June 12, 2023

පැණ


පිළිතුරු නොදෙන බව දැන
අසමි හිත රිදවෙන පැණ
 
'පාලු ද, තනි ද වෙහෙසද?
කැළැල් රිදුමත් අඩු වී ද?
මතකයේ මල් නොපිපෙන ඉම
මා නමින් සොහොනක් වේද?'


-හෙල්මලී- 

Digital Painting 


34 comments:

  1. පිළිතුරු නොදෙන බව දැන, දැන
    කොටමි කොමෙන්ටු ඇන, ඇන

    නෑ මේක මේ බ්ලොග් එක ගැන නෙමෙයි, මලාට රිප්ලයි නොකරන සමහර බ්ලොග් ගැනයි.

    ලස්සන කෙටි කවිය, දිග කතාවක් කියනවා. චිත්‍රයත් හරිම ලස්සනයි. මම මේක කලිනුත් කිව්වද මන්දා? ඔයාට තියෙන්නෙ චිත්‍ර සහිත කතා පොතක් ලියන්න. අමුතුම ඒත් අපූරු ඔබේම චිත්‍ර රටාවක්. 🙏👌

    ReplyDelete
    Replies
    1. Thank you බස්සා, හැමදාම මේ අත්තේ වහනවට, තව ලියන්න අඳින්න උනන්දු කරනවට! :)
      චිත්‍ර අඳින එක මගේ අලුත්ම පිස්සුව. කම්මැලි දවසට ඩිජිටල්, ඕන තරම් වෙලාව තියෙනකොට දිය සායම්.
      ආසයි පොතක් කරන්නත්. මගේ චිත්‍ර + අනුන්ගේ කතා ප්‍රොජෙක්ට් එකකුත් ඉන් ප්රොග්රස්. ඒත් ලංකාවේ පබ්ලිෂින් ගැන කිසිම පැහැදීමක් නැහැ ඇත්තම කියනවා නම්. පිළිවෙලකට reliable විදිහකට වැඩක් කරන කෙනෙක් හම්බුනොත් තමයි ඉතින්.
      කොහොමද කෙටි කවි + මෙහෙම චිත්‍ර පොතක්? හීන තමයි ඉතින්! :)

      Delete
    2. //කොහොමද කෙටි කවි + මෙහෙම චිත්‍ර පොතක්? හීන තමයි ඉතින්! :)//
      ඇයි දැනට බ්ලොග් එකේ දාපු කෙටි කවි + චිත්‍ර ටිකම මදෑ පොතකට.

      Delete
    3. අමුද්‍රව්‍ය නම් ඕනෑවටත් වඩා තියෙනවා බස්සෝ. ඒත් මට බැරි ටික නේ පබ්ලිෂ් කරන එක. මෙච්චර කාලෙකට හොඳ එක්ස්පීරියන්ස් එකක් ලැබිලා නැහැ ලංකාවේ පබ්ලිෂර්ස් ලා එක්ක :/

      Delete
    4. මොකක් හරි හේතුවක් නිසා පෙන්සිල් ඇන්ඩ් ස්කෘබෝල්ට් පොතේ චිත්‍ර මතක්වුනා

      https://archive.org/details/YuriDruzhkovTheAdventuresOfPencilAndScrewBolt

      Delete
    5. ඒක කලින් දැනගෙන හිටියේ නැති පොතක් Pra. රුසියන් පොතක් නේද?

      Delete
    6. Yep. Russian to English

      Delete
    7. ඇර මාටින්. මම දන්න ඇවිදින පුස්තකාල දෙකයි තියෙන්නෙ. බුරා/ප්‍රාජේ ඩබල තමයි. අවාසනාව, ඒ දැනුම අපට(අවාරෙට කජි වැටෙන්නාසේ) ලැබෙන්නෙ, කොමෙන්ට් හරහා විතරම වීමයි.

      Delete
    8. කෝ බුර්ගෙ කමෙන්ට්?

      Delete
    9. https://ice-n-fire.blogspot.com/2015/04/Daenerys-10.html ඔන්න ඔය ලිපියෙ අග තියනවා. 😉
      බ්ලොගෙ ලිවිල්ල නිසා උන්දැගෙ "අහවල් එක" නැති වුනා කියන්නෙ?😉

      Delete
    10. ප්‍රාජේ සිත්තමීගෙ පියාණන් නැතිවෙලා පාටයි.😒
      https://sithumkavipotha.blogspot.com/2023/06/blog-post.html

      Delete
    11. අනේ මංදල්ලෑ බ්ලොග් මේතර සීරියස් ගන්නෙ මොකටද කියල්.
      මේ අය එක්කෝ නිතරම ලියනවා ,නැත්තම් වැනිෂ් වෙනවා.
      Extremes !
      ඔන්නඔහේ පුලුවන් වෙලාවට, හිතෙනවනම් ලිව්වනං හරිනේ.
      YOU take it easy, Lord Bastian, please.

      Delete
    12. දැන් ආං මැලියංතුමාටත් ඒ ලෙඩේ බෝ වේගන එනවා. මම නං ඔබතුමාගෙ උපදෙස් හිතට ගත්තා. Thanks. 🙏👌

      Delete
    13. Occasional tantrums!
      Don't worry, he is glued.

      Delete
    14. I hope so.🙏
      https://kolambagamaya.blogspot.com/2023/06/blog-post.html?showComment=1686295781990#c1266844613731805955

      Delete
  2. ලංකාවේ පබ්ලිෂින් ගැන ඔබේ පසුතැවීම මට හිතාගත්තෑකි. මම මේ ඊලඟට කියන්න යන එක, තනිකරම මගේ උපකල්පනයක් විතරයි. සංවාදයට විවෘතයි.

    ඉස්සර කාලෙ බොහෝ අයගෙ බකට්-ලිස්ට් හීනයක් තමයි පොතක් ලියන එක. පොත් ලියලම නමක් හදාගත්ත සහ එයම ජීවිකාව කරගත්ත ගත්කතුවරු හිටියා. ඒත් අද මේ ඩිජිටල් සමාජයේ ඒ තත්ත්වය වෙනස් වෙන්න ඕනෙ නැද්ද? තාමත් "හාඩ්-කෝර්" පොත් කියවන්නො නැහැ කියල නෙමෙයි මම කියන්නෙ. ඒත් පැහැදිලිවම අද අනෙක් විද්‍යුත් මාධ්‍යය, ග්‍රන්ථකලාව ආක්‍රමණය කරල තියනවා. මම දැකලා තියනවා, පොත් ලිවීම ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගය නොවන නිසා මේක කෙලින්ම ඔබට අදාල වෙන්නෙ නැහැ.

    සමහර ගත්කතුවරු විද්‍යුත් මාධ්‍යය වලට අනුගත වෙනවා. ඒත් සමහරු නං බැන, බැන ඒවා ප්‍රතිෂේප කරනවා.සමහරු
    අද කාලෙ, සමහර සම්මානලාභී වෘතීය ගත්කතුවරු කියන මැසිවිලි ඇහුවාම කනගාටු හිතෙනවා. පාට්නර් බනිනවා, හැකියාව "මාකටින්"කරගන්න දන්නෙ නෑ කියලා, ආයෙ කියනවා කලින් අච්චු ගහපු පොත් ටික තාම විකුණගන්න බැරිවුනා කියලා. මම කැමති නෑ, මේ නොදන්න ක්ෂේත්‍රයක් ගැන විසඳුම් කියන්න. ඒත් මොකක් නමුත් අවුලක් මෙතන තියනවා කියල නං තේරෙනවා, මේවා ඇහෙන කොට මගෙත් හිතට අමාරු නිසයි ලිව්වෙ.

    ReplyDelete
    Replies
    1. පොඩි නෙමෙයි ලොකු අවුලක් තියෙනවා බස්සා. ලංකාවේ පබ්ලිෂින් කියන්නේ මාෆියාවක්. හොඳ අයත් ඇති. මට නම් හම්බවෙලා නැහැ. ලියන්න, ලියන දේ බෙදාගන්න ආසා වුණාට ඒකට කිසි මෝටිවේෂන් එකක් නැත්තේ මෙයාලගේ වැඩ නිසා. අදායමක් ලබන්න නොලියාත් මේ. එහෙම ලියන්න ගියානම් ඉතින් කතා කරලා වැඩක් නැහැ.
      සම්ප්‍රදායික ක්‍රම වලට පබ්ලිෂ් කරන්න අවශ්‍ය නැහැ තමයි. මගේ වෘත්තියත් digital resources පැත්තෙන් නිසා මම ඒක පෞද්ගලිකවම දන්නවා. ඒත් එහෙම කළත් ඒවා අරගෙන කියවන්න audience එක සූදානම් වෙයිද? ඒක අත්හදා බලන්නත් එක්ක මම ඊ බුක් එකකටත් අඩි තාලම දැම්මා. ඒකත් තාම අතරමඟ. අදාළ ආයතනය කියන්නේ තව වැඩ ඉවර නැහැ කියලා. දැන් අවුරුද්දකටත් වැඩියි. ඉතින් ඔන්න ඔය වගේ දේවල් නිසායි මම කලකිරිලා ඉන්නේ. ඊට මීට හොඳයි ඇඟේ අමාරුවට ලියවෙන දේවල් නිකම් තියෙන මේ බ්ලොග් එකේ දාලා ඒවාට කැමති ඕගොල්ලෝ වගේ මගේ ෆෑන් ක්ලබ් එකට කියවන්න ඉඩ දෙන එක. :)

      Delete
    2. අහා! නව් වී ආ ටෝකින්.
      පාපොච්චාරණය : කලින් කලේ මුට්ටිය දමා බැලීමක් 😉. මොකද , ඊ බුක් යෝජනාව ගෙනාවම සමහරු කොසු අරගෙන ගහන්න පන්නලත් තියනවා.පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?

      ඊ බුක් එකකට, අදාළ ආයතනය කිව්ව එක පැහැදිලි නෑ. ඊ බුක් අපටම හදාගන්න බැරිද? එහෙම හදන සහ අදාළ ආයතන මඟින් කරන ඊ බුක් වෙනස කුමක්ද? ඊ බුක් එකේ කොලිටිය/ බෙදාහැරීම වෙනස් වෙනවද?

      ඔයාල ලියන නිසා නෙව අපි කියවන්නෙ. ඒ ගැන මගේ විශේෂ ගෞරවයක්න් තියනවා. ඊ බුක් ගැන හොයලා බලලා , තාක්ෂණික පැත්තෙන් මට දෙන්න පුලුවන් සහයෝගයක් තියනවා නං දෙන්නම්. අවශ්‍ය වෙන්නේ, ඔබේ "requirements" මොනවාද යන්න දැන ගැනීම විතරයි.

      මගේ යෝජනාව, සුලුවෙන් පටන් ගෙන අත්හදා බැලීමක් කරල බලමු කියන එකයි. අර කිව්වා වගේ, මේ බ්ලොග් එකේ තියෙන කවි ටිකට ලින්ක් දුන්නොත්, ඒකෙන් pdf පොතක් හදන එක ගැන මට හොයලා බැලුවෑකි.

      Delete
    3. අන්න එහෙම කෙලින් කියන්න එපායැ බස්සා. :D
      මම pro-ebooks. අලුත් පරම්පරාව ඒවා බොහොම පහසුවෙන් වැළඳගන්න නිසා වැඩියත්ම. මම රැකියාව කරන ඉස්කෝලෙ collection එකෙත් දාස් ගාණක් තියෙනවා. පෞද්ගලිකව නම් මම තාම කැමති physical පොතක් අතේ තියාගෙන කියවන්න. දැන් වයසයි නොවැ, ඒකයි. ඒත් වෙන කිසිම ඔප්ෂන් එකක් නැත්නම් ebook එකක් වුනත් කියවනවා. ඒ නිසා- කොසු ගන්නේ නැත :)

      ebook හදන්න ගිය විස්තරේ දිගයි. තරහා නැතිව hotchocdays@gmail.com එකට email එකක් දාන්නකෝ, මම කියන්නම්. මොකක් හරි කෙරෙන විදිහකට මේක කරන්න තියෙනවා නම් මමත් කැමතියි!

      Delete
    4. How can I make a PDF of a book?
      Steps to convert an eBook to PDF.
      Navigate to Acrobat online services Convert to PDF page.
      Drag and drop the file you want to convert or select the File button to navigate to your file.
      Your PDF will be ready within moments.
      Download or share your new PDF file.

      Delete
    5. ebook පිටකවරය සහ Introduction සහ අග පිටුව ඩිසයින් කිරීමට මට සපෝට් එකක් දිය හැක. ඒ සඳහා ඇවැසි වෙන, විසිතුරු සිංහල ෆොන්ට් හැට-හුටාමාරක් මා සතුව ඇත.

      Delete
    6. Thank you බස්සා!
      පොඩි ප්‍රශ්නයක්, අර මුල් instructions ටික ගැලපෙන්නේ අපිට ebook එකක් තියෙනවානම් නේද?
      pdf තියෙනකොට ඒවා අවනීතික විදිහට විකුණන, බෙදාහරින බව තමයි මට දැනගන්න ලැබුණේ. බොහෝ වෙලාවට කතෘ ගේ නම නැතුවත්. විශේෂයෙන් ලංකාවේ.
      ඒ නිසා නියමිත ක්‍රමයට ඇර වෙන ක්‍රමවලට අරින්න/කියවන්න බැරි විදිහට protection එකක් එක්කයි ebook එක හදන්න ඕන. ඒකටයි කල් යන්නේ කියලා තමයි කිව්වේ.

      Delete
    7. මම දන්නා තරමින්, Digital copywrites/ protection කියන එක දෙපැත්ත කැපෙන අවියක්. මේක මතභේදයට තුඩුදෙන මාතෘකාවක්. අර ඩ්‍රැකියා කියනව වගේ "අපි බඩේ බත් නැතුව, ඉනට වස්තරේ නැතුව" ලියාගත්ත ලිපි ටික අපේ දරුවො ගාණයි. ඒ නිසා ඔබේ සැකය මට තේරෙනවා. ඒත් මේ සම්බාධක නිසා, ලිපි වැඩි දෙනෙක් අතරට යෑම/ කියවීම සීමා වෙනවා. බොහොම ලේසියෙන් pdf , write protect කලෑකි. මා දන්නා තරමින්, අන්තර්ජාලයේ සදාකාලිකව ආරක්ෂාව කියල දෙයක් නෑ. කල හැක්කේ හොරා කන එක අමාරු කිරීමයි. ඒ නිසා අපට මේ ගැන "මැද මාවතේ" සම්මිතියකට එන්න වෙනවා. අර කම්පැනිය ඔෆර් කරන්නේ මොන වගේ ප්‍රොටෙක්ෂන් එකක්ද යන්න, මට පැහැදිලි නෑ.

      Delete
    8. මේ සිංහල ebook ගැන මගේ කතාවක් තියනවා. bookhub.lk කියල, ලංකාවේ ප්‍රථම ebook සයිට් එක කියල එකක් පටන් ගත්තා. ස්පොන්සර් කලේ , ඒකාලෙ ලංකාවෙ ඔපරේට් වුන Etisalat ( ඩුබායි ටෙලිකොම් කම්පැනිය) . සිබිල් වෙත්තසිංහ මහත්මියගෙ සමහර පොත් පවා තිබුනා. මම වැඩි පුරත් එක්ක එකවුන්ට් එකට USD $ දාලා පොත් ගත්තා. ෆුල් ප්‍රොටෙක්ටඩ්, පොත් එන්ක්‍රිප්ට් කරලා තියෙන්නෙ. බලන්න පුලුවන්, එයාලගෙ ඇප් එක හරහා, ඔන්ලයින් ලොග් වෙලා විතරමයි. අද කම්පැනියත් නෑ, මගේ එකවුන් එකේ ඉතුරු සල්ලිත් නෑ, දෙකම වාෂ්ප වුනා. මම මේ කතාව කිව්වෙ, ඔය කම්පැනි "හයිප්" ගැන අදහසක් දෙන්නයි.

      Delete
    9. ඔව් බස්සා මටත් ඒක පැහැදිලි නැහැ. එයාලා ඒක විස්තර කළෙත් නැහැ, කොහොමහරි තාම output එකකුත් නැහැ ඉතින්.
      මේ විදිහට පොත් කරපු අය කවුරුවත් දන්නවද? පොඩි අයිඩියා එකක් ගන්න මේ ගැන

      Delete
    10. මේ කොම්පැනිය ග්‍රන්ථ

      Delete
    11. මේ තියෙන්නෙ බුරතීනෝ/පොඩි කුමාරිහාමි පරිවර්ථනය කරපු පොත, ගෙඩි පිටින්ම අච්චු ගහලා වික්ක එකක්.
      https://www.goodreads.com/book/show/38332014
      මෙන්න ඔරිජිනල් සයිට් එක:
      https://ice-n-fire.blogspot.com

      ඉතිම් මොකද කරන්නෙ නෝනෙ, "මගේම කලසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා" තමයි. මම මේව ලිව්වෙ, බයකරන්න එහෙම නෙවෙයි, ඔබට යතාර්ථය තේරුම් ගන්නයි.මම ඔලුව අවුල් කලා නම් සමාව ඉල්ලනවා. තීරණය සහ අයිතිය ඔබ සතුයි.

      Delete
    12. මම ග්‍රන්ථ සයිට් එකට ගිහින් බැලුවා. පේන විදිහට තාම එයාලට ebook ප්ලැට්ෆෝම් එකක් නෑ, තාම ඩිවලොප් කරනවා ඇති. මෙච්චරකල් ගන්න එක දැන් පැහැදිලියි. ඒක තවත් bookhub.lk එකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

      ප්‍රශ්ණය ඕඩියන්ස් එක. ඒ අතර, ලේසියට සහ පහසුවට ඉතා මනාප, මේ බ්ලොග් එකේ ඇති ලිපි වගේ "ක්ෂණික" ලිපි ඇරුනාම, අමාරුවෙන් ලයිබ්‍රරි ගොස් ලබාගෙන කියවා ආපසු බාරදිය යුතු කිසිම පොතක් නොකිය වන අපි වැනි කම්මැලි බස්සන්ද සිටිති.

      Delete
    13. ඔව් බස්සා, ලංකාවේ වෙන කොපිරයිට් වංචා ගැන මම හොඳින්ම දන්නවා, ඒ නිසා අමුතුවෙන් බයවෙන්න දෙයක් නැහැ. පොත් ගහන්න ඕන නැහැ, මේ fb එකේ දාන ඒවා පවා උස්සගෙන ගිහින් මගේම කලිසම එයාලගේ වගේ අඳින අය ඉන්නවා අප්පා! :D ඕවා නිසා තමයි මම ඔය වෙන දෙයක් බලාගෙන අනවශ්‍ය ඔලුව කැක්කුම් දාගන්නේ නැතිව ඉන්නේ.
      එක අතකට ebooks තමයි ලංකාවට හරියන ඔප්ෂන් එක. මුද්‍රණ වියදම් නිසා පොත්වල මිල උහුලන්න බැරි තරම් ඉහළ ගිහින් නිසා. ඒත් practically බැලුවොත් කීයෙන් කීදෙනාද මිලක් ගෙවලා ebook එකක් ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න ලෑස්ති? ඕවා විසඳෙනකම් මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් නැහැ, sadly

      Delete
    14. // ඕවා විසඳෙනකම් මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් නැහැ, sadly//
      හරියට හරි. ඔතන තමයි ගැටලුව. Amazon Kindle වගේ රිලයබල් සයිට් ලංකාවෙ එන එකක් නෑ. bookhub.lk වාෂ්ප වුනාම, මම වුනත් දැන් ebook සල්ලි වලට ගන්න එක ගැන දෙපාරක් හිතනවා. අවුල, සල්ලි දීලා ගත්තත්, ebook අපට අයිති නැති එකයි. ප්‍රින්ටඩ් පොත නං, උයාගෙන කෑවත් ඒක අපේ. සබ්ජෙක්ට් දැණුම නං, YouTube වල ඇඩ් පෙන්නලා නිකං දෙන සංකල්පයට මං කැමතියි. මග සිටියොත් තී නසී, ගෙදර ගියොත් අඹු නසී!

      Delete
    15. මේ ගැන තියෙන කැක්කුමට මගේ ප්‍රණාමය බස්සා!
      මේවා හිතුවොත් මුකුත්ම ලියන්න හිතෙන්නේ නැහැ ඇත්තමයි. ඒ නිසා ඕවා නොහිතා මම ඔන්න ඔහේ චිත්‍රයක් ඇඳගෙන කවියක් කතාවක් පරිවර්තනය කරගෙන ඉන්නවා. ආත්ම තෘප්තිය තිබ්බාම මදැයි කියලා. fb page එකෙනුත් සෑහෙන්න කට්ටිය මම ලියන කියන ඒවා බලන එක සතුටට කාරණාවක්. ඉංග්‍රීසියෙන් තියෙන කවි කතා සිංහල කියවන්න කැමති අය අතරට ගෙනියන්න ලැබුණු එක ගැනත් මට සතුටුයි. ලංකාවේ මේ ebook දියුණු වෙච්ච කාලෙක, අපිත් හිටියොත් බලමු නේද?
      ඉස්සර කාලෙක අකුරු බ්ලොග් එක ලීව බීතල ebook එකක් කළා මතකයි. විස්තර අහන්නවත් දැන් ඉතින් උන්දැව අල්ලාගන්න එක තමයි අමාරු!

      Delete
    16. hm hm.....


      මාත් සාකච්චාවට සම්මාදං උනා ඕං🤓😂😂😂

      Delete
  3. ඔන්න මෙතෙක් වෙලා අහගෙන හිටියා
    හරි හරි .....................................................
    එහෙනම් දෙන්නා කතා කරගෙන
    අපිට දෙන්නකෝ පොතක්

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකම කියවන එක ඊට ලේසියි වගේ කුමුදු :)

      Delete