට මා ළඟට එන්නේ Keeper of the Lost Cities පොත් මාලාවේ ඊළඟ පොත් හතර උස්සාගෙන. ඈ ඉන්නේ පුදුම සන්තෝසෙකින්.
![]() |
| Keeper of the Lost Cities Series bu Shannon Messenger |
"නිදිමරන්න එපා ඉතින් අදීති, හෙමින් සැරේ කියවන්න!"පොත් ටික ඇගේ නමට නිකුත් කරන ගමන් මම කියනවා.
ඈ හිනාවෙලා පොත් ටික අරගෙන දුවලා යනවා. මම මොනවා කිව්වත් ඈ තව දවස් කීපයක් පොත් කියවන්න නිදි මරණ බව නම් ඒකාන්තයි. ඉතින් ආසාවෙන් පොත් කියවීමෙයි පිස්සුවෙන් පොත් කියවීමෙයි වෙනස ඕක තමයි!
මේ පුංචි සිද්ධියෙන් මගේ හිත අතීතෙට ගියා. දෙයියනේ අපිත් මෙහෙම පිස්සුවෙන් පොත් කියෙව්ව කාලයක් තිබ්බා නේද කියලා මට මතක් වුණා. මම එහෙම කියවපු එක පොතක් තමයි උපුල් ශාන්ත සන්නස්ගල ගේ වස්සාන සිහිනය පොත.
වස්සාන සිහිනය පොත ප්‍රකාශයට පත් වුණේ මම ඕලෙවල් පන්තියේ වගේ ඉන්න කාලේ මගේ හිතේ. ඒ කාලේ ඒක පොතක් විතරක් නෙමෙයි උන්මාදයක් වුණා. ඒකෙ තිබුණු නිසඳැස් කෙල්ලෝ පොත්වල අන්තිම පිටුවල ලිව්වා. පෙම්වතුන්ට ලියුම් වල ලියලා දුන්නා. එහෙම වුණාට ඒ වෙද්දී මට නම් මේ පොත කියවන්න ලැබිලා තිබුණේ නැහැ. අලුතින්ම පළ වුණු ආදර කතාවක් අරන් දෙන්න කියලා අම්මලාට කටක් ඇරලා කියන්නත් බැහැනේ. පොත කියවන්න නොලැබුණු එකට විස්සෝපයෙන් කාලය ගතවෙද්දී එක සිකුරාදා හවසක මගේ නෑදෑ අයියා කෙනෙක් අපේ ගෙදර ආවා. එයාගේ ළඟ අලුත්ම වස්සාන සිහිනය පොතක් තිබුණා. අයියාගෙන් පොත ඉල්ලගෙන බලද්දී මට කැමති නම් ඒක කියවන්න පුළුවන් බවත්, ඒත් ඊළඟ දවසේ එයා පාන්දරින් පිටත් වෙලා යද්දී පොත වුවමනා බවත් කීවා. අදීති ට වගේ නෙමෙයි ඔන්න එදා මට නම් deadline එකක් තිබුණා! ඉතින් මම එදා රෑ නිදාගන්නේ නැතිව වස්සාන සිහිනය කියෙව්වා. අවුරුදු දාසයක විතර කෙල්ලෙක් රැයක් තිස්සේ වස්සාන සිහිනය පොත කියවද්දී කතාවේ ඉන්න චාපා සහ කසුන් වෙනුවෙන් අඬන්නත් සෑහෙන්න වෙලාවක් ගතවුණු බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මම හිතන්නේ ඒ මහා රෑ පානේ මම ඒ පොතේ තිබුණු නිසඳැස් සටහන් පොතක ලියාගත්තා ද කොහෙද. කොහොමහරි පස්සෙන්දා වෙද්දී කියවලා ඉවර වෙලා පොත අයිතිකාරයාට භාරදෙන්න මට පුළුවන් වුණා. රෑ තිස්සේ නිදිමරලා අඬ අඬ පොත කියවලා ඇස් රතු වෙලා මූන තඩිස්සි වෙලා තිබුණත් මම හිටියේ කොහොමහරි වස්සාන සිහිනය කියවපු ප්‍රීතියෙන් පිනා ගිහින්. ඉන්පස්සේ සෑහෙන්න කාලයක් යනකම් අර පොතෙන් ලියාගත්ත නිසඳැස් කටපාඩම් වෙලා තිබුණු බවත් දැන් නම් ආසාවට එකක් වත් මතක් නොවෙන බවත් ඒ එක්කම කියන්න වෙනවා.
May 10, 2024
Mohsin Hamidගේ පොත්
මම Mohsin Hamid ගේ පොත් කියවන්න පටන් ගත්තේ බොහොම අහම්බෙන්. මීට අවුරුදු දහයකටත් වැඩිය කලින් මම වැඩ කරපු ඉස්කෝලෙක උසස්පෙළ පන්තියේ ඉංග්‍රීසි විෂයට නිර්දේශ කරලා තිබුණේ Mohsin Hamid ගේ The Reluctant Fundamentalist කියන පොත. (ඕස්ට්‍රේලියාවේ ඉස්කෝලවල එක එක ශ්‍රේණි වල මේ විදිහට පාවිච්චි කරන්නේ කොයි පොත් ද කියන එක තීරණය කරන්නේ ඉස්කෝලවලින්) දවසක් ඉංග්‍රීසි උගන්නන ගුරුවරියක් එක්ක කතාවක් දාගෙන ඉන්දැද්දී ඈ මේ පොත ඉහළින් වර්ණනා කරලා ඒක කියවන්න මට උනන්දු කළා. ඒත් මම කියවන්න ගත්තාම ඒක බොහොම heavy කියවීමක් කියලා මට දැනුණා. කතාව හොඳ වුණාට කියවීම වෙහෙසකරයි. ඒත් අර ගුරුවරියගේ රෙකමදාරුව අහක දාන්නත් බැරි නිසා මම මේ ගැටලුවට පිළියමක් හොයාගත්තා. ඒ තමයි ඒ පොතේ audio book එක අහපු එක. ඒ කාලේ මට වැඩට යන්න පැයකට ටිකක් අඩු කාලයක් ගත වුණු නිසා වාහනේදී අහලා දවස් කීපයකින් ඒ පොත ඉවර කරන්න මට පුළුවන් වුණා. ඇත්තටම ඒක බොහොම රසවත් පොතක්. කෝපි හලක දෙන්නෙක් අතර ඇතිවෙන කතාබහකට මුළු කතාවම කැටි කර ගත්ත, ඒත් දේශපාලනය, ආදරය, විප්ලව මිශ්‍ර වුණු අමුතුම ආරේ කතාවක්.
මෙහෙම Mohsin Hamid ව අඳුනාගත්තට පස්සේ මම එයාගේ පොත් හොයන්න පටන් ගත්තා. ඊළඟට මම හම්බවුණේ එයා ලීව පලවෙනි පොත, Moth Smoke. මේක නම් කලින් පොත ට වඩා ලේසියෙන් රස විඳින්න පුළුවන් වර්ගයේ එකක් වුණා. ඉන්පස්සේ Mohsin Hamid ගේ Exit West පොතත් මෑත කාලෙකThe Last White Man පොතත් මට කියවන්න ලැබුණා. මේ හැම එකම අතරින් මගේ වැඩියෙන්ම හිත ගත්තේ Moth Smoke පොත කියලා කියන්න පුළුවන්.
Mohsin Hamid ගේ විශේෂත්වය තමයි එයාගේ ලියවිලි වලට නිමිති වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ අත්දැකීම් පරාසයෙන් පිට ඒවා වීම. උදාහරණ හැටියට ගත්තොත් Exit West පොත තරමක ෆැන්ටසි වර්ගයේ එකක්. ඒකෙ සිවිල් යුද්ධයක් නිසා පීඩාවට පත් දෙන්නෙක් ඉන් මිදෙන්න මායාමය දොරවල් පාවිච්චි කරලා ලෝකයේ වෙනත් තැනකට යන හැටිත්, එහෙම යද්දී ඇතිවෙන විවිධ හැල හැප්පිලි ගැන ලියවුණු එකක්. The Last White Man පොතේ ප්‍රධාන චරිතය තමන්ගේ හම එකපාරටම දුඹුරු වීම නිසා ඇතිවන සමාජමය ගැටළු වලට මුහුණ දීම ගැන කියවෙනවා. ඉතාම අසාමාන්‍ය සිදුවීමක් සාමාන්‍ය විදිහට ඉදිරිපත් කරන්න Mohsin Hamid දක්ෂයෙක්. මුලදී එයාගේ පොත් කියවද්දී මට අපහසුවක් දැනුණේ ඇයි කියලා මට තේරුණේ මෑත කාලෙක. ඒ Mohsin Hamid වාක්‍ය බෙදිල්ලට වැඩි උනන්දුවක් නැති කෙනෙක් නිසා වෙන්න ඕන. එයා ලියන සමහර වාක්‍ය ඡේදයක් තරම් දිගයි!
Mohsin Hamid (1971) ඉංග්‍රීසි- පකිස්තානි සම්භවයක් ඇති ලේඛකයෙක්. පකිස්තානයේත් ඇමෙරිකාවෙත් අධ්‍යාපනය ලැබුව ඔහු වෘත්තියෙන් නීතිඥයෙක් වගේම ව්‍යවසාය උපදේශකවරයෙක්.
“The poets say some moths will do anything out of love for a flame
The moth takes off again, and we both step back, because he's circling at eye level now and seems to have lost rudder control, smacking into the wall on each round. He circles lower and lower, spinning around the candle in tighter revolutions, like a soap sud over an open drain. A few times he seems to touch the flame, but dances off unhurt.
Then he ignites like a ball of hair, curling into an oily puff of fumes with a hiss. The candle flame flickers and dims for a moment, then burns as bright as before.
Moth Smoke Lingers.”
― Mohsin Hamid, Moth Smoke
April 16, 2024
The Boy, the Mole, the Fox and the Horse
The Boy, the Mole, the Fox and the Horse | Charlie Mackesy
Penguin Random House UK (2019)
September 12, 2023
සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව - කෙටිකතා එකතුව
May 30, 2023
'සුසුමකින් සුළි සුළඟ' - ලක්ශාන්ත අතුකෝරල
මේ එයින් කවි කීපයක්.
April 29, 2023
'Exiles' by Jane Harper
'Exiles' by Jane Harper
Published by Pan Macmillan Australia (2022)
Sometimes just a glance at the author's name on a book is enough to make the choice to read it. For me, Jane Harper is such an author. When I saw that 'Exiles', a new book by Harper was out, there was never a question of whether I would read it or not, only a matter of when.
'Exiles' is Jane Harper's fifth book. As all her books, this one too is centered around a disturbing incident set in a typical Australian setting and how its effect ripples across the community. I love how Harper incorporates descriptions about the Australian landscape and lifestyle into her stories, whether it is a footy match, food and wine festival or a simple jog around a reservoir neighbouring a vineyard. The story line in 'Exiles' describes how relationships and secrets intertwine in a tight-knit rural community, casting shadows on the lives of all involved.
In her books, Jane Harper introduces characters and incidents to the story in a gradual and subtle way that is never taxing to the reader. 'Exiles' carries its suspense right up to the end is definitely a page-turner.
December 16, 2022
Our Missing Hearts - Celeste Ng
"As he looks around, memories hover close before alighting on his shoulders like dragonflies. They'd had flowers here before: lavender, and honeysuckle, and huge purple puffballs, his father's favorites. White roses the size of his fists that fat golden bees wriggled into. Vines with purple star shaped blooms. Here and there had been vegetables, curling squash with hairy leaves and sprawling tomatoes."page 100
"All over the country, a scattered network of librarians would note this information, collating it with the Rolodex of their minds, cross referencing it with the re-placed children they have known about. Some kept a running list, but most, wary, simply trusted it to memory. An imperfect system, but the brain of a librarian was a capacious place."page 236
November 20, 2021
Steinbeck සහ නැවත කියවීමේ සතුට
August 07, 2021
මනුස්ස යන්තර | පියසීලි විජේමාන්න
මනුස්ස යන්තර (2018)
කතෘ - පියසීලි විජේමාන්න
ගොඩගේ ප්‍රකාශනයක්
May 27, 2021
කවි පොත්
මා කවි ලියූ, කවි පමණක්ම ලියූ යුගයක් විය. නමුත් ඒ වෙද්දී මා වෙනත් කිසිම කවියෙක්ගේ කවි පොතක් කියවා නොතිබුණි. එවන් කාලයකදී මට කවි පොත් මිටියක් තෑගි ලැබුණි. අනෙත් කවීන්ගේ මානයන් හඳුනා ගන්නත් මගේ කවිවල උස් මිටි තැන් දකින්නත් උදවු දුන් ඒ පොත් මිටිය තවම මා ළඟ ආදරයෙන් සුරැකිව ඇත.
අදටත් පොත් සල්පිලකදී, පුස්තකාලයකදී කවි පොත් ළඟ මා සිත නවතින්නේ ඒ නිසා විය හැක. ලොක්ඩවුන් කාලය කවිපොත් හා ඒකාත්මික වීමට කදිමය.
මේ අනුරාධා නිල්මිණි කිවිඳියගේ 'රිදුම් පිරි පිරිමැදුම්' කවි පොතෙනි
පොත්-
April 27, 2021
The Year of Runaways
This novel outlines the stories of three young Indian men who attempt to find a better life in Britain. Sahota vividly describes the unbearable suffering they face and how they cope and thrive in the bleakest of conditions. The Year of Runaways was short-listed for the Man Booker Prize in 2015.
November 25, 2020
Agatha Christie ගේ පොත් කියවීම
November 21, 2020
රුදු රොන් සුනු - කීර්ති වැලිසරගේ
කීර්ති වැලිසරගේ
සරසවි ප්‍රකාශකයෝ (2019)

















