December 13, 2016

මගේ කවිය නුඹ






























You, My Poem
I count the syllables
of your laughter
and wait for the line breaks
of your long deep breaths.
I may be a writer
but you are a poem
and you spill out like ink
onto the paper of our days.

-Tyler Knott Gregson

Dinamina Wasath sulanga, 13/12/2016



December 12, 2016

සඳ!



දුරක දිදුලන සඳවත
නතර වී හදවත මැද
මුමුණමින් මුදු තනුවක්
අඳුරු නැති අහසක් ගැන
සිනහවක් තවරනු මැන
වළාවක දුර විහිදෙන
අමාවක දවසක වුව
එළි තිතක් හද රඳවන


December 10, 2016

when lilies bloom

ලිලී මල් අහුරක
මත් සුවඳ විසිරීයන
හෝරාව මෙය වේ
කහ පැහැති හැන්දෑවක

ඇඟිලි පටලවමින්
සෙවනැලි ඇදේ ළඟටම

තැන තැන පිපෙයි කළුවර

පාට රැස සේදී ගිය
අඩසඳ නිදයි අහසක
කොපුලතක සීතල
තවම මතකයි වැස්සට























December 06, 2016

තනිකම


































I know all about loneliness
I know the sound
of nothing, for hours,
days and the startling realization that
my voice hasn’t been used,
not once,
for hours, for days
I cannot be threatened with its return
We’re old friends
Who survived the trenches
Together who charged the fields
Who would again

-Tyler Knott Gregson

දිනමිණ, වසත් සුළඟ 06/12/2016 

December 03, 2016

Dreams

when time stands still
and the distance, infinite
the bird call, I will be
in the gray of passing night
when the dawn is golden
and mist blends with the light
a blurred dream, I will be
that vanishes out of sight


-drawn with MS paint




November 29, 2016

දනිමි මම
























to know that I miss you
so much when you leave
to know that I need you
as the air that I breathe
to know that I want you
with a passion so blind
is to know that I love you
with no doubt in my mind

- Lang Leav

දිනමිණ, වසත් සුළඟ 29/11/2016 

November 25, 2016

වලාකුළක් නැති අහසක්




'වලාකුළක් නැති අහසක් ඈතින් දුටුවා'-නන්දා මාලිනී

හිස් ම හිස් දුර අහසක
දිදුලන නිලයි නුඹ මට
කළුවර පිරුණු පසුවද
දෑසේ එළිය තවරන


එන්න,
හදවතේ හිස්තැන් මැද
මුදුව පා සටහන් ඇඳ

කොතෙක් වර මිමිනූවද
නොසෑහෙන ගීතය නුඹ
දහස්වර නෙත මැවුනද
නොගිලිහෙන හීනය නුඹ






November 24, 2016

කුඩා කතන්දර

































No one warns little girls
how boys with such pretty eyes
who smell like smoke,
who taste like rain,
who talk like silver,
are reasons behind
tear soaked pillows,
half finished poems
and so many sad dreams.

- Nikita Gill




November 22, 2016

අරලිය
















අඳුරු අළු අහසක් යට
තුහින ඉහිරෙන විට වුව
ඉඳහිට පිපේ සෙනෙහෙන්
හදට හුරු මුදු මල් රැස

කතා දහසක් කියමින්
සිනා සහසක් මවමින්
පිපෙන විට හදවත මැද
සිහිනෙක දැනේ සුවඳ ද



November 19, 2016

හීන


අහස කැළඹී හඬමින්  
අසනි වැහි ඉහිරෙන විට
ගැඹුරක මුදුන් මුලකින් 
උරා ගත් හීන ද ඇත 

සිය දහස් මල් මියයන
ගිම්හානයක කෙළවර
තුරු හිසක ඒ හීන ම 
මලක් වී උපදිනු ඇත


Picture drawn with MS Paint

November 16, 2016

ජ'පුරට ආයෙමත්





කැම්පස් එකේ අන්තිම අවුරුද්ද වෙද්දී මම නම් හිටියේ ඇතිවෙලා. තුන්වේලම කඩෙන් කාලා, සතිඅන්තෙත් ගෙදර නොගිහින්, හරිහමන් නින්දක් නැතිව පාඩම් කරලා, හෙම්බත් වෙලා හිටියේ. අන්තිම විභාගේ, අන්තිම විෂය ඉවරවෙන දවස ගැනයි මම ඇඟිලි ගැන්නේ. 

"මම නම් ඉන්නේ අන්තිම පේපර් එක ලියලා මෙතැනින් පිටවෙන්නේ කොයි වෙලේද කියලා!"
පාඩමක් අහගන්න හෙවත් කුප්පියක් දාන්න එකතු වුණු වෙලාවේ මම අපේ මිතුරු සංගමයට කිව්වේ නොරිස්සුමෙන්. මට මතක හැටියට ඒ ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව වගේ එපා කරපු විෂයක්. 

"බොට එහෙම හිතෙන්නයි අපිට මේක දාලා යන බැහැ කියලා හිතෙන්නයි ඇයි දන්නවද?"
කසයා මැදට පැනලා ඇහුවා. හැම දෙයක් ගැනම කියන්න මොනවාම හරි දෙයක් කසයා ට තිබ්බා. "උඹ මේකේ ඇතුලේ කොක්කක් ගැහුවේ නැහැ.. අපි ගැහුවා! ඒකයි වෙනස!!අවුට් නොවී මේක ඇතුලටම වෙලා මල් කඩ කඩ ඉන්න හිතෙනවා අපිට නම්!"

විහිළුවෙන් වුනත් කසයා කී දේ ඇත්ත. මම කැම්පස් එක ඇතුලේදී ආදරයක පැටලිලා හිටියේ නැහැ. ඒ නිසාද කොහේද ඉගෙනගැනිල්ලට අමතරව කැම්පස් එකට මාව ඇදලා බැඳලා තියාගන්න දෙයක් තිබ්බේ නැහැ. පිටවුණාට පස්සේ ආයෙත් ඊට නෑකමක් කියන්න, සම්බන්ධකමක් තියාගන්න, මතක් කරලා හීන මවන්න හේතුවක් තිබ්බේත් නැහැ. මේ පහුගිය අවුරුදු දාහතරටම ආයෙත් ඒ පැත්තේ ගියේ වත් නැහැ!

ඉතින් මෙහෙම බොහොම දුරස්ථ මතකයක් වුණු තැනකින් ආයෙත් හදිසියේ පොඩි ආමන්ත්‍රණයක් වගේ දෙයක් ඇතිවුනහම දැනෙන්නේ පුදුමයක්. ඒකාලේ එකට පාඩම් කරපු, කුප්පි දැම්ම මගේ මිතුරියක් දැන් කැම්පස් එකේ ආචාර්යවරියක්. ඈ ඇතුළු තව බොහෝ දෙනෙකුගේ මහන්සියෙන් අපේ අධ්‍යනාංශයේ වත්මන් හා ආදි ශිෂ්‍ය නිර්මාණ ඇතුලත් සඟරාවක් පළ කෙරෙනවා. මම ලියන පුංචි දේවල් දැකලා තිබුණු මගේ මිතුරිය, පවිත්‍රා- මේ සඟරාවට මගේ නිර්මාණ එවන්න කියලා මට පණිවිඩයක් එවලා තිබුණා. 'අනේ ඉතින් අපි ලියන ඒවා ඕවාට හරියයි ද, දැන් අවුට් වෙලාත් කොයිතරම් කල් ද..!' කියන සිතුවිල්ලෙන් මම ටිකක් අදි මදි කළා. ඒත් පවී ගේ පෙරැත්තයෙන් බේරෙන්න මට ඉඩක් ලැබුණේ නැහැ. අන්තිමට මම බ්ලොග් එකේ ලින්ක් කීපයක් ඇරලා කැමති නිර්මාණයක් තෝරාගැනිල්ල ඈට ම  පවරලා ඇඟ බේරාගත්තා. දහසක් වැඩ තියෙද්දී මගේ බ්ලොගය පීරලා පවිත්‍රා මගේ සති අන්ත කෙටිකතාව තෝරාගත්තා. කැම්පස් එක ගැනම ලියවිලා තිබුණු කතාවක් නිසා ඒක කියවන අයට සමීප වෙයි කියලා ඈ කිව්වා. කසයා කිව්වා වගේ මට ඒකාලේ 'කොක්කක්' නොතිබ්බට මේක කැම්පස් එකේ උන්නු ආදරවන්තයන් දෙන්නෙක් ගැන මම ලිව්ව කතාවක්. කරුණාසේන ජයලත් ගේ 'සතීගේ කතාව' එක හුස්මට කියවලා 'කැම්පස් කතාවක් ලියන්න' පිස්සුවක් හැදිලා ලිව්ව කතාවක්.  

කාලය ගතවෙලා මට මේ සඟරාව ගැනයි කෙටිකතාව ගැනයි අමතකම වෙලා ගියා. සඟරාවට ලිපි තෝරන කමිටුවෙන් මගේ කතාව තෝරාගෙන කියලා පවිත්‍රා මට ලියලා එවලා තිබුණාමයි මට ආයෙත් ඒ ගැන මතක් වුණේ. මට පුදුමත් හිතුනා. ඒ වගේ දේකට මම ලංකාවෙන් පිට බොහොම දුරක හිඳීමත්, ගතවුණු කාලයත් වැදගත් නැහැ කියලා මට තේරුණා. ඉතින් ඉස්සර දවසක කසයා කිව්ව විදිහටම නැති වුණත්, අවුරුදු ගානකට පස්සේ ආයෙත් කැම්පස් එකත් එක්ක පුංචි බන්ධනයක් ඇති වුණා වගේ දැනෙනවා. 

ඉතින් මේ තමයි පවිත්‍රා මට එවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලේ, රාජ්‍ය පරිපාලන අධ්‍යයනාංශයයෙන් පළ කරන Classic සඟරාවේ පස්වෙනි  කලාපය. මගේ කතාව තියෙන්නේ 51 පිටුවේ. පවිත්‍රා ඇතුළු සඟරාවේ සංස්කරණ කමිටුවට-ස්තූතියි!! 

November 15, 2016

ප්‍රතික්ෂේපය





























Beloved,

In what other lives or lands
Have I known your lips
Your Hands
Your Laughter brave
Irreverent.
Those sweet excesses that
I do adore.
What surety is there
That we will meet again,
On other worlds some
Future time undated.
I defy my body's haste.
Without the promise
Of one more sweet encounter
I will not deign to die.


-Maya Angelou

දිනමිණ- වසත් සුළඟ අතිරේකය 15/11/2016 



November 11, 2016

on long days

අහසක් තරම් පැහැදුල්
රහසක් තරම් මනකල්
සයුරක් තරම් සුවිසල්
පැතුමක් ව ඉපැදිය හැක

ගිලිහුණු පතක නැම්මක
දිය සිඳි බිමක, පැල්මක
බැස යන සඳක කැල්මක
කවියක් ව ලියැවිය හැක



pic- Story of leaves and flowers by Shihya Kowatari 




November 06, 2016

Sisters



“so what was it like
to grow up with sisters?”
asks my little boy
the one and the only

“sisters!” I exclaim
trying to sum it up
where does one start?
can one even describe?
“did they drive you nuts?”
asks the cheeky one
impatient for answers
needing black and white
“yeah they sure did”
I join his joyous laugh
“though I drove them nuttier!
I am sure I must have!”
he wanders away sated
back to his compact world
of cuddles unrivalled
and attention absolute

I am left alone
to ponder the murky depths
of siblinghood divine
the membership for life

the duels and the spats
‘you were adopted’ stories
shared bedrooms and lives
and the ‘just being there’ times

how do you summarise
a caring so deep
we hardly ever show
and never express in words?
with a sigh I give up
with no answer defined
just knowing  that with sisters
life hurts a bit  less


picture drawn with MS paint




November 03, 2016

empty spaces
























"වැඩියෙන්ම කතාකළ දවසට
වැඩියෙන්ම පාලු ඇයි ගියාම?"

හිස් ම හිස් අහසක
දේදුන්න දිදුල දුන් දවසක
කළුවරට පසුවත්
දෑස් යට පිපෙනවා පාට හත


හිම ඉහෙන හවසක
හීතලට හේබෑව නිම්නෙක
එකම රතු බිම්මලක
උණුහුමක් ඇති දිග ම කල්පයට


Photo- Lewis Pass, New Zealand. Sept 2016



November 02, 2016

තෝරා ගනිමි නුඹව







































I choose you again and again
at the start and finish
of every single day
no matter what the season
no matter what the year


I choose you
to struggle and succeed with
to fight and make up with
to love and grow old with


I choose you
knowing there are still trails
we must travel
knowing there are mountains
left to climb


I choose you
to always be by my side


-Tyler Kent White

දිනමිණ -වසත් සුළඟ අතිරේකය - 01/11/2016




October 31, 2016

යන්නම් අක්කා


"මාසෙක සල්ලි කළින් දෙන්න ඕන, කෑම දෙන්නේ නැහැ, හීටර් ගහන්න බැහැ, ෆ්ලාස්ක් එකක් දුන්නොත් දවසට දෙසැරයක් උණු වතුර දෙන්න පුළුවන්." අලුත් බෝඩිමේ ඇන්ටි එක හුස්මට කට පාඩමින් කීවා ය. 

ඒ සරසවියේ පළමු වසරේ මැද භාගයයි. මාත් මගේ අතිජාත මිතුරිය දිලිනිත් නවාතැනක් සොයමින් අසරණ ව පසු වූයේ අපගේ පළමු බෝඩිමේ අයිතිකරුවන් තකහනියක්ම ගෙවල් දොරවල් කුලියට දී ඈතක පදිංචියට යාමට තීරණය කළ නිසාය. වසර මැද තියා වසර මුල වත් බෝඩිම් සෙවීම ලේසි නැත. කටින් කට ලැබුණු ඔත්තු අනුව අප මේ පැමිණ සිටියේ දොළොස්වන තැනටයි.  

"හරි හරි ඇන්ටි, අපි කැමතියි! අපිට කාමරේ බලන්න පුළුවන් ද?" ඇන්ටිගේ නීති මාලාව හරිහැටි කණට නොගෙන මා විමසුවේ මේ බෝඩිම වත් හරියන ලක්ෂණ පෙන්නුම් කිරීම පිළිබඳව ප්‍රීතියෙන් ඉපිලෙමිනි. අඳුරු කොරිඩෝවක කෙළවර, යුගල ඇඳක්, තනි ඇඳක් කුඩා මේසයක් සහ පුටුවක් ඉතා අමාරුවෙන් සිර කළ කාමරයක් අපට දක්නට ලැබිණි. එය කෙතරම් කුඩා ද යත් සෑම ගෘහ භාණ්ඩයක්ම අඩුම ගණනේ තවත් දෙකක වත් ගෑවෙන තරම් විය. නමුත් ඒ නිවසේ  සුරක්ෂිත බවත්, අප ගේ තදබල අවශ්‍යතාවයත් නිසා අපි ඊට කැමැත්ත දුන්නෙමු. 

"අනිත් ඇඳේ කවුද ඇන්ටි ඉන්නේ?" පසුදාම පදිංචි වන්නට පොරොන්දු වී යන්නටත් ගොස් ගේට්ටුව ළඟදි හදිසියේ සිහිවී දිල් බෝඩිමේ ඇන්ටි ගෙන් විමසුවා ය. 

"ආ.. ඒකෙ ඉන්නේ මිහිරි නේ.. ඔයගොල්ලෝ දන්නවත් ඇති.. අර ෆයිනල් ඉයර්.." ඈ පැවසුවාය.
සිසුන් දහ පහළොස් දාහක් උගෙනගන්නා සරසවියක 'ෆයිනල් ඉයර් මිහිරි තබා ඒ වෙද්දීත් අපේම බැචාලා බැචීලා පවා අප හරිහැටි නොහැඳිනූ බව ඇන්ටි නොදැන සිටින්නට ඇත!

පසුදාම අපි අපගේ ලට පට ගෙනැවිත් අලුත් නවාතැනේ පදිංචි වූයෙමු. ඇඳුම් මලු සහ පොත් පත් සහිත පෙට්ටි ඇඳ යට තබනවා හැරෙන්න වෙන විකල්පයක් නොවීය. එහෙත් තනි ඇඳත් ඒ අවටත් මනුස්ස වාසයක ලක්ෂණ නොවිය. 

"කවුද බං මේ ෆයිනල් ඉයර් මිහිරි? ඇඳුමක් කැඩුමක් අඳින්නේ නැති හොල්මනක් ද?" අස් පස් කිරීමෙන් අනතුරුව තනි ඇඳ යටට එබී බලා දිල් විමසුවේ විමතියෙනි. එහි වූයේ කාඩ්බෝඩ් පෙට්ටි දෙකක් පමණි. 

"අපිට මොකෝ, හොල්මනක් වුනත් කමක් නැහැ රෑට ගොරවන්නේ නැත්නම් එච්චරයි මට නම්!" අපගේ අලුත්ම ෆ්ලාස්කුව සිය පළමු උණුවතුර චාරිකාව සඳහා සුදානම් කරමින් මම පැවසුවෙමි. 

"අනේ ඔව්, එහෙම වුනොත් මට උඹ හීනෙන් කියෝන එව්වා අහන් ඉන්න තමයි වෙන්නේ නැත්තේ!" දිල් සිනාසුනා ය. 

එදා මිහිරි බෝඩිමට සැපත් වෙද්දී රෑ බෝවී තිබුණි. උස මහත එකියක් වූ ඈට තනි ඇඳ තරම් වූවා නම් ඒ යන්තමිනි. අප දෙස යන්තම් බලා "ආ!" කී ඇය ආ පයින්ම යළිත් කාමරයෙන් පිටවී ගියා ය. ඈ නැවත පැමිණියේ කොත ගැසූ බත් පිඟානක් ද අතැතිව යි. ෆස්ට් ඉයර්-සිල්ලර-අපට නැතත් 'ෆයිනල් ඉයර් මිහිරි' ට බෝඩිමෙන් කෑම සැපයෙන බව අප දැනගත්තේ එවිට යි. කෑම කා අවසන් ව ඇඳ යට තිබුණු එක් පෙට්ටියකින් රෑ ඇඳුමක් ගෙන ඇඳගත් ඈ, එතෙක් ඇඳ සිටි ඇඳුම් අනිත් පෙට්ටියට දැමුවා ය. සුහද කතාබහකට මාත් දිල්ත් දැරූ සියලු උත්සාහයන් වචනයෙන් දෙකෙන් ව්‍යවර්ථ කළ ඈ එකම මේසය තනි සන්තකයට ගෙන පොත් පත් දිගහැරගෙන පාඩම් කරන්නට විය. 

"what the.....?" 

සාමාන්‍යයෙන් බොහොම නිවුණු ගති ඇති දිල් මගේ කණට කර කෙඳිරූ විට මා සිනහව නවත්වාගත්තේ ඉතා අපහසුවෙනි. එක්කෝ මිහිරි ට අප ගැන බෝඩිමේ ඇන්ටි කළින් කියා නැත. එක්කෝ අප පැමිණීමෙන් සිදු වූ ඇගේ නිදහස සීමා වීම පිළිබඳ ඈ අකමැති ය. ඈ හැසිරුනේ අප ඇගේ අවධානය යොමු කිරීම තරම් නොවටිනා පුද්ගලයන් ලෙසයි. නොරිස්සුමකට කිට්ටු ඇගේ නිහඬබව ළඟ අපගේ හුරුපුරුදු කචබචයත් ගොළු විය. එතැන් සිට ගතවූ සෑම දිනක්ම ඒ ආකාරයටම ගත විය. මිහිරි ගේ දේශණ පැවැත්වුණේ හවස් වරුවේ බැවින් ඇය උදය වරුවේ රැකියාවක නියැලුණා ය. ඈ ඒ සඳහා පිටත් වූයේ අප බෝඩිමෙන් නික්මුණු පසුවයි. එබැවින් මිහිරි සිටිනා උදය වරු ත් රාත්‍රියනුත් බෝඩිම් කාමරයෙහි වූයේ  මළගෙදරක නිශ්ශබ්දතාවයකි.

මිහිරිගේ හැසිරීම් හමුවේ මෙසේ මුනිවත රැකීම කෙසේ වෙතත් සිනා වළකා ගැනීම නම් ඉතා දුෂ්කර විය. උදෑසන රැකියාවට යෑමට ලක ලැහැස්ති වන ඇය, ඇඳ යටින් ඇගේ කිලිටි ඇඳුම් සහිත කාඩ්බෝඩ් පෙට්ටියෙන් ඇඳුම් දෙක තුනක් පිටතට ගනී. ඒවා එකින් එක නහයට ලං කර බලා එදාට අඳින්නට එක් ඇඳුමක් තෝරා ගනී. ඒ ඇඳුම් සබන් සහ වතුර දුටුවේ කලාතුරකිනි. පිරිසිදුකම ඇදහූ දිල් මේ ක්‍රියාවලිය දෙස මුලදී බලා සිටියේ ක්ලාන්තයෙන් මෙනි. මිහිරි සතුව තවත් අමුතු පුරුද්දක් විය. එනම් පාඩම් කරන අතරතුර ඇගේ දිගු වරලස එක් කර කඩදාසි අමුණන බුල්ඩෝග් ක්ලිප් ගැසීමයි. ඒවා ඇය රැකියාවටත් පැළඳගෙන යන බව දුටු පළමු දවසේ අපට හුස්ම ගැනීමට පවා අමතක විය!

රාත්‍රී හත අට වන්නට පෙර කතා කළ යුතු සියලුම දේ කතා කර නිම කිරීමට ත්, ඊටපසු සියලු සන්නිවේදන හස්ත මුද්‍රාවෙන් කිරීමටත්, පාඩම් කිරීමට මේසය නොලැබෙනා බැවින් සියලු පාඩම් කටයුතු, ලිවීම් කියවීම් ඇඳේ සිටම සිදු කිරීමටත් දිල් ත් මාත් බොහෝ ඉක්මණින් හුරු වූයෙමු. එය අපට එක්තරා ආකාරයක විනෝදයක් විය. එහෙත් මිහිරි අපව 'ගණන් නොගැනීම' දිල් ගේ නිරන්තර කෝපය ට හේතු විය. 

"එයා හිතන් ඉන්නේ එයා වික්ටෝරියා රැජින කියලා වෙන්නැති.. මාර උණක් නේ අප්පා තියෙන්නේ.. ඇඳුම් හෝදන්නෙත් නැතිව මෙතන!!" බෝඩිමේ සිට සරසවියට යන එන අතරතුර ඈ මිහිරි ට දෙස් දෙවොල් තබන්නීය. 

"වික්ටෝරියා මළා නේ බං, දැන් ඉන්නේ එලිසබෙත්!" මා පවසන්නේ ඈ ව අවුස්සන අටියෙනි. "මටත් හිතයි ඇඳ යට පෙට්ටියක් තියන් ඒකට ඇඳුම් දාන්න!"

"ඒ ඉතින් මාත් එක්ක එක ඇඳේ නිදාගන්න අන්තිම දවස!" දිල් තර්ජනය කරන්නේ එතෙකුදු පහ නොවූ කෝපයෙනි. 

දිල් ගේ ඉවසීමේ සීමාව ඉක්මවමින් පැවතුණු බව මට නො වැටහුණේ මා නම් මිහිරි ගේ හැසිරීම් නොසලකා හැර දමා තිබුණු නිසා ය. එහෙත් දිල් නම් මේ කෝන්තරය සිතින් අස් කරගෙන  තිබුණේ නැත. දිනක් අප උදෑසන සරසවි යෑමට යද්දී, මිහිරි සිටියේ යාබද නාන කාමරයේය. ඈ නෑමක් හෝ ඇඟ සේදීමක් කරමින් උන් බව එතුළින් ඇසුණු ශබ්දයෙන් පැහැදිලි විය. හදිසියේම නාන කාමරය අසල නතර වූ දිල්, එහි දොරට තඩි බාන්නට විය. 

"මේ මොකද බං? පිස්සුවක් හැදිලා ද උදේ පාන්දර?" මා ඈ ව ඇදගෙන යෑමට උත්සාහ දරමින් රහසින් කෙඳිරුවෙමි. මට පිළිතුරු නොදුන් දිල් නොනවත්වාම දොරට ගසන්නට විය. 

නාන කාමරය තුළ ජලය ඉහිරෙන හඬ නැවතිණි. මිහිරි ට මේ ගාලගෝට්ටිය ඇසී ඇත. 

"ඇයි ඇන්ටි.. කෝල් එකක් ද?" මිහිරි සිය මිහිරි හඬින් විමසුවාය. බෝඩිමේ දී ඈ කතා බස් කරන්නේ නිවැසියන් සමඟ පමණක් බැවින් ඈ මේ උපකල්පනයට එළඹෙන්නට ඇත.

"ඇන්ටි නෙමෙයි අක්කා, මම දිලිනි, අක්කගේ එහා ඇඳේ ඉන්නේ..." 

ඉන්පසුව එළඹුණේ මඳ නිහැඬියාවකි.

"ආ.. ඇයි?" එවර මිහිරි ඇසුවේ එතරම් මිහිරි නැති හඬකිනි. 

"අපි මේ අක්කාට යනවා කියලා කියන්නයි කතාකළේ. අපි කැම්පස් යන්න කියලා..උදේ ලෙක්චර් ඒකට.."

තවත් දිගු නිහැඬියාවක් පැතිරිණි. මේ මොන කෙහෙල්මලක් දැයි මිහිරි සිතමින් ඉන්නට ඇත. දිල් අසල සිටි මා සිනාව සිර කරගත්තේ ඉතා ආයාසයෙනි.

"හා.. එහෙනම් ගිහින් එන්නකෝ" ටික වෙලාවකට පසු නාන කාමරය තුළින් ඇසුණේ යන්තමින් මෙනි.

"එහෙනම් අක්කේ අපි යනවා, බුදු සරණයි!" දිල් නැවතත් හඬගා පැවසීය. 

එවර නම් ඈව එතනින් ඇදගෙන දිව යාමට මම සමත් වුණෙමි. 

නිවසේ ගේට්ටුවෙනුත් පිටතට දිවගෙන ගොස් ඇති තරම් සිනාසුණු පසු "මොකාද උඹට වැහුණේ හදිස්සියේ?" යැයි මා දිල් ගෙන් ඇසුවේ විමතියෙනි. දිල් සාමාන්‍යයෙන් නම් කිසිවෙකුගේ හිත නොරිද්දන, ප්‍රසිද්ධියේ අපහාස උපහාස නොකරන නෙනෙකි. 

"ඇයි ඉතින් මම නරක දෙයක් කළා යැ, එයාට යන්නම් කියලානේ කිව්වේ!" ඈ කිසිත් නොදත් තාලයට කීවත් ඇගේ මුවේ පැතිරුනේ ජයග්‍රාහි සිනහවකි.

"යන්නම් තමයි.. දැන් කොහොමද හවසට මූණ බලන්නේ?" 

"ආ.. බය වෙන්න එපා... අදත් හවසට එයා අපේ මූණ බලන්නේ නැහැ!" දිල් කීවේ බොහොම තිරසාරව ය.

"එහෙනම්?" 

"බලන්නකෝ මොකද වෙන්නේ කියලා පැහෙන්නේ නැතිව! දැන් යමු යමු.. අට පහු වෙයි අද නම් කන්ද නගිනකොට!" කියා දිල් ඒ කතාව අවසාන කළා ය.

දිල් කී පරිදිම එදින හවසත් මිහිරිගේ හැසිරීමේ කිසිම වෙනසක් වූයේ නැත. ඇය සුපුරුදු ලෙසටම අප කාමරයේ නැතැයි සලකා ඇගේ වැඩකටයුතු කළාය. දිල් ද කිසිවක් සිදු නොවූ මෙන් හැසිරුණා ය. මේ පිස්සියන් දෙදෙනාට වඩා පිස්සු තිබෙන්නේ මටදැයි සිතෙන තරමට සියලු දේ අති සාමාන්‍ය විය. එහෙත් ඊළඟ දිනයේදීත් පෙර ජවනිකාව ම රඟ දැක්විණි. එකම වෙනස වූයේ මෙවර මිහිරි නාන කාමරයේ දොරට තට්ටු කළ සැණින් ම "ඇයි?" යැයි උස හඬින් ඇසීම යි. ඒ තර්ජනාත්මක ස්වරයෙන් පසු නොබෑ දිල් පෙර සේම "අපි එහෙනම් ගිහින් එන්නම් අක්කේ.. බුදු සරණයි!" කියා ඇද පැද පැවසීය. බොහෝ ඉක්මණින් මෙය අපගේ දින චරියාවේ කොටසක් විය. මෙය වළක්වා ගැනීමට මිහිරි ට බොහෝ වුවමනාකම තිබෙන්නට ඇත. නානකාමරයට යන වෙලාව වෙනස් කිරීමෙන් එය බොහෝ පහසුවෙන්  සිදු කරන්නට ඇයට ඉඩ තිබිණි. එහෙත් එක්කෝ අප නිසා ඇගේ දින චරියාව වෙනස් කිරීමට ඇති අකමැත්ත හෝ එසේ කළහොත් දිල් ඊළඟට මොනවා කරාවිදැයි ඇති දෙගිඩියාව නිසා හෝ ඇය මෙය වළක්වන්නට කිසිවක් නොකළා ය. නානකාමරයේ දොරට තඩි බාන අවස්ථාවල පිළිතුරක් නොදී සිටීමට වුව ඈට හැකියාව තිබුණත් කුමන හෝ හේතුවකට ඈ එසේ කළේ ද නැත. එබැවින් කාමරයේදී එකදු වදනක් කතා නොකළ අප තිදෙනා නානකාමරයේ දොර හරහා දිනපතාම ඉතා සුහද ව එකිනෙකාට සමු දුන්නෙමු. මේ තත්ත්වය දිල් ට ඉමහත් සතුටට කාරණයක් විය. 'මිහිරි ට පාඩමක් ඉගැන්වූවා' යන අදහසින් ඈ උද්දාම වී සිටියා ය. මිහිරි අප ව ගණන් නොගෙන පෙන්වූ ගණන්කාරකමට මෙය ඉතා අවිහිංසාවාදී ප්‍රහාරයක් බව මටත් පිළිගන්නට සිදු විය. මේ ජයග්‍රහණයේ ප්‍රීතිය නිමිත්තෙන් අපි මිහිරි ව 'යන්නම් අක්කා' ලෙස නම් කර ඈ නැති තැන එලෙස ඈව ඇමතුවෙමු. 

'ඒයි අද යන්නම් අක්කා පරක්කුයි, ගෙදර ගිහින් ද දන්නේ නැහැ!'.." මේ... ඔය මේසේ තියාගෙන තේ හදන්න එපා.. යන්නම් අක්කා රෙදි හේදුවේ නැතිවට මේසේ පිහිනවා හොඳට!' ආදී වශයෙන් ඈ ගැන කතාකිරීම අපට සාමාන්‍ය දෙයක් විය. 

දිල් ඇරඹු මේ බොළඳ ක්‍රියාවලිය කිසි දෙයක පැහැදිලි වෙනසක්  කරන්නට සමත් නොවූවත්, එය නිසා කාමරය තුළ අපගේ වැදගත්කම අදෘශ්‍යමාන ආකාරයකට ඉහළ ගිය බවක් හැඟිණි. මුලදී මිහිරි ඇති වෙලාවලට ගොළුවන් මෙන් හැසිරුණු අප දෙදෙන, ක්‍රමක්‍රමයෙන් ඈ සිටිද්දීත් කතා බහ කරන්නට පටන් ගත්තෙමු. මෙය අපගේ සාමාන්‍ය කතාබහෙන් දහයෙන් පංගුවක් වුවත්, එයත් එක්තරා ආකාරයක ජයග්‍රහණයක් විය. 

අපගේ පළමු වසරාවසන විභාගත් මිහිරිගේ අවසන් වසරාවසාන විභාගත් යෙදුණේ එකම කාලයේදී ය. කාමරය තුළ කතාබහේ වෙනසක් සිදු නොවූව ද අපි තිදෙනාම නිරතුරුව මේ සඳහා සූදානම් වූයෙමු. මේ වෙද්දී මේසයක් නැතිව පාඩම් කිරීමට අප කෙතරම් හුරු වී ද යත් මිහිරි අහලක නොසිටියත් අප මේසය දෙස බැලුවේවත් නැත. විභාගය අවසන් වූ දිනයේම මිටින් හළ කුරුල්ලන් සේ දිල් ත් මාත් නිවෙස් බලා ඉගිලුණු අතර අපට නැවතත් සරසවියත්, බෝඩිම ත් මතක් වූයේ ඊළඟ අධ්‍යයන වර්ෂය ඇරඹෙන දිනට පෙර දින යි. කළින් කතා කරගත් පරිදි එදින බෝඩිමට පැමිණි අප දෙදෙනාට මින්පසු එහි 'මිහිරියෙක්' නැති බව සිහි වූයේ එකවර යි.

"අඩේ යන්නම් අක්කා ෆයිනල්ස් ලිව්වා නේ.. ඒ කියන්නේ මීටපස්සේ එයා මේකේ නෑ කියන එකද?" දිල් ඇසුවේ තවදුරටත් පහ නොවූ සැකයෙන් තනි ඇඳ යටට එබී බලමිනි. සුපුරුදු කාඩ්බෝඩ් පෙට්ටි දෙක එහි තිබුණේ නැති අතර ඇඳ රෙද්ද ද අතුරුදහන් වී තිබිණි.

"මට නම් ටිකක් පාලුයිත් වගේ එයා නැතිව!" මා කීවේ මා ගැනම පුදුමයෙනි.

"ඔව්නේ.. මේ මාස හයක් හතක් එක කාමරේ ඉඳලා.. කතා නොකළත්.. නැතිවුනහම නිකම්  හොරු ගෙනිච්චා වගේ නේ?" දිල් පැවසුවේ තැවුලෙනි. 

අපගේ ආවර්ජනය බිඳුණේ බෝඩිමේ ඇන්ටිගේ හඬිනි. 

"ආ ඔයගොල්ලෝ ආවා ද? කටහඬවල් ඇහිලා මම මේ බලන්න ආවේ..මොකෝ හිස් ඇඳ දිහා බලාගෙන? මිහිරි නැතිව පාලු ද?" 

"ඔව් ඔව් ඇන්ටි, ඒක තමයි අපිත් කතාවුණේ.." දිල් කීවේ මා දෙස හොරැහින් බලමිනි.

"අන්තිම දවසේ යන්න කළින් මිහිරි මට කිව්වා ඔය දෙන්නාට කියන්න කියලා 'යන්නම්... බුදු සරණයි' කියලා. එහෙමම කියන්න කිව්වා. මම ඉතින් හිතුවා ඔය තුන්දෙනාගේ මොකක් හරි විහිළුවක් කියලා.. ඔන්න මම පණිවිඩේ කිව්වා!" කියූ ඈ සිනාසෙමින් යන්නට ගියා ය.

එය අසා අපට සිනහව නවත්වා ගැනීමට බොහෝ වෙලා ගතවිය. අවසානයේදී යන්නම් අක්කා අපට 'යන්නම්' කියා යන්නට  ගොස් තිබිණි! 







October 28, 2016

අහඹු මල්


















අහඹු ලෙස වැසි වැටුණු පසු කතරක මල් පිපී ඇත- පුවතක්

තෙත සිඳී ගිය පොළොවක
හද දවන එක පැල්මක
පිපුණු දම් පැහැ මලකට
කතාවක් ඇත කීමට


නොනිමි දිගු ගිම්හානෙක
එකම එක වැහි රැල්ලට
පුබුදුවනු හැකි බව හද
සෙනෙහසක මුදු සිසිලස

බොහෝ දුක් විඳි මුල් රැස
උරාගෙන සතුටක තෙත
සිනාසෙන විට රහසින්
පිපෙන බව මල් කතරක!

pic- ytimg.com
Atacama desert, Chile



October 25, 2016

ඇතැම් දිනවල




































Sometimes I grow
so tired of speaking
my emotions to you.

I open my mouth
and dust spills out
instead of feelings.

Dust, and the yellow
wings of moths,
and brittle paper,

scrawled over
with riddles that
lack solutions.


―Gabriel Gadfly


දිනමිණ, වසත් සුළඟ- 25/10/2016 




October 20, 2016

Solitude



the setting sun slants
amber streaks on the panes
the world holds its breath
and the treetops are still

stillness is a cat
dozing on the window sill
stillness is a lark
free-floating in the breeze
minutes blend together
and the hours are one
when a heartbeat echoes
and silence is profound

a ripple in the pond
a cloud over the sun 
and magic scatters quickly 
as soon as it begun 

the cat saunters off
with a glance and a yawn 
and dusk wanders in
gathering its purple gown



孤独- kodoku | solitude

picture drawn with MS paint

October 18, 2016

ප්‍රියතම හයිකුවක්

















































Japan | Billy Collins

Today I pass the time reading
a favorite haiku,
saying the few words over and over.


It feels like eating
the same small, perfect grape
again and again.

I walk through the house reciting it
and leave its letters falling
through the air of every room.

I stand by the big silence of the piano and say it.
I say it in front of a painting of the sea.
I tap out its rhythm on an empty shelf.

I listen to myself saying it,
then I say it without listening,
then I hear it without saying it.

And when the dog looks up at me,
I kneel down on the floor
and whisper it into each of his long white ears.

It's the one about the one-ton temple bell
with the moth sleeping on its surface,

and every time I say it, I feel the excruciating
pressure of the moth
on the surface of the iron bell.

When I say it at the window,
the bell is the world
and I am the moth resting there.

When I say it at the mirror,
I am the heavy bell
and the moth is life with its papery wings.

And later, when I say it to you in the dark,
you are the bell,
and I am the tongue of the bell, ringing you,

and the moth has flown
from its line
and moves like a hinge in the air above our bed.

දිනමිණ, වසත් සුළඟ- 18/10/2016




October 13, 2016

මතක කැබලිති

-අළුත් අයිතිකරුවන් විසින් බාගෙට කඩා දැමූ මහගෙදර අහම්බෙන් ඇස ගැටුණි

පුංචි කාමරයට
උදේකට අව්ව වැටුනම
කැටයම් මෝස්තරයක්
ඇඳෙනවා බිත්ති හතරේම


කුස්සියේ මතකද
පෝරණුව ළඟ කෙලවර
පූසි ට පැටව් ලැබුණේ
එතැනයි රෑක කළුවර

පුංචි ගවුමක පැටලී
එක තැනක් ඇදවී ගිය
ජනේලයේ ග්‍රිල් එක
මතකයි තවම හොඳටම

පින්තූර පේලිය
අපි තුන්දෙනා හිනැහුණ
මෙතැන මේ බිත්තියේ
තවමත් පෙනෙන නොපෙනෙන

ඉතින් දැන් නිමවී
යුගයක් මෙතැන ගතවුණ
හීනයක සෙවනැලි
තවම දැවටේ හැමතැන

බිඳී ගිය ගඩොලක
උළු කැටක කැබලිති මැද
තවමත් ම රැව් දේ
සිනා හඬ සොඳුරු යුගයක

October 07, 2016

හීනයක්!

ගැඹුරු නින්දක පසුවුණු
සයික්ලමෙන් මලකට වුව
පෙති අතර සඟවා ගත්
හීනයක් පැවතිය හැක

සිනාසෙන්නට අමතක
වැහි වැටෙන හවසක වුව
ඒ හීනයම ඇහැරී
කවියක් ව ගිලිහෙනු හැක


drawn with MS Paint























October 04, 2016

මතකයේ රැඳෙනු ඇත







































I think, no matter where you stray,
That I shall go with you a way.
Though you may wander sweeter lands,
You will not soon forget my hands,
Nor yet the way I held my head,
Nor all the tremulous things I said.
You still will see me, small and white
And smiling, in the secret night,
And feel my arms about you when
The day comes fluttering back again.
I think, no matter where you be,
You'll hold me in your memory
And keep my image, there without me,
By telling later loves about me.

- Dorothy Parker

දිනමිණ, වසත් සුළඟ 04/10/2016




September 28, 2016

වෙනස්වීම්

මට මේ රතු රෙද්ද-හැට්ටය යන්තම් මතක ය. එය අම්මාගේ ඔසරියක් කපා නිමවූවකි. කාලයක් තිස්සේ මේ පුංචි හැට්ටය අපගේ මහගෙදර පරණ ඇඳුම් තිබුණු අල්මාරිවල ගැවසෙමින් තිබුණු බවත් මතකය. එහෙත් සිහිවටනවල වැදගත්කම වැටහෙන වයස වෙද්දී එය සොයාගන්නට නැත. මේ සේයාරුව ගනිද්දී මා හට වයස අවුරුදු හතරක් තරම් බව අනුමාන කිරීමට සිදුව ඇත්තේ ඒ අවස්ථාව ගැන කිසිම දෙයක් මගේ මතකයේ නැති වීම නිසා යි. පවුලේ අන් අයට ද මේ ගැන මතකයක් නොමැති වීම ගැන මගේ පුදුමයක් නැත. පවුලේ බඩපිස්සී ගේ ළමා පින්තූර ගැන මතක තිබීම තබා පින්තූරයක් තිබීම ම පුදුමයට කරුණකි!

මෙහි පසුබිමේ ඇති අඹ පැළය අපගේ ගෙමිදුලේ සිටුවා ඇත්තේ මා උපදින්නට ටික කලකට පෙර ය. මට මතක එය ඵල දරන කාලයයි. එහි අඹ ඉතා මිහිරි රසයෙන් යුතු විය. නෑදෑයින්ට, අසල්වැසියන්ට බෙදූ පසුත් හැම අඹ වාරයේදීම අපට රස විඳින්නට මහා අඹ කන්දක් ඉතිරි විය. අඹ ගස වැඩුණු පසු සෑම සිංහල අවුරුද්දට ම එහි ඔන්චිල්ලාවක් බැඳිනි. ‘අඹ මල් තියෙද්දී ඔන්චිලි බැඳලා ගහ හෙලවුනහම ගෙඩි හැදෙන්නේ නැහැ!’යැයි ලද විවිධ උපදෙස් ගණනකට නොගත් තාත්තා අඹ මල් පිපෙන හැම අවුරුදු කාලයකදී ම ඔන්චිල්ලාව බැන්දේය. මා ඇතිතරම් ඔන්චිලි පැද්ද අතර කිසිකලෙක අඹ පලදාව අඩු වූයේ ද නැත.

සේයාරුවේ පසුබිම ඈතින් පෙනෙන්නේ අප නිවස ඉදිරිපිට ඇති පන්සලයි. එයත් අඹ ගස මෙන්ම මගේ ළමා මතකයේ අනිවාර්ය කොටසකි. උදෑසන අවදි වූ සැණින් කවුළුවෙන් දිස් වන චෛත්‍යය ගැන මතකයත්, හවස බෝධි පූජාවට එක් වන්නට අතට වතුසුදු මල් මිටක් කඩාගෙන පාර පැන පන්සල් ගිය මතක ත්, අදත් සිතේ නොවෙනස් ව පවතී.

එහෙත් මේ වෙද්දී මා ඇතුළු මෙහි ඇති සෑම දෙයක් ම කාලය මවන වෙනසට හසු වී ඇත. පන්සල දැන් චාම් සුදු වත හැර දමා රන් පැහැයෙන් බබලයි. රන් වැට, රන් පවුරු ආදියෙන් ගහණ එයට දැන් මල් මිටක් අතට ගෙන ගොඩවෙන්නට සැදැහැ සිතක් ඇතිවන්නේ නැත. අපගේ මහගෙදර ද දැන් අන්සතු වී ඇත. එය සිදුවූයේ දෙමව්පියන් පදිංචියට පිටරටට සංක්‍රමණය වෙද්දී ය. අලුත් හිමිකරුවන් මේ අඹ ගස කපා දමා ඇත. දැන් මේ ගෙවත්ත වල් බිහිවී ඇත. කාලය පැමිණි විට ජීවිතය ද අත් හල යුතු නම් ගේ දොර, ගහ කොළ ආදිය අත්හැරීම ඒ මඟෙහි ම එක් පියවරක් පමණක් බව සිතීමෙන් ඒ ගැන පපුවේ දැනෙන සියුම් රිදුම තුනී කර ගත හැක.

මා ද දැන් මේ රුවින් සම්පූර්ණයෙන් වෙනස් බව විශේෂයෙන් කිව යුතු නැත. මගේ කොණ්ඩය මෙලෙස ‘කොලු කට්’ එකක් කපා සිටි කාලයක් මතක නැත. එහෙත් මේ සිනහව නම් මම වෙනත් මුවක නිතර දකිමි. ඒ  දඟ වැඩක් කර අතටම අසු වූ විට මා පුතුගේ මුවිනි.  එවන් විටක, ඔහු එක්තරා විදිහකට ‘මා ම බව’ දැනී මොහොතක් හදවත නවතී. මෙය ලියද්දීත් ඔහු මා අසල දැවටෙමින් හිඳී. ඇයිදැයි ඇසූ විට ‘යමු ද අම්මා සෙල්ලම් කරන්න?’ ඔහු අසයි. තමන්ගේ ස්ථිර සෙල්ලම් සගයා ලෙස අම්මා ව තෝරාගෙන සිටින ඔහු හා හැංගිමුත්තමට, බැඩ්මින්ටන් ගැසීමට, කාර් රේස් ට්‍රැක් තැනීමට, රසකැවිලි සැදීමට මා ද එක්වන්නේ මහත් රුචියෙනි. එබැවින් සමහරවිට අන් හැම දේම වෙනස් වූවත් මේ සේයාරුවේ එක් දෙයක් වෙනස් වී නැති ව තිබීමට ඉඩ ඇත. සමහරවිට මෙහි සිනාසෙමින් සිටින කුඩා දැරිය එලෙසම මා තුළ අදත් ජීවත්වනවා විය හැක. 



September 27, 2016

රකුසා පිළිබඳ සත්‍ය


























the truth is this
every monster you have met
or will ever meet,
was once a human being
with a soul
that was as soft
and light
as silk
someone stole
that silk from their soul
and turned them
into this
so when you see
a monster next
do not fear
that thing before you
fear the thing
that created it
instead

-Nikita Gill.
දිනමිණ- වසත් සුළඟ 27/09/2016 



September 21, 2016

සමනල



























-The monarch butterfly, though vibrant in colour, is poisonous.

ඉහිරෙනා හිරු බිඳක පැහැය වෙමි
ගන අඳුරු මැදියමක අඳුර වෙමි
හිම මිදෙන සීතලක
දෑස් තරයේ පියා 
හෙටක එන වසත් කල සැරිසරමි

ඇඟිලි තුඩු මත නතර වී රැඳෙමි 
සිනහවක් දෙතොල රහසේ තබමි 
විසැති මුදු සිහිනයක 
පාට තවරා හදක 
නොලියවෙන කවියක් ව තටු සලමි

drawn with MS paint




September 20, 2016

ප්‍රතික්ෂේපය



























Beloved,
.
In what other lives or lands
Have I known your lips
Your Hands
Your Laughter brave
Irreverent.
Those sweet excesses that
I do adore.
What surety is there
That we will meet again,
On other worlds some
Future time undated.
I defy my body's haste.
Without the promise
Of one more sweet encounter
I will not deign to die.

Maya Angelou

දිනමිණ වසත් සුළඟ 20/09/2016 

September 17, 2016

touched by beauty
























birdsong echoes
across the emptiness
staccato and shrill
uplifting and sad
just beyond the window
slowly ripples the lake
each wave graceful
each touch sublime

for a moment I pause
mid-thought,mid-step
a long drawn breath
a bruised aching heart
feeling infinitesimal
humbled by beauty
in a universe so vast
 
photo- a symphony outside my window, Lake Tekapo- New Zealand, Sept 2016