August 15, 2024

අප හොඳින් සූදානම් ව සිටිය යුතු ය



ප්ලෝවර් කුරුල්ලන් සමුගැනීමේ ගීතය ගයන තාලයට
මිය ඇදුණු නරියෙක්, එක් විවර ඇසකින් කඳු පල්ලම දෙස බලන විදිහට
සියලු පත් ගිලිහී ගොස්, ඉනික්බිති ඇතිවන දිගු ඉසිඹුවට
‘අප කිසිදිනක නැවත හමුනොවිය යුතුයි’ කිසිවෙකු කියන ආකාරයට
කේක් ගෙඩිය පුස්වලින් වැසෙන රටාවට
කිරි යොදය ඇඹුල් වන වේගයට
ආපසු නොඑන්නම ගං දිය ගලා යන රිද්මයට
ආපසු නොඑන්නම දවස් ගතවන තාලයට
යමෙකු නැවත පැමිණියත් ඒ හීනයකම පමණක් වන මොහොතට

අප හොඳින් සූදානම් ව සිටිය යුතුය


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the poem 'We should be well prepared' by Mary Oliver

පසු සටහන
Mary Oliver මම බොහොම කැමති කිවිඳියක්. ඈ ස්වභාව ධර්මය ගැන කවි ලියන විදිහ හරි නැවුම්. ඒ වගේම ඒ කවි වල ජීවිතයත් ලස්සනට පටලවලා තියෙනවා. මෑතක මම මටම තෑග්ගක් හැටියට Mary Oliver ගේ කවිපොතක් ගත්තා. ඒකෙ පිටු 455ක්! ඒ පොත ගැන සටහනක් වෙනම ලියන්න වෙනවා. ඒත් නිසොල්මන් වෙලාවක, අලුතින් අතට ලැබුණු පොත පෙරලද්දී මේ කවිය ළඟ මම නතර වුණා. මේක ඒ මොහොතට හරියටම ගැලපෙන කවිය. මම ඒක ඒ වෙලාවේම පරිවර්තනය කළා. 
මේ හැමදේටම අපි හොඳින් සූදානම් ව සිටිය යුතුයි !  

photo- early spring view from my window

9 comments:

  1. ඔව්, හැබැයි එයා අරගෙන තියෙන metaphors ඔක්කොම නෙගටිව් නේද.

    ReplyDelete
    Replies
    1. ඔව් Lotus , මේක අහිමිවීමක්, වියැකීමක් ගැන අවධානය දුන්නු මොහොතක්. එයාගේ සාමාන්‍ය කවි ස්වභාවයට වෙනස්

      Delete
  2. ඉංගිරිස් කවි ජාලෙන් අහුලන් කියව්වට පොත් පිටින් කියවන්න අවස්ථාව ලැබිල නෑ
    හුඟ දවසකිං සිංහල කවියක් කියවලත් නෑ. ඉතිං කාංචනාගෙ පොත ඕඩර් කලා. කුරියර් එකේ උං කියවනවද මංද තාම නෑ 😒😒😒

    වෙනද වගේම අපූරුයි පරිවර්තනය ❤

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් - මමත් වැඩියම ඔන්ලයින් තමයි කවි කියවන්නේ. හැබැයි Rupi Kaur ගේ Lang Leav ගේ කවි පොත් එහෙම හොයාගෙන කියෙව්වා. එයාලා නම් අලුත් පරපුරේ අය. මේ කිවිඳිය නම් සෑහෙන්න වයසයි. එයාගේ කවි එයාටම ආවේනික රටාවක ඒවා .
      https://www.poetryfoundation.org/poets/mary-oliver

      Delete
  3. එකව් වැඩි වැඩිය පරිවර්තනය ‍ව‍ෙන තුරු බලා ඉමු!

    ReplyDelete
  4. හරිම ලස්සන කවියක් <3 තැන්ක්යූ මේ ට්‍රාන්ස්ලේට් එකට

    ReplyDelete