සිරි සිරියේ ඇදහැලෙන
සිසිරයේ නිලි වැස්ස
දුර ඈත තුරු මුදුන්
පබළුවෙන් සරසාවී
අහස සේ අකීකරු
හීනයක් දෑස් හැර
විදුලියක එළිය දී
හදවතේ දෙදරාවී
ඉතින් මම මේකුළක්
අතරමං හිරු බිඳක්
නුඹේ කතා දහසකින්
ඉඳුදුන්න උපදීවී
දෑස තරයේ පියා
අඩ අඳුරේ නවතින්න
මා නොදුන් හාදුවක්
කොපුල මත සුපිපේවි
Pic drawn with MS Paint
ලස්සනයි <3 කවියයි චිත්‍රයයි දෙකම. පේන්ට් වලින් මේ පසුබිම ඇන්දේ කොහොමද? :O
ReplyDeleteහිරණ්‍යා, මම paint වලින් ඇඳපු චිත්‍රෙ photo editing program එකකින් edit කරනවා. ඒකෙන් බිත්තිය ටිකක් නාස්ති කරලා ගත්තා. :)
Delete