April 29, 2023

'Exiles' by Jane Harper

'Exiles' by Jane Harper

Published by Pan Macmillan Australia (2022)



Sometimes just a glance at the author's name on a book is enough to make the choice to read it. For me, Jane Harper is such an author. When I saw that 'Exiles', a new book by Harper was out, there was never a question of whether I would read it or not, only a matter of when.

'Exiles' is Jane Harper's fifth book. As all her books, this one too is centered around a disturbing incident set in a typical Australian setting and how its effect ripples across the community. I love how Harper incorporates descriptions about the Australian landscape and lifestyle into her stories, whether it is a footy match, food and wine festival or a simple jog around a reservoir neighbouring a vineyard. The story line in 'Exiles'  describes how relationships and secrets intertwine in a tight-knit rural community, casting shadows on the lives of all involved.

In her books, Jane Harper introduces characters and incidents to the story in a gradual and subtle way that is never taxing to the reader. 'Exiles' carries its suspense right up to the end is definitely a page-turner.  


April 27, 2023

'කෝපි' කෙටිකතාවේ රේඩියෝ හඬ මුසුව

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ගුවන් සරසවිය වැඩසටහනට මගේ 'සහස් පියවර' කෙටි කතා පොතේ 'කෝපි' කෙටිකතාව ගුවන් විදුලි නාට්‍යයක් ලෙස හඬ ගැන්වුණේ මේ විදිහටයි. 

මීට අපූරු ලෙස හඬ මුසු කළ ප්‍රසන්න චන්දන බණ්ඩාර සහෘදයාටත් ඉනෝකා බොතේජු මහත්මිය ඇතුළු ඇතුළු නිෂ්පාදන කණ්ඩායමටත් මගේ ස්තූතිය!



April 21, 2023

වසන්තය

 


අප බලාපොරොත්තු අත්හරිද්දීම 
ඇය ප්‍රමාද වූ අමුත්තියක් සේ 
සෙමෙන් ඇවිද එන්නී ය

කැලෑ මලින් සැදි 
ඇගේ ගවුමේ වාටිය 
වැස්සෙන්, මීදුමෙන් සැදි 
ඇගේ ඉරුණු වේල් පට 
ඈ පසු පස ඇදී එමිනි

ඈ අපේ දෙසවනට 
ඩැන්ඩිලයන් හුස්ම පිඹින්නීය
ඉතින් 
සීතල සිසිරයේ පැවතුම් අත්හරිමින් 
අපි ඈ ට සමාව දෙන්නෙමු

මෙතෙක් ළඟ රැඳි 
ඝන ආයිත්තම් විසිකර 
දෑත් විදහා 
ඇය ව පිළිගන්නෙමු

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක Translation of the poem ‘Spring’ by Linda Pastan

ලන්ඩන්කවි, 2023 අප්‍රේල් කලාපය
watercolour painting

1932දී උපන් Linda Pastan යුදෙව් පසුබිමක් සහිත ඇමෙරිකානු කිවිඳියකි. මාතෘත්වය, පවුලක් තුළ පැවැත්ම, අහිමිවීම්, වයස්ගතවීම්, මරණය වැනි දේ මාතෘකා කරගත් කවි ලින්ඩාගේ කවි අතර සුලබ ය. මේ වෙද්දී කවි පොත් පහලවක් පමණ පළ කර ඇති Linda Pastan, ඇගේ කාව්‍යකරණය වෙනුවෙන් විවිධ සම්මාන රාශියක් දිනාගෙන තිබේ.

April 07, 2023

ප්‍රභාතය වැඩසටහනෙන් මුණගැහෙමු

 අප්‍රේල් 07 ප්‍රභාතය වැඩසටහනෙන් මුණගැහෙමු 


facebook live from Swadeshiya Sewaya fb page 

April 01, 2023

'හෙණ' කෙටිකතාවේ රේඩියෝ හඬ මුසුව

 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ 'කෙටිකතා ' වැඩසටහනට මගේ සහස් පියවර කෙටිකතා පොතේ 'හෙණ' කෙටිකතාව තෝරාගැනීම සතුටු ආරංචියක්. ඒ අපූරු හඬ මුසුවෙන් මගේ කෙටි කතාවට අලුත් මානයක් එකතු වෙලා. 

මේ වෙනුවෙන් මගේ ස්තූතිය ස්වදේශීය සේවයේ වැඩසටහන් නිෂ්පාදිකා ඉනෝකා බොතේජු මහත්මියට.