December 27, 2015

ඒ වැවයි

මේ ඒ වැවයි,

උදා හිරු රැස් තවරා
කොපුල් ලා රත් කරගත්

හවස වැස්සට හසු වී
හඬා නෙතු බොරකර ගත්

දුවන ඉගිලෙන සුළඟට
දිය රැළිති කළඹා ගත්

එක කුමුදකුදු නොලබා
සඳට පෙම උතුරා ගත්
























Lake Eildon- VIC




December 22, 2015

The Saddest Poem | Pablo Neruda




I can write the saddest poem of all tonight.

Write, for instance: "The night is full of stars,
and the stars, blue, shiver in the distance."

The night wind whirls in the sky and sings.

I can write the saddest poem of all tonight.
I loved her, and sometimes she loved me too.

On nights like this, I held her in my arms.
I kissed her so many times under the infinite sky.

She loved me, sometimes I loved her.
How could I not have loved her large, still eyes?

I can write the saddest poem of all tonight.
To think I don't have her. To feel that I've lost her.

To hear the immense night, more immense without her.
And the poem falls to the soul as dew to grass.

What does it matter that my love couldn't keep her.
The night is full of stars and she is not with me.

That's all. Far away, someone sings. Far away.
My soul is lost without her.

As if to bring her near, my eyes search for her.
My heart searches for her and she is not with me.

The same night that whitens the same trees.
We, we who were, we are the same no longer.

I no longer love her, true, but how much I loved her.
My voice searched the wind to touch her ear.

Someone else's. She will be someone else's. As she once
belonged to my kisses.
Her voice, her light body. Her infinite eyes.

I no longer love her, true, but perhaps I love her.
Love is so short and oblivion so long.

Because on nights like this I held her in my arms,
my soul is lost without her.

Although this may be the last pain she causes me,
and this may be the last poem I write for her. 


December 21, 2015

මිතුරු

වයිරම් බළල් මහතෙකි
වැට උඩ එබී හිනැහෙන
පුංචි කොලුවෙකි, මෙපිටින්
කවුළු දොර ළඟ නැවතුන
වරුවක් වචන නැතිවම
කතාබස් එහෙ මෙහෙ යන


"මෙහේ නවතින්න එන්නැයි
කිව්වා අම්මේ ඔහු හට..
සලකා බලන්නෝනැයි
රැව්වා වල්ගේ ගසමින!"




December 18, 2015

The Hungry Ghosts | Shyam Selvadurai


  
I first read Shyam Selvadurai in the early 2000's -reading 'Funny Boy' instead of completing an assignment in a favourite spot in a musty university library. Even back then, I was captivated by the writing style and the open honest way the feelings and emotions of an adolescent boy growing up in Sri Lanka was described in that book. 

Many years later, after a long wait in the holds queue of my local library in Melbourne, I had the chance to read 'The Hungry Ghosts'. This is Shyam's fourth novel, published in 2013. The fact that I read the 374 pages of the book in two days is a testimony to Shyam's great writing. It is amazing how in 'Hungry Ghosts' Shyam weaves together a rich tapestry blending in threads from Sri Lankan politics, racial unrest and homophobic attitudes in Sri Lanka, mental dislocation after migration and the many different versions of love. In this book he takes us on a journey through row houses in Pettah, mansions in Cinnamon Gardens and across lanes, byways and bridges of Vancouver and Toronto. He propels us into the past- to the girlhood of the matriarch grandmother, and in an instant brings us back to the present, winding the story around Shivan- the narrator's life and the lives closest to his. In 'The Hungry Ghosts' Shyam immerses the reader in emotions in such a way that we are often left breathless and fighting for life. The pain of loss, betrayal and desperation is described in such a way that the reader loses touch with reality, and lands in the midst of the turbulence of the described scene from time to time.

"I would remember something I wanted to tell him, then realize I could not do that anymore. Whenever I slipped up like this, I felt no pain or grief, just an emptiness that both surrounded me and was inside me, as if I were encased in a casket of thick silence; as if I were silence itself." p.247


"When she was done, she would stand by the table, watching us as we took our places. Her food, because it had been prepared in such anger, was often unpalatable, but if we didn't finish everything she served, or avoided a dish, she would rail at us for being ungrateful, the words tripping out so fast she stammered." p.129


For me, the best part of 'The Hungry Ghosts' was the way it was peppered with 'Sri Lankanisms'. From describing the mood of a situation by the subtle differences in the usage of Sinhala language to the outright, ultimate Sinhalese insult, the novel is dotted with unique wisps of Sri Lanka


"When Rosalind was done my mother asked "Does that one come around anymore?" she used the derogatory 'araya' to refer to him and Rosalind knew exactly who she meant"
p. 291

"Come, Puthey" my grandmother said, referring to me by the affectionate extension of putha, son.p. 4


Shyam has used bits of Buddhist and Sinhala folk stories to embellish his narrative, and has thus given another dimension- another perspective to the story. These are like lace that adorns a loved garment. Not totally necessary, but adds a touch of charm. The stories about the thieving hawk who in the end lets go of the piece of meat that caused it injury and suffering, King Nandaka whose path disappeared behind him as he headed towards a haunt of perethayas, and the naked perethi who is surrounded by food but has no mouth to feed, though starving- all have an underlying connection to the narrative. Through these, Shyam has simply said a lot without saying much.


I remember how in Sinhalese there are two words for rice: "haal" for the hardened grain, which becomes "buth" when it is boiled. In speaking of our inability to reverse actions, our inability to change karma's ripening, we say that haal, once it has started to become buth, cannot revert to being haal. p.131

'The Hungry Ghosts' was shortlisted for both Toronto Book Awards and the Governor General's Literary Award for Fiction and Long listed for the DSC South Asia Literature Prize. 


All in all, for me Hungry Ghosts is a superb read, mainly because it flows easily and naturally. How serendipitous it is to read a novel that touches the heart, so far away from one's roots, written by someone also living far from his roots- all the way across the world! Congratulations Shyam, many more of these please. 







I

December 13, 2015

මොහොතයි

















මේ මැකෙන්නේ එකම සුසුමයි
හද ගැස්ම දෙකක් මැද පළලයි
තුරු හිසක තුරුළු වුන
සියොත් කැළ විසිරෙනා අසුරයි

මේ ගෙවෙන්නේ එකම ක්ෂණයයි
හුස්මකින් නම් අරික්කාලයි
ඇහිපියක අග රැඳී
කඳුලු බිඳුවක් බිඳෙන තරමයි

මේ මියෙන එකම තත්පරයයි
ඇසිල්ලක ගිලිහෙනා පැතුමයි
නටුව අතහැර මුදු ව
මලක පෙති විසිරෙනා මොහොතයි

Photo credits- Manel K. R Fernando, a wintry evening in Cobourg, Ontario, Canada







December 09, 2015

පින්තූරයක් නැත


"මුහුණුපොතේ ඉල්ලීමක්- වැඩියෙන්ම ආදරේ දැනුණු වෙලාවල ගැණුනු පින්තුර පහක් පළ කරන්න"

මුහුණ නිකටෙන් ඔසවා
පිසදා කඳුළු බිඳුවක්
රළු මහපටැඟිල්ලෙන්...
"නිදිමත ඇස් - කඳුළු පිරුනාම ලස්සන!"
හිනැහෙමින් කියූ දින



පින්තූරයක් නැත


දුම්රියේ සිහිසුන් වූ දා
බිය වී බොහොමත්ම
වාරු කරගෙන ළය මතට
"බෙහෙත් ගමු, ප්‍රෙෂර් බලමු!"
කලබලෙන් කියූ දින

පින්තූරයක් නැත


පීරා නිමක් නැති කවි රැස
අමුණා එකින් එක පිටු මත
තනවා දී පොතක්,
මගේ විස්මය දැක
දෑස දල්වා සිනාසුණු දින

පින්තූරයක් නැත


නොවැදගත් දේකට
අමනාප වී බිඳකට
යන්නටම යන්නට ගොස්
"හිතෙන්නෙත් නැහැ යන්නට"
කියා යළි ඇවිදින්
ලඟට වී එරවූ දින

පින්තූරයක් නැත


තටු ඉරී තිබුණත්
ඉගිලිය යුතුම බව දුර
පහදා සෙනෙහසින්
ඉගිලෙන්න වරම් ලද දා
පස්වනක් සතුටින්
නළල සිඹ සු'පැතූ දින

පින්තූරයක් නැත


ස්තූතියි බූන්දි! 





December 08, 2015

April, come she will | Simon & Garfunkel

 මෝසමින් ඉල්පී
දොගොඩ යද්දී ගං දිය
ඈ ඒවි එන බක් මස
නවතීවි ඈ නිසැකව
වෙසක් මස, මා තුරුලෙහි
පොසොන් මස එළඹෙද්දී
වෙනස් වෙයි ඇගේ තාලය
නොඉවසිලි සක්මන්වල
ගෙවාවී ඈ මැදියම
ඇසල මාසය සමගින්
ඉගිල්ලී යනු ඇත ඇය
යන බවක් වත් නොකියාම
නිකිණි මාසයේ එළඹෙන
ශරතයේ රුදු සීතල
සමඟ ඈ මිය යනු ඇත
එළඹෙද්දී බිනරය
මතක හිස ඔසවනු ඇත
නැවුම් ප්‍රේමය පෙර දින
මහලු වී ගිය අරුමය

-------------------------------------

April come she will
When streams are ripe
And swelled with rain
May she will stay
Resting in my arms again
June she'll change her tune
In restless walks
She'll prowl the night
July she will fly
And give no warning
To her flight
August die she must
The autumn winds blow
Chilly and cold
September I remember
A love once new
Has now grown old

Audio link- April come she will | Simon & Garfunkel




December 07, 2015

සතුට

නත්තල් ගසක් සරසමි
පුංචි පුතු සමඟින්
රන් පැහැ තරුව ඉහලම
පබළු වැල් ගස වට කොට
විදුලි එළි දැල්වූ විට
දිලිසෙන සිඟිති ඇස් දෙක


"my best christmas ever!"
නත්තල් හතක් පසු කළ ඔහු
මුමුණයි, රහසින්

කෙතරම් පහසුද
සතුට පිරිමසා ගැනුම
ජීවිතය කුඩා වූ කල




December 01, 2015

පොසම් හදිසියක්

"මගේ සිවිලිමේ සතෙක් පදිංචි වෙලා!"

උදේ ම, වැඩට ආව ගමන් ම බඩු මුට්ටුත් පැත්තකින් නොතියා ඇනා කෑගැහුවා. හරියට ඒක කියන්න කෙනෙක් ලැබෙනකම් ඉවසන්න බැරිව හිටියා වගේ. ඇනා ට ලස්සන දිග දුඹුරු කැරළි කොණ්ඩයක් තියෙනවා. එයා ට කේන්ති ගියහම ඒ කොණ්ඩය නිතර ගස්සනවා. අද නම් සෑහෙන්න තරමේ කේන්තියක ගැස්සිල්ලක් එතැන තිබුණා.

"සතෙක්? වළහෙක් වගේ?"

මැතිව් ඇහුවේ පාන් පෙත්තක් ටෝස්ටරේට දාන ගමන්. වැඩි දෙනෙක් උදේ කෑම හදාගෙන කෑවේ වැඩට ඇවිත්. මැතිව් ට කොයි දේත් විහිළුවක්. ගණන් ගන්න තරම් බරපතල දේවල් නැති තරම්.

"පිස්සුද මනුස්සයෝ? වලස්සු කොහෙද මේ රටේ?"

ඇනා තාම කේන්තියෙන්. විහිළුවක් නොතේරෙන තරමට. කේන්තිය මැතිව් එක්කද සතා එක්කද කියලා පැහැදිලි නැහැ.

"එක්කෝ පොඩි පොසම් කෙනෙක්, නැතිනම් ලොකු මීයෙක්! ඊයේ රෑ පුරාම මගේ සිවිලිමේ ජිම්නාස්ටික් කළා!"

ඇනා ට ඇඬෙන තරම්. ඇනා මේ ගේ ගත්තේ ළඟදී. ඉන්නෙත් තනියම. සද්දේ නිසා රෑ තිස්සේ දැනුණු බයයි, කේන්තියයි කලවම් වෙලා.

"මොකද මම කරන්නේ?" ඇනා ඇහුවේ කෑ ගහලා වගේ.

"මරන්න!" මැතිව් කියද්දීම "මරන්න එපා!" මම කිව්වා. හරියට කළින් කතාවෙලා වගේ.

ඇනා පුදුමෙන් අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවා.අපි දෙන්නාටම හිනා.

"මම කිව්වේ ඇත්තට" මම කිව්වා

"මමත් කිව්වේ ඇත්තට!" මැතිව් ත් දෙවෙනි වෙන්න ලැස්ති නැතිව කිව්වා.

"පොඩ්ඩක් ඉන්න.. පොඩ්ඩක් ඉන්න!"ඇනා පුටුවක් ඇදගෙන වාඩිවුණා. බෑග් එකෙන් කොලේකුයි පෑනකුයි ඇදලා ගත්තා."දෙන්නාම මට වෙන වෙනම හේතු කියන්න තමන්ගේ යෝජනාවට." ඇනා එහෙමයි. හරි පිළිවලයි. ඕනෑවට වැඩිත් එක්ක.

"වස දීලා මරලා දාන්න තියෙන්නේ ඕකුන්ව!" මැතිව් ටෝස්ට් කළ පාන් හපන ගමන් කිව්වා."ජරා සත්තු!"

"හේතු.. හේතු!" ඇනා මතක් කළා

"උන්ගේ ජරාව ට පිච්චිලා සිවිලිම දිරනවා!දඟලද්දී කඩාගෙන වැටෙන්නත් පුළුවන්!"

මැතිව් කිව්වේ මට රවන ගමන්. හරියට ඇනා ගේ සිවිලිමේ ජිම්නාස්ටික් කළේ මම වගේ!

"දැන් ඔයා කියන්න බලන්න" ඇනා මගේ පැත්තට හැරුණා.

"පවු කියලා හිතෙන්නේ නැද්ද? සිවිලිමට එන්න බැරිවෙන්න එන තැන් වහලා දාන්න" මම කිව්වේ උදේ ම වැඩක් කරන්න කියලා දිග ඇර ගත්තු ෆයිල් එක වහලා දාන ගමන්. අද වැඩක් කරන්න වෙන්නේ නැහැ ඉතින්!
"මරු උපදෙස් ජානුගේ!" මැතිව් හිනාවුණ තරමට පාන් හිරවෙන්නත් ගියා. "කොහොමද ඌ නෑ කියලා හිතාගෙන පාරවල් ටික වැහුවාට පස්සේ ඌ ඇතුලේ ඉඳලා තිබුනොත්? එහෙම නම් ඇනා ට ස්ථිර පදිංචි කාරයෙක් ඉන්නවා"

"එළියට යනකම් බලලා නේ මෝඩයෝ වහන්නේ!" ඒ පාර මම මැතිව් ට රැව්වා. "උන් රෑට එළියට යනවා! නිශාචර!!"

"මේ පොඩ්ඩක් ඔය දෙන්නා ඉන්නවද රණ්ඩු නොවී!" ඇනා මැදිහත් වුණා. "ජානු මට කියන්න 'පවු' කියලා ඔයා කිව්වේ මොකක්ද කියලා? ආගම් ගාවගන්න බැහැ ප්‍රායෝගික ප්‍රශ්න වලට හරිද?"

"ආගමක් නැහැ මෙතන!" මම ඒකට විරුද්ධ උනා."හිතන්න ඔයා වස දීලා මරලා දාන සතා- පොසම් හරි මොකා හරි- එනකම් කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා? ඉතින් ඒක පවු නැද්ද?" මම ඇහුවා

"කවුරුහරි?" ඇනා යි මැතිව් යි දෙන්නාම ඇහුවේ එකට. මට පිස්සුද වගේ අදහසක් ඒ ප්‍රශ්නේ තිබුණා.

"උගේ යාලුවෙක්? නෑයෙක්?" මම හිනාවුණා."ආදරේ කරන තව පොසම් කෙනෙක්?"

"ජානු ට උණ වගේ ද?" මැතිව් බොරුවට උණ බලන්න වගේ අත දිග ඇරලා ඇහුවා. "නිකම් කලන්තෙයි වගේ ද?"

"අනේ මන්දා ජානු අර තඩි ප්‍රේම කතා පොත කියවද්දි මම හිතුවා මොනවා හරි වෙයි කියලා" ඇනා ත් හිනාවුණා.

මගේ පොත් කියවීමේ ඇබ්බැහියටයි, ප්‍රේම කතා කියවිල්ලේ විශේෂයටයි මේ කට්ටිය මට හැමදාම විහිලු කළා. ඒ වෙද්දී ප්‍රශ්නේ විසඳුනේ නැතත් ඇනා ගේ කොන්ඩේ ගැස්සිල්ලයි කේන්තියයි නැතිවෙලා තිබුණා. සාමාන්‍යෙන් ඇනා හිනාවෙනවා කියන්නේ හොඳ ලක්ෂණයක්.

 "හරි දෙන්නෙක් ගෙන් මම උපදෙස් ඇහුවේ.. මොකක් හරි කරන්නම්කො මම!" කියලා එයා යන්න ගියා.

"ගෑනුන්ගේ පිස්සු!" ඇහෙන්න නෑහෙන්න මුමුණ මුමුණ මැතිව් ත් යන්න ගියා.

ඊළඟ දවසේ ඇනා වැඩට ආවේ නැහැ. හදිසියක් කියලා පණිවිඩයක් තියලා තිබුණා.'පොසම් හදිසියක්' ද දන්නේ නැහැ කියලා මැතිව් මට කියලා හිනාවුණා.

තුන්වෙනි දවසේ වැඩට ආව ගමන් ඇනා ආවේ අපිව හොයාගෙන.

'ජානු කියපු දේ බාගයක් හරි!" මාව දැක්ක ගමන් කිව්වා. මම කිව්ව දේ මොකක්ද කියලාත් ඒ වෙද්දී මට අමතක වෙලයි තිබුණේ.

"පෙරේදා මම ගෙදර යද්දී ගේ ඔක්කොම හැඩි වෙලා. හරියට සතෙක් දුවලා වගේ. මම දැනගත්තා අර සතා ගේ ඇතුලේ කියලා. සද්ද නැතිව ගේ පුරා බලද්දී රෙදි හෝදන මැෂිම පැත්තෙන් සද්දයක් එනවා.මම බය වුන පාර අර සත්තු අල්ලන කොම්පැනියකට කතා කළා.අපරාදේ කියන්න බැහැ පැය කාලක් ඇතුලත ඒ මිනිස්සු ආවා. සතා නම් පොසම් තමයි. ගේ පුරා ඇවිදිද්දී මැෂිම ඇතුලට වැටිලා. මම ඒක ඇරලා තියලා යන්න ඇති. ඉතින් ඒකෙන් එළියට එන්න බැරිව ඉඳලා තියෙන්නේ" ඇනා එක හුස්මට කිව්වා.

"ඉතින් කෝකද ජානු කියලා හරි ගිය ටික?" මැතිව් මැදට පැන්නා. මැතිව් හරි අකමැතියි තව කෙනෙකුට දිනුම දෙන්න.

"එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ම ඉඳලා ඒක ඇතුලේ!" ඇනා හිනාවුණා. "ජෝඩුවක්! ඒ මිනිස්සු කිව්වා පැටවු දාන්න තැනක් වෙන්න ඇති දෙන්නත් එක්ක හොයන්න ඇත්තේ කියලා!"

"ඉතින් ඒ ගොල්ලෝ අල්ලාගෙන ගිහින් මරනවාලු ද?" මම ඇහුවා. මට නම් වැදගත් වුණේ ඒක.

"නෑ කැලේට අතාරිනවාලු" ඇනා කිව්වා

"අන්න ජානු අතාරින තැන අහගන්න.. අතාරින තැන අහගන්න!" මැතිව් කෑ ගැහුවේ හදිසියේ මතක් වෙලා වගේ.

"ඒ මොකටද?" මම ඇහුවේ රවන්න මූණ හදාගන්න ගමන්. මොකක් හරි කමකට නැති කතාවක් අහන්න වෙන බව දැනගෙන.

"ඇයි අර ඔයාගේ ප්‍රේම කතා පොත ගිහින් දෙන්න! වොෂින් මැෂින් වලට නොවැටී හරි විදිහට ප්‍රේම කරන්න ඉගෙන ගන්න!!"

 මැතිව් කිව්වේ මම කොල ගුලියකින් එල්ල කළ පාර වලක්වන ගමන්.