June 12, 2016

winter days

ඉර එළිය ඉහිරෙන්න පමා වූ
සිසිරයේ මුරණ්ඩු ම උදාවක
අළු පාට මීදුමෙන් පෙරී එයි
නමක් නැති විහඟකුගේ සතුටු හඬ

තවම නින්දෙන් නොමිදි දෑස් ඇර
කොපුල දී සීතලම කවුළුවට
හද තැවරි මතකයක සැරිසරමි
'නාඬන්න!' මිමිණු හඬ යළි අසමි




3 comments:

  1. සීතලට කැමති කුරුල්ලොත් ඉන්නවා එහෙනම්....

    ReplyDelete
    Replies
    1. සීතල කාලෙට අකමැතියි කියලාද දන්නේ නැහැ සින්දුවෙන් කිව්වේ නේද? :)

      Delete
  2. ස්තූතියි දිනේෂ්!

    ReplyDelete