August 12, 2024

කැන්වස් චිත්‍ර!


අපේ පළාතේ පුස්තකාල ජාලයෙන් ළඟදි Tiny Art Show කියලා වැඩසටහනක් සංවිධානය කළා. ඒකෙ ප්‍රචාරණ විස්තර වලදී කියලා තිබුණේ මේ තරඟය වෙනුවෙන් තරඟකරුවන්ට පුස්තකාලයෙන් 10cm x 10cm පුංචි කැන්වස් එකක් ලැබෙන බව. මේකේ චිත්‍ර ඇඳලා පුස්තකාලයට බාර දුන්නාම එයාලා අපිට අංකයක් දීලා චිත්‍ර ටික නම ගම නැතිව තරඟයට ඇතුල් කරලා ජයග්‍රාහකයෝ තෝරනවා කියලාත් තිබුණා. Tiny art show කියලා දෙයක් මම කලින් අහලා තිබුණේ නැති නිසා කුතුහලයටම මාත් මේ තරඟයට ඇතුල් වෙලා කැන්වස් එකක් ගත්තා. 

ඇත්තටම නම් මේ තරම් චිත්‍ර අඳින මම කවදාවත් කැන්වස් එකක චිත්‍ර ඇඳලා තිබුණේ නැහැ  ඒ වගේම කැන්වස් වල අඳින්න පාවිච්චි කරන්න ඕන විශේෂ තීන්ත වර්ග තියෙනවද එහෙමත් මම හොයලා තිබුණේ නැහැ. ඒ නිසා ඕන දෙයක් කියලා හිතලා මගේ ළඟ තියෙන පාටවලින් මේ චිත්‍රය ඇඳලා පුස්තකාලයට භාර දුන්නා. 

ඉතින් එහෙම බොහොම අහඹු විදිහට ඇන්ද චිත්‍රයට මට peoples choice තෑග්ග ලැබිලා කියලා දැනගන්න ලැබුණාම මට ම පුදුමයි!

It is never too late to try something new කියන්නේ ඕවාට තමයි! 



12 comments:

  1. සුභ පැතුම්

    ReplyDelete
  2. මගෙනුත් උණුසුම් සුබ පැතුම්!.
    අලුත්ම චිත්‍ර පැතිකඩක්.
    හැබැයි ඉතිං නරියෙක් එහෙම අැන්ද නං. මිනිස්සු වශී වෙනව.

    ReplyDelete
  3. සුබම සුබ පැතුම් මලී
    "tiny arts" ...................ඒක අපූරුයි

    ReplyDelete
  4. මගෙනුත් සුබම සුබ පැතුම්!
    ඒ බළල් මූණෙ තියෙන "WTF" ලුක් එක, මිනිස්සුන්ගෙ පෞද්ගලික අත්දැකීම් එක්ක සමපාත වෙනවා කියල හිතුනා.
    ඔය බලු, බළල්ලු රටේ අණ්ඩයො, එහෙම අහිම්සක මූණු දාලා මිනිස්සුන්ව බා ගන්න කලාව උන් හොඳට ප්‍රගුණ කරලා තියනවා.😋🤣

    ReplyDelete
  5. සුබ පැතුම් අක්කා. ඒක ලස්සනයි..
    😍😍😍

    ReplyDelete
  6. මේ වගේ වැඩසටහන් ලංකාවේ අඩුයි. තිබුනත් තියෙන්නේ කොලඹ කේන්‍ද්‍රියව විතරයිනේ .
    මමත් කාලයක් චිත්‍ර අදින්න ට්‍රයි කලා. මට සෙට් වෙන්නේ නැ වගේ ඒක .

    ReplyDelete
  7. ස්තූතියි හැමෝටම!
    මම වැඩියෙන්ම බලු ෆෑන්. හැබැයි බළලුන්ගේ තියෙන අර ආඩම්බරකාර, නෝ කෙයා මෙව්වා එකට මගේ පොඩි රෙස්පෙක්ට් එකක් තියෙනවා. ඒ වගේම එයාලාගේ ඕන ඉරියව්වක් හරි ආටිස්ටික්. කොහොම හරි මේ සම්බෝලයා මට තෑග්ගක් ගන්නත් පාර පෙන්නුවානේ! :D
    ජෝන්- ඔව් මෙහෙ පුස්තකාල වලින් මාර විදිහට එක එක වැඩසටහන් සංවිධානය කරනවා. මෙහෙම ෆන් ඒවාට වැඩිය තියෙන්නේ ප්‍රයෝජනවත් දේවල් තමයි වැඩියම. ප්‍රතිපාදන තියෙනකොට කරන්න පුළුවන් දේවල් වැඩියිනේ. ඒ වගේම මිනිස්සුත් ඒ සේවාවට, ඒ සම්පත් වලට ගරු කරලා ඒවාට හානි නොකර පාවිච්චි කරන එකත් මේකෙම වැදගත් කොටසක්.

    ReplyDelete
  8. Congratulation මලී 👍

    (මම කලින් දවසක කමෙන්ට් කලා නේද "ඉඳහිට ලැබෙන සතුටු ආරංචි" කියලා මාතෘකාව දාන්න එපා කියලා. See now, you have become a magnet to සතුටු ආරංචි).

    ReplyDelete
    Replies
    1. thank you Lotus!
      ඇත්තටම මේක පෝස්ට් කරද්දී ඒ කතාව මතක් වුණා. :)
      හිතුවේ වත් නැති තැන්වලින් මෙහෙම සතුටු ආරංචි ලැබෙද්දී තමයි වැඩියෙන් අගේ.

      Delete
    2. ඒකනෙ කියන්නෙ.

      (ඒ අස්සෙ මම congratulations ටයිප් කරලා තියෙන්නෙ s අකුර හලලා... 😒).

      Delete
  9. Congrats !!
    A striking painting !

    ReplyDelete
  10. උණුසුම් සුබ පැතුම්.

    ReplyDelete