September 28, 2016

වෙනස්වීම්

මට මේ රතු රෙද්ද-හැට්ටය යන්තම් මතක ය. එය අම්මාගේ ඔසරියක් කපා නිමවූවකි. කාලයක් තිස්සේ මේ පුංචි හැට්ටය අපගේ මහගෙදර පරණ ඇඳුම් තිබුණු අල්මාරිවල ගැවසෙමින් තිබුණු බවත් මතකය. එහෙත් සිහිවටනවල වැදගත්කම වැටහෙන වයස වෙද්දී එය සොයාගන්නට නැත. මේ සේයාරුව ගනිද්දී මා හට වයස අවුරුදු හතරක් තරම් බව අනුමාන කිරීමට සිදුව ඇත්තේ ඒ අවස්ථාව ගැන කිසිම දෙයක් මගේ මතකයේ නැති වීම නිසා යි. පවුලේ අන් අයට ද මේ ගැන මතකයක් නොමැති වීම ගැන මගේ පුදුමයක් නැත. පවුලේ බඩපිස්සී ගේ ළමා පින්තූර ගැන මතක තිබීම තබා පින්තූරයක් තිබීම ම පුදුමයට කරුණකි!

මෙහි පසුබිමේ ඇති අඹ පැළය අපගේ ගෙමිදුලේ සිටුවා ඇත්තේ මා උපදින්නට ටික කලකට පෙර ය. මට මතක එය ඵල දරන කාලයයි. එහි අඹ ඉතා මිහිරි රසයෙන් යුතු විය. නෑදෑයින්ට, අසල්වැසියන්ට බෙදූ පසුත් හැම අඹ වාරයේදීම අපට රස විඳින්නට මහා අඹ කන්දක් ඉතිරි විය. අඹ ගස වැඩුණු පසු සෑම සිංහල අවුරුද්දට ම එහි ඔන්චිල්ලාවක් බැඳිනි. ‘අඹ මල් තියෙද්දී ඔන්චිලි බැඳලා ගහ හෙලවුනහම ගෙඩි හැදෙන්නේ නැහැ!’යැයි ලද විවිධ උපදෙස් ගණනකට නොගත් තාත්තා අඹ මල් පිපෙන හැම අවුරුදු කාලයකදී ම ඔන්චිල්ලාව බැන්දේය. මා ඇතිතරම් ඔන්චිලි පැද්ද අතර කිසිකලෙක අඹ පලදාව අඩු වූයේ ද නැත.

සේයාරුවේ පසුබිම ඈතින් පෙනෙන්නේ අප නිවස ඉදිරිපිට ඇති පන්සලයි. එයත් අඹ ගස මෙන්ම මගේ ළමා මතකයේ අනිවාර්ය කොටසකි. උදෑසන අවදි වූ සැණින් කවුළුවෙන් දිස් වන චෛත්‍යය ගැන මතකයත්, හවස බෝධි පූජාවට එක් වන්නට අතට වතුසුදු මල් මිටක් කඩාගෙන පාර පැන පන්සල් ගිය මතක ත්, අදත් සිතේ නොවෙනස් ව පවතී.

එහෙත් මේ වෙද්දී මා ඇතුළු මෙහි ඇති සෑම දෙයක් ම කාලය මවන වෙනසට හසු වී ඇත. පන්සල දැන් චාම් සුදු වත හැර දමා රන් පැහැයෙන් බබලයි. රන් වැට, රන් පවුරු ආදියෙන් ගහණ එයට දැන් මල් මිටක් අතට ගෙන ගොඩවෙන්නට සැදැහැ සිතක් ඇතිවන්නේ නැත. අපගේ මහගෙදර ද දැන් අන්සතු වී ඇත. එය සිදුවූයේ දෙමව්පියන් පදිංචියට පිටරටට සංක්‍රමණය වෙද්දී ය. අලුත් හිමිකරුවන් මේ අඹ ගස කපා දමා ඇත. දැන් මේ ගෙවත්ත වල් බිහිවී ඇත. කාලය පැමිණි විට ජීවිතය ද අත් හල යුතු නම් ගේ දොර, ගහ කොළ ආදිය අත්හැරීම ඒ මඟෙහි ම එක් පියවරක් පමණක් බව සිතීමෙන් ඒ ගැන පපුවේ දැනෙන සියුම් රිදුම තුනී කර ගත හැක.

මා ද දැන් මේ රුවින් සම්පූර්ණයෙන් වෙනස් බව විශේෂයෙන් කිව යුතු නැත. මගේ කොණ්ඩය මෙලෙස ‘කොලු කට්’ එකක් කපා සිටි කාලයක් මතක නැත. එහෙත් මේ සිනහව නම් මම වෙනත් මුවක නිතර දකිමි. ඒ  දඟ වැඩක් කර අතටම අසු වූ විට මා පුතුගේ මුවිනි.  එවන් විටක, ඔහු එක්තරා විදිහකට ‘මා ම බව’ දැනී මොහොතක් හදවත නවතී. මෙය ලියද්දීත් ඔහු මා අසල දැවටෙමින් හිඳී. ඇයිදැයි ඇසූ විට ‘යමු ද අම්මා සෙල්ලම් කරන්න?’ ඔහු අසයි. තමන්ගේ ස්ථිර සෙල්ලම් සගයා ලෙස අම්මා ව තෝරාගෙන සිටින ඔහු හා හැංගිමුත්තමට, බැඩ්මින්ටන් ගැසීමට, කාර් රේස් ට්‍රැක් තැනීමට, රසකැවිලි සැදීමට මා ද එක්වන්නේ මහත් රුචියෙනි. එබැවින් සමහරවිට අන් හැම දේම වෙනස් වූවත් මේ සේයාරුවේ එක් දෙයක් වෙනස් වී නැති ව තිබීමට ඉඩ ඇත. සමහරවිට මෙහි සිනාසෙමින් සිටින කුඩා දැරිය එලෙසම මා තුළ අදත් ජීවත්වනවා විය හැක. 



September 27, 2016

රකුසා පිළිබඳ සත්‍ය


























the truth is this
every monster you have met
or will ever meet,
was once a human being
with a soul
that was as soft
and light
as silk
someone stole
that silk from their soul
and turned them
into this
so when you see
a monster next
do not fear
that thing before you
fear the thing
that created it
instead

-Nikita Gill.
දිනමිණ- වසත් සුළඟ 27/09/2016 



September 21, 2016

සමනල



























-The monarch butterfly, though vibrant in colour, is poisonous.

ඉහිරෙනා හිරු බිඳක පැහැය වෙමි
ගන අඳුරු මැදියමක අඳුර වෙමි
හිම මිදෙන සීතලක
දෑස් තරයේ පියා 
හෙටක එන වසත් කල සැරිසරමි

ඇඟිලි තුඩු මත නතර වී රැඳෙමි 
සිනහවක් දෙතොල රහසේ තබමි 
විසැති මුදු සිහිනයක 
පාට තවරා හදක 
නොලියවෙන කවියක් ව තටු සලමි

drawn with MS paint




September 20, 2016

ප්‍රතික්ෂේපය



























Beloved,
.
In what other lives or lands
Have I known your lips
Your Hands
Your Laughter brave
Irreverent.
Those sweet excesses that
I do adore.
What surety is there
That we will meet again,
On other worlds some
Future time undated.
I defy my body's haste.
Without the promise
Of one more sweet encounter
I will not deign to die.

Maya Angelou

දිනමිණ වසත් සුළඟ 20/09/2016 

September 17, 2016

touched by beauty
























birdsong echoes
across the emptiness
staccato and shrill
uplifting and sad
just beyond the window
slowly ripples the lake
each wave graceful
each touch sublime

for a moment I pause
mid-thought,mid-step
a long drawn breath
a bruised aching heart
feeling infinitesimal
humbled by beauty
in a universe so vast
 
photo- a symphony outside my window, Lake Tekapo- New Zealand, Sept 2016




September 14, 2016

නුඹ ගිය පසු




























Little Words

When you are gone, there is nor bloom nor leaf,
Nor singing sea at night, nor silver birds;
And I can only stare, and shape my grief
In little words.

I cannot conjure loveliness, to drown
The bitter woe that racks my cords apart.
The weary pen that sets my sorrow down
Feeds at my heart.

There is no mercy in the shifting year,
No beauty wraps me tenderly about.
I turn to little words- so you, my dear,
Can spell them out.

— Dorothy Parker

දිනමිණ, වසත් සුළඟ- 13/09/2016 




September 11, 2016

උණුහුම



























හිම සුනු ඉහෙන හීනෙක 
ගං ඉවුරතක නවතිමි 
ඉපල් අතු ඉති අතරින් 
ඉහිරෙන හිරුගේ දැවටෙමි 
ලෝකය මිදී ගල් වුණු 
විරාමයකදී හිනැහෙමි 
හදවතේ ගැඹුරුම තැන 
නුඹේ උණුහුම හඳුනමි 


Photo-Roadside stream near Hanmer Springs, New Zealand- Sept 2016

September 07, 2016

ඇස ගැටෙන තෙක් සයුර
































Until I saw the sea
I did not know
that wind
could wrinkle water so
I never knew
that sun
could splinter a whole sea of blue
nor
did I know before,
a sea breathes in and out
upon a shore
- Lilian Moore

දිනමිණ වසත් සුළඟ- 06.09.2016 

September 02, 2016

වසත් කල එළඹෙද්දී..























තුරු හිස් වසා එක ලෙස
පිපෙන හැම සුදු මලක ම
පෙති අතර සඟවා ඇත
අකුරු එක එක, කවියක

වලාකුලකුදු නොමැතිව
දිදුලන විසල් අහසක
නිල් පැහැයේ මුහු කර ඇත
මඟහැරුණු වදනක තෙත

දවස මැද හිස් ඉඩකට
ගැඹුරු නින්දක හුස්මට
නොදැනී දැනී මුහු වෙමි
මතකයේ දුහුල් පැහැ ගෙන

සිනහවක් තවරනු මැන
අඳුරු අවපස අහසක
නිදි නොමැති රෑ මැදියම 
දකින්නට තරුවක් ලෙස

photo- spring in Melbourne