June 26, 2018

කාමර




















Rooms | Warsan Shire

Mother says there are locked rooms inside all women; kitchen of lust,
bedroom of grief, bathroom of apathy.
Sometimes the men - they come with keys,
and sometimes, the men - they come with hammers.

දිනමිණ වසත් සුළඟ 26.06.2018


 

June 19, 2018

මළගම

Funeral |Rupi Kaur

when I go from this place
dress the porch with garlands
as you would for a wedding my dear

pull the people from their homes
and dance in the streets

when death arrives
like a bride at the aisle
send me off in my brightest clothing
serve ice cream with rose petals to our guests

there's no reason to cry my dear
I have waited my whole life
for such a beauty to take my breath away

when I go
let it be a celebration
for I have been here
I have lived
I have won at this game called life


දිනමිණ වසත් සුළඟ 19.06.2018 


June 12, 2018

සතියක්ම තනියම













































Alone for a Week |By Jane Kenyon

I washed a load of clothes
and hung them out to dry.
Then I went up to town
and busied myself all day.
The sleeve of your best shirt
rose ceremonious
when I drove in; our night-
clothes twined and untwined in
a little gust of wind.

For me it was getting late;
for you, where you were, not.
The harvest moon was full
but sparse clouds made its light
not quite reliable.
The bed on your side seemed
as wide and flat as Kansas;
your pillow plump, cool,
and allegorical. . . .


දිනමිණ වසත් සුළඟ- 12.06.18

June 06, 2018

සෙල්ලම් කාල


බොහෝ දුර අතීතයක අහල පහල ගෙවල් දහයක පහළවක ළමුන් එකතු වී කළ හැංගිමුත්තමක ප්‍රබේදයක් වූ 'අයිස්පයිස්' නම් සුවිශේෂී සෙල්ලමක් මගේ නිධන්ගත මතකයන් අතරේ තිබේ. (මෙහි නම 'I Spy' යන දෙවදන ඇසුරෙන් බිහිවූවා විය හැකි බව සිතෙන්නේ දැන් ය) මේ සෙල්ලම අති සරල විය. මෙහි සොයන්නා බාරයේ, බිම නිශ්චිත තැනක (බොහෝවිට විලුඹෙන් රවුමට අඳින ලද 'හඳක' ) තබන ලද පොල් ලෙල්ලක් විය. සොයන්නා සීයට ගණන් කරන අතරතුර හැංගෙන්නන්ට අහල පහළ ඕනෑම ගෙවත්තක හැංගෙන්නට අවසර තිබිණි.  මේ නිවෙස් වටා තාප්ප, වැට කඩොලු අවමයෙන් තිබුණු යුගයකි. හැංගී සිට, සොයන්නාට රහසින් කෙසේ හෝ දිව විත් පොල් ලෙල්ලට පා පහරක් එල්ල කරන්නා දිනුම් ය. සොයන්නා පොල් ලෙල්ලද පරෙස්සම් කරන අතරේම සොයන කාර්යයේ නිරත විය යුතුය. එහෙත් මෙතරම් විස්තරාත්මකව මට මේ සෙල්ලම මතක තිබෙන්නේ එහි නියැලෙන්නට අවස්ථාව ලද නිසා නොවන බව කණගාටුවෙන් වුව කිව යුතුමය . එකල අප නිවසේ අහල පහල කොලු කෙලි රංචුව මේ සෙල්ලමට එක්රැස් වෙද්දී සිවුහැවිරිදි වියේ පමණ වූ මා නිවසේ දමා ඊට එක් වෙන්නට යන්නට මගේ අක්කලා දෙදෙනාට අවසර නොතිබිණි. 'යන තැනක චූටි නංගීවත් අරගෙන යන්න!' යැයි අම්මාගෙන් ඔවුන්ට නිරතුරුව අවවාද ලැබෙන්නට ඇත්තේ මා තනි කර දමා ඔවුන් එසේ ගිය විට මගෙන් මදි නොකියන්නට ලැබෙන කන් කරච්චලය නිසා විය යුතුය. සෙල්ලම් පොළට මා රැගෙන ගිය විට මා අනතුරකට පත් නොවන සේ බලා ගත යුතු වීමත්, එවිට සිතු සේ සෙල්ලමේ නිරත වන්නට නොහැකි වීමත් අක්කලාට මහත් කරදරයක් වන්නට ඇත. මීට ඔවුන් සොයාගත් පිළියම නම් අගය කළ යුතුය. මා කැටුව යන ඔවුහු, තනිව බසින්නට නොහැකි තරමේ උසින් යුත් ගේට්ටු කණුවක් මත මා හිඳුවා, සෙල්ලම වෙත පලා යන්නට පුරුදු ව සිටියෝය. මේ ගේට්ටු කණුව තිබුණේ 'අයිස්පයිස්' සෙල්ලමේ වැදගත්ම- 'හැපනිං'ම තැන වන සොයන්නා සහ පොල් ලෙල්ල අසල වීම නිසා මා සෙල්ලමට සම්බන්ධ නොවන බව මට අමතක වන්නට ඇත. උසක වාඩිගෙන සිටීමේ වාසිය ප්‍රයෝජනයට ගෙන පොල් ලෙල්ලට පයින් ගසන්නට එන්නන් පිළිබඳව 'ඔන්න එනවා.. ඔන්න එනවා!' යැයි සොයන්නාට ඔත්තු සැපයීමට පොඩි කමට මා පසුබට වූයේ නැත. සෙල්ලම අවසානයේදී, ඔත්තු සැපයීමෙන් ඔද වැඩී සිටි මා ගේට්ටු කණුවෙන් බාගෙන අක්කලා ගෙදර ගෙන ගියේ ද  ඉතා අමාරුවෙනි. මේ උද්දාමය නිසා මා සෙල්ලමට නොගත්තා යැයි කේලමක් නම් කිසිසේත් නොකියවෙන බවට ඔවුහු විශ්වාස කළහ.

පවුලේ බාලයා වූ මට කුඩා කල සෙල්ලම් බඩු කිහිපයක්ම තිබුණු නමුත් මෙයින් වැඩි හරියක් අක්කලාගෙන් උරුම වූ ඒවා විය. මේවා අතර තනි ප්ලාස්ටික් අච්චුවේ වක්කරන ලද අතපය ඇඟට ඇලුණු බෝනික්කෙක්, 'මල්ටි මූන්ස්' නම් වූ රවුම් බිල්ඩින් බ්ලොක්ස් එකතුවක් සහ ලී ඩොමිනෝ පෙට්ටියක් විය. තනිකරම 'මගේ' නොවූ නිසාදෝ ඒවා ගැන මට තිබුණේ ප්‍රවේසම් කළ යුතුය යන බිය මුසු දුරස් බවකි.  එහෙත් මා කුඩා කාලයේදී අප පිටරටක තාවකාලිකව පදිංචියට ගිය නිසාත් එතෙක් ලංකාවේදී මා සතු ව තිබුණු පරණ සෙල්ලම් බඩු එහි යද්දී ගෙන නොගිය නිසාත් එහිදී අලුත්ම සෙල්ලම් බඩු වලට උරුමකම් කියන්නට මට හැකි විය. එහිදී මුල් කාලයේදී ලැබුණු බෝනික්කන්ට 'බියුටි, රෝසි' වැනි සම්ප්‍රදායික බෝනිකි නම් දුන් මා කල් යද්දී 'අර්සුලා, ෆෙලිසිටි' වැනි අරුමෝසම් නම් කෙරෙහි නැඹුරු වූයේ ඒ වෙද්දී වැළඳී තිබුණු පොත් කියවීමේ ඇබ්බැහිය නිසා විය යුතුය. වසර කිහිපයක් ගත වෙද්දී විවිධ වර්ණයන්ගේ සහ ප්‍රමාණයන්ගෙන් යුතු බෝනිකි පවුලක්ම මා සතු විය. එකල මගේ කාලය ගත වූයේ මේස යට, ඇඳන් යට සෙල්ලම් ගෙවල් දමමිනි. ඇඳි සහිත පුටුවක ඇඳි හරහට ලෑල්ලක් දමා තට්ටු දෙකේ සෙල්ලම් ගෙවල් ද නිර්මාණය විය. සෙල්ලම් ගෙදර තාත්තා වන්නට පිරිමි බෝනික්කෙක් නැති කමින් එක බෝනික්කියකට සිය හිස කෙස් දන් දෙන්නට සිදුවූ අතර ඈ ඊට විරෝධය පෑ බවක් නම් මට මතක නැත!

බෝනිකි දරුවන් රැසක් සිටි මගේ සෙල්ලම් ගෙදර විවිධ අර්බුද තිබිණි. කලකට මේ හැම දෙනාම වසංගත වලට ගොදුරු වී බෙහෙත් ගන්නට ගෙන යා යුතු විය. එවිට දොස්තර වී බෙහෙත් දෙන්නේද මා මය. වද මල් තලා සකසා ගත් රෝස පැහැති වතුරෙන් ඒ සියලු රෝග නිවාරණය වූයේ ඒ දොස්තර ඉන්ජෙක්ෂන් කටුවලට බය නිසාම නොවේ. තවත් දිනවලදී මේ බෝනිකි සේනාව වතුර බේසමකට දමා පිහිනුම් ඉගැන්වීම සිදු කෙරිණි. බෝනික්කන්ගේ අතපය සවිවන තැන්වල ඇති සිදුරුවලින් වතුර ඇතුල්වී හිස් උදර කුහර පිරී ඔවුන් ගිලෙන්නට වැඩි වේලාවක් ගතවන්නේ නැත. එවිට පිහිනුම් සැසිය අතරමඟ නැවතී ප්‍රථමාධාර සැසිය ඇරඹේ. නිතර නෑමෙන් හා පිහිනුම් අභ්‍යාස වල යෙදීමෙන් මේ බෝනිකි පවුලේම හිසකෙස්, පීරන්නට නොහැකි තරමට අවුල් වී ගැට ගැසී තිබිණි. ඔවුන්ට තිබුනේ සැබෑ හිසකෙස් නොවන බවත්, හිසකෙස් වෙනුවට තිබුණු ඒ කෙඳි වර්ග නිරතුරුව වතුර සහ සබන් ඇසුරේ ගැවසීම ප්‍රිය නොකළ බවත් කුඩා මා දැන සිටියේ නැත.  'තෙල් දැම්මා නම් කොණ්ඩේ සුරුන්ඩං ගැහෙන්නේ නැහැ!' යැයි ලංකාවේදී ආච්චී නිතර කී කතාවක් සිහිවී, වෙන තෙලක් සොයාගනු නොහැකි නිසා ඒ හැමදෙනාටම කුස්සියේ එළවලු තෙල් බෝතලයෙන් තෙල් තලිය බැගින් මා නිතර ලබාදුන් නමුත් එහි ප්‍රතිපලය තවත් ශෝකජනක විය.

මේ වෙද්දී අක්කලා 'සෙල්ලම් ගෙවල් දාන' වයස පසුකර සිටි බැවින් මේවා එක්තරා ආකාරයක මගේ තනිකම් සෙල්ලම් විය. මටත් එරට අහල පහල ළමා ලපටි සේනාවක් උන් නමුත් ඔවුන් ප්‍රිය කළේ දුවන පනින ගස් නගින සෙල්ලම් ය. පාසැල් ගොස් පැමිණි පසු ඔවුන් සමඟ එම කලබල සෙල්ලම්වල නිරත වූ මම හවස් වෙද්දී මගේ සෙල්ලම් ගෙදර වෙත ඇදී ඒම නොවරදවාම සිදුවිය. සෙල්ලම් ගෙදරට මට සාමාන්‍යයෙන් අක්කලාගෙන් ලැබුණේ උදවු නොව කෙලි කවටකම් ය. ඇතැම් දිනවල මා එද්දී  සෙල්ලම් ගෙදර ශීතකරණය ලෙස මා පාවිච්චි කළ බිස්කට් පෙට්ටිය තුළ මගේ කුඩාම බෝනික්කන්ව සිර අඩස්සියේ රඳවා තිබිණි.  එක්කෝ සෙල්ලම් ගෙදර හැම භාජනයකටම වතුර පුරවා තිබිණි. නැතිනම් අප නිවසේ උන් බර ගණනක් වූ බළල් සාමාජිකයන්ගෙන් කෙනෙක් සෙල්ලම් ගෙදර සතපවා තිබිණි. එකල රණ්ඩු කෙක්කක් වූ මාත් මෙම කෙනහිලි ලේසියෙන් අතහැරියේ නැත. පවුලේ බාලයා වූ නිසා මට 'ගුටි නොලැබෙන ප්‍රතිශක්තිය' හිමිව තිබුණු අතර මා එයින් ඕනෑවටත් වඩා ප්‍රයෝජන ගත් බව මතක් කරන්නේ ආඩම්බරයෙනි. එහෙත් එකල දහතුන් වියේ පමණ සිටි පොඩි අක්කා මගේ බෝනිකි පවුලට ඇඳුම් මසා දෙන්නට නම් ස්වේච්ජාවෙන් ඉදිරිපත් වූවා ය. අම්මා අපේ ඇඳුම් මසද්දී ඉතිරි වෙන රෙදි කැබලි ගෙන ඒවායෙන් බෝනික්කන්ට විසිතුරු ඇඳුම් මසන්නට ඇය හපනියක් විය. මගේ සෙල්ලමකට හවුල් වීමට තිබුණු වුවමනාවකට වඩා මෙය ඇයගේ විනෝදාංශයක් වන්නට ඇති බව මට දැන් සිතේ.  කෙසේ වෙතත් මේනිසා එකල අප තිදෙනාට අලුත් ඇඳුම් ලැබුණු  විට අඩුම තරමේ මගේ බෝනිකි සේනාවෙන් එක්  අයෙකුටවත් ඒ රෙද්දෙන්ම ඇඳුමක් තිබිණි.

ලංකාවට ආ පසු මගේ ප්‍රධාන සෙල්ලම් සගයා ඥාති සොයුරෙක් විය. ඔහුටද සෙල්ලම් ගෙවල් සඳහා ඉවසුමක් තිබුණේ නැති අතර ක්‍රිකට් ගැසීම මඩේ නැටීම ආදියට වැඩි නැඹුරුවක් දැක්වීය. මේ නිසා මේ කාලය වෙද්දී බෝනික්කන් නැලවීමත්, සෙල්ලම් බත් ඉවීමත් මගෙන් ඉබේම ගිලිහී යන්නට විය. නමුත් එතෙක් පිටරටක උන් නිසා ඒ වෙද්දී මට නුහුරු කාර්යයක් ව තිබුණු කෝම්පිට්ටු තැනීම මා උගත්තේ ඔහුගෙනි. කොම්පිට්ටුව නොකැඩෙන්නට නියම පදමට වතුරත් වැලිත් එකතු කරන අයුරු ඔහුගෙන් ප්‍රගුණ කළ මා නොබෝ කලෙකින් එහි ප්‍රවීණයෙක් බවට පත් වූ අතර ඒවා කෝටු කැබලි හා මල් ආදියෙන් 'අයිසිං' කරන මට්ටමටත් දියුණුවක් ලැබී ය. එහෙත් හැමදාම හවුලේ කෝම්පිට්ටු තැනූ අප දෙදෙන දිනක් කුමක් හෝ නෝක්කාඩුවක් නිසා තරඟයට මිදුලක් පිරෙන්නට කෝම්පිට්ටු තැනූ දවසක් ද මට හොඳහැටි මතකය. ඒ සොයුරාගේ පවුලේ උදවිය පදිංචිය සඳහා ඈතකට ගිය විට මගේ ඒ සෙල්ලම් කාලපරිච්ජේදයට ද නැවතීමේ තිතක් වැටිණි. මින්පසු වයසින් මේරීමත්, පාසැල් වැඩ කටයුතු අධික වීමත් නිසා ක්‍රමක්‍රමයෙන් සෙල්ලම් මඟ හැරී ගිය අතර ඒවා මේ වෙද්දී සුන්දර මතක අහුරක් ලෙස පමණක් හිතේ කොණක ඉතිරි ව ඇත. පුදුමයට කරුණ නම් එකල නාවා කවා පොවා පණ මෙන් සුරැකි බෝනිකි සෙනඟ ඇතුළු සෙසු සෙල්ලම් බඩු වලට සිදුවූ දෙයක් වත් මේ වෙද්දී මතක නැති වීමයි.

මෙලෙසම කුඩා කල පුළුන් පිරවූ සතුන් රැසක් තුරුළු කරගෙන 'my babies!' යැයි කියා, ඔවුන්ට නම් දී, ඇඳ මත පේලියට තබා, හදා වඩා ගත් කොලුවෙක් අපේ ගෙදරත් හිඳී. ඉස්සර නම් ගමනක් යද්දී ගෙන යායුත්තේ කොයි සතාද යැයි තීරණය කිරීමට roster  එකක් පවා තිබිණි. දැන් දැන් ඒ සත්ව පවුල වෙත අවධානය යොමු වන්නේවත් ඒ ගැන කතාකෙරෙන්නේ වත් නැතිම තරම් ය. 'don't you love your animals anymore?'  යැයි මා ඇසූ විට 'නෑ' කියන්නත් නොහැකිව 'ඔවු' කියන්නත් නොහැකිව ලැජ්ජාවෙන් හිනාවෙන්නේත් ඒ කොලුවා ය. ඉතින් කාගේ කාගේත් සෙල්ලම් කාලය ඉතා කෙටි බව සංවේගයෙන් මතක් කර ගැනීමට ඒ හිනාවම ප්‍රමාණවත් ය.

June 05, 2018

මේස රෙද්දෙන් අදින දැරියට















































A Little Girl Tugs at the Tablecloth | Wisława Szymborska

She’s been in this world for over a year,
and in this world not everything’s been examined
and taken in hand.


The subject of today’s investigation
is things that don’t move by themselves.


They need to be helped along,
shoved, shifted,
taken from their place and relocated.
They don’t all want to go, e.g., the bookshelf,
the cupboard, the unyielding walls, the table.


But the tablecloth on the stubborn table
—when well-seized by its hems—
manifests a willingness to travel.


And the glasses, plates,
creamer, spoons, bowl,
are fairly shaking with desire.


It’s fascinating,
what form of motion will they take,
once they’re trembling on the brink:
will they roam across the ceiling?
fly around the lamp?
hop onto the windowsill and from there to a tree?


Mr. Newton still has no say in this.
Let him look down from the heavens and wave his hands.
This experiment must be completed.
And it will.


දිනමිණ වසත් සුළඟ 05.06.2018