August 29, 2018

පුංචි සොඳුරුම සිහිනයක්



































Cradle Song | Sarojini Naidu

From groves of spice,
O'er fields of rice,
Athwart the lotus-stream,
I bring for you,
Aglint with dew
A little lovely dream.

Sweet, shut your eyes,
The wild fire-fiies
Dance through the fairy neem;
From the poppy-bole
For you I stole
A little lovely dream.

Dear eyes, good-night,
In golden light
The stars around you gleam;
On you I press
With soft caress
A little lovely dream.


දිනමිණ වසත් සුළඟ- 29.08.2018

August 27, 2018

වැරදි-වැරදි කියන කතා


" ටීචර්..අතන ළමයි each other ට ගහනවා!"

එක වසරේ සිංහල පන්තියේ බට්ටෝ ටික පුස්තකාලෙට ඇවිත්. මේ, සෙනසුරාදාට තියෙන භාෂා පාසැලේ (Victorian School of Languages) පුස්තකාලේ. මම පොත් නිකුත් කරනකම් කට්ටියම පේළියක් හැදිලා ඉන්නවා. ඒ අතරේ පේළියේ අග හරියේ පුංචි රණ්ඩුවකුත් යනවා වගේ.

බාගෙට සිංහලෙන් පන්ති භාර ටීචර් ට කියපු මේ කේලම අහලා මටත් හිනා. මේක 'the kids are hitting each other' කියන වාක්‍යයේ direct translation එකක්. 'අතන ළමයි ගහගන්නවා!' කියන්න දන්නේ නැති නිසා ඒ වෙනුවට පාවිච්චි කළ යෙදුමක්. තව බාසාවක් එක්ක කලවමට සිංහල ඉගෙන ගනිද්දී මෙහෙම දේවල් කියවෙනවා. ඒ වෙන බාසාවකින් හිතලා ඒ හිතූ දේ සිංහලට පරිවර්තනය කරලා කියද්දී. ඒත් වචන ගැට ගහ ගහා මෙහෙම කතා කරන එක තමයි බාසාවක් ඉගෙන ගන්න හොඳම විදිහ. පුංචි ළමයි වරද්දන්න ලැජ්ජා නැති නිසා මේ විදිහට හරි ඉක්මනට භාෂා ඉගෙන ගන්නවා.

අපේ පුත්‍රයාත් පුංචි කාලේ මේ විදිහට ඉංග්‍රීසි සිංහල භාෂා දෙකම සමාන්තරව ඉගෙන ගත්තා. එහෙම ඉගෙන ගනිද්දී වෙන අපූරුම දේ තමයි කොයි වචනේ කොයි භාෂාවේද කියලා මුලදී හරියටම දන්නේ නැති එක. උදාහරණයක් හැටියට පුතා දන්නවා broken කියන වචනයට 'කැඩිලා' කියන්නත් පුළුවන් කියලා. හැබැයි සිංහලෙන් කතාකරනවානම් කියන්න ඕන කෝකද කියලා මුලදී දන්නේ නැහැ. එයාට වචන දෙකමත්, භාෂා දෙකමත් එකයි. මේකට එයා කළේ ඒ වේලාවට දන්නා වචන දෙකම කිව්ව එක. ඒ කාලේ නිතරම 'අම්මා මේක broken-කැඩිලා!" , 'Its raining-වහිනවා !' වගේ දේවල් කිව්වා. ටිකක් ලොකු වෙද්දී ඒ පුරුද්ද අත් ඇරුනා. දැන් නම් ඒවා මතක් කරනකොටත් ලැජ්ජයි. ඒත් පුතාට දැනටත් සාමාන්‍ය ප්‍රමාණෙකට සිංහල කතාකරන්න, ලියන්න, කියවන්න පුළුවන්. තේරුම් ගන්න නම් හොඳටම පුළුවන්. පුතා ට සිංහල කියලා දෙද්දී, එයා එක්ක සිංහල කතාකරද්දී මටත් සිංහල ගැන අලුතින් හිතන්න වෙනවා. ඒකට හේතුව නොදන්නා කෙනෙක් දෙයක් ඉගෙන ගනිද්දී එයා ඉගෙනගන්නේ විශ්ලේෂණය කරමින්. අපි ඉගෙනගත්තේ විශ්ලේෂණය නොකර භාවිතයෙන්නේ. පුතා දවසක් අහනවා 'If දත් මදිනවා is brushing teeth how come රෙදි මදිනවා means ironing clothes ?' කියලා. මටත් ඒකට දෙන්න තාර්කික උත්තරයක් මතක් වුණේ නැහැ! හැම භාෂාවේම ඔය වගේ පොඩි පොඩි අසමපාත තැන් තියෙනවා කියලා විතරයි මට කියන්න පුළුවන් උනේ.

මේ වගේම භාවිතයෙන් ඉගෙන නොගෙන සමහර දේවල් වල එක තේරුමක් විතරක් දන්නා එකත් වෙලාවකට හිනාවට හේතු වෙනවා. ළඟදී මෙහේ තිබුණු 'බයිලා නයිට්' එකකට යන්න ටිකට් ගන්න අපි කතා වෙද්දී පුතා ඒ කතාවට හොඳට කන් දීගෙන හිටියා. අහගෙන ඉඳලා අන්තිමේදී අහනවා 'why do you want to go to a show where people are saying silly things?' මටත් පුතාගේ ප්‍රශ්නේ අගමුල තේරුණේ නැහැ මුලදී. පස්සේ තමයි තේරුණේ අපි එදිනෙදා කතා බහේදී 'බයිලා කියනවා' කියන්නේ අනම් මනම් කියනවා කියන යෙදුමෙන් කියලා. බලනකොට පුතා දැනගෙන ඉඳලා තියෙන්නේ ඒ 'බයිලා' විතරයි!

මමත් පුංචි කාලේ සේෂෙල්ස් රටේ ඉස්කෝලේ යද්දී එහෙ පාවිච්චි වුණු ක්‍රියෝල් භාෂාව ඉගෙනගත්තේත් තනිකරම trial and error වලින්. රටට ගිය අලුතම සති අන්තයේදී කළ දේවල් ගැන වාක්‍ය කීපයක් ලියලා චිත්‍රයක් අඳින්න පැවරුමක් ලැබුණා. එතකොට මම එකේ පන්තියේ. ඒ වෙද්දී මම දැනගෙන හිටියේ බොහොම සීමිත ක්‍රියෝල් වචන කීපයක් විතරයි. ඒ සති අන්තෙදී අපි මුහුදේ නාන්න ගිහින් තිබුණු නිසා මම ඒක චිත්‍රයක් ඇන්දා. ඒත් ඒ ගැන ලියන්න වචන කෝ! ළමයි කතා කරද්දී මම එහෙන් මෙහෙන් අහුලාගෙන තිබුණු වචන අතරේ තිබ්බා bathem කියලා වචනයක්. මොකක් හරි හේතුවකට මම හිතුවා ඉංග්‍රීසියෙන් sea bath කියන්න පුළුවන් නම් ක්‍රියෝල් වලින් කියන්නේ bathem කියලා වෙන්න ඇති කියලා. දන්නා ක්‍රියෝල් වචන දෙකතුනකුත් දාලා bathem වචනෙත් මැදට දාලා මම බොහොම ආඩම්බරයෙන් ගිහින් ටීචර්ට පොත පෙන්නුවා. චිත්‍රයයි, මම ලිව්ව දේයි සසඳලා ටීචර් නළල රැළි කරනවා මට හොඳට මතකයි. මම ලිව්ව වාක්‍යයට පහළින් ටීචර් ක්‍රියෝල් වලින් තවත් වාක්‍යයක් ලියලා මගේ වාක්‍යයේත් අඩුපාඩු දෙක තුනක් හදලා ලොකු හරියකුත් දාලා මට පොත ආපහු දුන්නා. bathem කියලා ක්‍රියෝල් වලින් කියන්නේ baptism කියන වචනේට බව මම ඉගෙනගත්තේ ඊට සෑහෙන කාලෙකට පස්සේ. එදා ටීචර් මගේ වාක්‍යයේ අඩුපාඩු හදලා කෑල්ලක් එකතු කරලා චිත්‍රයට ගැලපෙන්න හදලා තිබුණු ක්‍රියෝල් වාක්‍යයේ තේරුම I went to a Baptism first then I bathed in the sea'. මම වචනේ හරි තේරුම නොදැන ලිව්ව බව සමහරවිට ටීචර් ට නොතේරෙන්න ඇති. සමහරවිට තේරිලා මගේ හිත නොරිදෙන්න පුංචි වෙනස්කමක් කරන්න ඇති.

සිංහල පොත් ගන්න භාෂා පුස්තකාලෙට එන එකේ පන්තියේ පොඩ්ඩෝ ටික වැරදි වැරදි සිංහල කතාකරනවා දැක්කාම මට මේවගේ අතීත කතා මතක් වෙනවා. අපි සුළුවෙන් හිතුවාට අලුතෙන් භාෂාවක් ඉගෙන ගන්න එක කොයිතරම් ලොකු අභියෝගයක් ද කියලාත් ඒ එක්කම හිතෙනවා. වරද්දන්න බය නැති පුංචි කාලේ තමයි ඒකට හොඳම කාලේ!



photo- Pixabay


August 15, 2018

කියවන්න! අරුණ ප්‍රේමරත්නගේ 'තරු විසුළ රැය'


මේ සටහන තරු විසුළ රැය පොත ගැන විචාරයක් නොවන බව පළමුවෙන්ම කිව යුතු ය. ඒ, ඒ ගැන විචාරයක් ලියන්නට වචන ගලපා පොතට සාධාරණයක් ඉටු කරන්නට මට නොහැකි බව දන්නා බැවිනි. මෙය පොත් කියවීමට ඇබ්බැහි වූවන්ට, කියවන්නට පොතක් සොයමින් ලතවෙන්නන්ට ඔත්තුවක් පමණකි.

අරුණ ප්‍රේමරත්න ප්‍රවීණ පරිවර්තකයෙක්, තිර පිටපත් රචකයෙක් බව මා දැනගත්තේ මේ පොත කියවා අවසන් වූ පසුවයි. මේ ඔහුගේ පළමු නවකතාව වූවත් එයා ලියා තිබෙන සංයමය ඔහුගේ ඒ පරිණත බව ඔප්පු කරයි. තරු විසුළ රැය නවකතාවේදී අරුණ, සංකීර්ණ චරිතයක අඳුරු අභ්‍යන්තරය වෙත අප ගෙන යන්නේ ඉතාමත් නිරායාස ගමනකි. කිසිදිනෙක නොබිඳෙන බවට සපථ කළ බැඳීම් ඔහු මොහොතින් සුණු විසුණු කර පෙන්වයි. ගැහැණු සිත් තේරුම් ගනු නොහැකි ලෙස පෙළ ගස්වා පාඨකයා වික්ෂිප්ත කරයි. කතාවට සමාන්තරව දිවෙන සමාජ, දේශපාලන සිදුවීම් ඇසුරෙන් සියුම් ලෙස චරිත වර්ණ ගන්වයි. මේ කතාවේ දිගහැරුම, ගලායාම විශිෂ්ට ය. කියවා අවසන් වූ පසු ඉතිරිවන කැළඹීම, මට නම් පොතක් නිසා සිදුවන්නේ කලාතුරකිනි.

ඔබත් මේ පොත කියවා බලන්න. ප්‍රවීණ යයි සැලකෙන ඇතැම් ලේඛකයන් ලියූ කුණු ගොඩවල් වෙනුවට මෙය තෝරාගන්න. කියවා අවසන් ව මා මෙන්ම කම්පනයට පත් ව, ඉන් මිදීමට නොහැකිව දින ගණනාවක් ගත කළේ නම් මේ පොත ගැන තවත් කීප දෙනෙකුට කියන්න. අරුණ ව සොයාගෙන තව තවත් නවකතා ලියන මෙන් ඔහු ට බල කරන්න!


තරු විසුළ රැය
 අරුණ ප්‍රේමරත්න
කතෘ ප්‍රකාශන  
ISBN: 9789553604002


August 14, 2018

තිරස්ව





























Vertical- Linda Pastan

Perhaps the purpose
of leaves is to conceal
the verticality
of trees
which we notice
in December
as if for the first time:

row after row
of dark forms
yearning upwards.
And since we will be
horizontal ourselves
for so long,
let us now honor
the gods
of the vertical:
stalks of wheat
which to the ant
must seem as high
as these trees do to us,

silos and
telephone poles,
stalagmites
and skyscrapers.
but most of all
these winter oaks,
these soft-fleshed poplars,
this birch
whose bark is like
roughened skin
against which I lean
my chilled head,
not ready
to lie down.



දිනමිණ වසත් සුළඟ- 14.08.2018






August 03, 2018

සීත කාලෙට පතොක් මල්

අපි ඉන්න පලාතට සීතල කාලයක් තිබුණාට හිම වැටෙන්නේ නම් නැහැ. ඒත් ඉතින් සීතලයි, චුරු චුරු වැස්සයි මාස දෙක තුනක් තියෙනවා. ඒ කාලෙට ඉරත් බොහොම කම්මැලියි. පරක්කු වෙලා නැඟිටලා, නමට විතරක් පෙනී ඉඳලා ඉක්මනටම යන්න යනවා. මේ කාලේ අඳුරු ගතිය වැඩි කරන තවත් දේවල් තමයි වැඩියත්ම ගස් වල කොළ හැලිලා ගිහින් තියෙන එකයි ආසාවකට වත් මලක් දකින්න නැති එකයි. ඉතින් මෙහෙම ගතවෙන කාලෙක මම ම හිටවපු පැළයක කුළුඳුලේ මල් රොත්තක් පිපිලා තියෙන ප්‍රීතිය නිමිත්තෙන් තමයි මේ සටහන ලියන්නේ.



මේ තමයි Zygocactus. Christmas cactus කියලාත් කියනවා. පතොක් පවුලේම සාමාජිකයෙක් වුණත් කාන්තාර ජීවියෙක් නෙමෙයි කියලායි විස්තර හෙව්වාම දැනගන්න ලැබුණේ. ඒකට හේතුව මෙයාට ටිකක් වැඩිපුර වතුර ඕන. කටුත් නැති නිසා ලාමක පතොක් ජාතියක්! බ්‍රසීලය වගේ රටවල් වල වනාන්තරවල උස ගස්වල අතු අතරේ හැදෙන පරපෝෂිත නොවන යැපෙන වර්ගයේ (plants which depend on others for support, but not nutrition) පැළයක්. මේකේ කොළ ඉස්සර අපි පොත් ඇතුලේ දාලා මුල් ඇදෙන කම් බලාගෙන හිටිය අක්කපාන කොළ වගෙයි. මල් නම් පුංචි නෙලුම් මල් වෙසක් කූඩුවක් තරම් විසිතුරුයි!


මට මේ පැළය විශේෂ මේක වීසි කරලා දාලා තිබුණු තැනකින් අරගෙන ඇවිත් පැළ කළ නිසා. එතකොට නම් වේලිලා, දුඹුරු පාට වෙලා මරණාසන්නවයි හිටියේ. ඒ ගෙනෙද්දී මේකේ නමක් ගමක් වත් දැනගෙන හිටියේ නැහැ.  නිකමට වගේ ගෙදර ගෙනැත් මල් පෝච්චියක හිටවලා, වතුර ටිකකුයි ආදරේයි දුන්නාම හරි ඉක්මනට පණ ආවා. එහෙම පණ ඇවිත් මාස හයක් වත් යන්න කලින් තමයි මට මේ මල් ටික තෑගි ලැබුණේ. ඉතින් ඒ නිසා ටිකක් වැඩිපුර විශේෂයි. අනිත් ගහකොළ වල මල් නොපිපෙන කාලයක මල් පිපෙන්න තෝරාගෙන තියෙන නිසා Zygocactus කියන්නේ අපෙන් වැඩියෙන් අවධානයක් හොරාගන්න පැළයක් කියලාත් දැන් තමයි තේරෙන්නේ.