May 31, 2016

සරත් කල




Under the harvest moon,
When the soft silver
Drips shimmering
Over the garden nights,
Death, the gray mocker,
Comes and whispers to you
As a beautiful friend
Who remembers.


Under the summer roses
When the flagrant crimson
Lurks in the dusk
Of the wild red leaves,
Love, with little hands,
Comes and touches you
With a thousand memories,
And asks you
Beautiful, unanswerable questions.



-Carl Sandburg

දිනමිණ 31/05/2016, වසත් සුළඟ අතිරේකය 




May 23, 2016

කාලයෙන් එක මොහොතක්




ඉර එළිය තැවරිලා මීදුම යන්තම් මැකෙන්න ගත්තු වෙලාවක තාත්තෙකුයි දුවෙකුයි ලොකු කතාවක්. තාත්තා බිමටම තරම් පහත් වෙලා යි දූ ගේ කතා අහන්නේ. දෙන්නාට තියෙන්නේ ජාති දෙකක කැරලි කොණ්ඩ දෙකක්. කෙළි පොඩ්ඩ ට අවුරුදු දෙකක් විතර ඇති. දඟ මූණක්! ඇවිදිනවා කියන දේ ලොකු හපන්කමක් බව ඒ පුංචි මූණෙන් ම පේනවා. අනික තාත්තාගේ ඇඟිල්ලක් අල්ලාගෙන යන්න ලැබුණු එක!

තාත්තා වැඩට යන්න යන ගමන්. එක අතක රාජකාරි මල්ල. ටයි පටියකුත් ඒ අතේම පටලවාගෙන. ලෑස්ති වෙලා ඉවර වෙන්න ඉඩ ලැබුණේ නැතිව ඇති. ඒ අතේම තවත් දෙයක්. පුංචි රෝස පාට මල්ලක්. පුංචි ළමයින්ගේ අඩුම කුඩුම දාගෙන උන් පිටේ එල්ලගෙන යන ජාතියේ මල්ලක්. ඒ හැම දේම එක අතක තියෙන්නේ අනිත් අතින් පුංචි අතක් අල්ලාගෙන යන නිසා. වඩාගෙන යන්න නොදෙන "මට තනියම යන්න ඕන!" කියන ගතියක් පේන කෙල්ලෙක්. පුංචි නිල් කලිසමක්, කහ රතු තිත් වැටුණු කමිසයක්, ඇබින්දං දම් පාට බූට්ස් දෙකක්- කෙල්ල හදිසියේ පාර අයිනේ පිපුණ මල් පොකුරක් වගෙයි.

අතකින් දූගේ අත අල්ලාගෙන යන නිසා තාත්තාට යන්න වෙලා තියෙන්නෙත් දූගේ වේගේට. දූ ට නම් කිසිම හදිසියක් නැහැ. හදිසි වෙන්නේ මොකටද? උදේ ඉර ත් එක්ක අහස රත්තරන් පාට වේගෙන එන වෙලාව. බලන්න කොයිතරම් දේවල් තියෙනවාද? තාත්තයි දුවයි ඇවිදගෙන යන පාර අයිනෙන් එක එක පාට වාහන පේලියක්ම යනවා. සමහර වේලාවට ඒ වාහන පේළිය කූඹී තරම් හෙමින් යන්නේ. සැරින් සැරේ දූ ගමන නවත්තලා ඔළුව ඇල කරගෙන වාහන පේළිය දිහා බලාගෙන ඉන්නවා. ලොකු වාහන, පොඩි වාහන, දිලිසෙන වාහන! තාත්තා ඒ වෙලාවට දූ එක්ක නවතිනවා. අත අත නෑරම දූගේ පුදුමේ දිහා පුංචි හිනාවකින් බලාගෙන ඉන්නවා. දූ රතු කාර් එකක් පෙන්නලා තාත්තාට මොනවදෝ කියනවා. තාත්තා හිනාවෙවීම ඔළුව වනනවා.

ඊළඟ අඩි කීපයේදී දූට තවත් පුදුමයක් මුණගැහෙනවා. පාර අයිනේ තණකොළ තීරුවේ පුංචි සුදු -කහ මල් යායක්! මේවා උදේ ඉරත් එක්ක පිපිලා හවසට පරවෙලා යන කැලෑ මල් ජාතියක්. ඒත් ඒ බව දෝණි දන්නේ නැහැනේ. ලොකු හිනාවක් එක්ක උඩ පැනගෙන දූ එතනට දුවන්නේ තාත්තාව ඇදගෙනමයි. තාත්තාගේ අත අත්ඇරලා දුව තණකොළ තීරුවේ බිම ඉඳගන්නවා. අද නම් මල් ගොඩාක් එකතු කරගන්නයි කල්පනාව. තාත්තාගේ නළල ඩිංගක් රැළි වෙනවා. කමිසේ අත මෑත් කරලා ඔරලෝසුව දිහා බලනවා. හිනාවත් අඩු වෙනවා. පරක්කු වෙයි වගේ! පුංචි ඇඟිලිවලට පොඩි වුණු මල් අහුරක් දූ තාත්තාට දික්කරන්නේ ඒ වෙලාවෙයි. පුංචි මූණේ හිනා ඉතිරෙනවා. මේ තරම් ලස්සන මල් තාත්තා කවදාවත් දැකලා තියෙනවාද! තාත්තා දූ ගේ හිනාව දිහා බලාගෙන ඉන්නවා. තත්පරයක් ඇතුළත කල්පයක් ගත වෙනවා. හැමදාම නොරැඳෙන පුංචි හිනා, හැමදාම නොපිපෙන පුංචි මල්- තාත්තාගේ හිත වටේ දුවනවා පේනවා වගේ. කල්පයක් එක තත්පරයකින් ගෙවෙනවා. තාත්තාත් හිනාවෙලා අතේ තිබුණු මලු ටික බිම තියනවා. දූ ළඟින්ම බිමින් වාඩිවෙනවා. දූගේ හිනාව තවත් වැඩි වෙනවා. දූ අත්පොඩි ගහනවා. තාත්තා මලක් අරගෙන දුවගේ කොණ්ඩේ රඳවනවා. මුළු ලෝකෙම මොහොතක් නවතිනවා. ඉර එළිය අහස තව ටිකක් රත්තරන් පාට කරනවා.

pic- Peruvian Daisy, drawn with MS Paint




May 17, 2016

අතරමං

මුහුද මැද අතරමං වී උන් අයෙක්
දිවි බේරා ගනු ලැබුවද
හරියට නැවත මෙපිට එන්නේ නැත

කවක් ලියන්නට සිතුනි මට ඒ ගැන

නමුත් වැටහිණි මට
කෙදිනක හෝ පෙම් කර ඇති අය
මෙය හොඳින් හඳුනන බව

-----------------------------------
I thought about
writing a poem
explaining how

when you are lost at sea
even if you are rescued and survive
you never really come back

then I realized
everyone
that's ever been in love
would already understand

- Tyler Kent White




May 13, 2016

Daisy




මෝසමට හුරු දවසක
විසිරුණු සතුටු බිඳ නුඹ
හැඬුම්බර ගහ කොළ මැද
සිනාසෙන මතකය නුඹ

単純(tanjun)- simplicity 

drawn with MS Paint




May 10, 2016

මුණුබුරා සහ සීයා | Shel Silverstein


'
හැන්ද අතඇරෙනවා මා අතින්, සමහර දාට' කීවා මුණුබුරා
'
මගේ අතිනුත්' කීවා සීයා
රහසින් කීවා කොලුවා 'මම කලිසම තෙමාගන්නවා'
'
මමත්!' හිනැහුනා සීයා
'නිතර හඬනවා මම' මුණුබුරා කියද්දී
හිස සලා 'මමත්' කීවා සීයා
'ඒත් ඉවසන්න අමාරුම...' කීවා මුණුබුරා
'
ලොකු අය ගණන් ගන්නේ නැති එක මාව'
ඔහුට දැනුණා රැළි වැටුණු අතක උණුසුම
'
මට තේරෙනවා හොඳට' කීවා සීයා 

`````````````````````````````

The Little Boy and the Old Man | Shel Silverstein 
---------------------------------------
Said the little boy, "Sometimes I drop my spoon."
Said the old man, "I do that too."
The little boy whispered, "I wet my pants."
I do that too," laughed the little old man.
Said the little boy, "I often cry."
The old man nodded, "So do I."
But worst of all," said the boy, "it seems
Grown-ups don't pay attention to me."
And he felt the warmth of a wrinkled old hand.
"I know what you mean," said the little old man




C. Manuel- Oil Painting




May 07, 2016

For you

when coppertips* bloom
on a dark autumn night
a star falls to earth
murmuring of light

along the rooftops
and the shadows of the trees 
a half-forgotten song
blows gently in the breeze

tell me of the dreams
that tear your deep sleep
tell me of the tears
you seldom get to weep

and when coppertips bloom
on another moonless day
I'll be there in a whisper
to kiss the hurt away

*a tiny orange flower that blooms from late summer to autumn, also called falling star




May 03, 2016

හීන


so there was this
dream I had last night
that I was lost in a labyrinth
 and was trying to find you
 amid a web of walls 
that disappeared
and
reappeared 
and because I couldn’t find you
I kept palm-prints on
smooth white surfaces
which recorded them in blood
so I would not search
again and again
for you behind
the same old walls

but the palm prints disappeared
seconds after
they appeared
quickly, like the ending of dreams

so there was no ending
to my search for you
and no beginning
to my finding you.

By Vivimarie Vanderpooten
(From Stitch Your Eyelids Shut

දිනමිණ, වසත් සුළඟ- 03/05/2016 

May 02, 2016

The girl who was afraid to be | Nikita Gill


දොඩන්නී ඈ සතුටින්
සමත්කම් ගැන දස්කම් ගැන
ගිටාර ගැන, තරු ගැන
හදිසියේම නැවතී
සමාව යදින්නී ය, කතා කිරීම ගැනත්

ඒ,
ජීවිතයේ කොතැනකදී හෝ
ඈ ආදරය කළ කෙනෙක්
ඇගේ හදවත බිඳ දැමූ නිසා
ඇගේ සොඳුරු වදන් නොතකා හළ නිසා
ඈ ට නිහඬ වන්නට කී නිසා
ඈ නොවැදගත් යැයි කී නිසා

මිනිසුන් දුක්මුසු ව උපදින්නේ නැත
ඒ ශෝකය දෙන්නේ අප යි.

The girl who was afraid to be | Nikita Gill

She speaks to me fondly of passions and talents
guitars and stars
then stops short
and apologises for speaking at all

All because somewhere in her life
someone she loved broke her heart
by ignoring her beautiful words
and telling her to
shut up,
keep it down,
nobody cares

People aren't born sad
We make them that way
Related Posts Plugin for WordPress, Blogger...