මම Yiyun Li ගේ කෙටිකතාවක් මුලින්ම කියෙව්වේ බොහොම අහම්බෙන්. කම්මැලි මොහොතක පුස්තකාලයේ තිබුණු New Yorker සඟරාවක පිටු පෙරළද්දී තමයි මට ඈ ව මුලින්ම මුණගැහුනේ. ඒ මීට අවුරුදු කීපයකට කලින්. එදා ඒ කෙටිකතාව හොඳටම රස වැටුණු නිසා මම Li ගේ කෙටිකතා තවත් හොයන්නත්, කියවන්නත් පටන් ගත්තා.
1972 දී චීනයේදී උපන් Yiyun Li එහිදී ලබාගත් ප්‍රථම උපාධියෙන් අනතුරුව ඇමෙරිකාවේදී විද්‍යා ක්ෂේත්‍රයෙන් පශ්චාත් උපාධියකුත් නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ පශ්චාත් උපාධියකුත් සම්පූර්ණ කළ බව සඳහන්. ජීවිතයේ මහත් සේ හැලහැප්පීම් වලට ලක් වුණු Li, එක්තරා කාල වකවානුවකදී තදබලව මානසික අවපාතයට ද ලක් වූ අයෙක්. ඇගේ විශේෂත්වය තමයි ඒ වගේ දේවල් ගැන තම නිර්මාණ වල විවෘතව කතාකිරීම. 2017 දී ඈ ලියූ 'My Friend' නම් ස්වයං චරිතාපදානයේ ඈ මනසින් සුවපත් වීමේ චාරිකාව ගැනත්, 2019 දී ලියූ 'Where Reasons End, නවකතාවේ ඇගේ දරුවාගේ දිවි නසාගැනීම ගැනත් ඈ කතා කරනවා.
තමන්ගේ නිර්මාණ වෙනුවෙන් විවිධ සම්මාන රාශියක් දිනා ඇති Li, 2023 දී විදෙස් ලේඛිකාවක් ලෙස ලෝ ප්‍රකට Royal Society of Literature වෙත තේරී පත් වුණා. ඈ ලියූ නවකතා අතර A Thousand Years of Good Prayers, The Vagrants, The Book of Goose ආදිය බෙහෙවින්ම ප්‍රසිද්ධයි.
මම Li ගේ ලේඛනයට කැමති ඇගේ කතන්දර කීමේ හැකියාව විශ්මිත නිසායි. චීනයේ ගෙවූ ජීවිතයෙන් ලද අත්දැකීම් වලින් පෝෂණය වී, ඇමෙරිකාවේ අත්දැකීම් වලින් හැඩ වැඩ වුණු ඒ කතා කියවන්නාට අලුතින් ජීවිතය දකින්න මඟ කියනවා. උදාහරණයක් හැටියට ඇගේ 'A Sheltered Woman' කෙටිකතාව අලුත උපන් බිළිඳුන් කෙටි කාලයකට රැක බලාගැනීම තම රැකියාව වූ අවිවාහක මැදිවයසේ කාන්තාවක් ගැන ගෙතුණු එකක්. ඒත් ඒ කතාව යටින් පෙනෙන නොපෙනෙන හැටියට තියෙන්නේ ලෝකයේ කොයි රටකත් ගැහැනුන්ට උරුම වුණු අහිමිවීම්, හැරදා යාම්, පසු ප්‍රසව විශාදය වගේ හිත රිදවන, බිඳවන කාරණා.
A Thousand Years of Good Prayers මම කැමතිම Li ගේ කෙටිකතාවක්. චීනයේදී විද්‍යාඥයෙක් හැටියට රැකියාව කර විශ්‍රාම ගිය පියෙක් තම දියණිය බලන්න කෙටි සංචාරයකට ඇමෙරිකාවට යන ගමනයි මේ කතාවේ නිමිත්ත. තනිකමට වයස් භේදයක් නැති බව බොහොම සියුම් විදිහට කීප විදියකින්ම අපට මේ කතාව මතක් කරලා දෙනවා.
Li ගේ නිර්මාණ වල අපට නැවතිලා හිතන්න කොටස් එමට තියෙන එකත් ඇගේ ලියවිල්ලට මම කැමති වෙන්න තවත් හේතුවක්. ඒ වගේ කොටස් නිරතුරුව මතකේ රැඳිලා අපේ නිර්මාණ ත් පෝෂණය කරනවා.
“Happiness, I would tell her, is to spend every day without craning one’s neck to look forward to tomorrow, next month, next year, and without holding out one’s hands to stop every day from becoming yesterday.”
― The Book of Goose
“The happiness of love is a shooting meteor; the pain of love is the darkness following.”
― A Thousand Years of Good Prayers
ඉතින් Yiyun Li ගේ නිර්මාණ වල තදබල රසිකාවියක් වන මට ඇගේ අලුත්ම කෙටිකතා පොත Wednesday's Child දැක්කාම ඒ පොත මට කතාකරනවා වගේ දැනුණා! දෙසැම්බර් නිවාඩුවේ සාරවත් කියවීමකට ඒ පොත තෝරාගන්න ඉතින් මට දෙසැරයක් හිතන්න වුවමනා වුණේ නැහැ.
Photo- Wednesday's Child (2023) by Yiyun Li
Harper Collins Publishers
(මම Li ගේ කෙටිකතා වලට තියෙන තදබල කැමැත්ත නිසාම ටිකක් දිග වුනත් A Sheltered Woman කතාව පරිවර්තනය කළා. මේ තමයි ඒ පරිවර්තනය. මීට අමතරව Li ගේ නිර්මාණ නිසා inspire වෙලා මම කළ නිර්මාණ කීපයක් තමයි 'තුන්දහස් වසරක යාඥාව', 'වෙනත් නම් තිබුණා' )
ආන්න ජංසන්. අර පරිවර්ථන ටිකට ස්තූතියි. 👌🙏
ReplyDeleteඑතැනින් එකයි බස්සා පරිවර්තන. ඉතුරු දෙක inspire වෙලා ලියපුවා. මෙයාගේ පොත්/කෙටිකතා කියවන්න ලැබුනොත් කියන්නකෝ දැනුණු හැටි.
Deleteඅලුත් තොරතුරක්!
ReplyDeleteබොහෝම ස්තුතියි, ඒ පරිවර්තනය කියවන්න ඕනේ.
ReplyDeleteCoral - කියවලා බලන්නකෝ. සියයට සියයක්ම smooth ව පරිවර්තනය වුණා කියන්න බැහැ. Li බොහෝ වෙලාවට එක වාක්‍යයකින් දිග අදහසක් කියනවා. ඉතින් එතකොට පරිවර්තනය කරන්න ටිකක් අමාරුයි. හැබැයි එයා කතාවලට පාවිච්චි කරන නිමිති හරි නැවුම්, ඒ වගේම අතීත කතන්දර එහෙන් මෙහෙන් ගෙනත් කතාවට ලස්සනට එකතු කරනවා බය නැතිව.
Deleteමේ ලේඛිකාව ගැන කලින් දැනං හිටියේ නෑ. බොහොම ස්තූතියි අදුන්වා දීම ගැන.තමන්ගේ පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් අවයාජව නිර්මාණය කරන කලා නිර්මාණ බොහෝවිට සාර්ථක වෙනවා.-MAYYA
ReplyDeleteReplyDelete
මයියා- ඔව් ඒ අව්‍යාජ බව මම හිතන්නේ ලේඛකයෙකුට හරි වටිනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ හැමතිස්සෙම තමන්ට සිද්ධ වුණු දේවල් ගැනම ලියන්න ඕන බව. ඒත් තමන් අත් විඳපු දෙයක් ගැන නිර්මාණයක් කළා ම ඒක කියවන්නාට 'දැනෙනවා' වැඩි බව මමත් අත්දැකීමෙන් දන්නා දෙයක්
Delete