January 30, 2016

What might have been | Little Texas

සිහිවෙනවා සත්තකයි ඉඳහිට
ඒත් කොයිතරම් කල් ගත වී ද
බොහෝ දුර තනියෙන්ම ඇවිත් අද
ගෙවේ වරදක් නැතිව ජීවිතය


විය හැකිව තිබුණු දේ කෙබඳු දැයි මොහොතකට
ඉතින් නුඹ සිහිවෙද්දී නොසිතා ඉන්නවා මම
දෙමඟ පියවර තබා වෙන්ව ගොස් අප දෙදෙන
යළි හැරෙනු නොහැකි දා, පලක් නැහැ ඉඩදීම
විය හැකිව තිබුණු දේ කෙබඳු දැයි දැනගැනුම
කිසිදිනක ඉටු නොවෙන පැතුමක් ම හද පතුල

රැයක් එළිවන තුරා දෙඩූවත් අප දෙදෙන
ප්රේමයෙන් ගෙවූ දින සුන්දරම දවස් වග
අත ඇඟිලි ලෙහුණු හැටි පසිඳුවත් එක ලෙසට
අතීතෙට අතහරිනු සිදුවේවි හැමදේම

නුඹේ දෑසේ දිදුල දෙන හුරුපුරුදු බැල්ම දැක
නුඹ ළඟම නවතින්න සිතේ මේ සොඳුරු රැය
ඒත් බොහොමත් දිගයි ගෙවී ගිය කල්පයම
සමුඅරන් ඉවතයනු හැර කුමක් කළ හැකිද?

--------------------------------------------

Sure I think about you now and then
But it's been a long, long time
I've got a good life now, I moved on

So when you cross my mind
I try not to think about what might have been
'Cause that was then and we have taken different roads
We can't go back again there's no use giving in
And there's no way to know what might have been

We can sit and talk about this all night long
And wonder why we didn't last
Yes, they might be the best days we will ever know
But we'll have to leave them in the past

So try not to think about what might have been
'Cause that was then and we have taken different roads
We can't go back again there's no use giving in
And there's no way to know what might have been

That same old look in your eyes
It's a beautiful night, I'm so tempted to stay
But too much time has gone by
We should just say goodbye and turn and walk away

And try not to think about what might have been
'Cause that was then and we have taken different roads
We can't go back again there's no use giving in
And there's no way to know what might have been
No, we'll never know what might have been
- Little Texas

What might have been- Audio Link

January 26, 2016

සතිඅන්ත


ඒ සැප්තැම්බර් මාසයක්. පාර අද්දර එක පෙළට රොබරෝසියා පිරිලා තිබුණු කාලයක්. කැම්පස් ඇවිත් මාස තුන හතරක්.අපි හිටියේ නව කලාගාරේට හැරෙන තැන තිබුණු නා ගහ යට බංකුවේ. ඒ වෙද්දී එතැන සැරෙන් සැරේට බදු ගත්ත කීපදෙනා අතරට අපිත් ඉබේම එකතු වෙලා තිබුණා. පහලට අතු කඩා හැලුණු නා ගහේ දවාලටත් තිබුණේ ඇඟ නිවන සිහිලක්.

"අර ඇහෙන්නේ වඳුරෝ කෑගහන සද්දේ නෙමේද?" නා ගහේ කඳට හේත්තු වෙලා ඇස් පියාගෙනම මම රජිත්ගෙන් ඇහුවේ සැකෙන්. මේ කොළඹ? වඳුරෝ ඉන්න පුලුවන්ද?

"අයියෝ..ඔයා අහලා නැද්ද ජපුරේ වඳුරෝ සෙට් එක ගැන කතාව? මදි මදි.. දැනුවත් වෙලා මදි .. කොහේද රැග් කාලේ කට්ටි පැන්නා නේ! ඉන්නකෝ එහෙනම් මම කියලා දෙන්න.." රජිත් හරිබරි ගැහුණා.

"දැන් ඉතින් ඔන්න අතේ රෝලක් ද කොහෙද!" මම නෝක්කාඩුවට කිව්වේ රජි එක සැනින් මහා බොරු කතා ගොතන බව දන්න නිසා.

"පිස්සුද ළමයෝ.. මම ඔයාට එහෙම බොරු කියනවද?" රජිත් මාව ළඟට ඇදලා ගන්න ගමන් තවත් හිනාවුණා.

"ඔන්න මෙහෙමයි වුණේ...අර කැලේ තියෙනවනේ.." අපේ ඉස්සරහින් වනජීවී අධ්යයනාංශයට අයිති මහා රූස්ස ගස් තියෙන බිම්කඩ පෙන්නමින් එයා ලොකු කතාවකට මුලපිරුවා. "ඔන්න ෆොරෙස්ට්රියේ ළමයිට ගහ කොල ගැන ඉගෙන ගන්න ඒ කැලේ හැදුවා නේ. ඊට ටික කලකට පස්සේ කැම්පස් එක වටේ, මේ එගොඩවත්ත පැත්තේ... නාවින්නේ ඔයාලා වගේ ගෑනු ළමයිට නවතින්න බෝඩිං හදන්න කැලේ එළි කළා නේ.."

මේ කතාවේ ඇත්ත ප්රතිශතය බොහොම අඩු වෙන්න පුළුවන් බව දැනගෙන මම බොහොම අමාරුවෙන් හිනා නොවී ඔලුව වැනුවා.

"ඉතින් ඒ කාලේ ඒ පැතිවල හිටිය වඳුරෝ කතාවුනාලු 'මුන් හින්දානේ අපේ ගෙවල් දොරවල් නැතිවුනේ.. අපි ගිහින් උන්ගේ අස්සෙම පදිංචි වෙමු!' කියලා. එහෙම කියලා අර ෆොරෙස්ට්රියේ කැලේ නවාතැන් ගත්තලු"
"නෑ! මාර මොළේ නේ?" මම ලොකු පුදුමයක් මවා ගත්තා.

"ඔව් නේ?" රජි කටහඬ තවත් බැරෑරුම් කළා. "ඒ ආපු පාර ස්ටාෆ් එකට බන්දගන්නත් උපකුලපති ලෑස්ති උනාලු. උන් කිව්වලු නෑ එහෙම ඕනේ නෑ... ස්ටාෆ් බැඳුනහම ඔක්කොමත් හරි මුන් උත්තර පත්තරවල ලියන බොරු කියවන්න වෙනවනේ.. අපිට ඉන්න දුන්නම ඇති කියලා. එහෙමලු කට්ටිය මේක ඇතුලේ කැලේ පදිංචි උනේ!"

"අපෝ මෙයාට යන්න අපායක් නැහැ මේ කියන බොරු වලට!" මම හිනාවෙන ගමන් ම රජිත් ට පාරක් ගැහුවා. "මම කිව්වේ පටන් ගන්න කොටම අතේ රෝල් කියලා !"

"හා පුළුවන් නම් ඔප්පු කරන්න බොරුයි කියලා!" රජි මගෙන් ගුටි කන සීමාවෙන් ඈතට දිගඇදිලා හිනාවුනා. "හරි, ඒ ටික බොරුයි කියලා හිතනවානම් එක ඇත්තක් කියන්නද?"

"හා කියන්න බලන්න!" මම කට ඇද කළා."පුරුදුත් නැතිව ඇති ඇත්ත කියලා!"

"මේ කැලේ ඉන්න වඳුරු රංචුව හරි කුළු යි. සද්දේ අහුනාට දැකලා තියෙනවාද? නෑ නේ?"

"ඔව් දැකලා නම් නෑ" ඒ පාර මට පිළිගන්න වුණා.

"දැකලා නැති හේතුව ඔයා හැම සිකුරාදාම පහට සෝෂලොජි ලෙක්චර් එක ඉවරවෙලා ගෙදර දුවන නිසා!" රජි හිනාවුණේ ලෝකේ ලොකුම හොයාගැනීම කරපු ගානට.

"දැන් ඉතින් ඇත්තක් කියනවා කියලා නේද පටන් ගත්තේ?" මම තරහා මූණක් මවා ගත්තා. "තාම දොඩවන්නේ මනස්ගාත!"

"නෑ සුභා, මම ඇත්තමයි කියන්නේ" රජි හිනාව නවත්තලා කිව්වා. "කොහොම හරි ක්රමේකට මේ වඳුරු රැළ සති අන්ත අඳුරනවා. ඒ දවස්වලට මෙතැන ළමයි අඩු නිසා වෙන්න ඇති. සෙනසුරාදා අට වෙද්දී උන් මෙන්න මේ හරියේ... කස ගස් හෙවනේ! බලන්න ඕන පවුල් පිටින්, උකුණෝ බලනවා... ළමයි නළවනවා..කෝ ඉතින් ඒවා දකින්නේ කොහෙද..ඕගොල්ලෝ සති අන්තේ ගෙදර දුවනවනේ..අපි වගේ දුර පලාත්වල, නිතර ගෙදර නොයන ළමයින්ගේ දුක සැප බලන්න නවතින්නේ නැහැනේ " රජිත් ආයෙත් හිනාවුණා.

"රජිත් අතුකෝරළ!” මම බොහොම බරපතල තාලෙට කිව්වා. “තමුන් අහලා තියෙනවද අර කොටියා ආවා කියලා කෑගැහුව එඬේර ළමයාගේ කතාව? අන්න ඒ වගේ තමනුත් දැන් ඇත්තක් කිව්වත් කවුරුත් විස්වාස කරන්නේ නැති ගානට ඇවිත්!”

“කවුරු විස්වාස නොකලත් සුභානි ධීරරත්න මෙනෙවිය නම් මා කියන දේ විස්වාස කරන බව මට ඒකාන්තයි ස්වාමිනි. ඊට අමතරව අද සිට දින හතක්ම ඈ වඳුරු සිහින දකින බවටත් මම සහතික වෙමි!”

ඒ පාර නම් රජි කිව්වේ බංකුවෙන් නැගිටගෙන දුවන්න බලාගෙන. එදා අන්තිමට ගුටියක් දෙන්න මට රජි ව අල්ලාගන්න පුළුවන් උනේ සෝරත හොස්ටල් එකත් පහුකරලා ටික දුරක් දුවලා ගිහින්.
........................................................................

මේ ඔක්තෝම්බර්. පාරේ දිගට රොබරෝසියා ගස් වල පිපුණු මල් බොහොම කෙටි ආයු කාලෙකින් මියැදිලා ගිය බවට සාක්කි තිබුණු කාලයක්. කැම්පස් එකෙන් පිටවෙලා අවුරුදු අටක්. අද සෙනසුරාදා නිසා වෙනදාට තරම් මෙතැන කලබල නැහැ. ඒ නිසා ප්රධාන ගේට්ටුව කිට්ටුවම කාර් එක නවත්තන්න පුළුවන් වුණා.

“ඔයානේ මේකේ පුරුදු කාරී, එන්නකෝ මට පාර පෙන්නන්න!” පසන් කාර් එකෙන් බැහැලා මගේ පැත්තෙන් ඇතුලට එබිලා කිව්වා.

“මහා දෙයක් නැහැ අනේ පෙන්නන්න, අර සෙකියුරිටි ගෙන් අහන්නකො ලෙක්චරර්ස් ක්වාටර්ස් කොහෙද කියලා, එහෙම නැත්නම් ඔය තල් ගස් පේළිය දිගේ ම ඉස්සරහට යන්න. පාර බෙදෙන තැන නා ගහට එහා පෙනේවි. අනික පුතාට මේ දැන් නේ නින්ද ගියේ. උස්සගෙන යන්න ගිහින් අඩ නින්දේ ඇහැරුනොත් මෙතැන දෙක කරයි!” මම කිව්වේ බොහොම සාධාරණ හේතුවක්. දුකක් වගේ හැඟීමක බින්දුවක් වත් නොගෑවුණු හේතුවක්.

පසන් විශ්ව විද්යාලේ ගේට්ටුව ළඟදී යාළුවාට දෙන්න නියමිතව තිබුණු ලිපි ගොනුවේ විස්තර ආරක්ෂක නිලධාරියාට පෙන්නනවා මම කාර් එකේ පැති කණ්ණාඩියෙන් බලාගෙන හිටියා.

“එයා තැන හොයාගනිවී!” මම මටම හිත හදාගන්න මුමුණා ගත්තා.

මම හිටිය තැනට විශ්ව විද්යාලේ මායිම් වැටෙන් ඇතුළේ පුස්තකාලේ පැත්ත පෙනුණා. ඉස්සර නොතිබුණු සූරියකාන්ත මල් යායක් ඒ හරියේ එක පෙළට නැටුවා. සුමංගලේට උඩින් මහා වැහි කළුවක් එබිකම් කළා.

“සුභා, අපරාදේ ඔයාට පුතා අරන් එන්න තිබ්බේ!” කියාගෙන පසන් කාර් එකට ගොඩවෙනකම් මම හිටියේ ඈතින් පේන ඇහැල ගස් වල මුදුන් හරියේ.

“මම අර තල් ගස් දිගේ ටිකක් එහාට යද්දී, අර නා ගහක් තියෙන හරියේ, මෙන්න එළිමහනේ මහා වඳුරු රංචුවක්!මේ සෙනඟ ගැවසෙන තැනක් කියලා වගක් නැහැ. උන් උන්ගේ ලෝකේ! අනික මේ හැමතැනම ඉන්න රිලවු නෙමෙයි, කැලෑ වල ඉන්න ජාතියේ නියම හැලි වඳුරෝ රංචුවක්. පුතා දැක්කා නම් ආසා වෙයි!ආයෙත් වෙලාවක ඒක බලන්නම එන්න වටිනවා. උන් හැමදාම ඉන්නවද දන්නේ නැහැ” පසන් වාහනේ පණ ගන්වන ගමන් දිගටම කියනවා.

ඒතරම් වෙලා ඉහිරෙන්න බලාගෙන උන්නු වැහි කළුව අකුණක් එක්කම එක සැරේ කඩා හැලෙන්න ගත්තා. ඒ වැස්ස කාර් එක ඇතුලට ඉහිරිලා පුතාවත් තෙමෙයිද කියලා මට බය හිතුණා.

“හැමදාම නෑ, සති අන්තේ විතරයි!” මම හෙමින් සැරේ කිව්වේ එතකම්ම ඇරගෙන උන්නු කාර් එකේ වීදුරුව වහන ගමන්.



pic-www.sjp.ac.lk







January 24, 2016

If you forget me | Pablo Neruda


I want you to know
one thing.

You know how this is:
if I look
at the crystal moon, at the red branch
of the slow autumn at my window,
if I touch
near the fire
the impalpable ash
or the wrinkled body of the log,
everything carries me to you,
as if everything that exists,
aromas, light, metals,
were little boats
that sail
toward those isles of yours that wait for me.

Well, now,
if little by little you stop loving me
I shall stop loving you little by little.

If suddenly
you forget me
do not look for me,
for I shall already have forgotten you.

If you think it long and mad,
the wind of banners
that passes through my life,
and you decide
to leave me at the shore
of the heart where I have roots,
remember
that on that day,
at that hour,
I shall lift my arms
and my roots will set off
to seek another land.

But
if each day,
each hour,
you feel that you are destined for me
with implacable sweetness,
if each day a flower
climbs up to your lips to seek me,
ah my love, ah my own,
in me all that fire is repeated,
in me nothing is extinguished or forgotten,
my love feeds on your love, beloved,
and as long as you live it will be in your arms
without leaving mine. 

Pablo Neruda

Dinamina 19/01/2016


January 19, 2016

partings

අත් හැරිය හැක මට
මේ නොනිමි හිරු රැස් සැර
මඟ තොට කටුක තදබද
කෙළවරක් නැති වියවුල

එහෙත් හදවත කොණ
සියුම් සුළඟක සෙනෙහස
ලේනෙකුගේ ටිං ටිං නද
සිඳුතෙරක මුදු මතකය

පිරී ඉතිරෙයි ලොව
අත්හැරිය හැකි දේ
අත්හැරම යා යුතු දේ
අත්හැරිය යුතු නැති දේ
අත්හැරිය නොහැකිම දේ




















Waskaduwa beach, Sri Lanka- Jan 2016




January 16, 2016

නැවතීම්

වියළි හුළඟක් විත්
රත් පෑ දූලි විසිරන
මද්දහන මොහොතක
තනිව මම, මඳ හෙවනක

බඩ ඉරිඟු පුස්ඹක
සුදු පැහැ දිලෙන නෙලුමක
කෝන් ගස් ගොන්නක
නතර වී මුළු ලෝකය!

January 13, 2016

රූප රාමු

කන්දක, නැම්මක
තරුණ එරබදුවක්
මීදුමක් පෙරවාගෙන
රත් මැණික් පැළඳගෙන

January 09, 2016

සඳ

















දැල් කවුළු අතරින්
පවුරු බැමි එපිටින්
පෙනේ මට මෙතැනට
මලානික සඳ මුහුණත

බෙද බෙදා නිමවී
සඳ එලිය බිඳ බිඳ
බේරේ වැව මත්තට
ලුණුගල විසල් කන්දට
පොල්හේන වෙරළට

දෙල් ගස මුදුන නැවතී
නිදි නොනිදි මැද ලතැවී




January 07, 2016

Annie’s Song | John Denver


ඔබ පුරවාලයි මා හැඟුම්, මහා වන මැද ගෙවූ රැයක්සේ
වසන්තය ආ කඳු පෙළක් සේ, මහා වැස්සක සක්මනක් සේ
කතර මැද සුළි කුනාටුව සේ, නිදිබරැති නිල් සයුරු තල සේ
ඔබ පුරවාලයි මා හැඟුම්, එන්න නැවතත් මා පුරවාලන්නට



එන්න නුඹ හට පෙම් කරන්නට, එන්න මගේ ජීවිතය දෙන්නට
නුඹේ හසරැලිවල ගිලෙන්නට, නුඹේ ඇකයේ හුස්ම යන්නට
ඉඩදෙන්න ළඟ වැතිර ඉන්නට, හැමදාම ළංවී හිඳින්නට
එන්න නුඹ හට පෙම් කරන්නට, එන්න යළි මට පෙම් කරන්නට


You fill up my senses
Like a night in a forest
Like the mountains in springtime
Like a walk in the rain
Like a storm in the desert
Like a sleepy blue ocean
You fill up my senses
Come fill me again

Come, let me love you
Let me give my life to you
Let me drown in your laughter
Let me die in your arms
Let me lay down beside you
Let me always be with you
Come, let me love you
Come love me again
Let me give my life to you
Come, let me love you
Come love me again

You fill up my senses
Like a night in a forest
Like the mountains in springtime
Like a walk in the rain
Like a storm in the desert
Like a sleepy blue ocean
You fill up my senses


Written and sung by John Denver

audio link- Annie's Song


Related Posts Plugin for WordPress, Blogger...