June 26, 2023

සයුර සේ

Translation of the prose poem 'Some people survive' by Nikita Gill

ඇතැම්හු කඩාවැටීමකින් අනතුරුව දිවි බේරාගත් පසු ඒ ගැන ලෝකයටම කියන නමුත් තවත් අය නිහඬ වෙති. වෙනත් අය ඉනික්බිති නිර්මාණකරණයේ යෙදෙති. විවිධ අය ඉහිලීමට අපහසු වේදනාවන් දරාගන්නේ ඔවුන්ටම ආවේනික ක්‍රම වලටයි. අන් අයගේ විනිශ්චයෙන් තොරව එසේ කිරීමට ඔවුන්ට අයිතියක් ඇත.

ඊළඟ වතාවේ තවත් අයෙකුගේ ජීවිතය තමන්ට ඇත්නම් කියා ලොබ බඳින්නට ඔබට සිතුණු විට මෙය සිහි තබාගන්න. හිරු දිලිසෙන දවසක සන්සුන් සයුරක් සේ මේ මොහොතේ ඔබ ඉදිරිපස සිටින අයෙක් විඳිමින් සිටින වේදනාව ඔබට සිතාගන්නටත් නොහැකි විය හැක. සයුරේ මායිම් කෙතරම් විහිදී පවතින්නේදැයි සිතන්න. ලෝකයේ එක් තැනක සයුර සන්සුන්ව පැවතිය හැකි නමුත් තවත් තැනක ඒ මොහොතේදීත් සුවිසල් කුණාටුවක් ඇතිවෙමින් තිබෙනවා විය හැක.

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක


Watercolour painting




8 comments:

  1. if someone understands the pain
    without uttering a word
    love them....

    ReplyDelete
  2. Replies
    1. Thank you Kumudu! වෙනදට චිත්‍රෙ විතරනේ දාන්නේ, අද වෙනසකටත් එක්ක notebook එකම දැම්මා

      Delete
    2. actually i was about to ask whether it is the note book or part of the art....
      finally you mentioned it....nice

      Delete
  3. කුණාටුවක් වගේ එකක් ඒවි කියලා (කාල) ගුනේ අයියා, ඇලෙක්සා අතේ පණිවිඩයක් එවලා තිබ්බා. දැන් ගොරෝ,ගොරෝ වහිනවා. ඔය හැම කුණාටුවක්ම ආව වගේම යනවා, අන්තිමට දුර මතකයක් ඉතුරු කරලා.

    ReplyDelete
    Replies
    1. බස්සා, මෙහෙත් තද වැසි!
      ඔව් අන්තිමට කොයි කුණාටුවත් මතක සහ පාඩම් ඉතුරු කරලා යන එක තමයි වෙන්නේ

      Delete