February 14, 2018

ප්‍රේමයට පසු මිතුදම

Friendship After Love| Ella Wheeler Wilcox

After the fierce midsummer all ablaze
    Has burned itself to ashes, and expires
    In the intensity of its own fires,
There come the mellow, mild, St. Martin days
Crowned with the calm of peace, but sad with haze.
    So after Love has led us, till he tires
    Of his own throes, and torments, and desires,
Comes large-eyed friendship: with a restful gaze,
He beckons us to follow, and across
    Cool verdant vales we wander free from care.
    Is it a touch of frost lies in the air?
Why are we haunted with a sense of loss?
We do not wish the pain back, or the heat;

And yet, and yet, these days are incomplete.

දිනමිණ වසත් සුළඟ 13.02.2018 

February 10, 2018

'Dirt Music' by Tim Winton

Dirt Music - Tim Winton

Dirt music, Fox tells Georgie, is "anything you can play on a verandah or porch, without electricity.” 

This book is a masterpiece by Tim Winton where the language is both lyrical and palpable. He describes the harsh and rugged landscape of Western Australia with great intensity. The reader too, sweats in the torpid midafternoons described in the book or hears the shriek of the straining trees in a cyclone. 

"On the island there are so many unexpected pleasures, like the hot warm boles of the young boab trees he brushes his fingertips in passing. The shapes of these trees delight him. Leaners, swooners, flashers, fat and thin. At the edge of them all is one huge ancient tree, festooned with vines and creepers, whose bark is elephantine. There's glorious asymmetrical spledour about it; it makes him smile just to catch a glimpse of it as he passes. When he climbs it he finds an ossuary on its outspread limbs where some hefty seabird has hauled mudcrabs aloft to feed on. The broken hulls are thick and white as china plates."
Fox's narrative-pg 353

This is a love story of sorts wreathed with loss, anger, loneliness and regret and at times raw with emotion. 

"How might he have told her that the way he lives is a project of forgetting? All the time he's set out wilfully to disremember. and some days it really is possible, in a life full of physical imperatives you can do it, but it's not the same as forgetting. Forgetting is a mercy, an accident"
Fox's narrative- pg 104

I did find the ending somewhat long drawn but this could be due to the fact that I finished the book in many sittings due to lack of time. It did manage to shake me, and that itself was enough in the end. 

Dirt Music was shortlisted for the Booker prize in 2002 and won the Miles Franklin Award in the same year. It has been translated into Russian, French and German.

Dirt Music- Tim Winton (2001)
ISBN: 9780143568797
Publisher: Penguin Books Australia

February 06, 2018

දිය මත ඉතිරි කර යන විසල් සලකුණ

The Print the Whales Make | Marge Saiser

You and I on the boat notice
the print the whales leave,
the  huge ring their diving draws
for a time on the surface.
Is it like that when we
lose one another? Don't
know, can't. But
I want to believe
when we can no longer
walk across a room
for a hug, can no longer
step into the arms of the other,
there will be this:
some trace that stays
while the great body
remains below out of sight,
dark mammoth shadow
flick of flipper
body of delight
diving deep.
දිනමිණ- වසත් සුළඟ 06.02.2018

February 01, 2018


Barter| Sara Teasdale

Life has loveliness to sell,
   All beautiful and splendid things,
Blue waves whitened on a cliff,
   Soaring fire that sways and sings,
And children's faces looking up
Holding wonder in a cup.

Life has loveliness to sell,
   Music like a curve of gold,
Scent of pine trees in the rain,
   Eyes that love you, arms that hold,
And for your spirit's still delight,
Holy thoughts that star the night.

Spend all you have for loveliness,
   Buy it and never count the cost;
For one white singing hour of peace
   Count many a year of strife well lost,
And for a breath of ecstacy
Give all you have been, or could be.

දිනමිණ වසත් සුළඟ- 30.01.2018 

January 27, 2018


when shadows knit together
in the waning moonlight
the vales breathe deep
shrouded in earthy sleep

but as upright as swords 
the gladioli stand
in brightly hued dresses
posed for a dance
seeing all the frilly splendour
and their waltz to silent tunes
the wind gently whispers
'adieu- for autumn looms!'

(the gladioli- also known as the sword lily-are tall colourful spires of blooms that flower only once a year, in the summer.)

Picture drawn in Paint- Oil brush & natural pencil

January 23, 2018

මා ආදරයෙනි

She loved me | Neil Hilborn

I have been wondering, mostly,
if love and sanity are the same thing.
When I say I am in love
I am also saying the world makes sense to me right now,
and I know that love is not the same as knowing everything,
but I have been trying to describe
everything about her.

Because she is gone, 
because about her there are unknowns 
that will now remain unknowable,
It is important to list what is mine to list

she likes hazelnut in her coffee
she is a better driver when her transmission is manual
though she couldnt name it,
her favourite colour is bakelite seafoam green

she loved me once
though it wasnt for very long
though  it shouldnt have happened

she loved me

දිනමිණ- වසත් සුළඟ 23. 01.2018 

January 21, 2018

චිබී චිත්‍ර

අපේ ගෙදර ඉන්න පුංචි සිත්තරා කාලෙන් කාලෙට අලුත් චිත්‍ර ක්‍රම හොයාගන්නවා. ඉස්කෝලේ නිවාඩු කාලේ අන්තිම දවස් ටිකම බද්දට ගත්ත අලුත් විනෝදාංශය මොකක්ද කියලා ඔලුව දාලා බැලුවාම තමයි මටත් චිබි චිත්‍ර (Chibi art) ගැන ඉගෙනගන්න ලැබුණේ. ඉතින් චිත්‍ර අඳින්න පුංචි පිස්සුවක් තියෙන තවත් අයට දැනගන්න මේ ගැන ලියන්න මට හිතුණා. 

Chibi කියන්නේ ජපන් බාසාවෙන් 'කොට' එහෙම නැත්නම් 'පුංචි' කියන එකලු. ඉතින් චිබි චිත්‍ර වලින් කරන්නේ අපි සාමාන්‍යයෙන් දන්න කාටූන් චරිත පුංචියට, හුරතලයට chibify කරලා අඳින එක. එහෙම ඇන්දාම දරුණුම කාටූන් චරිතයකට වුණත් අමුතුම ළමා පෙනුමක් එනවා! ඉතින් මේ චිබි චිත්‍ර අඳින්න youtube tutorials තියෙනවා. ඒවා හරිම සරලව කියලාදෙන නිසා පුංචි ළමයෙකුට වුණත් ලේසියෙන් තේරුම්ගන්න පුළුවන්.


How to Draw Chibi  

ඉතින් මේ දවස්වල අපේ ගෙදර චිබි ලා පිරිලා. එක එක ජාතියේ ඇස් ලොකු චිබීලා මට යන යන තැන හම්බවෙනවා. පහුගිය දවසක් දෙකක් ඇතුලත පුතා ඇන්ද චිබී ලා ටික තමයි මේ

මේ චිබි ප්‍රොජෙක්ට් එකට මටත් ආසා හිතුන බව දැකලා පුතා මට චිබි චැලේන්ජ් එකක් කළා. අපි දෙන්නාම එක සැරේ එකම චිබී ව අඳින්න. මේ තමයි අම්මාගෙයි පුතාගෙයි Chibi Hulk. හරිනම් චිබී ලාගේ ඔලු ලොකුවට අඳින්න ඕන වුණත් මගේ චිත්‍රය අඳිද්දී පොඩි autocorrect එකක් වෙලා මම ඉබේම සාමාන්‍ය ප්‍රමාණයට ඇඳලා! පුතා හිනාවෙනවා ඒ නිසා මම පරාදයි කියලා.


ඉතින් ඔයගොල්ලොත් චිත්‍ර අඳින්න කැමති පුංචි සිත්තරෙකුට චිබී ලෝකය හඳුන්වලා දෙන්න!

January 18, 2018

පැණි කුරුළු කූඩුව

ඒ කුරුළු ගීතය ඇසුණේ ළඟ ළඟින්ම ය. මා දෑස වසාගෙන උන්නත් පසුවූයේ නින්දක නොවේ. එය දහවලක් විය. නොඑසේ නම් එක ලෙසටම අළුපාට වූ දවස්වල ඉර පායන කොටස විය. ඒ දවස්වලින් මා වැඩි ප්‍රමාණයක් ගත කළේ ඇඳේ වැතිර දෑස වසාගෙන ය. සිතින් ආතුර වූ විට දෑස් පියන් යට ඇති කළුවර සුවදායක ය. යළි යළිත් මා අසලින්ම ඇසුණු හඬ හමුවේ මා දෙනෙත නෑර ම නිසොල්මන්ව බලාසිටියේ සොඳුරු දේ සිදුනොවන වකවානුවක ඒ කුරුළු ගීතයත් හිතලුවක් වී අතුරුදන් වන තුරු ය. එහෙත් නොනවත්වාම, තවත් ළඟින්, තවත් නින්නාද දෙමින් ඇසුණු ඒ හඬ මට දෑස් අරින්නට බල කළේය.

ඒ පැණි කුරුල්ලෙකි. දිදුලන ගැඹුරු කොළ-නිලකින් විසිතුරු වූ ඔහු මා වැතිර උන් තැනට අත පොවන මානයේ වූ කවුළුවේ දැල මත නතරව මා දෙස විමසිල්ලෙන් බලා සිටියේ ය. මා ඔහු ව දුටු බවත්, මගේ තිගැස්මත් හොඳාකාරව දුටුවත් බිඳුවක් වත් නොසැලී ඔහු යළි යළිත් ගී ගැයුවේය. ගී ගයද්දී ඔහුගේ ළයේ දිදුලන පිහාටු පිම්බී මැවුණු රටාව මා උන් තැනට පැහැදිලිවම පෙනුණි. වක් වූ හොට ඔහුගේ ආඩම්බරය වැඩි කරවීය. ගල් ගැසී බලා උන් මගේ අකර්මන්‍ය කමින් නොඉවසිලිවත් වූ සෙයින් පැණි කුරුල්ලා තත්පරයකින් කුටිය තුළට පියාඹාවිත් එහි මැද එල්ලෙන විදුලි ලාම්පුවේ කම්බියේ නතර විය. නොනවත්වාම ගී ගයමින්, හාත්පස නෙත් යොමමින් උන් ඔහුට නොබෝ වෙලාවකින් කිරිල්ලියක් ද එක් විය.කුරුල්ලා තරම් විසිතුරු නොවූ ඇය ලා කහ පැහැති ළයෙන් හා දුඹුරුවන් පිහාටුවෙන් යුතු වූ අතර කුරුල්ලාට වඩා කුලෑටි කමක් දැක්වීය. විදුලි ලාම්පුවේ කම්බිය වෙත වරින්වර පැමිණෙමින්, යළිත් ඉගිලෙමින් මේ දෙදෙනා වරුවක් තිස්සේ මගේ කුඩා කුටියේ සැරිසරන්නට විය. මුලදී ඔවුන් යන්නට යතැයි සිතා හුස්ම ගන්නට පවා බිය වූ මා ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ පියාසැරියටත් ගීතයටත් වශී වුණෙමි. ඔවුන් දෙදෙනා කුරුළු බසින් සාකච්ඡාවක නිරත වන්නා සේ විය. උස් පහත් වන තනුවල මත ගැටුම්, කතිකාවන්හි ලකුණු විය. එහෙත් හදිසියේම- මා නොසිතූ මොහොතක, පැමිණි වේගයෙන්ම කුරුළු යුවල කවුළුවෙන් පිටවී ඉගිළ ගියේ කලින් එකඟ වූ ලෙසකට මෙනි. ඉනික්බිති මගේ කුටිය යළිත් ගිලුණේ මහත් වූ ගැඹුරු නිහඬ බවක ය. පැණි කුරුල්ලාගේ දිදුලන නිල් පිහාටුවෙන් මඳක් ආලෝකවත් වී තිබුණු වටපිටාව නැවතත් ක්‍රමක්‍රමයෙන් පුරුදු අළු පැහැයට හැරෙන්නට විය. සුසුමක් සමඟ මා නැවතත් දෑස පියාගත්තේ ඇතිව මැකී යන කුඩා මායා කැබලිතිවලට වඩා දෑස යට වූ කළුවර මට මිතුරු වූ නිසාය.

මා යළිත් වරක් පැණි කුරුළු යුවල දකින්නට බලාපොරොත්තු වූයේ නැත. කොහොමටත් ඒ මා සතුව බලාපොරොත්තු නොතිබුණු කාලයකි. මා ම මගේ කුටිය සිර මැදිරියක් කරගනිමින්, මා විසින්ම පමුණුවාගත් සිරදඬුවමක් විඳිමින් කැබලි වූ බලාපොරොත්තු දෙස බලාගත්වනම බලා උන් කාලයකි. හැඟීම් විරහිත, හුස්ම වැටෙන රික්තකයක් ලෙස දවස දවස ගෙවමින් උන් මට යමක් සිදුවන තෙක් ඇඟිලි ගනින්නට තරම් එකතු කරගත හැකි උද්යෝගයක් නොවිණි. එහෙත් පළමු හමුවීමෙන් දෙතුන් දිනකට පසු පුංචි සුළි කුණාටුවක් සේ යළිත් පැණි කුරුල්ලා මා කුටියට කඩා වැදුණි. එවර මා උන්නේ පොත් මේසය අසල අසුන්ගෙන චිත්‍රයක් අඳින්නට තැත් දරමිනි. ඒ අළුපාට දවස් වල ඝන මීදුම මඳක් තුරන් වූයේ අතරින් පතර කියවූ පොතක පිටු කිහිපයකිනි. නොඑසේ නම් පැන්සලෙන් ඇඳුනු ඉරි අහුරකිනි. පැණි කුරුල්ලාගේ පැමිණීමෙන් පළමු වතාවේදී තරම් මෙවර මා තිගැස්සුනේ නැතත් ඒ අනපේක්ෂිත ආගමනය නිසා හද ගැස්ම බිඳක් ඉක්මන් විය. ඔහු දෙස එක් වරක් බැලූ මා ඔහුව නොදුටුවා මෙන් මගේ කාරිය කරගෙන ගියෙමි. ඔවුන් පළමු වතාවේ යන්නට ඇත්තේ මගේ කැමැත්ත දැනුණු නිසා විය හැකි බවත්, කැමැත්තක් නොපෙන්වා සිටිය යුතු බවත් මට සිතෙමින් තිබිණි. එහෙත් පැණි කුරුල්ලාද, ඔහුට නොබෝ වේලාවකින් එකතු වූ කිරිල්ලියද හැසිරුණේ මා කුටියේ නොසිටි ලෙස ය. නොඑසේ නම් මගේ කුටිය ඔවුන්ගේ වූ ලෙසට ය.ඔවුන් නම් එක් වරක් වත් මා දෙස බැලුවේ නැත. පළමු වතාවේ ඔවුන් කුටිය තුළ ඒ මේ අත පියාසලමින් සිදුකර තිබුණේ කැදැල්ලක් තනන්නට තැනක් සෙවීම සඳහා ක්‍රමානුකුල සමීක්ෂණයක් බව ඒ වෙද්දී මා දැන සිටියේ නැත. ඔවුන්ගේ පෙර පරීක්ෂණයෙන් මාත් මගේ කුටියත් සමත් බවත් දැන් ඇරඹෙන්නේ ඉදිකිරීමේ කටයුතු බවත් මා එදා නිරීක්ෂණය කළේ විමතියෙනි. ඒ මගේ දිවියේ කිසිත් සිදුනොවන්නට නියමිතව තිබූ කාලයකි. මට වටිනාකමක් වත් මගෙන් වටිනාකමක් වත් නොතිබුණු කාලයකි. ඉතින් පැණි කුරුළු වෙසින් වත් ඒ අණ බිඳෙනු මට අදහාගත නොහැකි විය.

ඉර උදාවේ සිට කළුවර වැටෙන තුරුම ඉදිකිරීමේ කටයුතුවල නිරතව උන් බැවින් දින දෙකතුනක් ඇතුළත කැදැල්ල තනා නිම කිරීමට කුරුළු යුවළට හැකිවිය. විවේකයක්වත් නොමැතිව කවුළුවෙන් ඒ අතටත් මේ අතටත් පියාඹමින් ඔවුන් සිදුකළ මහා මෙහෙයුම පුදුම එළවනසුළු විය. මා ඊට පෙර පැණි කුරුළු කූඩු දැක තිබුණද ඒවා නිමැවීම සඳහා වැය වන වේලාවත් මහන්සියත් ගැන සිතා තිබුණේ නැත. පිදුරු ද, කෙඳි වර්ග ද, කොළ රොඩු ද, සිහින් කෝටු කැබලි ද අමුද්‍රව්‍ය වූවත් නිමැවුම ඉතා හුරුබුහුටි පුංචි ගෙයක් විය. එකම දොරට ඉහළින් පුංචි පියස්සක්ද තැනුණේ එළිමහනේ කැදලි තනා අව් වැසි ආදියෙන් පීඩා විඳ උගත් පාඩම් නිසා විය යුතුය. ඒ කැදැල්ලට මහත බඳක් හා දික්ව එල්ලෙන වල්ගයක් ද විය. විදුලි ලාම්පුවේ කම්බියෙන් ඇරඹි කැදැල්ල, ලාම්පුවත් එහි විදුලි බුබුලත් දක්වා පැතිර තිබිණි. එහි දොරකඩ තිබුණේ විදුලි බුබුලට ඉතාමත් ආසන්නයේ ය. මේ වෙද්දී මගේ සම්පූර්ණ අවධානයම පැහැර ගන්නට මේ කුරුළු යුවල සමත් වී තිබිණි. ඔවුන් එන යන අයුරු බලමින්, ගෙයි වැඩ කටයුතුවල ප්‍රගතිය පරීක්ෂා කරමින්, නිරතුරුව මුමුණන ඔවුන්ගේ ගීත අසමින් මම දවස ගෙවමින් සිටියෙමි. දවස පුරාම ඇඳේ වැතිර හිඳීම සඳහා වැය වූ කාලය අඩුවෙමින් තිබිණි. මා වටා පැතිර තිබුණු අළු පැහැය තැනින් තැන තුනී වෙමින් තිබිණි. කූඩුව තනා නිම කරන්නට ගත වූ කෙටි කාලය තුළදී කුරුළු යුවල මගේ හදවත තුළ ද කූඩුවක් තනා ගත්තා වැනි විය. බොහෝ කලකින් නොදැනුණු තෙතමනයක්, කලකට පෙර ගලා හැලුනද, අහුරා දමන ලද දොළ පහරක දිය සීරාවක් මහද පත්ලත දැනෙමින් පැවතිණි. මේ නිසා දිවා කාලයේ කැදැල්ල තනන්නට වෙහෙස වී කුරුළු යුවල නික්ම ගිය පසු ඉතිරි වූ හිස් රාත්‍රී කාල ඔවුන් ගැන සිතන්නට වැය කරන්නට මම පුරුද්දක් කර ගතිමි. කොහොමටත් ඒ මට රාත්‍රී නින්ද දුර්ලභ කාල වකවානුවක් විය. ඒ දිවා කල පුරාවටම කඩින් කඩ නිදාගන්නා නිසා යැයි මා මටම කියා ගත්තද එය එසේ නොවන බව මම දැන සිටියෙමි. දිවා කාලයේ මා දෑස් වසාගෙන ලෝකයෙන් විරාම ගත්තා පමණි. ඒ විරාම තුළ සුව නින්ද නොතිබිණි. එහෙත් රාත්‍රී කාල වඩාත් කටුක වූයේ හදවතේ රැව් දුන් නිහඬ බවට අවට පරිසරයේ නිහඬ බවත් එකතු වූ නිසා ය. කුරුළු යුවල නැති නිසාදෝ ඒ රාත්‍රීන් පෙරටත් වඩා දිගු විය. රෑ මැදියමත් පසුවන තෙක්ම විවර කරගෙන උන් කවුළුවෙන් පිටත හිස් බැල්මෙන් බලා සිටීමට එකල මම පුරුදු වී සිටියෙමි. කළු තීන්ත වැනි අහසේ වත් කුටියෙන් පිට ගෙඋයනේ වත් මගේ අවධානය රඳන්නට දෙයක් නොතිබුණි. එහෙත් මතක මායා පිරුණු දහවලේ රුදු බව වෙනුවට රාත්‍රියේ නිසල බව එක් අතකින් සුවදායක විය. කුටියට එපිටින් ආරුක්කුවක එල්ලුණු සුදු රෝස වැලක මල් පිස හැමූ පවන සිත තවනසුළු විය.

කුටියේ අද හෙට පදිංචි වන්නට නියමිත කුරුළු යුවල ගැනම සිතමින් ගතකළ එවැනි රැයක කැදැල්ල සමීපයේම ඇති විදුලි බුබුල නිසා උන්ට අනතුරක් වේදැයි මට හදිසියේ සිහිවිය. විදුලි සැර වදින්නට නම් නොහැකි වූවත් රත් වූ විදුලි බුබුල නිසා පරඬැලින් තැනුණු කැදැල්ල ගිනිබත් වේදැයි අනියත බියක් මගේ හදවත වෙලා ගත්තේය. වහා වහා ඇඳෙන් පැන ලාම්පුව නිවා දැමූ මා ඒ රාත්‍රියේ ඉතිරි කොටස ගත කළේ අඳුරේ ය. ගින්නකින් ඒ පුංචි කැදැල්ල අළු වී යනු මට පෙනෙන්නා සේ විය. කුරුළු යුවල කෑගසමින් තමන්ගේ අහිමි වූ නිවහන සොයන හඬ මට ඇසෙන්නා සේ විය. අහිමිවීම් පෙළක කෙළවරක, ඉන් හෙම්බත්වී උන් මට මෙය නියතයක් සේ බරැතිව පපුවට දැනෙන්නට විය. ඒ අඳුරු රාත්‍රියේ මා දුටු ඒ මායාවන් මගේ සිත තුළ යම් පෙරළියක් සිදු කළේ ය. අනිත් හැම දේම අත්හරිමින්, පරදිමින් එතෙක් දුර ආ මම ඒ රැයේදී මේ කුරුළු පවුල කෙසේ හෝ රකින්නට දැඩි අදිටනකට එළඹුනෙමි. එය සැඩ දියේ ගසාගෙන යන්නෙක් ගංඉවුරක වූ ගසක අත්තක් තදින් බදාගත්තා වැනිදැයි නොදනිමි. එහෙත් මින් මතු රාත්‍රීන් ආලෝකය රහිතව අඳුරේම ගෙවා දැම්මත් කුරුළු යුවල අනතුරකට ලක්නොකරන්නට මම තරයේ ඉටා ගත්තෙමි .

මා නොදැන උන්නාට ඊට පසුදින නැකත් දිනයක් වන්නට ඇත. කුරුළු යුවල ඒ දවසම ගත කළේ හොටින් කුරුළු පිහාටුත් පුළුන් කැබලිත් ගෙනැවිත් කූඩුව සුවපහසු කරන්නට ය. රාත්‍රිය එළඹෙද්දී පැණි කුරුල්ලා කවුළුවේ දැලේ නතරව දිගු ගීයක් ගැයුවේය. කිරිල්ලී ඊට පිළිතුරු ගීය ගැයුවේ කැදැල්ල තුළ හිඳ ය. ඇගේ වතත් වක් වූ හොටත් පමණක් යන්තම් ඉන් පිටතට දිස්විය. බොහෝ වේලා එලෙස ගී ගයමින් උන් කුරුල්ලා පිටතට ඉගිලී, අඳුරට මුහු වී, නොපෙනී ගියේ ය. කුටියේ ඉතිරි වූයේ කිරිල්ලියත් මාත් පමණි. ඇය ගෙට ගෙවදී ඇත. ඉතින් මට අලුතින් කාමර සගයෙක් ලැබී ඇත! කලකින් නොවිඳි ප්‍රීතියකින් මගේ හද ඉල්පෙනු මට දැනුණි. කටුක තනිකමේ තිත්ත රසට හුරු වී උන් මා මේ අමුතු හැඟීමෙන් මත්වෙමින් උන්නෙමි. ඉතින් මින් පසු බොහෝ දිගු රාත්‍රී කාල දරාගැනීම දුෂ්කර නොවනු ඇත. දිවා කාලවලදීත් නොනවතින ගීතයෙන් කුටිය පිරෙනු ඇත! කැදැල්ලට අනතුරක් නොකරන්නට මටම වූ පොරොන්දුවට අනුව ඒ රාත්‍රියේ මා කුටියේ විදුලි බුබුල දැල්වූයේ නැත. අලුත් බලාපොරොත්තුවක සේයාවක් වැටී නිම් නැති ප්‍රීතියෙන් පසුවුණු මට ඒ රාත්‍රිය අඳුරේම ගෙවා දැමීම අපහසු වූයේ නැත.

ඉන්පසු එළඹුණු දින ගෙවුණේ ඒකාකාරීව ය. කිරිල්ලිය දිවා රෑ පුරා කැදැල්ල තුලම ගතකළා ය. කෑමට බීමට යැයි සිතිය හැකි විරාම වල පමණක් කවුළුවෙන් පිටතට ඉගිළ ගොස් එසැණින් නැවත පැමිණියා ය. ඒ අතින් ඈ මා හා සාමාන යැයි සිතී මට සිනා පහළ විය. මට නොසිටියේ ඈට මෙන් කවුළුවේ දැලට වී මගේ තනි මකන්නට ගී ගයන්නට කුරුල්ලෙක් පමණි. ඒ දිනවල කැදැල්ලේ කැපී පෙනෙන වෙනස්කමක් සිදුනොවුවද මා තුළ යම් වෙනස්කම් සිදුවෙමින් තිබිණි. දවස පුරා මා ළය තෙරපුණු බර මඳින් මඳ අඩුවන බවක් මට දැනිණි. දිවා කාලයේදී නිකරුණේ ඇඳේ වැතිර හිඳිනු වෙනුවට කූඩුවේ උන් කිරිල්ලිය දෙස බලා ඉන්නටත් ඈව සිතුවමට නඟන්නට උත්සාහ දරන්නටත් මම කාලය ගත කලෙමි. කැදැල්ල ගින්නෙන් ප්‍රවේසම් කරන්නට ඉර හැරුණු වෙලේ පටන් අඳුරේ සිටීම අඳුරට පෙම්බැඳි මට අපහසුවක් නොවූවද කිරිල්ලිය දෙස නෙත් යොමාගෙන හිඳිමින් මා අරඹා තිබූ භාවනාවට නම් අඳුර බාධාවක් විය. ඒ වෙද්දී කුටියෙන් පිටත සැරීම අවම කර උන් මා ඉන් පිටතට ආවේ අත්‍යවශ්‍ය කරුණකට පමණි. එහෙත් දිනක් ගබඩා කාමරය වෙත ගොස්, එහි සුන්බුන් පීරා, මේස ලාම්පුවක් සොයාගැනීමට මම සමත් වුණෙමි. ඉතා අවලස්සන කොළ පැහැයකින් යුක්ත වූ එය ඉහත කලකදී කාගෙන් හෝ නිවසේ කාට හෝ ත්‍යාගයක් ලද දෙයක් විය යුතුය. දූලි වැකී තිබුණු ඒ ලාම්පුව කුමක්හෝ වාසනාවකට කිසිදු දොසක් රහිතව ක්‍රියාත්මක විය. එතැන් සිට බොහෝ කල් ගතවනතුරු මා කුටියේ විදුලි පහන දැල්වුණේ නැති අතර මේස ලාම්පුවෙන් විහිදුණු මඳ එළියෙන් රාත්‍රිය ගත කරන්නට කිරිල්ලියත් මමත් හුරු වූයෙමු. කැදැල්ලත් නිරුපද්‍රිතව පැවතිණි.

මේ වෙද්දී පැණි කුරුළු යුවලත් මාත් ඔවුනොවුන්ගේ විස්වාසය දිනාගෙන සිටියෙමු. මා අසලින්ම ඉගිළ යන්නටත්, ඔවුන්ගේ ගමන් අතරමැද විරාම වලදී මට මුහුණලා මේසය මත ඈතින් නතර වී ගී ගයන්නටත් ඔවුන් පැකිලුණේ නැත. ඔවුන්ගේ විස්වාසය රකිමින් මම ඔවුන්ට බාධා වන කිසිවක් නොකරන්නට වග බලා ගත්තෙමි. එහෙත් එක් උදෑසනක වෙනදාට වඩා කලබලයක් කුරුල්ලාගෙන් සහ කිරිල්ලියගෙන් දිස් විය. උදෑසනම සුපුරුදු ලෙස කිරිල්ලිය බැහැ දැකීමට පැමිණි කුරුල්ලා වෙනදාටත් වඩා තියුණුව ගී ගයන්නටත් මෙතෙක් නොකළ ලෙස බිත්තියේ වූ කැඩපත අභියසට ගොස් ඊට පහර දෙන්නටත් විය. කිරිල්ලියද මේ කලබලයට හවුල් වී මඳක් ඒ මේ අත පියාසලමින් උන් අතර මඳ වෙලාවකින් දෙදෙනාම එකවර කුටියෙන් පිටතට පියාඹා ගියහ. මේ වෙනසට හේතුව කැදැල්ලේ ඇතැයි ඉවෙන් මෙන් වැටහී මා පුටුවක් මතට නැඟී කැදැල්ලට එබී බැලුවෙමි. එහි පුංචි වටකුරු බිත්තර දෙකක් විය! කුරුළු යුවල කැදැල්ල තැනුවේ බිත්තර දමන්නට බව සිතේ කොණක තිබුණත් ඒ බව දෑසින් දකින තුරු මා එය අදහන්නට මැලිවෙමින් ඉන්නට ඇත. කුරුළු පිහාටු තොටිල්ලේ තිබුණු ඒ පුංචි බලාපොරොත්තු දෙක දැක මගේ දෑසට කඳුළු ඉනුවේ නිරායාසයෙනි. ඒ වෙද්දී මා බොහෝ කලකින් හඬා තිබුණේ නැත. හෙලන්නට හැකි කඳුළු නිමා වූ පසු මා පා තබා තිබුණු කාන්තාරයට වැසි වැටුණේ නැත. ඉතින් කුඩා බිත්තර දෙකකට මහා ඉඩෝරයක් නිම කරමින් පොද වැස්සක් ඉහිරවන්නට බලයක් තිබුණි.

ඉන්පසුව එළැඹුණේ බලාසිටීමේ කාල වකවානුවයි. කිරිල්ලිය බිත්තර රකින්නට ඇප කැපවී සිටියාය. පෙර මෙන්ම ඈ කුඩා විරාම පමණක්ම ගෙන තම රාජකාරියටම යොමු වූවාය. වෙනසකට තිබුණේ පැණි කුරුල්ලාගේ හැසිරීම පමණි. නොබෝ දිනකින් තමාට ලැබෙන පිය පදවිය නිසාදෝ ඔහු අමුතු ආඩම්බරකමකින් හැසිරෙන්නට විය. මගේ කැඩපත තුළ සිටි ඔහු වැනිම වූ අනෙත් පැණි කුරුල්ලාගෙන් සිය පවුල රැකගන්නට ඔහු දිවි හිමියෙන් කැපවී සිටියාක් මෙන් විය. උදෑසනම රාජකාරියට වාර්තා කරන ඔහු මුළු දවසම උස් හඬින් ගී ගයන්නටත්, කැඩපත හා සටන් වදින්නටත් වෙන් කළේය. ඔහුගේ මේ ගණන්කාරකම් එක්තරා ආකාරයක හිසරදයක් වූවත් ඒවා සිනහවකින් ඉවසා හිඳින්නට මම බොහෝ ඉක්මණින් පුරුදු වූයෙමි. ඒ වෙද්දී කුරුළු යුවලගෙන් මටත් කුඩා බලාපොරොත්තු බෝවී තිබිණි. පිටු දෙකතුනක් වෙනුවට පොතක් කියවා ඉවර කරන්නට.. බලි කුරුටු අඳිනවා වෙනුවට සිතුවමක් ඇඳ නිම කරන්නට මට නොඉවසිල්ලක් දැනෙමින් තිබිණි. මගේ පැරණි දිය සායම් පෙට්ටියත් බුරුසු දෙකතුනත් යළි සොයාගත් මම කලකින් නොදැනුණු උද්යෝගයකින් සිතුවමක් පාට ගැන්වීම ඇරඹුවෙමි. කුටියේ මගේ තනියට කිරිල්ලිය උන් නිසාදෝ ඒ වකවානුවේ දී මට පෙරදී මෙන් නින්ද දුෂ්කර ක්‍රියාවක් වූයේ නැත. මේ නිසා මට නිරතුරුව දැනුණු අකර්මන්‍ය බව පහව යමින් තිබිණි. අළු පැහැ මීදුම තුනීවෙමින් පැවතුණි.

කුරුළු පැටවුන් ලොව එළිය දුටුවේ මහා රැයක ය. ගැඹුරු නින්දක පතුලක උන් මා යළිත් පියවි ලොව වෙත ඇද වැටුණේ නොකඩවා ඇසෙන්නට වූ තියුණු ළදරු කිචි බිචියකිනි. හිරු උදා වූ විගස කිරිල්ලිය කැදැල්ලෙන් පිටවූයේ කෑම සොයා එන්නට ය. ඉතින් එතැන් සිට කුරුළු යුවල පැටවුන්ට කෑම සැපයීමේ මහා සංග්‍රාමය ඇරඹුවෝය. මාරුවෙන් මාරුවට කුරුල්ලාත් කිරිල්ලීත් අහර තුඩින් ගෙන දවසට සිය දහස් වතාවක් කැදැල්ලට පියඹන්නට විය. කොතෙක් කෑම ලැබුණත් කුරුළු පැටවුන්ගේ සාගින්න නම් නිවෙන වගක් නොපෙනිණි. කැදැල්ලේ දොරකඩින් මතුවුණේ කුඩා හොටවල් දෙකක් පමණක් වූවත්, පැටවුන් දුසිමක් උන් කලෙක මෙන් කුරුළු දෙමව්පියන්ට වැඩ රාජකාරි අධික විය. ඔවුන්ට විරාමයක් ලැබුණේ ඉර අවරට ගිය පසු පමණි. රැයේ අඳුර තුළ මවට තුරුළු වී නිදාගත් පැටවු නැවතත් අරුණු උදාවත් සමඟම බඩගිනි ගීතය ගයන්නට පටන් ගත්හ. කුරුළු දෙමව්පියන් කුටියේ නොමැති විරාමවලදී මම පුටුවකට නැඟී කිහිප වරක් කුරුළු පැටවුන්ගේ සුරතල් බැලුවෙමි. මුලදී නිරුවත්ව, රෝස පැහැතිව නහර පෑදී උන් ඔවුන් නොබෝ දිනකින් කහ පැහැති පුළුන් ගුලි දෙකක් බවට පත් විය. සිරුරේ පළලටත් වැඩියෙන් මුව අයන්නටත්, කෑම ඉල්ලා කෝලාහල කරන්නටත් ඔවුන් සතුව මහත් දස්කමක් විය. මේ දඟකාරයන් දෙදෙනා ගැන ගැඹුරු සෙනෙහසක් මට දැනෙන්නට පටන්ගෙන තිබිණි. යළිත් කිසිදිනක නොදැනෙනු ඇතැයි මා සිතා සිටි ළතෙත් බවක් ඔවුන් නිසාත් ඔවුන් වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන ඔවුන්ගේ දෙමාපියන් නිසාත් මට දැනෙමින් පැවතිණි. අළු පැහැය තුරන් වී හිරු එළිය පැතිරෙන්නට පටන්ගෙන තිබිණි.

දිනපතා දෙමව්පියන්ගෙන් නොකඩවා ලැබුණු තණකොළ පෙත්තන්, දළඹුවන්, සලබයන් ආදීන්ගෙන් යුතු ආහාර සැපයුම නිසා කුරුළු පැටවුන් වැඩුණේ බලා සිටිද්දී ය. නොබෝ දිනකින් රාත්‍රියට කැදැල්ලේ තිදෙනෙකුට ඉඩකඩ මදි බවට සාක්ෂි පෙනෙන්නට විය. පැටවුන් නින්දට වැටෙන්නට පෙර නොයෙක් විදිහේ දැඟලිලි, නෝක්කාඩු කිචි බිචි ඇසෙන්නට විය. ඒ වකවානුවේ මා පැණි කුරුළු කැදැල්ලේ දිය සායම් චිත්‍රයක් අඳින්නට පටන්ගෙන තිබිණි. මා ගිලී උන් අඳුර දුරලීමට පැහැදිලි කිසිත් නොකලත් ආලෝකයක් ඇති බවට මට සිහි ගැන්වූ ඒ පුංචි කුරුළු පවුලට මා ණයගැති බවක් මට දැනෙන්නට විය. රාත්‍රීන් පුරාවට මා මේස ලාම්පුවේ මන්දාලෝකයෙන් සිතුවම සඳහා සායම් කලවම් කරමින් සිටිද්දී, තම දඟ පැටවුන් නිදි ගන්වා අහවරව කිරිල්ලිය කැදැල්ලේ සිට මා දෙසම නෙත් යොමාගෙන මට පාලු මැකුවාය.

මා නොසිතූ තරම් වේගයෙන් කුරුළු පැටවුන් ස්වාධීන වන්නට තැත් කරන්නට විය. කැදැල්ලේ පුංචි දොරකඩින් එබිකම් කරමින්, ලෝකයේ තතු ඉතා උනන්දුවෙන් නිරීක්ෂණය කරමින් ඔවුහු පසු වූහ. ඔවුන් කුඩා කල සිටම මා කුටියේ ඒ මේ අත යනු දැක පුරුදු ව තිබූ නිසා මට බියක් දැක්වූයේ නැත. සීග්‍රයෙන් වැඩි වී තිබුණු ඔවුන්ගේ කෑම අවශ්‍යතාවය නිසා දෙමව්පියන්ට නම් නිවනක් නැති විය. ඉක්මණින් වැඩුණු ඔවුන් පියාසැරියටත් සූදානම් බවත් පෙන්වමින් එක් එඩිතර පැටවෙක් දිනක් කැදැල්ලෙන් පිටතට පිම්මක් පැන්නේය. කුරුළු දෙමව්පියන් අහලකවත් නොසිටි ඒ මොහොතේ මගේ හදවත නතර නොවූවා පමණි. තම අලුත්ම පියාපතින් ඉතා කෙටි දුරක් පියැඹු කුරුළු පැටවා අල්මාරියේ හැපී බිමට වැටෙන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. ඔහු අසලට දිව ගිය මා ඔහුව අහුලා ගත්තේ විදුලි වේගයෙනි. මඳක් අන්ද මන්ද වී සිටියා මිස ඔහුට හානියක් වී තිබුණේ නැත. පුංචි තරවටුවකින් පසු ඔහුව ඔහුගේ නිවසට ඇරලවූ මා සැනසුම් සුසුමක් හෙලුවෙමි. එහෙත් ඉනික්බිති මේ ජවනිකාව නිතර නිතර සිදුවන්නට විය. ඇතැම් දිනයක මඳකට කුටියෙන් පිටතට ගිය මා ආපසු පැමිණුනේ මගේ කොට්ටය මත වාඩිගෙන සිටින කුරුළු පැටවෙක් දකින්නට ය. තවත් දිනක එවන් අසාර්ථක පියාසර අභ්‍යාසයක් අවසාන වූයේ මා තීන්ත මුහු කරන පීරිසියේ ය. එදා නම් පුළුන් කැබැල්ලක් තෙමා ඒ පුංචි සිරුරෙන් නිල් කොළ තීන්ත පිස දමමින් මා ඔහුව පිරිසිදු කළේ දොස් නඟමිනි. වාසනාවකට මෙලෙස අනාරක්ෂිතව කුටියේ ඒ මේ අත දඟ කළ කුරුළු පුළුන් ගුලි දෙක එක කටකට ගිලදමන්නට අහලක පහලක බළල් තඩියෙක් සිටියේ නැත.

මෙලෙස අභ්‍යාස කිරීමෙන් කුරුළු පැටවුන්ගේ පියාසැලීම දිනෙන් දින වැඩිදියුණු වූ බව මටත් පිළිගන්නට සිදුවිය. මේ පුහුණු වීම් සිදු වෙද්දී කුරුළු දෙමව්පියන්ද පසෙක සිට ඔවුන් දිරිමත් කරන බවක් පෙනිණි. වැඩි කල් ගතවන්නට පෙර නිදා ගැනීමටවත් කැදැල්ලට යන්නට ප්‍රතික්ෂේප කළ කුරුළු දෙසොහොයුරෝ මගේ කුටියේ අතන මෙතැන ගුලි වී නිදන්නට විය. ඔවුන්ගේ ආහාර වේල් ඒ තැන් වලටම ලැබිණි. ඔවුන් පෑගෙනු ඇතැයි බියෙන් මා කුටිය තුළ සෑම පියවරක්ම තැබුවේ ඉතාමත් ප්‍රවේසමෙනි. නිදන්නට පෙර ඇඳ ඇතිරිලි කොට්ටා ආදිය පරීක්ෂා කර ඔවුන් එහි සැඟවී නැති බව තහවුරු කර ගත්තෙමි. නොබෝ දිනකින් ඔවුන් කවුළුවෙන් පිටත විසල් ලෝකය වෙත නික්මෙන බව මම දැන සිටියෙමි. කැදැල්ලත් හිස් පරඬැල් අහුරක් පමණක් බවට පත්වෙන බවත් මම දැන සිටියෙමි. එතැන් සිට එළැඹෙන හිඩැස ගැන නොහිතා ඉන්නට මම වෙර දැරුවෙමි. එහෙත් ඒ වෙද්දී උන්නේ පැණි කුරුළු යුවල පළමු වරට කුටියට එද්දී උන් මා නොවේ. ඔවුනුත්, පසුව ඔවුන්ට එක්වූ පැටවුනුත් ඉතා සියුම් ලෙස මා වෙනස් කර තිබිණි. යා යුතු මඟ නොදැන, මඟ කියන්නට කෙනෙක් ද නොමැතිව අඳුරු දෝනාවක උන් මට දුරින් පුංචි එළි තිතක් පෙන්වන්නටත්, ඒ වෙත මා පියෙන් පිය කැඳවාගෙන යන්නටත් ඔවුහු සමත් වී තිබිණි.

බලාපොරොත්තු වූ ලෙසටම කුරුළු පැටවුන් දොරට වඩින දිනය උදා විය. කවුළුවේ දැලේ හිඳ දෙමාපියන් කළ දිරිගැන්වීම් හමුවේ පැටවුන් දෙදෙනා පළමුවරට කුටියෙන් පිටවන්නට සූදානම් විය. දුකටත් සතුටටත් ඉනූ කඳුළු පිරි දෑසින් මම ඔවුන් දෙස බලා උන්නෙමි. ඒ ඉගිළ යන්නේ මගේත් පැටවුන් බව මට හැඟිනි. ඇසිපිය හෙලන ඇසිල්ලක ඔවුහු සිවු දෙනාම කවුළුවෙන් පිටතට නොපෙනී ගියහ. ඉතින් ඔවුන් මගේ කුටියේ ගත කළ පරිච්ජේදය එලෙස ඇසුරු සැණෙකින් නිමා විය. මා හට වේදනාවක් දැනුණද ඒ රිදුම පෙර කලෙකදී මෙන් සිත දවනසුලු වූයේ නැත. සතුටක් දැනුණද එහි අත්හැරීම ද මුහු වී තිබුණි.

යළිත් එකම වතාවක් මට පැණි කිරිල්ලිය මුණ ගැසුණි. අවසන් නික්ම යාමෙන් සතියකට පමණ පසු හැන්දෑවක මා පැණි කුරුළු සිතුවම නිම කරමින් සිටියෙමි. අඳුර වැටෙන්නට පටන්ගෙන තිබුණද, ඒ වෙද්දීත් මට කුටියේ විදුලි පහන දල්වන්නට සිත් දුන්නේ නැත. මේස ලාම්පුවේ මඳ එළියෙන් සිතුවම අඳිමින් උන් මම පුරුදු ගීයක් ඇසී හිස ඔසවා බැලුවෙමි. පැණි කිරිල්ලිය තනිවම කවුළුවේ නතර වී සිටියා ය. අත්හැර දමන ලද පැරණි කැදැල්ල දෙස වත් නොබලා ඈ කෙළින්ම මා වෙත පැමිණ පින්සල් රඳවන බඳුනේ තිබුණු පින්සලක් මත නතර වූවා ය. ඔවුන් පෙරදී කිසිදිනෙක ඒ තරම් සමීපයට පැමිණ තිබුණේ නැත. මගෙන් ලද සිනහවෙන් දිරි ලැබී දෝ ඈ මට පුංචි ගීයක් ගැයුවා ය. මා දෙස එක එල්ලේ බලමින් එසේ මඳ වෙලාවක් උන් ඈ යළිත් කවුළුවෙන් පිටතට ඉගිලී නොපෙනී ගියා ය. ඉන්පසු කිසි දිනක මා ඔවුන්ව දුටුවේ නැත.

එදා මා අතින් නිමවුණු පැණි කුරුළු සිතුවම රාමුවකින් ඔපවී අදත් මගේ කුටියේ එල්ලා ඇත. එහෙත් මේ නම් මා එදා උන් කුටිය නොවේ. වසර ගණනාවක් තිස්සේ මා විසූ හැම කුටියක්ම සරසා අවසානයේ එය මේ නිවහනට ද පැමිණ ඇත. ගතවුණු කාලයත් සමඟ සිතුවමේ පැණි කුරුල්ලාගේ දිදුලන නිල් පැහැයත් කිරිල්ලියගේ දෑසේ දීප්තියත් මැකී ගොස් ඇත. එහෙත් හොඳින් බැලුවහොත් එහි පසුබිම තුනී වෙමින් යන අළු පැහැ පටලයක් ඔබට පෙනෙණු ඇත. නිතර ඇස ගැටෙන තැනක මා අදත් ඒ සිතුවම එල්ලා තබා ඇත්තේ කුරුළු ගීයකට වුව ඝන මිහිදුමක් තුරන් කරවා හිරු එළිය අතුරන්නට හැකි බව නිරතුරුව සිහිගන්වා ගැනීමට ය. 

January 09, 2018


මා සමඟ එක පෙළටම
බොහෝ දුර නුඹ එන විට
මැකී වියැකී මොහොතක 
යළි යළිත් හිනැහෙන විට 

අප අතර ඇති සිය ගව් 
හැකිලී එකම මිටකට 
හුස්මක් දැනෙන තරමට
හැඟේ නුඹ ළඟ ළඟ බව 

on the way to Lakes Entrance, Gippsland-Jan 2018

January 07, 2018

මගේ දුවට

For my Daughter |Marjorie Saiser
When they laid you on my belly
and cut the cord
and wrapped you and gave you
to my arms, I looked into the face
I already loved. The cheekbones,
the nose, the deep place
the eyes opened to. 

I thought
then this is the one I must teach,
must shape and nurture.
I was sure I should. 

How was I
to know you would become
the one to show me
how kindness walks in the world?
Some days the daughter
is the mother,
is the hand that reaches
out over the pond, sprinkling
nourishment on the water.
Some days I am the lucky koi,
rising from below, opening
the circle of my mouth to take it in.

දිනමිණ- වසත් සුළඟ 02.01.2018 

January 05, 2018


      දෙවසරකුත් දෙමසකදී දෙසියයක්ම දේ මෙහි ලියා ඇති බව නෙත ගැටුනේ අහම්බෙනි. ඒ සැතපුම් කනුව පසු වූයේ වසරක් ගෙවී තවත් වසරක් උදා වෙද්දී වීම තවත් අහඹු විශේෂයකි. අලස කම, සිත පුරන් වී යාම හෝ නිස්කලංකයක් නැති කම නිසා මෙහි කිසිවක්ම නොලියූ කාල තිබුණි. ඉදිරියටත් තිබෙනු ඇත. එහෙත් ඒ ඉඩෝරයෙන් මිදී යළි යමක් කුරුටු ගාන්නට හිත ඇතිකරන්නේ ඒවා කියවන්නට මෙහි ඇවිත් යන ඔබ සැම යි. එබැවින් මේ  තුතිය ඔබටයි. මුල සිටම මා ලියන්නට උනන්දු කරවන, ඒවායේ ගුණ දොස් පෙන්වන, ඒවා පුවත්පත්හි  පළ වීමට සුදුසු යැයි මට ඒත්තු ගන්වා පළ කරන, නොලියද්දී දොස් නඟන ළබැඳියන්ටත් මම බොහොමත්ම ණයගැතිමි. ඔබ නොවන්නට මා කිසිවත්ම නොලියන්නට ඉඩ තිබිණි. මගේ ගමන බොහෝ සෙමින්ය. ඒ මඟ ඔබ සැම මා හා එන බව දනිමි. ළඟ උන්නාට තුති! 💜