April 29, 2019

මගේ යුද්ධය




කලකට පෙර පුවත්පතකට පරිවර්තනය කරන්නට විදෙස් කවි සොයද්දී මට Amy Wolstenholme ගේ මේ කවිය හමුවූයේ අහම්බෙනි. එය වරක් කියවූ පසු, තව දෙතුන් වරක්ම කියවන්නට මා පෙළඹුනේ එහි ඇති හිත හිරිවට්ටන වදන් නිසා ය. Amy ලියන්නේ 'මගේ යුද්ධය' ගැන ය. එහෙත් ඒ අප හැම දෙනාගේම හර්ද සාක්ෂියේ යුද්ධය යි. ඈත නොහඳුනන රටක නොහඳුනන නගරයක යුද්ධයක් ගැන අසද්දී රූපවාහිනී නාලිකාව මාරු නොකළ, එවැනි පුවත් දකිද්දී පත්තර පිටුව පෙරළා වෙන කියවන්නට රසවත් යමක් නොසෙවූ අයෙක් නැත. ප්‍රශ්නය වෙන අයෙක්ගේ වෙන තාක් අපට එහි රිදුමක් දැනෙන්නේ නැත.

අසන්නට දකින්නට ලැබෙන හැම විනාශයක්ම 'අපේ යුද්ධයකි'. ලොව කොහේ සිදු වූවත් අප ත් ඒ ව්‍යසන වල කොටස් කරුවන් ය. තදින් දොරගුළු ලා සිටීමෙන් අප ආරක්‍ෂිත වන්නේ නැත. දෑස් අන්ධ කරවන වෛරය වහා ඇවිලෙන සුළු බවත්, අන් මත ඉවසීමත්, සහජීවනයත් අප වෙහෙස වී වගා කළ යුතු බවත් සිතට ගන්නට යුද්ධය 'මගේ' වනතෙක් සිටීමට සිදුවීම මහත්ම ඛේදවාචකයකි.

Amy Wolstenholme ගේ මෙම නිර්මාණයට 2016දී Timothy Corsellis නිර්මාණ තරඟයෙන් පළමු ස්ථානය හිමි විය. 

My War

Amy Wolstenholme

My war can fit within the rotation of a minute hand.
Between 6:59 and 7:00pm, news bulletins in Times New Roman,
Another town with a name you cannot pronounce is known and lost
simultaneously. You have time to glance up from your dinner,
Look to your front door; check the outside is still locked out,
Say: Thank God. My war is erased by pressing a button.
It exists on the other channel, or on dull Tuesday afternoons
where the bluebottles swarm their reflections in windows,
Get crushed by volumes of literary poetry and – thank God –
the bell rings. My war is trapped in front covers and fly wings.
My war is on tour buses, in fields all scoured with red,
(we all know how well flowers bloom from the dead)
I pinned a poppy to my car bonnet, left it to bleed in the sun,
until all the blood had run, until all the colour had gone,
until it was white as vacant skin – the colour of peace.
My war is on pay slips, in five pounds a month to some charity
off building houses or commemorating bodies. Here:
have my illegible signature, my languid name. Stamped.
Approved. My war comes out of the post office
and in through the letterbox, my sympathy fits 12 inches by 2,
(the rest of the door is locked tight thank god thank god)
Here are some more faces that travelled from doormat to bin.
My war stays on street corners, in bedraggled protest signs,
Small change occasionally gifted, dropped in my peripheral vision,
(we all know eye contact cannot, must not be given)
My war is dust that occasionally comes drifting through,
People dissolved into air, into beautiful nothing in locked rooms
(you did remember to turn the key – did you, did you?)
My war is in my pocket: Update–Hashtag–NEWS FLASH.
Somewhere inconceivable, people are turning to ash.
My war is when I take your hand and hold it on the bus.
(thankgodthankgodthankgod it wasn’t us)
  

From - Young Poets Network
Photo by Eric Ward on Unsplash

April 18, 2019

පුංචි කුමරා


උන්නා පුංචි කුමරෙක්
ඉස්සර මාත් හඳුනන
බොහොමත් ගාම්භීරයි
කඩුවක් රඳා ඉන වට
කඩදාසියෙන් නිම වුණ
කිරුළ වැජඹිණි හිස මත
පැතිරුණා ඒ අණසක
ඔහු නිතර ගිය දස අත

සතුරන් හැම ත් එළවා
රාජධානිය බේරා
යටත් වැසි සිත් සනහා
වැජඹුණා මේ නිරිඳා

මෑත දී නෑ දුටුවේ
ජය ගොසක් නෑ ඇසුණේ
බලකොටු ත් අත්හැර ලා
සේනාව නෑ පෙනුණේ

බිඳෙන් බිඳ උස ගොස් ඇත
අත පය ත් දික් වී ඇත
කියවන්නටම වෙන් වූ
මහා පොත් කන්දක් ඇත
මා හඳුනනා කුමරා
පදවි හැම අත්හැර ඇත








April 04, 2019

'සහස් පියවර' ගැන කතාබහ

'සහස් පියවර' කෙටිකතා පොතේ මෙල්බර්න් පියනැඟුම අප්‍රේල් 7 ඉරිදා සිදුවන්නට නියමිතයි. ඒ ගැන පසුගිය දිනවල මෙල්බර්න් නගරයේ සිංහල ප්‍රජා ගුවන් විදුලි සේවා සහ පුවත්පත් වල කතාබහ සහ විචාර සිදුකෙරුණා. මේ මාධ්‍ය මඟින් මා වෙනුවෙන් ඉඩකඩ වෙන්කළ 3MDR Mel Lanka radioහි චරිත දිසානායක, 3zzz radioහි ජගත් ජේ එදිරිසිංහ, SBS Radioහි  දිල්රුක්ෂි විජේසූරිය, සන්නස පුවත්පතේ ලක්ෂ්මන් කොඩිතුවක්කු සහෘදයන්ට මගේ හද පිරි ස්තූතිය!






3zzz Radio




සන්නස පුවත්පත අප්‍රේල් කලාපය (14 පිටුව