June 14, 2023

I, Daniel Blake - Movie Review

මුලින්ම කියන්න ඕන මේක දුක හිතෙන චිත්‍රපටියක් බව. හැබැයි ඒ බව නොදැන බැලුවාත් අන්තිමේදී අපරාදේ කියලා නම් හිතුණේ නැහැ.

මේ කතාව ගෙතෙන්නෙ ඩැනියෙල් කියන තරමක් වයස්ගත පුද්ගලයෙක් ගැන. තනියම ජීවත්වෙන ඔහුට අනතුරකට පස්සේ රැකියාව කරන්න බැරිවෙනවා විතරක් නෙමෙයි ආණ්ඩුවේ ආයතන වල විවිධ අකාර්යක්ෂමතා නිසා ලැබිය යුතු දීමනා අහිමි වෙනවා. මේ නිසා ඔහු මුහුණ දෙන විවිධ කම්කටොලු ගැනත්, තමන් වගේම අසරණ වුණු තවත් පවුලකට ඔහු අහම්බෙන් පිහිට වුණු හැටිත් තමයි මේ කතාවට පසුබිම් වෙන්නේ. කෙනෙකුට අසරණ වෙන්න ලොකු දෙයක් වෙන්න අවශ්‍ය නැති බව ඇත්තටම පුදුම සහගතයි. බඩගින්න, අසාධාරණයට ලක් වීම, ඇහුම්කන් දෙන්න, තමන් වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැති කම, පරිඝණක සාක්ෂරතාව නැතිකම වගේ දේවල් කෙනෙක්ව කොයිතරම් පාගලා දාන්න පුළුවන්ද කියලා හිතුවම ඇත්තටම හිත සසල වෙනවා. 

මම නොහිතුව විදිහට මේ චිත්‍රපටිය බලලා මාව කම්පනයට පත් වුණේ මේකේ ඉන්න ඩැනියෙල් වගේම කාර්යාල සගයෙක් මට ඉන්න නිසා. මේ කතාවේ ඩැනියෙල්ගේ හැඩ රුවම තියෙන, ඒ වයසේම වගේ ඉන්න ඔහුට තද අයිරිෂ් accent එකක් තියෙන නිසා කතා කරන්නෙත් ටිකක් ඒ විදිහට. ඔහුත් බිරිඳ ගේ වියෝවෙන් පස්සේ තනියම ජීවත් වෙන්නේ. මේ මෑතක අසනීපයකින් සිහි නැති වීමක් වෙලා පැය ගාණකට පස්සේ සිහිය ආවාම තනියම ගිලන් රථයකට කතාකරලා ඉස්පිරිතාලේ ගිය බව 'අපේ ඩැනියෙල්' කීවේ හිනාවෙමින්. ඒත් ඒ හිනාව ඇතුළත තනි වීමේ අසරණ කමක් තිබුණු නිසා වෙන්නැති මේ චිත්‍රපටිය නිසා මට ඔහුව මතක් වුණේ. 

මම වෙසෙන ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් හරියට ඉන්නවා. I, Daniel Blake චිත්‍රපටියෙන් කියවෙන කතාවේ තව version එකක් එයාලාත් අත් විඳිනවා වෙන්න පුළුවන්. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව දුර්වල අය. ඒ වගේ සංක්‍රමණික දෙමව්පියන් වෙනුවෙන් ආයතනවලට ඉංග්‍රීසියෙන් ලිපි ලියන, දුරකථන ඇමතුම් දෙන පුංචි දරුවන් මම බහුලව දැකලා තියෙනවා. 

ඉතින් I, Daniel Blake කියන්නේ අපිව තව හිතන්න පොළඹවන චිත්‍රපටියක්. 

I, Daniel Blake won the Palme d'Or at the 2016 Cannes Film Festival, the Prix du public at the 2016 Locarno International Film Festival, and the 2017 BAFTA Award for Outstanding British Film.


I, Daniel Blake (2016)


Directed by Ken Loach
Written by Paul Laverty
Produced by Rebecca O'Brien
Starring: Dave Johns, Hayley Squires
Cinematography Robbie Ryan


7 comments:

  1. Hope Gap, Unorthodox වගේ නං බලතෑකි. 🤔

    ReplyDelete
    Replies
    1. එහෙමම සමාන කරන්නත් බැහැ බස්සා, වෙලාව අපරාදේ කියලා නම් හිතුනේ නැහැ හැබැයි.

      Delete
  2. Replies
    1. ඉඩක් ලැබුනොත් බලලා feedback දෙන්න Pra.

      Delete
  3. දුක හිතෙන ඒවම (emotional) බලන්නෙ කිමද?


    මාත් එහෙමයි හැබැයි(හේතුව නම් මටම හිතාගන්න බෑ)

    ReplyDelete
    Replies
    1. නවීන්- දුක හිතෙන ඒවා නොබලා ඉන්න මම සෑහෙන්න උත්සාහ කරනවා. ඒ වගේම violent ඒවාත්. ඒත් එහෙම ඒවා තමයි වැඩියම තියෙන්නේ නේද?

      Delete
    2. ආහ් ඕ වැඩිපුර තියෙන්නෙත් ඒ වගේ ඒවමයි. ඒකියන්නෙ ඉතින් අපේ මිනිස් සොභාවය නෙහ් සාමාන්‍යෙන්😕

      Delete